විදු නැන නුවණ – Science Literacy for All

නිවස තුළ පිරිසිදු වාතය යහපත් නින්දකට මග පාදයි

Image result for Cleaner Indoor Air Quality

නිවාස අභ්‍යන්තරයේ සෞඛ්‍ය සම්පන්න වාතාවරණයකට දායක වන ප්‍රධාන සාධකයක් වන්නේ පිරිසිදු වාතය බව අප කවුරුත් පාහේ දන්නා කරුණකි. එහෙත් බොහෝ නිවාස වල අලංකරණය සඳහා කළ නොයෙකුත් කටයුතු, වායූ සමීකරණ භාවිතය, මදුරු හා වෙනත් කෘමි සතුන් පලවා හැරිම පිණිස යොදා ඇති උපක්‍රම ආදිය හේතුවෙන් අභ්‍යන්තරයේ ඇති වාතය කොයිතරම් පිරිසිදු ද යන ගැටලුව පැන නගී.  ජනේලයක් දෙකක් විවෘත කර තැබීම මිට එක්තරා පිලියමක් සේ පෙනී යා හැකි වෙතත් එය තවත් අවුලකට හේතු විය හැක්කේ  වාහන දුම, අහල පහල උදවීය කොළ රොඩු, පොලිතින් ආදිය පුළුස්සන දුම ඇතුළුව නොයෙකුත් විෂ වායු විවෘත ජනේලයෙන් නිවස තුලට පැමිණිය හැකි නිසාවෙනි. එසේ නම් කල හැක්කේ කුමක් ද? අපි බලමු.

වාතය  අතුල්ලා පිරිසිදු කිරීම

Image result for house plants

මෙය විහිලුවට කීවක් සේ එක වරම හිතෙන්න පුළුවනි. නැත. මින් අදහස් කෙරෙන්නේ සම්පුර්ණයෙන් ස්වභාවික ලෙස වාතය පිරිසිදු කිරීමයි: හරියට වොෂින් මැෂින් එකකින් සෝදනවා වෙනුවට අතින් අතුල්ලා රෙදි සෝදනවා වාගෙයි. නිවස තුළ වාතය ස්වභාවිකව පෙරීමේ ක්‍රමය වන්නේ ඒ සඳහා ගෘහ ශාක(house plant) යොදා ගැනීමයි. මිනිසා සහ ගහකොළ අතර සබඳතාව දුර ඈත අතීතය දක්වා දිව යන්නක් වුව ද නිවස තුල වාතාවරණයෙන් විෂ වායු ඉවත් කිරීමෙහි ලා ගෘහ ශාකවලට ඉටු කළ හැකි හරිය 1980 ගණන් වල දී නාසා ආයතනය සිය පර්යේෂණ ප්‍රතිපල නිකුත්කරන තුරු අප බොහෝ දෙනා හරිහැටි දැන සිටියේ නැත. ශාක ඇතුලට ගන්නේ අප පිට කරන කාබන් ඩයොක්සියිඩ් වායුව බව අපි දන්නෙමු. පිට කරන්නේ අප අශ්වාශ කරන ඔක්සිජන් වායුවයි. ගෘහ ශාක එසේ කිරීමේ ක්‍රියාදාමයේ දී වාතයේ සුක්ෂම අංශු  අතුල්ලා පිරිසිදු කරමින් තමයි ඔක්සිජන් වායුව පිට කරන්නේ. ඉන් අපට තව තවත් පිරිසිදු වාතය ලැබේ. Garden mums, spider plants, dracaenas, ficus, peace lilies, Boston ferns, snake plants and bamboo palms ආදිය වාතය පිරිසිදු කිරීමේ හැකියායාව වැඩියෙන් ඇති ගෘහ ශාක වේ.

වා පෙරනයක් සවි කිරීම

Image result for air purifier

පෙර කි ස්වාභාවික ක්‍රමය හැරුණු විට ගෘහ වාතය පිරිසුදු කිරීමේ තවත් මගක් වන්නේ වායු පවිත්‍රකයක්(air purifier) මිලට ගෙන නිවසේ විදුලි පේනුවකට සවි කර තැබීමයි. මෙය සාපේක්ෂව පහසු ක්‍රියාවකි. කාබන් පරිශ්‍රාවනය(carbon filtration) හෝ අපවිත්‍රක පෙරීමේ වෙනත් ක්‍රම යොදා ගනිමින්  මෙවන් පවිත්‍රක ගෘහ පරිසරයේ වාතය පිරිසිදුව තබා ගැනිමට දායකවේ.

අඩු වාෂ්පශීල කාබනික රසායන මාදිලියෙන් තීන්ත ආලේප කිරීම 

Related image

මෙම ව්‍යායාමයේ දී හැම දෙයක් ගැනම කල්පනා කරන්නේ නම් ඔබ නිවසේ බිත්ති යලි තීන්ත ආලේප කිරීම ගැනත් සිතා යොමු කරන්න. ඒ සඳහා යොදා ගත යුත්තේ වාෂ්පශීල කාබනික රසායන(volatile organic chemicals-VOCs) අඩු හෝ ඇත්තේම  නැති තීන්ත යොදා ගැනීමයි යෝග්‍යය. වාෂ්පශීල කාබනික රසායන ශ්වශන ගැටළු, හිසකැක්කුම, වමනය, කරකැවිල්ල සහ තෙහෙට්ටුව ආදී සෞඛ්‍ය ගැටළු හා සම්බන්ධ යයි සැලකේ.

ලීබඩු ආදිය වෙනස් කිරීම

Related image

නිවසේ අභ්‍යන්තර වාතාවරණයෙහි වාතය පිරිසුදුව තබා ගැනීමට දායකවන තවත් කාරනාවක් වන්නේ දුවිලි ඇතුළු අප්‍රවිත්‍රකාරක ගහනව තිබිය හැකි ලී බඩු  ඇතුළු  ගෙදර දොරේ  පැරණි බඩු බාහිරාදිය නිරතුරුව, මනාව පිරිසිදු කිරීමයි. විෂබීජ, අප්‍රවිත්‍රකාරක රඳවා තබාගන්නා මේවා අතුරෙන් ප්‍රයෝජනයට නොගන්නා ඒවා  ඉවත් කිරීම තමයි වඩාත් යෝග්‍යය.

වායු සමීකරණ පෙරහන වෙනස් කිරීම

Related image

නිවෙස් වල වායු සමීකරණ සවි කර ඇත්නම් එය නිවස තුලට පිරිසිදු වාතය පාලනයකින් යුතුව ලබාගැනීමේ මගක් විය හැකියි. එහෙත් ඒවා ගැන නිරතුරුව සොයා බලා නිසියා කාරව නඩත්තු නොකරන්නේ නම් ඒවා මගින් ද වාතය අපිරිසුදු විය හැකිය. වාරිකව ඒවායේ පෙරහන් සහ වායු නල පිරිසිදු කිරීම ඊට පිළියමයි.

Image result for Sleep Better

මේ අතර ගෘහ තුල වාතයේ ගුණාත්මකබාවය නින්ද වැඩිමට හේතුවන බව පර්යේෂණ කිහිපයකින්ම  සනාථ කර ඇති අතර P. Strom-Tejesen, D.Zukowska, P. Wargocki සහ D.P. Wyon (November, 2015) යන අයවලුන් විසින් මෑතක සිදු කෙරුණු පර්යේෂණයක දී ද මෙම උපන්‍යාසය පරික්ෂාවට ලක් කෙරුණි. ඉන් ද ඉහත අදහස, විශේෂයෙන්ම 2013 සහ 2014 තරම් මෑතක සිදු කල පර්යේෂණ සොයා ගැනීම් යළිත් සනාත කර තිබේ.

 Earth Talk හි  Cleaner Indoor Air Quality Can Help You Sleep Better යන ලිපිය සහ Wiley Online Library හි පල වූ The effects of bedroom air quality on sleep and next-day performance යන පර්යේෂණ වාර්තාව ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: