සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඩයිනසෝර ‘අඩු පුරකට’ අයත් පොසිල, ජර්මනියෙන් සොයා ගැනේ

මෙය, මෙතෙක්  සොයා ගැනීමට හැකිවූ,   දැනට දන්නා පැරණිතම ආකියොප්ටෙරික්ස්  නිදර්ශකය(Archaeopteryx specimen) විය හැකියි.

අද, ජර්මනියේ බැවේරියා ප්‍රදේශය හරිත වර්ණයෙන් නැහැවෙන කඳු හා නිම්න ගහන භූමි භාගයකි. ජුරාසික් අවධියේ දී (මෙසොසොයිකයුගයේ දෙවැනි අදියර –  කුරුල්ලන් බිහි වූ අවධිය) මේ භූමිතලයෙන් වැඩි කොටස වැසී තිබුණේ නොගැඹුරු මුහුදකිනි. සමකයට වඩාත් ආසන්නව පිහිටා තිබු  මේ නොගැඹුරු මුහුද  කොරල් පර මෙන්ම ඩයිනසෝරයන් විසූ උපනිවර්තන දූපත් දාමයකින්ද සමන්විත විය.

‘බැවේරියා විද්‍යාඥයෝ මේ ආදි කාලීන යුගයට අයත් නව පොසිලයක් සොයා ගැනීමට  සමත්ව සිටිති’ යයි විශ්වාස කෙරේ. එසේ නම් එය දැනට දන්නා පැරණිතම ආකියොප්ටෙරික්ස්  නිදර්ශකය විය හැකියි.  ආකියොප්ටෙරික්ස්  වනාහි ඩයිනසෝරයන් සහ නූතන පක්ෂීන් අතර ‘පිහාටුමය පුරුක’(feathery link) යයි කලක් අදහස් කෙරිණ.

වසර මිලියන 150කට පැරණි පොසිලයක් සොයා ගැනීම,  ආකියොප්ටෙරික්ස් නිදර්ශක යන් අතර ඇති  විවිධත්වය අවධානය කරයි. මෙම නිදර්ශන විශේෂ කිහිපයකට අයත් ඒවා විය හැකිය.  “හරියට ‘ඩාවින්ගේ වී කුරුල්ලො’ වගෙයි “ අධ්‍යනයේ ප්‍රධානියා වන ඔලිවර් රෞව්හට් පවසයි.  හෙතෙම මියුනිච්හි පිහිටි පුරා තත්ත්ව විද්‍යා සහ භූ විද්‍යා සඳහා වූ බැවේරියානු රාජ්‍ය  එකතුවේ පුරා තත්ත්ව විද්‍යාඥයෙකි. ආකියොප්ටෙරික්ස් ෆොසිල සොයාගනු ලැබූ දකුණුදිග ජර්මානු  ප්‍රදේශය,  කලක් ශෝන්හෝෆෙන් කොදෙව් රැසෙහි දුපත් සමුහයකි. 19 වන සියවසේ දී මුල්ම ආකියොප්ටෙරික්ස්  ෆොසිලය සොයාගත් අවස්ථාවේ පුරා තත්ත්ව විද්‍යාඥයන්,  (පිහාටු සහ පූර්ණ දන්ත කට්ටලයක් වැනි) එහි පක්ෂීන් සහ උරගයන්ට පොදු  ලක්ෂණ හඳුනාගනිමින් ප්‍රකාශ කර සිටියේ මෙකී රේවන් කපුටු ප්‍රමාණයේ කුරුල්ලන් ලෝකයා  දැන සිටින පැරණිතම පක්ෂීන් බවයි. එහෙත්  වඩා මතක ආසියාවෙන් මේ ආකාර  පොසිල සොයා ගැනීමත් සමගම ආකියොප්ටෙරික්ස්ට  එම ‘පැරණිතම පක්ෂීන්’ යන  පදවිය අහිමි විය.  ආසියානු ෆොසිල අනුව සිතිය හැක්කේ ආකියොප්ටෙරික්ස්  යනු මිහිතලය මත සැරිසරන පක්ෂි ආකාර ඩයිනෝසරයන් අතුරෙන් එක් වර්ගයක් පමණක් බවයි.

https://img.purch.com/h/1400/aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA5OC8wNTEvb3JpZ2luYWwvYXJjaGFlb3B0ZXJ5eC1waGFsYW5nZXMuanBnPzE1MTcyNzk2MjA=

ළඟ පාත හමුවන නිදර්ශකයන මොන  මොන භූ විෂමතා කාලයකට අයත්දැයි සෙවීම පිණිස ඇමොනීටයන් (සර්පිලාකාර කවචයක් සහිත වඳවීගිය  ශීර්ෂපාදිතයන්) යනුවෙන් හඳුන්වනු ලබන නෂ්ටප්‍රාප්ත මොල්ලුසුකයන් ගේ ෆොසිල විද්‍යාඥයෝ යොදා ගනිති. බැවේරියාවේ ස්කෑම්හවුප්ටන්  ගම්මානයෙන් හමුවූ  ආකියොප්ටෙරික්ස්   නිදර්ශකය,  ආසන්නයේ ඇමොනීට ෆොසිල පදනම් කරගෙන මෙලෙස කාල නිර්ණය කරන  විද්‍යාඥයන් කියා සිටින්නේ ඒවා ජුරාසික් සමයට අයත්  එනම්  වසර මිලියන 152 ක් පැරණි කාලයකට අයත් යයි කියාය. මේ අනුව, දැනට  ආකියොප්ටෙරික්ස්   ලෙස වර්ගීකරණය කරනු ලැබ ඇති ෆොසිලය 12 තුලින් පැරණිතම පොසිලය එය විය හැකියි.

“ආකියොප්ටෙරික්ස්   නිදර්ශක දැන් කැපී පෙනෙන පාෂාණ වර්ග ඒකක තුනකින් හඳුනාගනු ලැබ තිබෙනවා. ඒවා එකට ගත් කල දළ වශයෙන් වසර මිලියන එකක කාලයක් ආවරණය වෙනවා” යැයි රෞව්හාට්  කියා සිටී.හෙතෙම මියුනිච් හි ලුඩ්විග් – මැක්සිම්ලන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද වේ.

මේ නිදර්ශනවල දක්නට හැකි භෞතික ගති ලක්ෂණ බොහෝ විවිධත්වයක් ඇති බව පෙන්වා දෙන රෞහට්, මේ ෆොසිල එක්,  තනි විශේෂයක ට වඩා විශේෂ වැඩි ගණනකට අයත් විය හැකි බව ඉන් පෙන්නුම් කරන්නේ යැයි කියයි. “විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ දත්වල ඇති අධික විවිධත්වයයි”යැයි  ඔහු නිවේදනයක සඳහන් කරයි. “මේ විවිධත්වය තුළ ඔවුන්ගේ ආහාර වල වෙනස්කම් පිළිබිඹු වෙනවා.  මේ තත්ත්වය ගලපගොස් දූපත්වල දී චාල්ස් ඩාවින් අධ්‍යයනය කළ වී කුරුල්ලන් සිහිපත් කරවන සුළු” යැයි රෞව්හට් කියා සිටියි.  කුරුල්ලන්ගේ හොටවල විවිධත්වය මත සිදුකෙරුණු පර්යේෂණ ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය පිළිබඳ සිද්ධාන්තය ඉදිරිපත් කිරීම සඳහා අනුප්‍රානය සැපයිමට ඩාවින් ට උපකාරී විය යන්න ප්‍රකටය.

ආකියොප්ටෙරික්ස්  විශේෂ ගණනාවක් හැටියට සොයින්හෝෆනර් දූපත්වලදී විවිධාංගීකරණයට ලක්වන්නට ඇතැයි රෞහට්  අදහස් කරයි. මේ සොයාගැනීම් 2018 ජනවාරි 26 වැනිදා PeerJ මාර්ගස්ථ සඟරාවේ විස්තර කැර තිබේ.

Live Science හි පළවූ   Oldest Fossil of ‘Missing Link’ Dinosaur Discovered in Germany යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: