විදු නැන නුවණ – Science Literacy for All

ජීවන පරිසරය: ආවේණිය(HEREDITY)

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන් ජීවත් වන්නේ කොයිබද, ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ කෙසේද, ඔවුන් හැසිරෙන්නේ කොයි අන්දමට ද යනාදී වශයෙන් මිනිස්සු ප්‍රශ්න නගති.  මේ ප්‍රශ්නවලට  මෙන්ම මේ මිහිතලය මත වාසස්ථානය කරගත් ජීවීන් ගැනමත් මතුවන බොහෝ ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. විශේෂයෙන්ම, ජීවන පරිසරය වඩාත් හොඳින් වටහා ගැනීමට මිනිස්සුන්ට හැකිවන පරිදි විද්‍යාඥයෝ සංකල්ප, මූලධර්මයන් හා න්‍යාය වැඩිදියුණු කිරීමට වෙහෙසෙති.

මිනිසුන් අතර අනාධිමත් කාලයක් තිස්සේ පවතින නිරීක්ෂණයක් වන්නේ දරුවන්         (ජනිතයන්) බොහෝ සේ සිය දෙමාපියන්ට(ජනකයන්ට) සමානයි යන්නය. එසේ වුවද යම් ආකාරයක වෙනස්කම් ද පෙන්නුම් කරන්නේය යන්නයි. ජනිතයන් සිය දෙමාපියන්ගන් යම් අන්දමකට වෙනස් වනවා පමණක් නොව, තම සිබියන්ගෙන් ද (එකම දෙමාපියන්ගේ අනෙක් ජනිතයන්) වෙනස් වේ. මෙම වෙනස්කම් පරම්පරා බොහෝ ගණනක් තිස්සේ ඒකරාශී විය හැකිය. එවිට, ජීවීන් ඈත අතීතයේ තම ආදිතමයන් ට වඩා පෙනුමෙන් මෙන්ම චර්යාවෙන් ද බොහෝ සේ වෙනස් විය හැකිය. නිදසුනක් පැහැදිලි කර ගනිමු.  මනුෂ්‍යයෝ තමන්ට රිසි ගුණාංග නැතිනම් ගති ලක්ෂණ ඇති කරවා ගනිමින් ගෘහ ආශ්‍රිත සතුන් හා ශාක බෝ කිරීමට සමත්ව සිටිති. මෙහි ප්‍රතිඵලය වන්නේ තම මුතුන් මිත්තන්ගෙන් පැහැදිලිවම වෙනස් සුනඛ, බිලාල, ගව, කුකුල්, පළතුරු සහ ධ්‍යානවල නූතන විශේෂයන් ය. ඒ කියන්නේ අද අප නිවෙස් අවට සිටින බල්ලා, කුකුළා හෝ අප ආහාරයට ගන්නා වී, කඩල, ආදිය මීට බොහෝ කලකට පෙර තිබූ මුල් ස්වරූපයට වඩා බොහෝ සේ වෙනස් බවයි.

මේ වෙනස්කම් කෙතරම් පෘථුල ද  විස්තීරණ ද කීවොත්, (නිදසුනකට ධ්‍යාන ගමු) මේ වෙනස්කම් නව විශේෂයන් බිහි කිරීමට තුඩු දී ඇත. ඇත්ත වශයෙන්ම, එකම ජනක විශේෂයෙන් පැවත එන්නන් බෙදීගොස් ඇති ඇතැම් ශාඛා විශේෂ ගතහොත් ඒවාට තව දුරටත් එකිනෙකා හා සම්බෝගයේ යෙදීමට නොහැක.

වර්ධනය සඳහා වන තොරතුරු ( උපදෙස්)  දෙමාපියන්ගෙන් ජනිතයන්ට සැපයෙන්නේ විභින්න ජාන(discrete genes) දහස් ගණනකිනි. මේවා දැන් හඳුන්වනු ලබන්නේ DNA අණුවෙහි ඛණ්ඩයක් ලෙසය. අලිංගික(asexual)  ජීවීන්ගේ ජනිතයන්(ක්ලෝන) ජනකයාගේ ජාන(parent’s genes) සියල්ල උරුම කරගනී. ශාක හා සත්ව ලිංගික ප්‍රජනනයේදී (sexual reproduction) ස්ත්‍රියකගේ විශේෂ සෛලයක් පුරුෂයකුගේ විශේෂිත සෛලයක් හා වීලීනවෙයි(fuse)  හෙවත් එක්වේ. මේ එක් එක් ලිංගික සෛල යක් තුළ ජනකයාගේ(parent’s) පුරෝකතනය කළ නොහැකි නැතිනම් කලින් කිව නොහැකි   ජානමය තොරතුරු භාගයක් අන්තර්ගත වේ.  සංසේචනයේදී(fertilization) මේ සුවිශේෂ පුරුෂ සෛලයක් එවන් සුවිශේෂිත වීලීන වූ විට ඒවා එක් සම්පූර්ණ යුගල ගත ජානමය තොරතුරු කට්ටලයක් සාදයි.   ඒ ඒ ජනකයාගේ  ජාන  කට්ටල භාගයක එකතුවක් ලෙස සංශේචිත සෛල කලලයක් හා පසුව අවසානයේ බීජයක් හෝ පරිණත අයකු ( ඒකෛකයෙකු) සෑදීම පිණිස ගුණනය හෙවත් බෝ වෙද්දී මෙකී ජාන කට්ටල සෑම සෛලයක් තුළම ප්‍රතිජනනයවේ(replicated).

ලිංගික ප්‍රජනනයේදී ජාන තේරීම හා සංයෝගයෙහි ප්‍රතිඵලයක් ලෙස ජනකයන් දෙදෙනෙකුගේ (දෙමාපියන්ගේ) ජනිතයන් අතර ජාන සංයෝගයන්හි මහා විවිධත්වයක් ඇති වේ.ඒ ඒ ලිංගික සෛලයට කොටස්කර බෙදූ අර්ධයෙහි එකිනෙකට වෙනස් ජාන සංයෝග මිලියන ගණනක් තිබිය හැකිය. එමෙන්, එකී සුවිශේෂී ස්ත්‍රී හා පුරුෂ සෛලවල සෑම එකකම සංයෝග මිලියන ගණනක් පැවතීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත්, චරිතයන්ගේ ගති ලක්ෂණ වල විවිධත්වයට හේතු භූතවන එකම මූලය ජානවල මෙකී ආකාරයේ නව සම්මිශ්‍රණයන්ම නොවේ.  පරම්පරා බොහෝ දහස් ගණනක් මුළුල්ලේ වෙනස් නොවී ම පාහේ ජානමය තොරතුරු පැවරිය හැකි වුවද ඉඳහිට සෛලයක DNA හි ඇතැම් තොරතුරු සංශෝධනය විය හැකිය. පිටපත්කිරීමේ දී සසම්භාවී දෝෂ මගින් ද නැතහොත් රසායනික හෝ විකිරණ මගින් ප්‍රේරණය වීමෙන් ද DNA කණ්ඩවල  මැකීම්(deletions),  බහාලීම් (insertions)  සහ  ආදේශනයන්(substitutions) නිරායාසයෙන් ඇතිවිය හැකි ය. ජනිතයෙකුගේ ලිංගික සෛලයක විකෘති වූ ජානයක්  (mutated gene) ඇත්නම් එහි පිටපතක්, ජනිතයා වෙත පැවරී ඔවුන්ගේ සෛල සියල්ලෙහි ම කොටසක් බවට පත්වීමට ද සමහර විට ජනිතයාට නව හෝ විකෘති වූ (වෙනස් වූ) ගති ලක්ෂණ ලබාදීටම ද පුළුවන. මෙසේ වෙනස් වූ ඇතැම් ගති ලක්ෂණ ජනකයාට එය අත්පත් වූ ජනිතයාට යහතින් පැවතෙමින් ප්‍රජනනය කිරීමට ඇති හැකියාව වැඩිකිරීම ද ඇතැම් විකිරණය වූ ගති ලක්ෂණ මෙම හැකියාව අඩු කිරීමටද සමහරක් වැදගත් බලපෑමක් නො කිරීමට ද හැකියාව තිබේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE LIVING ENVIRONMENT නම් 5වෙනි  පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපියක දෙවන කොටසයි මේ.

ඊළඟට සෛල ගැන  කතාකරමු.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: