සැමට විදු නැන නුවණ – Science Literacy for All

කෝපි වල පිළිකාකාරකයක් අඩංගු ද?

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැන් පවරා ඇති නඩුවක් දිනුවොත් එම ප්‍රාන්තයේ කෝපි බිම හල්  සහ කඩවල කොපි විකිණීමට හැකිවනු ඇත්තේ  සෞඛ්‍යමය අනතුරු හැඟවීමක් සහිතවය. තතු උත්සාහ කරන්නේ මේ පිළිබඳව නීති තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට නොව (එය කොහොමටත් අපේ වැඩක් නෙමෙයිනේ)  මේ කාරණාව පිටුපස ඇති විද්‍යාව සොයා ගැනීමටයි.

කෝපි වල පිළිකා කාරකයක් ඇති බවට නඩු පවරා ඇතත් කෝපි විකුණන සමාගම් තර්ක කර  සිටින්නේ, පිළිකා කාරකයක් අඩංගු විය හැකි රසායනිකයක් — ඇක්‍රිලමයිඩ් (acrylamide) නම් රසායනය ඇතත්,  කෝපි පානය කරන්නන් තුළ පිළිකාව  අවදානම වැඩි කරන තරම් මට්ටම එය කෝපිවල අඩංගු නොවන බවයි. ඉතින් මේ ගැන  විද්‍යාවෙන් කියවෙන්නේ කුමක්ද?

Image result for drinking coffee

ඇක්‍රිලමයිඩ් යනු මොනවාද?

මුලින්ම අපි ඇක්‍රිලමයිඩ් කියන්නේ මොනවාද කියලා හොයලා බලමු. වර්තමානයේ පවරා ඇති නඩුවේ අවධානය කෝපි වෙත යොමුවන  නමුත් පිසින ලද ආහාර ගණනාවක මෙන්ම සිගරට් දුමෙහි ද ඇක්‍රිලමයිඩ් අඩංගු වේ. කෝපි ඇට, ප්‍රෙන්ච් ප්‍රයිස් (අල තීරු බැදුම), අල පෙති, ටින් කරන ලද කළු ඔලිව්,  උදේ ආහාරයට ගන්නා ධ්‍යාන සහ ටෝස්ට් වැනි පිෂ්ටමය ආහාර අධික උෂ්ණත්වයකින් රත් කළ විට මේ රසායනය හැදෙන බව ඇමරිකානු පිළිකා සංගමයේ, පෝෂණමය වසංගතවේදය ක්‍රමෝපා අධ්‍යක්ෂ මාෂි මැක්කුලෆ් පවසයි. මැක්කුලෆ් 2010 දී  පවරන ලද කැලිෆෝනියානු නඩුවට සම්බන්ධයක් නැත.  මීට අදාළ විත්තිකරුවන් කීපදෙනෙකු සමග පෞද්ගලිකව මැදිහත් වීමක්  පෙබරවාරි මුල සිදුකිරීමට නියමිතව තිබිණ.

කඩදාසි, ඩයි වර්ග සහ ප්ලාස්ටික් නිපදවීමේදී පොලි ඇක්‍රිලමයිඩ් (polyacrylamide බහු – ඇක්‍රිලමයිඩ්) සහ ඇක්‍රිලමයිඩ් බහු  අවයවික(acrylamide copolymers) යන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ඇතැම් කර්මාන්ත වල ඇක්‍රිලමයිඩ්  යොදාගනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපද ජාතික පිළිකා ආයතනය (National Cancer Institute NCI) පෙන්වා දෙන අන්දමට පානීය ජලය හා පල්දෝරු  ඇතුළු අපජලය පිරියම් කිරීමට ද මෙකී ඇක්‍රිලමයිඩ්  ද්‍රව්‍ය ගනු ලැබේ.

Related image

කර්මාන්ත වල දී ඇක්‍රිලමයිඩ්  යොදා ගැනීම නොතකා  එම රසායනයට ජනතාව නිරාවරණය වන මූලික මාර්ගයක් වනුයේ සිගරට් දුම සහ ආහාර බව ජාතික පිලිකා ආයතනය කියයි. 2004 සහ 2008 යන වර්ෂවල පළ කරන ලද අධ්‍යයන අනුව පිෂ්ඨමය ආහාර උවමනාවට වඩා ‘කර’ කර ගැනීමෙන්(crisping) හෝ බැඳීමෙන්(browning) වැළකී සිටීමෙන් තම ආහාර වේලෙහි ඇක්‍රිලමයිඩ්  ප්‍රමාණය අඩුකරගත හැකිය. දුම්බීමේ පුරුද්ද අත් හැරීම ද උපකාරී වේ. මන්ද දුම් පානය කරන්නන්ගේ ලේවල  දුම් නොබොන්නන් ට වඩා ඇක්‍රිලමයිඩ් නිරාවරණ සුචික (acrylamide exposure markers) තුනේ සිට පස් ගුණයක් දක්වා වැඩි බව Nutrition and Cancer. සඟරාවේ  2009 දී පළවූ  විචාරයක සඳහන් වේ.

ඇක්‍රිලමයිඩ් පිළිකා අවදානම වැඩි කරන්නේ ද?

ඇක්‍රිලමයිඩ්  ශරීර ගත වූවාට පසු ග්ලයිසිඩමයිඩ්(glycidamide)  බවට පරිවර්තනය වේ. පිළිකා ආයතනය දක්වන පරිදි ග්ලයිසිඩමයිඩ් යනු DNA විකෘති හෝ හානි ඇතිකර විය හැකි  සංයෝගයකි. එහෙත් ඇක්‍රිලමයිඩ්  නිරාවරණය රොඩෙන්ඩා කුලයේ  සත්තු හෙවත්  තෘන්තිකයන් තුළ පිළිකා අවදානම වැඩි කරන බව දැන ගන්නට ඇතත්,  මනුෂ්‍යයන් සම්බන්ධයෙන් එතරම් පැහැදිලි සාක්ෂි නැතැයි පිළිකා ආයතනය කියයි.

සමහර අධ්‍යයනය අනුව මනුෂ්‍යයන් තුළ ද පිළිකා අවදානම වැඩිකිරීමට ඇක්‍රිලමයිඩ්  හේතුවිය හැකි වුවත් අනෙක් පරීක්ෂණවලින් කියවෙන්නේ එවැන්නක් නැත යනුවෙනි. මෙලෙස පර්යේෂකයන්ට පරස්පර ප්‍රතිඵලය හමු වන්නේ මිනිසුන්ගේ ආහාර වේලේ ඇක්‍රිලමයිඩ්  කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න තීරණය කිරීම අසීරු නිසාවෙන් විය හැකියි බව ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙයි. එපමණක්ද නොව මනුෂ්‍යයන් හා කෘදන්තයන් අවශෝෂණය හා පරිවෘත්තීය ක්‍රියා මගින් ඇක්‍රිලමයිඩ් සකසනු ලබන්නේ වෙනස් අනුපාතවලින් වීම නිසාද මේ දෙපිරිස අතර ප්‍රතිඵලවල විෂමතා ඇති විය හැකිය.

කෙසේ වෙතත් කෘදන්තයන් තුළ පිළිකාව අවදානම එහි ඇති සම්බන්දය හේතුකොට ගෙන ඇක්‍රිලමයිඩ්  පිළිකා කාරකයක් විය හැකි බවට,  පිළිකා පිළිබඳව අන්තර් ජාතික පර්යේෂණ ඒජන්සිය(International Agency for Research on Cancer IARC) මගින් ලැයිස්තුගත කර ඇත. මෙම ඒජන්සිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොටසකි. මෙම ලැයිස්තුගත කිරීම හේතුවෙන්, කැලිෆෝනියානු ලාභය සඳහා නොවන ආයතනයක්  ධූලක පිළිබඳ අධ්‍යාපන හා පර්යේෂණ කවුන්සිලය(Council for Education and Research on Toxics) නම් කණ්ඩායම කෝපි හදන හෝ විකුණන සමාගම් කිහිපයකට එරෙහිව නඩු ගොනු කර ඇත.

1986 කැලිෆෝනියා ප්‍රාන්තයේ සම්මත කරගත් නීතියක් අනුව කටයුතු කරන්නේ නම්  කෝපි බිමෙන්  ඇති විය හැකි අවදානම පිළිබඳව ‘පැහැදිලි හා සාධාරණ’ පූර්ව අවවාද කළ යුතුය. නඩු පැවරී ඇති ආයතන අතුරින් 7-Eleven වැනි ප්‍රධාන පෙළේ සමාගම ඇතුළු පාර්ශවකරුවන් දහතුන් දෙනෙකුට අඩු තරමින් එවැනි අනතුරු ඇඟවීම් කිරීමට එකඟ ව  සිටී.

https://i.warosu.org/data/diy/img/0011/06/1483234675109.png

 

මේ අතර පිළිකා පිළිබඳව අන්තර් ජාතික පර්යේෂණ ඒජන්සිය හෝ ජාතික ධූලකවේද වැඩසටහන මගින්  හෝ කෝපි පිළිකා කාරකයක් ලෙස ලැයිස්තු ගත කර නැත. ඇත්තටම, නිදසුනක් ලෙස ගත්තොත්,  කෝපි පානය කිරීම ඇතැම් පිළිකා වර්ග අවදානම අඩු කිරීමට පවා මුල්වේ. අක්මාවේ පිළිකාව, ගර්භාෂයේ පිළිකාව, පුරිතනය(මහ බඩවැල අග කොටස ) පිළිකාව සහ එක් මාදිලියක සමේ පිළිකාව පිළිබඳ අවදානම  අඩුවීම හා කෝපි පානය අතර සම්බන්ධයක් ඇතැයි කලින් වාර්තා සඳහන් කළේය.කෝපි පානයකිරීම දිගුකල් ජීවිතයකට මඟ පාදන බවක්ද දැක්වේ. කෙසේ වෙතත් ඉතා උණුවෙන් කෝපි පානය කිරීම නම් නොහොබී. මන්ද උණු උණුවේ බීම වර්ග පානය අන්තර්ස්‍රෝත පිළිකාවට සම්බන්ධ යයි පිළිකා පිළිබඳව අන්තර් ජාතික පර්යේෂණ ඒජන්සිය කියයි.

Live Science හි  Does Coffee Contain a Carcinogen? Here’s What the Science Says යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: