සැමට විදු නැන නුවණ – Science Literacy for All

බුද්ධිමත් ජීවිතය : 1 ඥානන නැඹුරුව

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර දී ඇත් ද?  එය විශ්මය ජනකය, ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම බොහෝ විට මනහරය. එසේ වුවද, අපේ එදිනෙදා යථාර්ථයන්ගෙන් විද්‍යාව මදක් වියෝ වී ඇතැයි සමහර විට අපට දැනී යයි. විද්‍යාවේ උදාර එමෙන්ම ගරු ගාම්භීර මෙකී සිද්ධාන්තවලට ඔබ්බෙන් වෙනත් දැනුම්  සම්භාරයක්  ඇත. එම අදහස් ග‍්‍රහනය කරගන්න. ඒවා වඩාත් යහපත්, වඩාත් ප‍්‍රීතිමත් සහ වඩාත් බුහුටි ජීවිතයක් ගත කිරීම සඳහා අපට උපකාරී විය හැකිය. ලොව සැරීමට ඔබට අවශ්‍ය වන විද්‍යාව මෙයයි.

https://thathudotcom.files.wordpress.com/2017/11/what-is-knowledge-590x240.jpg?w=400&h=163

ඥානන නැඹුරුව : පරිණාමය අපේ මොළ අවිචාරවත් කර ඇත

Joshua Howgego විසිනි

ඉරිදා උදෑසනක්. ලන්ඩන් නුවර මගේ නිවස ආසන්නයේ බොජුන් හලකට මා යන්නේ පාතරාසය ගැනීමටයි.

ඔබ මේ අතරින් කුමක් තෝරා ගනීවි ද? මගේ තේරීම වුණේ දුම් ගැසූ සැමන් සහ කැටිකළ බිත්තර. ඔබලා අතරින් බොහොම දෙනෙකු ඒ දේම තෝරා ගනිවී යයි  කීවොත් ඔබට පුදුම හිතේවි. ඇයි ඉතින් මෙහෙම වෙන්නේ ? අප තීරණ ගැනීමේ දී බලපෑම් ඇති කරන, බොහෝ විට අතාර්කික සාධක අවබෝධ කර ගැනීම පසුගිය දශක කිහිපය තුළ මනෝ විද්‍යාඥයන්ගේ ප‍්‍රධාන අභිලාෂයක් විය —  එමෙන්ම ඔවුන්ගේ ප‍්‍රතිවේධන හෙවත් අන්තර් දෘෂ්ටීන්(insights) අපට ප‍්‍රයෝජනයට ගත හැකි අවස්ථාවකට අපි දැන් පැමිණෙමින් සිටින්නෙමු.

නැවතත් මෙනුවට යොමු වෙමු. අප බොහෝ දෙනෙකු දුම් ගැසූ සැමන් තෝරා ගන්නේ (දුම්ගැසූ සැමන් වලට බාගදා ආසයි යන කාරණාව හැරුණු කොට) සාපේක්ෂතාව (relativity) යන්නෙන් හඳුන්වනු ලබන දෙය නිසයි. මේ කියන්නේ අයින්ස්ටයින්ගේ න්‍යාය ගැන නොවෙයි. ඒත් යම් අයිතමයක් වටිනාකම ඇගයීමට ලක් කිරීමය අප තැත් කරද්දී ඒ අයිතමය හා සංසන්දනය කිරීමට යමක් නොමැති වූ විට අපේ වෑයම ඉතා අසාර්ථක වීමට ඇති නැමියාවයි. උතුරු කැරොලිනාවේ  ඩර්හාම් හි ඩියුක් විශ්ව විද්‍යාලයේ ඩෑන් එරියලි  Predictably Irrational නම්  සිය ග‍්‍රන්ථයේ සඳහන් කරන පරිදි “යම් දේවල වටිනාකම කොපමණ දැයි අපට කියා දෙන අභ්‍යන්තර වටිනාකම් මාපකයක් මානවයන් සතුව නැත”.

දැන් පාතරාසයට නැවත යොමු වුවහොත් එක්තරා අන්දමකට මිල අධික අයිතමයක් ලෙස පෙනී යා හැකි පූර්ණ එංගලන්ත පාතරාසය අභිමුඛයේ දුම් ගැසූ සැමන් අපට හොඳ වටිනාකමක් ලෙස (ඇත්තමට අපට ලාභයක් අත්වනවා සේ) පෙනී යයි. මෙනු කාඞ්පතෙන් පූර්ණ එංගලන්ත පාතරාසය ඉවත් කර තිබුණොත් අප වැඩි දෙනෙකු තෝරා ගන්නේ වඩා ලාභ විකල්ප දෙකෙන් එකකි. එහෙම නම් මෙනු කාඞ්පතේ තිබෙන  පූර්ණ එංගලන්ත පාතරාසය කවුරුන් හෝ ඇත්තටම මිලදී ගනීද නැද්ද යන්න නොතකා එය මෙනු පතේ තිබෙන නිසා (එය නොතිබුණා නම් අප වැය කරනවාට) වැඩි මුදලක් වැය කරන්නට අපි පෙළෙඹෙන්නෙමු.

නැංගුරම් ලෑම(anchoring) යනුවෙන් හඳුන්වනු ලබන, කලින් දැක්වූ ආකාරයේ බලපෑමක් අප සාප්පු සවාරි යන බොහෝ විට ඉස්මතු වේ. අපි හිතමු අප ළඟ පවුම් 50 ක් තිබෙනවා කියා සපත්තු මිළදී ගන්න. ඔන්න අපේ නෙත් ගැටෙනවා අපේ හිතට ඇල්ලූව සපත්තු ජෝඩුවකට. ඒකේ මිළ පවුම් 100 ක්. වියදම් කරන්න හිටියා වගේ දෙගුණයක් ! ඔන්න එතකොටම අපි දකිනවා පවුම් 75 දක්වා මිළ අඩු කරපු සපත්තු ජෝඩුවක්. වැඩිය ඒ ගැන හිතන්නේ නැතිව අපි ‘පටස්’ ගාලා (පවුම් 75 ක් වන) ඒ ජෝඩුව මිළ දී ගන්නවා. දෙවැනියට දකින මිළ (පවුම් 75) වාසිදායකය යන අදහස අප සිත් තුළ තැන්පත් කරන්නේ මුලින් දුටු සපත්තු ජෝඩුවේ මිළයි. අප නිවස බලා යන්නේ පවුම් 25 ක් ඉතිරි කර ගැනීමට අපට හැකි වූයේය යන තෘප්තිමත් හැඟීමෙන්. ඒත් ඇත්තටම අප කරලා තියෙන්නේ මුලින් අදහස් කළ මුදලටත් වඩා තවත් පවුම් 25 ක් ඒ අයිතමය සඳහා වියදම් කිරීමයි.

මිළට ගැනීමේ ප‍්‍රමාණය නොතකා එවැනි සුලූ දුබලකම් පවතී. බහුවලයික වට්ටම් කිරීම (hyperbolic discounting) යනුවෙන් දක්වනු ලබන තවත් සංසිද්ධියකින් කියැවෙන්නේ පසුව අපට ලබා ගත හැකි දේ හා සාපේක්ෂව දැන් අපට ලබාගත හැකි දේ වැඩියෙන් ඇගයීමට (අධි තක්සේරුකරණයට) අපි පෙළඹෙන්නෙමු. විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක ආයෝජනය කිරීමට බොහෝ දෙනෙකු මැලිවන්නේ එහෙයිනි. එය එතරම් සාර්ථක අදහසක් (ආයෝජනයක්) නොවුණත් කළ දෙයකටම ගැලී සිටීමට දක්වන නැඹුරුව මින් දැක්වේ. මේ සම්බන්ධව දැක්විය හැකි හොඳම නිදර්ශනය කොන්කොඞ් සුපර් සොනික් ජෙට් යානයයි. ඒවා ගුවනේ සැරිසැරූ කිසිම අවධියක ලාභ ඉපයීමට සමත් වූයේ නැත.

එවන් අගතීන් නැතිනම් නැඹුරුතා අපගේ මනෝ ධාතුවල තැන්පත්ව ඇත්තේ මන්දැයි යන්නට කදිම හේතු සාධක ඇත. ඒවා පරිණාමය වී ඇත්තේ සීමිත තොරතුරු සමගින් ක්ෂණික තීරණ ගැනීමටත්, තක්සේරු කිරීමට අසීරු තොරතුරු විශාල ප‍්‍රමාණයක් සමගින් අපහසු තීරණ ගැනීමටත් අපට ආධාර විය හැකි අන්දමටය ; ඵල වැල හීන වෙමින් ඇති ප‍්‍රදේශයක තව දුරටත් දිගටම ආහාර සෙවීමට යාම  හෝ පහසුවෙන් ලබාගත හැකි දේවල් බහුලව නැති වනාන්තරයේ වෙනත් කොටසක් බලා යාම නිදසුනක් ලෙස  දැක්විය හැකිය.

Image result for cognitive bias

එහෙත් නූතන සංකීර්ණ ලෝකය තුළ වඩාත් තාර්කික, හිතාමතා තීරණ ගන්නා පිණිස නම් වෙනස් මානසික ක‍්‍රම වේදයන් අපට අවශ්‍ය වේ. තවද මේවා ගොඩ නගා ගැනීම පිණිස සරල ක‍්‍රම ඇත. මෙවැනි ක‍්‍රම ලැයිස්තුවක් සකස් කරන්නේ නම් ඊට ඇතුළත් කර හැකි කාරණා අතර : ඔබ හෝ වෙනත් අයෙකු යොදවා ගනිමින්  ඕනෑම ප‍්‍රධාන පෙළේ තීරණයකට නිකරුනේ  විරුද්ධ වෙමින් ඊට සහාය ලබා ගැනීම; යම් ගිලිණු පිරිවැය(sunk costs)  වේ නම් ඒවා හඳුනා ගැනීම සහ වට්ටම් කිරීම (discounting); අවසාන තීන්දුවකට එළඹීමට ප‍්‍රථම (ඒ සඳහා ඇති) විකල්පයන් එකින් එක ගෙන ඒවා නිශ්ප‍්‍රභ කිරීම පිණිස ක‍්‍රමාණුකූලව කටයුතු කිරීම යනාදිය ඇතුළත් විය යුතුය.

අපේ මුදල් හදල් වියදම් කිරීමේ දී හුදෙක් හුරු බුහුටි , ක‍්‍රියා ශූර ආකාරයට කටයුතු කිරීමට පෙළඹෙනවාට වඩා අපේ සංජානන අගතීන් හෙවත් නැඹුරුතා ගැන දැනුවත් වීම වටී. තවද නිදසුනක් දක්වන්නේ නම් මහා ව්‍යාසනවලට මග පාදන මද මානසික වෙනස්වීම් වල ඉඩකඩ සීමා කර ගැනීමද වැඩදායක විය හැකිය. ආර්ථික විද්‍යා පුළුල් විෂය පථය තුළ මිනිසුන්ගේ සැබෑ අතාර්කික තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය ගැන වඩාත් සැලකිල්ල දක්වන ආකෘති (මොඩල) 2008 දී ඇති වූ ආර්ථික කඩා වැටීම්(අවපතනය) වැනි සිද්ධි පැහැදිලි කිරීමේ දී වඩාත් ප‍්‍රකට වන්නට පටන් ගෙන තිබේ. අනාගතයේ දී එවැන්නක් වළක්වා ගැනීමට ඒවා ප‍්‍රයෝජනවත් වේ. එහෙම නම් අපේ අනාගතය වැඩි දියුණු කිරීම මුළුමනින්ම ඇත්තේ අපේ මනසෙහිය.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි COGNITIVE BIAS
Evolution has made our brains irrational යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: