සංකල්ප සාර සංග්‍රහය 64: චිත්තවේගවාදය සහ නිර්දේශකවාදය(Emotivism and prescriptivism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
‘එසේය’ යන්නකින් ‘එසේ වියයුතුය’ යන්නක් නිගමනය කිරීමේ ස්වභාවික අභාසය, විසිවැනි සියවසේ දී චිත්තවේගවාදය(emotivism) යන සිද්ධාන්තය ඉස්මතුවීමට මග පෑදීය. මෙය ‘හූ සහ හුරේ’න්‍යාය(boo-hurrah theory = හෙළා දැකීමේ හා ආවැඩිමේ න්‍යාය) ලෙස ද දැක්වේ. 1930 ගණන් වලදී ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ A. J. අයර් (1910–89) විසින් වර්ධනය කරන ලද චිත්තවේගවාදයෙන් දැක්වෙන්නේ, ව්යාකරනනුකුලව ගතහොත් පරිසිද්ධිමය ප්‍රකාශ ලෙස පෙනීයන සදාචාරාත්මක ප්‍රකාශ(moral statements), ප්‍රකාශ කරන්නන්ගේ වේදනයන්(feelings) හෙවත් හැඟීම් – අනුමතකිරීමේ හෝ අනනුමතකිරීමේ (approval or disapproval) අදහසින් සිදු කරන ප්රකාශකයාගේ හැඟීම් වලට වැඩි යමක් පළ නොකරන බවයි. ‘මිනීමැරීම වැරැද්දකි’ යනුවෙන් අප පවසන විට අප ඇත්තටම කියන්නේ ‘මිනීමැරීමට හු කිමයි’! (මිනීමැරීම හෙළා දැකීමයි). ‘බොරු නොකීම යහපත් ක්‍රියාවකි’ යනුවෙන් අප පවසන විට අප සිදු කරන්නේ ‘සත්‍ය ප්‍රකාශ කිරීමට හුරේ දැමීමයි’!(සත්‍යය පැවසීමට ආවැඩිමයි).
චිත්තවේගවාදයෙහි තවදුරටත් වර්ධනයක් ලෙස අපට නිර්දේශකවාදය(prescriptivism) දැක්විය හැකිය. මෙහිදී ඊට දායකත්වය සැපයුයේ ද තවත් ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වන R. M. හෙයාර්(1919–2002) ය. සදාචාරාත්මක ප්‍රකාශ ආඥා බඳු යයි නිර්දේශකවාදය දක්වයි. ඒවායින් ප්රකාශකයාගේ ආකල්ප දැක්වෙනවා පමණක් නොව යම් ක්‍රියා මාර්ගයකට ප්‍රකාශකයා කැප කරයි; එමෙන්ම සෙස්සන්ට ඊට මග පෙන්වයි. මිට ප්රතිවිරුද්ධව, පරිසිද්ධිමය ප්‍රකාශයක් පමණක් පිළිගැනිමෙන් සිදුකරන්නේ ප්‍රකාශකයා විශ්වාසයකට කැප කිරීමකි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Emotivism and prescriptivism යන කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න