සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජීවිතයේ අඥාත ද්‍රව්‍ය(Dark Matter)

අප සෑම කෙනෙකුගේම ශරීර අභ්‍යන්තරයෙහි අභිරහසක් ගැබ්ව තිබේ. මිනිසුන්ගේ අන්ත්‍රයෙහි හෙවත් බඩවැල්වල ජාන පිළිබඳ විශ්ලේෂණයක් කරන විට හමුවූ DNA  කෙතරම් අනම් අසාමාන්‍ය ද යතොත් ඒවා විද්‍යාවට  මින් පෙර කවරදාකවත් හමුනොවූ  මාදිලියේ ක්ෂුද්‍ර ජීවීන්ට අයත් වූවක් විය හැකි බවයි.

මේ මිහිපිට ජීවිතය අප දක්නා ආකාරයේ ප්‍රධාන කණ්ඩායම් හෙවත් රාජධානි තුනකට බෙදේ: ශාක, සත්ව සහ දිලීර වශයෙනි. තුන් වර්ගයම වර්ගීකරණය වන්නේ සුන්‍යෂ්ටිකයන්(eukaryotes) ලෙසටය. ඔවුන්ගේ කැපී පෙනෙන ගුණාංගය වනුයේ ඔවුන්ගේ න්‍යෂ්ටියයි(nucleus). වඩාත් අඩු සංකීර්ණ සෛල, එකින් එකට වෙනස් අංශ දෙකකට වැටේ.

Image result for eukaryotes

ඇතැම් ජීව විද්‍යාඥයන් කියා සිටින්නේ ජීව ස්වරූප තව තවත්  අලූතෙන් සොයා ගැනීමට ඉඩ තිබෙන බවයි. හරියට අඥාත ‍ද්‍රව්‍ය(dark matter) වගෙයි.  මෙයට හේතුව ක්ෂුද්‍රජීවීන්ගේ 99% කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂණාගාරයක් තුල වර්ධනය කිරීමට නොහැකි වීමයි. මෙයට වසර විසිපහකට පමණ කාලයකට පෙර මොවුන් ගැන අධ්‍යනයේ යෙදීමට අපට පුළුවන්කමක් තිබුණෙ නැති තරම්ය. ඉන් අනතුරුව දැන් ක්ෂුද්‍ර ජීවමය DNA අනුක්‍රමණය කොට විවිධ විශේෂයන්ගේ පරාසය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මඟ පාදන ජෙනෝමය මෙවලම් අපට ලැබී ඇත. එසේ වුවද, මේ තාක්ෂණයන් තිබියදී පවා නව ජීව ස්වරූපයක් සම්පූර්ණයෙන්ම හඳුනාගැනීම පහසු නැත. මෙහිදී මතුවන එක්  ගැටලුවක් වන්නේ, ක්ෂුද්‍ර ජීවීන් විවිධ කණ්ඩායම් අතර පරිණාමය බෙදුම් රේඛාව සලකුණු කිරීමයි. ඒවාට, ඒවා අතර ජාන හුවමාරු කර ගැනීමට හැකිවන  හෙයින් ඒවා අතර බෙදීම බොඳ වී හෙවත් අපැහැදිලිවී යන අතර එනිසා සොයා ගැනීම අසීරු වේ. තවද වෙන කිසිවෙකුට සමාන නැති ජාන අනුක්‍රමයක් DNA විශ්ලේෂණයක් මගින් හඳුනා ගනු ලැබූ විට ඒවා කොයි ආකාරයකට අර්ථ දැක්විය යුතු දැයි පර්යේෂකයෝ නොදනිති. ඊට නිශ්චිත හේතුව වන්නේ ඒවා එපමණටම අසාමාන්‍ය වීමයි.

Related image

ප්‍රංශයේ පැරිස් අගනුවර පියරේ සහ මාරි කියුරි විශ්වවිද්‍යාලයෙහි පිලිප් ලෝපෙස් සහ එරික් බැප්ටෙස්ටේ යන දෙදෙනා මෙයට පිළියමක් සොයා ගැනීමට සමත්ව සිටිති. කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයේ සෙබැස්ටියන් හැලරි සමග එක්ව කටයුතු කරමින්, විශේෂ ආකාරයේ අසාමාන්‍යතාවන් දක්වන ජාන හදුනා ගැනීමේ නව ක්‍රමයක් වැඩිදියුණු කරගැනීමට ඔවුහු සමත්ව සිටිති. විවිධ ක්ෂුද්‍ර ජීවීන් අතර කිසියම් හේතුවක් නිසාවෙන් බොහොම කලාතුරකින් හුවමාරු වන ජාන පවුල්(families of gene)  86 කෙරෙහි අවධානය යොමු කරවමිනි. ඔවුන් මෙය සිදුකරන්නේ මේ ජාන පවුල් 86 න් පැහැදිලිවම බැක්ටීරියා, ආකි බැක්ටීරියා(archaea) හෝ සුන්‍යෂ්ටිකයන්(eukaryotes) අයිති නොවන්නා වූ ජාන සොයාගැනීමට සමත් වුවහොත් ඉන් ජීවයේ රාජධානි තුනෙහි ඇති හිඩැස් ගැන ඉඟියක් දැක්වෙනු ඇතැයි ඔවුහු තර්ක කරති.

ඔවුන්ගේ මෙම ගවේෂණයේ දී ඔවුන් යොමු වී ඇත්තේ,  අපේ බඩවැල් වෙතය. මන්ද, සකල ක්ෂුද්‍රජීවී ප්‍රජාවන් අතුරෙන් වඩාත් අධ්‍යයනය කර ඇති ක්ෂුද්‍රබියෝමය (microbiome)  මිනිසුන්ගේ අන්ත්‍ර  ජෛව දර්ශය වීමය. තවද එහි විවිධ පරාසයක විශේෂයන්ට සත්කාර සපයනු ලැබීමයි.

Related image

ක්ෂුද්‍ර බියෝම නියැදි විශ්ලේෂණය කළ පර්යේෂකයන්ට පෙරකී ජාන පවුල් 86 හි දැනටමත් දන්නා අනුක්‍රමණ වලට සම්බන්ධ DNA අනුක්‍රමණ 230,000 ක් පමණ යළි ලබා  ගැනීමට හැකිවිය. අනතුරුව පර්යේෂකයෝ දෙවැනි විශ්ලේෂණයක ආරම්භක අවස්ථාව හැටියට මෙකී අනුක්‍රමණ යොදා ගත්හ. මෙය එක් ආකාරයකට තමන්ගේම DNA වෙනුවට තම දෙමාපියන්ගේ DNA යොදා ගනිමින් තම වංශයේ නැත්නම් පරම්පරාවේ ඉතිහාසය  හාර අවුස්සා බැලීමක් බඳුය.

ගවේෂණය සදහා මාර්ගෝපදේශයක් හැටියට ජාන ගණ 86 ට අයත් වූ ක්ෂුද්‍ර ජීවීමය DNA අතිරේක පථ 80,000ක් එමගින් අනාවරණය විය. එහෙත් DNA  තුනෙන් එකක පමණ පාද අනුක්‍රමණය බොහෝ සේ අසාමාන්‍ය විය. අප දැනට දන්නා ඕනෑම ජාන අනුක්‍රමණයක් සමග එය හවුලේ පරිහරණය කරන්නේ එහි අනන්‍යතාවයෙන් 60% ක් හෝ ඊටත් අඩු  ප්‍රමාණයකි. බැක්ටීරියා සහ ආකි බැක්ටීරියා වැනි විවිධ රාජධානිවල එකක් අනිකෙන්  වෙන් කිරීමට අපේක්ෂා කරන වෙනස්කම් මට්ටම් එයයි.

“මෙහිදී එක් පැහැදිලි කිරීමක් ලෙස දැක්විය හැක්කේ අප හිතුවට වඩා දැන සිටි ජීවීන් අතර ජාන වඩාත් විචල්‍ය යන්නයි” ලෝපේස් කියා සිටී. ඒක හරියට ජීවයේ ඉතිහාසයේ මුල්ම කාලයේ ක්ෂුද්‍ර ජීවීන්  අඥාත පරම්පරා වලට බෙදීගිය අයත් ඒවා බඳුයයි ඔහු පවසයි. ඒකෙන් අදහස් වෙන්නේ ඒවා මෙතෙක් හඳුනා නොගත් සිව්වැනි රාජධානියට අයත් විය හැකි බවයි. මිනිස් අන්ත්‍රය ජීව ස්වරූපවලට සත්කාරක පහසුකම් සපයන බවට වඩාත් නිශ්චිතව දැන ගත හැක්කේ තවත් පර්යේෂණ පැවැත්වීමෙන් පමණක් බව බැප්ටෙස්ටේ අවධාරණය කරයි.

NEW SCIENTIST හි පළවූ Meet the Dark Matter of Life  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: