සැමට විදු නැන නුවණ – Science Literacy for All

බුද්ධිමත් ජීවිතය : 6 ක‍්‍රීඩා වාදය(GAME THEORY)

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර දී ඇත් ද? එය විශ්මය ජනකය, ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම බොහෝ විට මනහරය. එසේ වුවද, අපේ එදිනෙදා යථාර්ථයන්ගෙන් විද්‍යාව මදක් වියෝ වී ඇතැයි සමහර විට අපට දැනී යයි. විද්‍යාවේ උදාර එමෙන්ම ගරු ගාම්භීර මෙකී සිද්ධාන්තවලට ඔබ්බෙන් වෙනත් දැනුම් සම්භාරයක් ඇත. එම අදහස් ග‍්‍රහනය කරගන්න. ඒවා වඩාත් යහපත්, වඩාත් ප‍්‍රීතිමත් සහ වඩාත් බුහුටි ජීවිතයක් ගත කිරීම සඳහා අපට උපකාරී විය හැකිය. ලොව සැරීමට ඔබට අවශ්‍ය වන විද්‍යාව මෙයයි.

ක‍්‍රීඩා වාදය(GAME THEORY)

Fred Pearce විසිනි

උපායශීලි චින්තනය පිටුපස විද්‍යාව

A Beautiful Mind නම් චිත‍්‍රපටයේ දී ජෝන් නැෂ් සහ සගයෝ දුම්වැටි දුමින් වැසී ගිය බීම හලක වාඩිවී සිටිති. මේ සියලූ දෙනා ප‍්‍රින්ස්ටන් සරසවියේ ගණිතය හදාරණ උපාධි අපේක්ෂක සිසුන්ය. දර්ශනය ආරම්භ වන්නේ මෙම බීම හලට කාන්තාවන් කණ්ඩායමක් පැමිණෙන අවස්ථාවෙහිය. කාන්තාවන්ගෙන් අයෙකු යාලූ කරගෙන ඇය සමග සහයෝගී දිනයක්(date) ගත කිරීමට තම තමන්ට ඇති අවස්ථා ගැන පිරිමි පිරිස කතා බස් කරමින් සිටිති. නෑෂ්ට හදිසියේම නිර්මාණාත්මක අදහසක් පහළ වෙයි: ඒ ඒ තරුණයාට තරුණියන්ගෙන් සහයෝගී දිනයක් සඳහා අවස්ථාවක් සලසා ගැනීමට මග පාදන තාර්කික, හොඳම ගණිතමය ක‍්‍රමයක්, උපක‍්‍රමයක් සොයා ගැනීමයි. ඊළඟ මොහොතේ ඔහු බීම හලෙන් සෙමින් පිටවී ගොස් මුඵ රාත‍්‍රීයම ගත කරන්නේ කිසිවෙකුටත් තේරුම් ගත නොහෙන සමීකරණ හා ගණන් හිලව් ගැන වෙහෙසෙමිනි.

මේ සියල්ලෙහි මද මෝඩ ගතියක් දැක්වෙනවා විය හැකියි. අනික, ඔය කියන සංසිද්ධිය යථාර්ථයක් ලෙස කිසිදා සිදු නොවූවක්ද  විය හැකියි. එසේවුවද, හොලිවුඞ් සිනමාකරණයට ආවේනික අදක්ෂ, මුග්ධ තාලයට ගොඩ නැගුනේ වී නමුත් මේ දර්ශනය ක‍්‍රීඩාවාදය(game theory)  අපේ එදිනෙදා ජීවිත වලට යොදා ගත හැකි අන්දම ගැන ඉඟියක් සපයයි. ක‍්‍රීඩාවවාදය ගණිත ශාඛාවකි ජෝන් නැෂ් විසින් තමයි එය ජනප‍්‍රිය කරවීමට උපකාර කරන ලද්දේ. ඇත්තටම එය  අප ඒ ගැන සිතීමකින් තොරව  සැමවිටම යොදා ගන්නකි. ‘‘ප‍්‍රතිචාර වශයෙන් වෙනත් කෙනෙකු කරන්නේ කුමක් දැයි යන්න සැලකිල්ලට ගනිමින් ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබ සිතන සෑම අවස්ථාවකදීම ඔබ නිරත වෙන්නේ  ක‍්‍රීඩාවාදයෙහිය’’ යනුවෙන් පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් කානගි මෙලන් විශ්ව විද්‍යාලයේ, කෙවින් සොල්මාන් කියා සිටියි.

මෙතැන ගැටඵව වන්නේ අප ආධුනිකයන් වීමයි. යම් අවස්ථා ගැන පියවර කිහිපයක්ම ඉදිරියට සිතන්නට අපට අවශ්‍ය වූ විට හෝ එවැනි අවස්ථාවලට ස්වල්ප දෙනෙකුට වඩා වැඩියෙන් පිරිසක් සම්බන්ධ වන විට හෝ අපි වැරදි කිරීමට පටන් ගන්නෙමු. ඒත් ඔන්න ක‍්‍රීඩාවාදය තුළට මදක් එබෙන්න එවිට, ඔබේ ජීවිතය සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත් පියවර ගැනීමට මග පාදන ප‍්‍රතිවේධයන්(insights) ගණනාවක් ඔබට උපයෝගී කරගතහැක හැකිය.

මෙහිදී මතක තබා ගත යුතු පළමු පාඩම විය යුත්තේ විවිධාකාරයේ ක‍්‍රීඩාවන්(games) තිබෙන බවයි. පුඵල් ලෙස ගතහොත්, එක් ක‍්‍රීඩකයෙකු පරදින දෑ අනෙකා දිනා ගැනීමෙන් මුල් තත්ත්වයම පවතින ශුන්‍ය වෙනසක ක‍්‍රීඩා(zero-sum games) මෙන්ම ක‍්‍රීඩකයන් සතුව පොදු මෙන්ම විරුද්ධ අභිලාශ   ඇති විචල්‍ය වෙනසක (variable-sum games) කී‍්‍රඩා ද ඇත. චෙස් හෝ පෝකර් ක‍්‍රීඩාව ශුන්‍ය වෙනසක ක‍්‍රීඩාවට නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙහිදී ඔබ දිනුවොත් විරුද්ධවාදියා නිරායාසයෙන්ම පරදී. නැතහොත් එහි අනෙක් පැත්තය. මේ ආකාරයේ අවස්ථා අපේ එදිනෙදා ජීවිත වලදී එතරම් පැන නගින්නේ නැත.

Image result for game theory

විචල්‍ය වෙනසක ක‍්‍රීඩා වඩා සුලබයි. එමෙන්ම වඩා සංකීර්ණය. මේවා ‘සිරකරුගේ උභතෝකෝටිකය’ (the prisoner’s dilemma) යනුවෙන් හඳුන්වනු ලබන දෙයින් නිදසුන් කර දැක්විය හැකිය. මෙම අවස්ථාව මෙලෙස විස්තර කළ හැකිය: අපරාධයක් සම්බන්ධයෙන් ඔබට ලැබෙන දඩුවම රඳා පවතින්නේ ඔබේ ආයාචනය(plea) සහ අපරාධ සහායෙකුගේ(accomplice) ආයාචනය මතය. ඔබේ අපරාධ සහයක කෙසේ ක‍්‍රියා කරාවි දැයි ඔබට අවබෝධයක් නැත. එහෙත් වාසිලබන න්‍යාසයක් (pay-off matrix) ලෙස අත්විය හැකි ආනිශංස සංවිධානය කිරීමට ක‍්‍රීඩාවාදයට හැකිය. මෙම න්‍යාසය ආනිශංස ගණනාවක් ගැන සලකා බැලීමට ඔබට ඉඩ සලසයි.(රාමුව තුළ තීරණ කොටස බලන්න) මෙහිදී පෙනී යන්නේ ඔබට මෙන්ම ඔබේ අපරාධ සහකරු යන දෙදෙනාටම යෝග්‍යතම විකල්පය වනුයේ පාපොච්චාරණය කිරීම බවයි. පාර්ශ්වයේ තේරීම එලෙසම තිබිය දී වෙනස් විකල්පයන් තෝරා ගැනීමෙන් පාර්ශව දෙකටම වාසියක් සැලසෙන්නේ නැති හෙයිනි.

නෑෂ් 2015 දී මිය ගියේය. එහෙත්, නෑෂ් සමතුලිතය පිළිබඳ අදහස ඇතුඵව ක‍්‍රීඩාවාදය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය හේතුවෙන් 1994 ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් කොටසක් හිමිකර ගැනීමට ඔහු සමත්විය. මෙම ශික්ෂණයේ (ක‍්‍රීඩාවාදයේ) පාඩම් සෑම ක්ෂේත‍්‍රයකම —  දේශපාලනයේ, රාජතන්ත‍්‍රයේ සිට ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර යන සෑම අංශයකදීම යොදා ගනු ලැබ ඇත. නිදසුනක් දක්වන්නේ නම්, නිරවියුධ සමයේ (cold war) ඇමරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික අවි වළකන ක‍්‍රමෝපාය (strategy ) සකසා ගැනීමට උපකාරී වූයේ මෙම සිද්ධාන්තයයි. අද ගුවන් විදුලි හා රූපවාහිනී ප‍්‍රචාරක ආයතන විසින් ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩා තරඟ ප‍්‍රචාරය කිරීමේ අයිතිවාසිකම් තමනට දිනා ගැනීමේ පොරයේ දී මෙය යොදා ගනු ලැබේ. කෙසේ වෙතත් තනි තනි පුද්ගලයන්ට වුව මේ ක‍්‍රීඩාවාදයේ ප‍්‍රතිවේදයන් ප‍්‍රයෝජනයට ගත හැකිය. ‘විශ්වසනීය පේවීම’ (“credible commitment”) යන්නෙහි බලය තේරුම් ගැනීම එක උදාහරණයක් බව පිලෙඩෙල්පියා හි  පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ රකේෂ් වොහ්රා පවසයි.

මේ සංකල්පය මනාව පැහැදිලි කළ හැක්කේ “කුකුඵ පොර” තරඟයකිනි. එකිනෙකා දෙසට වේගයෙන් ඇදෙන මෝටර රිය දෙකක් ගැන හිතන්න. මෙහිදී පරාජයට පත්වන්නේ අපසරණය වන්නා හෙවත් දිසාව වෙනස් කරන්නාය. මෙහිදී නෑෂ් සමතුලිතය වන්නේ එක් අයෙකු දිසාව වෙනස් කිරීම සහ අනෙකා දිසාව වෙනස් නොකිරීම යන අවස්ථා දෙකයි. එහෙත් ක‍්‍රීඩාවාදයේ විශ්ලේෂණයක් අපට තවත් විසඳුමක් පෙන්වයි. තරඟයේ නීති වෙනස් කිරීමෙන් රියදුරු දෙදෙනාගෙන් එක් අයෙකුට ප‍්‍රතිඵලය බලෙන් වෙනස් කළ හැකිය. නිදසුනක් දක්වමු : අයෙකු සුක්කානම ඉවත් කර එය රියේ ජනේලයෙන් පිටතට විසි කළේය යයි සිතමු. එවිට ගැටීමෙන් ඇතිවන විනාශය වළක්වා ගැනීම පිණිස අනෙකා දිසාව වෙනස් කළ යුතුමය.‘‘ඔව් ඔබේ විරුද්ධවාදියාට අවබෝධ කරනවා ඔබට එම ක‍්‍රියාව හැර වෙනත් විකල්පයක් නැති බව. එවිට ඔබ එය ඔවුන් ලවා කරවා ගත හැකි දෙයම කිරීමට ඔවුනට බල කිරීමක් වෙනවා.’’ වොහ්රා කියයි. ‘‘පරස්පරයක් වගේ පෙනුණත් ඔබේ විකල්පයන් සීමාකිරීම  ඇතැම් විට ඔබට වාසිදායක විය හැකියි.’’

වාහනයක් හැප්පීම සඳහා වෙනුවට මිළදී ගැනීම සඳහා ද මෙම නියාමය යොදා ගැනීමට පුඵවන. මිළ ගණන් ගැන හැදෑරීමක් සිදු කර වෙළෙන්දාට ‘මේ ගානට දෙනවා නම් දෙන්න නැතිනම් මට  ඕනම නැහැ’ වැනි ප‍්‍රකාශයකින් ඔබේ අභිලාෂය දන්වා සිටින්න. ‘‘මේ අධිෂ්ඨානය තුළින් ඔබ තීරණයක් ගැනීමට වෙළෙන්දාට බල කරනවා: ඒ ගණනට විකුණනවාද නැතිනම් ඒක විකුණා ගැනීමට නොහැකිව ඉන්නවාද?’’  යයි වොහ්රා පෙන්වා දෙයි. දෙපැත්තක පාර්ශව දෙකක් යම්කිසි මුදලක් (මිලක්) ගැන කේවල් කිරීමකට පැමිණෙන  ඕනෑම අවස්ථාවක –  නිදසුනකට අඵත් රැකියාවක වැටුප ගැන එකඟත්වයකට පැමිණීම ඇතුඵව –  ඕනම විටක මෙම තර්කනය වලංගු වේ. (එහෙත් අවවාදයක් ලෙස මෙසේ දන්වමු : ක‍්‍රීඩාවාදයේ විශාරදයන්ට පවා සැම විටම සියල්ල හරියාකාරවම ඉටු කර ගත නොහේ. මෙයට බලපාන ගැටඵව වන්නේ අප සැමවිටම හේතුවාදීව, තර්කානුකූලවම ක‍්‍රියා කරයි යනුවෙන් ක‍්‍රීඩා වාදය උපකල්පනය කරන හෙයිනි. එහෙත් එය එසේ නොවේ.  මනුෂ්‍ය චර්යාවෙහි අද්භූතකම් හේතුවෙන් විශේෂඥයන්, විශාරදයන් පවා නොමග යා හැකියි.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි NEED TO KNOW: GAME THEORYයන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: