විදු නැන නුවණ – Science Literacy for All

ජීවන පරිසරය: ජීවයේ විවිධත්වය

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන් ජීවත් වන්නේ කොයිබද, ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ කෙසේද, ඔවුන් හැසිරෙන්නේ කොයි අන්දමට ද යනාදී වශයෙන් මිනිස්සු ප්‍රශ්න නගති.  මේ ප්‍රශ්නවලට  මෙන්ම මේ මිහිතලය මත වාසස්ථානය කරගත් ජීවීන් ගැනමත් මතුවන බොහෝ ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. විශේෂයෙන්ම, ජීවන පරිසරය වඩාත් හොඳින් වටහා ගැනීමට මිනිස්සුන්ට හැකිවන පරිදි විද්‍යාඥයෝ සංකල්ප, මූලධර්මයන් හා න්‍යාය වැඩිදියුණු කිරීමට වෙහෙසෙති.

සජීවීන් සෑදී ඇත්තේ ද අනෙකුත් ද්‍රව්‍ය සියල්ල සැදුම්ලත් අංගයන්ගෙනි. ඒ ආකාරයටම ශක්ති පරිවර්තනයන් ද  සම්බන්ධ වේ.  එමෙන්ම එකම මූලික ආකාරයේ බලයන් උපයෝගී කරගනිමින් සංචලනය වේ.  මේ අනුව එකම ආකාරයක භෞතික මූලධර්ම, භෞතික පරිස්ථිතිය ජීවයට මෙන්ම තාරකාවලට වැහිබින්දු වලට හා රූපවාහිනි යන්ත්‍ර වලට ද අදාළ වේ.  එහෙත් වෙනත් ගුණාංගද සජීවීන් සතුය. එම ගුණාංග හොඳින් අවබෝධ කරගත හැක්කේ  අනෙකුත් නියාමයන් යොදා ගනිමිනි. සජීවීන් කාර්යයන් ඉටු කරන්නේ කෙලෙසද එමෙන්ම සජීවීන් එකිනෙකා මෙන්ම පරිසරය සමග අන්තර් ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන මූලික දැනුම සම්බන්ධයෙන් නිර්දේශ මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙහිද ප්‍රධාන පෙළේ මාතෘකා හයක් ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමු:

  • පෘථිවියේ ජීවීන්ගේ ජෛව විද්‍යාත්මක ගුණාංග තුළ විද්‍යාමාන වන ජීවයේ විවිධත්වය;
  • එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ආවේණික ගුණාංග හෙවත් ගති ලක්ෂණ පැවරීම;
  • සියලුම ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය වන සෛලවල ව්‍යුහය සහ කාර්ය නියුක්තිය;
  • සියලුම ජීවීන් සහ ඔවුන්ගේ පරිසරය අතර අන්‍යෝන්‍ය රැඳියාව;
  • මහාපරිමාණ ජීවන චක්‍ර හරහා පදාර්ථ හා ශක්තිය ගලා යාම සහ
  • ජෛව විද්‍යාත්මක පරිණාමය, ජීවයේ සමානතාවය සහ විවිධත්වය පැහැදිලි කරන ආකාරය වේ.

Image result for diversity of life

ජීවයේ විවිධත්වය

ඕනෑම මොහොතක මේ මිහිපිට ජීවත්වන තනි තනි ජීවීන්ගේ වර්ග(විශේෂ)  ගණන මිලියන වලින් දැක්විය හැකියි. ඉන් සමහරෙක් එකිනෙකාට බෙහෙවින් සමාන වන අතර සමහරක් බෙහෙවින් එකිනෙකාට වෙනස්ය.

(ජීවීන්ගේ) ව්‍යුහයන් සහා චර්යාවන්හි සමානකම් මෙන්ම අසමානකම්ද පදනම් කරගනිමින් ජීව විද්‍යාඥයෝ ජීවීන්, කණ්ඩායම් හා උප කණ්ඩායම් ධුරාවලියක් ලෙස  වර්ගීකරණය කරති. ජීවීන් අතර වඩාත්ම පොදු සුවිශේෂීතාව ඇත්තේ සූර්යාලෝකයෙන් සෘජුවම ශක්තිය ලබා ගන්නා ශාක සහ ශාක මගින් ප්‍රථමයෙන් සංස්ලේෂණය කළ ශක්තිය බහුල ආහාර පරිභෝජනය කරන්නා වූ සතුන් අතරයි. එහෙත් ජීවීන් සියල්ලම එලෙස එක් වර්ගයක හෝ අනෙක් වර්ගයේ යයි පැහැදිලිව වෙන්කළ නොහැක. නිදසුනක් ලෙස  ගතහොත් සුවිශේෂී කණ්ඩායමක් ලෙස වර්ගීකරණය කරනු ලබන සංවිධිත න්‍යෂ්ටියක් රහිත ඒක ශෛලික ජීවිහු(බැක්ටීරියා) සිටිති.

සතුන් හා ශාක සතුව ආහාර නිපදවීම හෝ සොයා ගැනීමේ, ඒවායින් ශක්තිය හා ද්‍රව්‍යය උකහා ගැනීමේ, නව ද්‍රව්‍ය සංසලේෂණය කිරීමේ සහ ප්‍රජානන කිරීමේ යන මූලික ක්‍රියාකාරකම් සිදු කිරීම පිණිස එකිනෙකට වෙනස් සමස්ත ව්‍යුහයන් සහ අභ්‍යන්තර කොටස් පෙළ ගැස්වීම සහිත මහා විවිධත්වයකින් යුතු ශරීර සැලසුම් ඇත.   විද්‍යාඥයන් ජීවීන් වර්ගීකරණය කිරීමේදී ඔවුන්ගේ  චර්යාවන් හෝපොදු පෙනුමට වඩා ශරීර ව්‍යුහය  පිළිබද  විස්තර වඩාත් අදාල ලෙස සලකති. මෙය නිදසුනකින් පැහැදිලි කරගමු. කිරි නිපදවීමේ ග්‍රන්ථි සහ  මොළ ව්‍යුහය වැනි අංග සැලකිල්ලට ගනිමින්  තල්මසුන් හා මත්ස්‍යයන් හෝ වවුලන් හෝ පක්ෂීන්ට වඩා තල්මසුන් හා වවුලන් සම්පූර්ණයෙන්ම වාගේ එක සමාන ලෙස වර්ගීකරණය කෙරේ. සබැඳියාවේ විවිධ මට්ටම්වලදී සුනඛයන්, පිටකොන්දක් තිබෙන්නේයැයි සලකා  මත්ස්‍යයන් සමගද, කේශ ඇතැයි සලකා  එළදෙනුන් සමගද මාංශ භක්ෂණය කරන්නන් යයි සලකා බළලුන් සමගද වර්ගීකරණය කෙරේ.

ලිංගිකව ප්‍රජනනයවන ජීවීන් ගත්විට විශේෂයක් (a species),  ජනිතයන් නිපදවීම සඳහා එකිනෙකා සමග සංසර්ගයේ යෙදීමට හැකියාව ඇති සියලුම ජීවීන්ගෙන් සමන්විත වේ. කෙසේ වෙතත් විශේෂයක් යනුවෙන් කෙරෙන අර්ථ විග්‍රහය නිශ්චිත නැත. සීමා මායිම්වලදී කිසියම් නිශ්චිත ජීවියකු හරියටම වර්ගීකරණය තීරණය කිරීම අසීරු විය හැක. ඇත්ත වශයෙන්ම, වර්ගීකරණ පද්ධති යනු  ස්වභාවයේම (nature) කොටසක් නොවේ. ඒවා සජීවීන් අතර සම්බන්ධතා  දක්වමින් ජීවීන්ගේ අතිවිශාල විවිධත්වය විස්තර කිරීම පිණිස ජීව විද්‍යාඥයන් විසින් නිර්මිත පාදක ව්‍යුහයන්ය.

පෘථීවියෙහි ජීව ස්වරූප  විවිධත්වය ඇත්තටම පැහැදිලි වන්නේ, ශරීර ව්‍යුහමය සහ ජීවීන් අතර චර්යාමය සමානකම් හා වෙනස්කම් පිළිබඳ අධ්‍යයන මගින් පමණක් නොවේ; ඔවුන්ගේ අණු අතර සමානකම් හා වෙනස්කම් පිළිබඳ අධ්‍යයන ද මගිනි. සජීවීන් තුළ ගොඩනැගෙන  වඩාත්ම සංකීර්ණ අණු වන්නේ කුඩා අණු දාමයන්ය(chains of smaller molecules).  සියලුම ජීව ස්වරූප තුළ විවිධ වර්ගවල කුඩා අණු බො‍හෝ කොට එක සමානය. එහෙත් ඉතා සංකීර්ණ අණු සැදුම් ලන්නාවූ සංරචකවල සුවිශේෂ අනුක්‍රමණය ඕනෑම විශේෂයක් ගතහොත් එහි ගති ලක්ෂණයකි. නිදසුනක් දක්වන්නේ නම්, DNA අණු යනු කුඩා අණු හතරක් පමණක් එක් කරන දිගු දාමයන්ය.  ඒවායේ සුවිශේෂ යථාර්තය අනුක්‍රමණය ජානමය තොරතුරු කේත ගත කරයි. ජීවීන් අතර සමීප බව හෝ දුරස්ථ බව ඒවායේ DNA අනුක්‍රමණයන් කෙතෙක් ප්‍රමාණයකට සමානද යන්න්නෙන් ගම්‍යමාන  කළ හැකිය. ඒවායේ අණුමය ව්‍යුහයන්(molecular structure)ගේ සමානතාවලින් ගම්‍ය කර ගත් සබඳතාවන් ශරීර ව්‍යවඡේදමය සමාන මත පදනම් වූ වර්ගීකරණය හා  කිට්ටුවෙන්ම සැසඳෙ.

Image result for THE LIVING ENVIRONMENT

විශේෂයන්ගේ විවිධත්වය සුරක්ෂිත කිරීම මානව වර්ගයාට වැදගත් වේ. අපි, ශක්තිය හා ජීවිතයට අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය සපයා ගැනීම පිණිස ආහාර ජාල දෙකක් මත රඳා පවතින්නෙමු.  ඉන් එකක්  පියවි ඇසට නොපෙනෙන ( අන්වීක්ෂයම) සාගර ශාක සහ මුහුදු පැලෑටි වලින් පටන් ගෙන ඒවා ආහාරයට ගන්නා සතුන් ද එම සතුන් ආහාරයට ගන්නා සතුන් ද ඇතුළත්වන ජාලයයි.  අනෙක, ගොඩබිම ශාකවලින් පටන් ගෙන ඒවා කා වැඩෙන සතුන් ද එම සතුන් කා වැඩෙන සතුන් යනාදී වශයෙන් සතුන් ඇතුළත් වේ. විශේෂයන් අතර මෙකී සූක්ෂම අන්තර් රැඳියාව මෙම ආහාර ජාල ස්ථායි කිරීමට මගපාදයි. කිසියම් සුවිශේෂී ස්ථානයක සිදුවන සුළු බිඳවැටීම්, අවසානයේ පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමට සමත්  වෙනස්කම් ඇති කිරීමට මගපාදයි. එහෙත් සජීවී ගහණයන්ගේ හෝ එම ගහනයන්ගේ ගේ පරිසරයන් තුළ ඇතිවන විශාල කැළඹිලි වල ප්‍රතිඵලයක් ලෙස ආහාර ජාලවල ආපසු හැරවිය නොහැකි වෙනස්කම් ඇතිවිය හැකිය. විවිධත්වය පවත්වාගෙන යාමේ වාසි වෙන්නේ, වෙනස් වූ තත්ත්වයන් යටතේ ඇතැම් ප්‍රභේද වලට පැවැතීමට යෝග්‍ය ගුණාංග සතු වීමේ හැකියාව ඉහළ යාමයි.

මි ළඟට සලකා බැලෙන්නේ ප්‍රවේණිය(heredity) ගැනයි.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE LIVING ENVIRONMENT නම් 5වෙනි  පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපියක පළමු කොටසයි මේ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: