සැමට විදු නැන නුවණ – Science Literacy for All

ස්නායු පද්ධතියේ ගතිලක්ෂණ

මේ ලිපි පෙළෙහි අවධානය යොමු වන්නේ මිනිස් චර්යාවෙහි ජීව විද්‍යාත්මක පදනම කෙරෙහිය. අප මෙහිදී ස්නායු පද්ධතිය සහ එහි පාලක මධ්‍යස්ථානය වන මොළය ගැන අප දන්නා දේ සමාලෝචනය කරන්නෙමු. ඊළඟට අප සොයා බලන්නේ තනි තනි පුද්ගලයන් හැටියට අප කවුරුන්ද යන්න සහ අප හැසිරෙන්නේ කෙලෙසද යන්න කෙරෙහි ජානමය ක්‍රියාදාමයන් බලපාන ආකාරය ගැනයි. අවසාන වශයෙන් පීඩනය හෙවත්  ආතතිය අත්දැකීමේදී මොළයෙහි සහ ස්නායු පද්ධතියේ කාර්ය භාරය ගැන අපි ගවේෂණය කරමු. එමෙන්ම,  වඩා හොඳින් ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දීමට සහ සෞඛ්‍ය හා යහජීවනය  පවත්වාගෙන යාමට හැකි පරිදි මොළයෙහි සුවිශේෂී සම්පත් ඉස්මත්තට ගන්නා ආකාරයන් ගැන අවසන් වශයෙන් සැලකිල්ලට ගනිමු. thathu නිරතුරුව ඇසුර කිරීමෙන් ඔබට ඒ සියල්ලෙහි ඥානමය ආනන්දය විඳගත හැකිය.  

ස්නායු පද්ධතිය:

ස්නායු පද්ධතිය යනු ශරීරයේ විද්‍යුත් රසායනික සංවේදන පරිපථ පද්ධතියයි (electrochemical communication circuitry). ස්නායු පද්ධතිය ගැන හදාරන අධ්‍යයන ක්ෂේත්‍රය හඳුන්වනු ලබන්නේ ස්නායු විද්‍යාව යනුවෙනි. මානව ස්නායු පද්ධතිය සැදුම් ගෙන ඇත්තේ සන්නිවේදනයේ යෙදෙන ස්නායු සෛල බිලියන ගණනකිනි. එය බාගවිට මේ මිහිතලය මත වඩාත්ම සංකීර්ණ ආකාරයට සංවිධිත පදාර්ථ එකතුව විය හැකිය. එක් තනි මිනිස් මොළයක ඝන සෙන්ටි මීටරයක්(උසxදිගxපළල) පමණ වන ප්‍රමාණය (ස්නැක් එකක් සඳහා අප ගන්නා චිස් කෑල්ලක පමණ ප්‍රමාණය),    ස්නායු සෛල කෝටි 5 කට බෙහෙවින් වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ. මෙකි  සෑම එක් එක් සෛලයක් ම තොරතුරු සැකසීමේ ජාලවල අනෙකුත් ස්නායු සෛල බොහොමයක් සමග සන්නිවේදනයෙහි යෙදේ. මේ ජාල සමග  සංසන්දනයේදී,  වඩාත්ම සංකීර්ණ පරිගණක පවා ආදි කල්පිත ඒවා සේ පෙනේ.

ස්නායු පද්ධති යේ ගති ලක්ෂණ:  

මොළය සහ ස්නායු පද්ධතියම් විසින්, අවට ලෝකය සමග අපගේ අන්තර් ක්‍රියාකිරීම  සහ අපේ ශරීරය එහා මෙහා ගෙන යාම මෙහයවනු ලබන අතර  පරිසරයට අප අනුගාමීවීම් නැතිනම් අනුවර්තනයවීම් හසුරුවනු ලබයි. අපේ චර්යාව, සංකීර්ණබව, ඒකීයකරණය, අනුකලනය, අනුවර්ත්‍ය බව සහ විද්‍යුත් රසායනික සම්ප්‍රේෂණය සඳහා ස්නායු පද්ධතියට ඉඩ සලසන්නේ අති සුවිශේෂි ගතිලක්ෂණ(characteristics) ගණනාවකි.

සංකීර්ණතාවය : මනුෂ්‍ය මොළය සහ ස්නායු පද්ධතිය අතිශය සංකීර්ණය. අපට කතා කිරීමට, ලිවීමට,  ගායනයට නැටුමට සහ සිතීමට මග පාදමින් මොළය තුළ ස්නායු සෛල බිලියන ගණනාවක් මනාව ඒකරාශි වී ඇති ආකාරය තුළ සංකීර්ණතාව ප්‍රදර්ශනය වේ. මේ හැකියාව නැතිනම් ධාරිතාව, අතිශය විශ්මය දනවන සුළුය. ඔබ කියවන මෙම ලිපිය උපුටාගෙන ඇත්තේ THE SCIENCE OF PSYCHOLOGY නම් පොතෙනි. එම පොත කියවන විට ඔබ කාර්යයන් ගණනාවක්ම ඉටු කරයි. දැකීම, කියවීම, ඉගෙනීම සහ (ඒ අතරේම අමතක නොකර) හුස්ම ගැනීම මේ කාර්යයන් අතර වේ.ක්‍රියා කියක් ද? හරි සංකීර්ණයි නේ?  පුළුල්ව පැතිරුණු ස්නායු සෛලය සමූහයන් මේ එක් එක් කාර්යන්හිදී, සියල්ල එකම අවස්ථාවේ එකට එකතුව සහභාගී වී තිබේ.

2. Integration<br />Integration refers to the ability of the brain to pull information together.<br />

ඒකීකරණය(INTEGRATION): තොරතුරු එකට එකතු කිරීමේදී මොලය ඉටුකරන්නේ පුදුම එළවන කාර්යභාරයකි. මේ ලිපිය කියවන මොහොතේ ඔබ වටා සිදුවන දෑ ගැන හිතන්න. ඔබේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාදාමයන්– ඔව්, හුස්ම ගැනීම, අවසානයට ගත් ආහාර වේල දිරවීම, තුවාලයක් සුවවීම ආදි වශයෙන් ශරීරාභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාදාමයන් ගැන හිතන්න. ඔබ කෙසේ හෝ මේ සියල්ලෙහි යම් අර්ථයන් මතු කරගත යුතුය. මේ ආකාරයටම සලකන විට ඔබ කියවන මේ ලිපිය අකුරු හා චිත්‍ර ‘අහුරක්’ ම නොවන බව පෙනී යනු ඇත. ඒ අකුරු වචන බවට පැහැදිලි වචන වශයෙන් ද  අනතුරුව එම වචන වාක්‍ය වශයෙන් ද  ඔබට අරුතක් ගෙන එයි. තේරුම් ගත හැකි සමස්තයක් ලෙසට(ලිපිය කියවීමේ) ඔබේ අත්දැකීම එකට එකතු කරන්නේ ඔබේ මොළයයි. එසේ නොවුයේ නම් ලිපිය හුදෙක් අකුරු, ඉරි සහ චිත්‍ර ‘අහුරක්’ ම පමණකි, නේද?  ශබ්ද, දර්ශන,  ස්පර්ශ, රස හා ගඳ සුවඳවල් — මේ ඉන්ද්‍රියගෝචර ආදානයන්(sensory inputs) ඔබට මේ ලෝකයේ පැවතිය හැකි වන පරිදි ඒකීකරණය කරන්නේ මොළයයි.

ස්නායු පද්ධතියෙහි බොහෝ විවිධ මට්ටම් සහ විවිධ වූ කොටස් බොහෝමයක් ද  ඇත. ක්‍රියාකාරකම් ඒකීයකරණ කෙරෙන්නේ මෙකී මට්ටම් හරහා ය. ඒ, මොළ සෛල වල අසංඛ්‍ය ක්‍රියාකාරකම් සහ මොළයේ සහ සිරුරේ විවිධ කොටස් හා බද්ධ කෙරෙන විස්තීරණ ගමන්මං මාර්ගයෙනි. එක් එක් ස්නායු සෛලය,  සාමාන්‍ය වශයෙන් ගතහොත් අනෙකුත් සෛල  10,000ක් සමග සන්නිවේදනයේ යෙදෙන්නෙ ප්‍රමාණාතික්‍රාන්ත  සංඛ්‍යාත සබඳතා සාදමිණි. මොළයේ සබඳතාවල සංකීර්ණතාව,  වඩාත්ම කැපී පෙනෙන අංග අතුරින් එකකි. මේ සම්බන්ධතා පිළිබඳ සාක්ෂි නිරීක්ෂණය කළ හැකිය. නිදසුනක් වශයෙන් දක්වතොත්  ඔබට ස්නේහය දක්වන්නෙකු ඔබේ අත අල්වා ගත් විට මෙය නිරීක්ෂණය වේ. සිදුවූයේ කුමක්දැයි මොලය දැනගෙන ඒ බව ඔබට හඟවන්නේ කෙලෙසද? එකිනෙකාට සම්බන්ධ වූ ස්නායු සෛල පොදි ඔබේ අතට දැනෙන සංවේදනය පිළිබඳ තොරතුරු ඉතා සංවිධානාත්මක ආකාරයකට මොළයේ කොටසක් වෙත දැනුම් දෙයි. ඔබට ස්නේහය දක්වන්නෙකු ඔබේ අත අල්වා ගෙන සිටින බව හඳුනාගනු ලබන්නේ එම කොටස මගිනි. අනතුරුව මොළය ද ඊට ප්‍රතිචාර දක්වමින් ඔබ අල්ලාගෙන සිටින අත මුදු ලෙස මිරිකන ලෙසට පිළිතුරක් එවිය හැකිය.

MappingBrain

අනුවර්තතාව(ADAPTABILITY): මනුෂ්‍ය වර්ගයා ජීවත්වන හෝ මතු යම් දවසක මනුෂ්‍ය වර්ගයාට ජීවත්විය හැකි විවිධ ස්ථාන ගැන හිතන්න. දෛනික සාමාන්‍ය උෂ්ණත්වය අංශක 100 ට වඩා බෙහෙවින් වැඩි කාන්තාර වල මෙන්ම උෂ්ණත්වය අංශක ඍණ 100 ටත් වඩා පහළ යා හැකි (හිමෙන් වැසුණු) ආක්ටික් ප්‍රදේශයේ තැනිතලා බිම් වන තුන්ද්‍රවලද මිනිස්සු වාසය කරති.  තවද කලබලකාරී පුරවර වල මෙන්ම කුඩා ගම්මාන වලට වාසය කරති. ඔවුහු දඩයම් කරමින් ද ගොවිතැන් කරමින් ද මෙන්ම මාර්ගගතව කටයුතුවල(work online)  නිරත වෙති.  එසේ වුවද, මේ සෑම තැනකදී දිවි පැවැත්ම ගැටළු විසඳාගැනීම සඳහා උපකාරී වන ඒ පුදුමාකාර යන්ත්‍රය වන මොළය ඒ හැමදෙනාම සතු වෙති. ඉතින් අප මිනිසුන් අඟහරු ලොව පදිංචියට යැව්වත් එහිදී ජීවත් වන ආකාරය දැන උගෙන ගැනීම සඳහා ඒ  පුදුමාකාර යන්ත්‍රයට අවශ්‍ය වේ. මේ එකිනෙකට වෙනස් වූ අභියෝගවලට මුහුණ දීමට මනුෂ්‍යයන්ට මොළයක් අවශ්‍ය වේ.

නොනැසී පැවතීමට නම් අලුත් තත්ත්වයන්ට අප අනුවර්තනය විය යුතුය. ලෝකයට අනුකූලවන සේ හැඩ ගැසීමේ දී මොළය හා ස්නායු පද්ධතිය එකතුව අපේ ඒජන්තයා ලෙස ක්‍රියා කරයි. ස්නායු සෛල මොළයේ ඇතැම් ප්‍රදේශවල පැවතියත්, ඒවා වෙනස් නොවනසුලු ව්‍යුහයන් නොවේ. ඒවාට ආවේනික(ප්‍රවේනිගත), ජීව විද්‍යාත්මක පදනමක් ඇතත් ඒවා ශරීරය සහ පරිසරයේ වෙනස්කම් වලට නිරතුරුව අනුවර්තනයවේ.

සුවිකාර්යතාව(plasticity) යන්නෙන් දැක්වෙන්නේ වෙනස් සදහා මොළයට ඇති සුවිශේෂී භෞතික හැකියාවයි. මොළයට සිදුවන හානි වලින් බරපතළ ප්‍රතිඵල අත් වන්නේ වී නමුදු ඇතැම් විට මොළය ස්වයංක්‍රීයව සුව වෙන්නේ ඉතා සුවිශේෂී අන්දමටය. හිසට පහර දීමකින් දැඩි කම්පනයට, සංහනයට පත් ජේසන් පැජට් නමැත්තා හොඳ නිදසුනකි. කිසිදා ගණිතය ගැන උනන්දුවක් නොදැක්වූ ඔහු පාසල් දිවිය අතරමග නතර කල අයෙකි. එහෙත්, හිසෙහි බරපතළ තත්ත්වයෙන් සුව වීමට මාස ගණනක් ගත වෙද්දී පැජට් නමැත්තා පෙරදා ඔහුට නොතිබූ ගණිතමය හා කලා හැකියාවන් පෙන්නුම් කිරීමට පටන් ගත්තේය.

මේ සමානව කැපිපෙනෙන අන්දමට නොවුවත්, අප අතරත් මේ ආකාර සුවිකාර්යතාව හටගනී. සුවිකාර්යතාව නිසා මොලයට අත්දැකීම් අනුව වෙනස් වීමට හැකිය. ඒ මතුද නොව, අත්දැකීම් මගින් මොළය වෙනස් කළ හැකිය. ඔබ සිතන අන්දමට වෙනස් කරන විට ඔබ ඇත්ත වශයෙන්ම මොළයෙහි භෞතික ක්‍රියාදාමයන් සහ එහි හැඩය පවා වෙනස් කරයි. සිතීම යනු ශාරීරික ක්‍රියාදාමයක් නොව මානසික ක්‍රියාදාමයක් යැයි සිතන්නට පෙළඹුනාට සිතීම යනු  ශාරීරික සිද්ධියකි.

විද්‍යුත් රසායනික  සම්ප්‍රේෂණය:  මොළය සහ ස්නායු පද්ධතිය අවශ්‍යයෙන්ම ක්‍රියා කරන්නේ විද්‍යුත් ආවේගවලින් සහ රසායනික පණිවුඩකරුවන් මගින් බලගැන්වූ තොරතුරු සැකසුම් පද්ධතියක් ලෙසිනි.  යම් ආවේගයක්,  ස්නායු සෛලයක් හෙවත් නියුරෝනයක්(neuron) ගමන් කරන විට එය එසේ කරන්නේ  විදුලිමය වශයෙනි. ආවේගය මාර්ගයේ අගට පැමිණි විට එය ඊළඟ නියුරෝනය සමග හා රසායනික යොදාගනිමින් සන්නිවේදනයේ යෙදෙයි. මේ ගැන පසු ලිපියක දී අපට විස්තරාත්මකව සාකච්චා කල හැක.

THE SCIENCE OF PSYCHOLOGY –  AN APPRECIATIVE VIEW(King, L.A.© 2017 by McGraw-Hill Education) නම් ග්‍රන්ථයේ  Characteristics of the Nervous System යන කොටස ඇසුරෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: