පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ශක්ති සම්පත්

Posted by

 අපේ මේ පෘථිවියෙහි බලශක්ති සියල්ලෙහිම පාහේ  මූලය කුමක්ද?

අප ජීවත්වන මිහිතලය ගතහොත් එහි බලශක්ති මූලය මුළුමනින් ම පාහේ අපේ තාරකාව වන සූර්යයායි.  මිහි පිට සකල ජීවයම වාගේ පෝෂණය කරන ශක්තිය සූර්ය බලය යි. සූර්ය ශක්තිය ෆොසිල තුළ සිර වී ඇත. සුළං හැමීමට,  ජලය ගලා යාමට මග පාදන්නේත් එයයි.  ලෝකයේ  අනෙකුත් ප්‍රධාන ශක්ති ප්‍රභවය වන්නේ පෘථිවි අභ්‍යන්තරයෙහි තාපයයි.

බලශක්ති සම්පත් වර්ග බලශක්ති සම්පත් එක්කෝ පුනර්ජනනීයයි නැත්නම් පුනර්ජනනය කළ නොහැකිය. පුනර්ජනනීය යන්නෙන්  අදහස් කෙරෙන්නේ ශක්තිය නැවත අලුත් කිරීමට හැකියාවක් ඇත යන්නයි. පුනර්ජනනීය නොවන සම්පත්,  ඒවා ආපසු ආදේශ කරන වේගයට වඩා වැඩි වේගයකින් භාවිතයට ගැනේ. එහෙයින්  සමාජයට පුනර්ජනනීය නොවන සම්පත් සැපයීම සීමා වේ. එහෙත්, පුනර්ජනනීය සම්පත් අහවර නොවන්නේ ඒවා භාවිතයට ගන්නවා සමගම යළි ආදේශ කරන හෙයිනි. පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන සම්පත් වර්ග, මේ පදනම මත පිහිටා  සිහියට නගා ගැනීමට හැකිදැයි අපි බලමු.

පුනර්ජනනීය නොවන සම්පත්:

පුනර්ජනනීය නොවන බලශක්ති සම්පත් සඳහා ලබා දිය හැකි සුලභ ම නිදසුන ෆොසිල ඉන්ධනයි. ගල් අඟුරු,  තෙල් සහ  ස්වභාවික වායු වලින් ෆොසිල ඉන්ධන සමන්විත වේ. ෆොසිල ඉන්ධන සෑදෙන්නේ ෆොසිල මගිනි. ෆොසිල යනු කලක් ජීවත්ව සිටි සත්ව හා ශාක අවශේෂ කොටස්  අර්ධ වශයෙන් වියෝජනය වූ අවශේෂයන්ය. ඒවා සෑදීමට වසර මිලියන ගණනක් වැයවේ. එහෙත් අපේ ජිවිත කාලය තුළ දී ම අප කොපමණ නම් මෙම බලශක්තිය වැය කරන්නේ ද? එහෙයින් සමීකරණය පැහැදිලියි: නිපදවෙනවා අඩුයි, වැය වෙනවා වැඩියි. ආදේශ කිරීමට අසීරු වන්නේ එහෙයිනි. ශක්තිය නිපදවීම පිණිස ෆොසිල ඉන්ධන දහනය කරන විට ඒවා වායුගෝලයට දූෂක එක්කරයි. ෆොසිල ඉන්ධන මගින්, කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු (පිට කරන්නේ)  විමෝචනය කරයි.  මේ ගෝලීය උණුසුම් වීම කෙරෙහි  බලපායි.

පැරණි තාලේ සුළං මෝලක්

පුනර්ජනනීය සම්පත්: 

පුනර්ජනනීය සම්පත් අතර සූර්ය බලය, ජලය, සුළං, ජෛව ස්කන්ධ  සහ භූතාප ශක්තිය දැක්විය හැකිය. මේ සම්පත් ගතහොත් එක්කෝ සූර්යයා වාගේ සැබවින්ම සීමාවකින් තොර ය.(නිදසුනක්:  සූර්යයා වසර බිලියන ගණනාවක් නොනැසී පවතින නිසාවෙන් ඉන් ලබාගත හැකි ශක්තියද සීමාවකින් තොරයි)  නැත්නම්,  අප භාවිතා කරනවාට වඩා වේගයෙන් යළි ආදේශ වේ. නිදසුන්: පොලවට වැටෙන ජලය හා හමන සුළඟේ ප්‍රමාණය කාලය සමඟ වෙනස් විය හැකි වුවත් දෙකම ඇති පදම් බහුලය. ගිනි මෙලවීමට ගන්නා දර වැනි  ජෛව ස්කන්ධ ශක්තිය ඉක්මණින් ම යළි ආදේශ කළ හැකිය.

පුනර්ජනනීය සම්පත් භාවිතය හේතුවෙන් ද  ප්‍රශ්න පැනනැගීමට ද පුළුවන. මෙම සම්පත් සමහරක් මිල අධිකය. එමෙන්ම ගස් වැනි සම්පත් සමහරක් (බලශක්ති ජනනයට පමණක් නොව)  වෙනත් අවශ්‍ය සඳහා ද ඕනෑ වේ. සමහරක් පුනර්ජනනීය සම්පත් පරිසර ගැටලු ඇති කරයි. තාක්ෂණය වැඩිදියුණු වි වැඩිදෙනා පුනර්ජනනීය ශක්තිය භාවිතය යොමු වෙද්දී  මිල ගණන් පහත යා හැකිය. එහෙත් ඒ සමගම අප ගල් අඟුරු, ඛණිජ  තෙල් සහ  ස්වභාවික වායු වැනි ෆොසිල ඉන්ධන භාවිත කරන විට මෙකී පුනර්ජනනීය නොවන බලශක්ති තවත් මිල ඉහළ යා හැකිය. ඉතින් එක්තරා අවස්ථාවකදී පුනර්ජනනීය ඉන්ධන වියදම ඉහළ මට්ටමකට පැමිණියත්,  පුනර්ජනනීය නොවන ඉන්ධන ඊටත්  වඩා  තවත් ඉහළ මට්ටමක පවතිනු ඇත. අවසානයේ අපට සිදුවන්නේ පුනර්ජනනීය ප්‍රභව භාවිත කිරීමට යි.

බලශක්ති සම්පත් ගැන සැලකිල්ල දැක්විය යුතු කරුණු:

පුනර්ජනනීය මෙන්ම පුනර්ජනනීය නොවන යන සම්පත් දෙකම ගතහොත් සැලකිල්ල යොමුවිය යුතු වැදගත් කාරණා දෙකක් වත් අඩු තරමින් ඇත. එක් කාරණාවක් වන්නේ එම සම්පත් දෙකම,  ප්‍රයෝජනවත් ශක්ති ස්වරූපයක් බවට පත්කර ගැනීම පිණිස ප්‍රායෝගික ක්‍රමයක් හෝ ක්‍රම අපට අවශ්‍ය වේ. අනික තමයි සම්පත් ශක්තිය බවට පරිවර්තනය කිරීමෙන් පසු කුමක් සිදුවේද යන්නයි. නිදසුනක් ගනිමු.  ෆොසිල ඉන්ධන දවමින් අපට ලබාගත හැක්කේ ඒ සඳහා යෙදවූ ශක්තියට වඩා අඩුවෙන් නම් එය ප්‍රායෝගික ශක්ති ප්‍රභවයක් නොවන්නට පුළුවන. අනික් අතට යම් ඉන්ධනයක් අපට විශාල ශක්ති ප්‍රමාණයක් ලබා දෙනමුත් එමඟින් විශාල දූෂණයක් ඇති වේ නම් එය ශක්ති සම්පතක් වශයෙන් යහපත් තේරීමක් නොවනු ඇත.

Image result for smart grids

බුහුටි ජාලක

විදුලිමය ජාලක (Electrical Grids):

ප්‍රහවය හෙවත් මූලය කුමක් වුවත් ජනනය කිරීමෙන් පසුව විදුලිය තැනකින් තවත් තැනකට යා යුතු වේ. මෙය සිදුකරනු ලබන්නේ විදුලිමය ජාලක මගින්ය. බොහෝ ප්‍රජාවන් අතර ඇත්තේ දශක ගණනාවකට පෙර තැනූ ජාලයයි.  මේ ජාලක අකාර්යක්ෂම වන අතර ඇණහිටීම් ගහණයි.

කෙසේ වෙතත් අනාගත විදුලිය ජාලක බුහුටි ජාලක(smart grids) වීමේ අවස්ථාව වැඩිය. බුහුටි ජාලක ආරම්භ වන්නේ එක් තනි හෝ ඊට වැඩි ප්‍රජනන මූලයන් අතරින්ය. එම විදුලිය බහු ආංගික ජාල මගින් මිලියන ගණනක් පාරිභෝගිකයන් වෙත ගලා යාමට සලස්වනු ලැබේ. පාරිභෝගිකයන් අතරේ තැබෙන්නේ බුහුටි මීටරය.  ඒවා විදුලි පද්ධතිය පිළිබඳ තොරතුරු සපයයි. ඒවා ක්‍රියා කරවන්නට විදුලිය ඇණහිටී විට ක්ෂණිකව,  විනාඩි කිහිපයක් ඇතුලත දැනගත හැකිය. පාරිභෝගිකයාගෙන් පැමිණිලි දුරකථනයෙන් ලැබෙන තෙක් බලා සිටිය යුතු නොවේ. තවද  බුහුටි මීටර විදුලි පරිභෝජනය මනිනු ලබන අතර වඩාත් ආර්ථික වාසි දායක වන කාල වේලාවල විදුලි බලය යොදා ගැනීම පිණිස පාරිභෝගිකයන්ට උපකාරී වේ.  සැපයුම සුමට කරනු වස් නිවෙස්වල හෝ කාර්යාලවල විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීම පවා සිදු කරයි.

Related image

බුහුටි මීටරයක්

සූර්ය බලය සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති සම්පත් ජාලයට ඒකාබද්ධ කිරීම පිණිස බුහුටි ජාලක අත්‍යවශ්‍යය.  මන්ද එවැනි පුනර්ජනනීය ප්‍රභවයන් මගින් සපයන ශක්තිය ඉහළ යෑම මෙන්ම පහළ යාම් වලට ද ලක් වන හෙයිනි

 

CK-12 Foundation – Earth Science හි පලවන Renewable vs Nonrenewable Energy Resources කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.