සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගොවිපොළ කුකුළන් මැරීමට මානුෂික ක්‍රමයක්!

මස් මාංශ කෑමෙන් වැලකී සිටීමට ආගමික හේතු ඇතුළු විවිධ සාධක බලපාන බව අපි දන්නෙමු. කෙසේවෙතත්, මස් බුදින්න්නන් බොහෝ දෙනා අතර වුව ද, මසට ඇතිකරන ගොවිපල සතුන් වෙලඳ පොලට එවීමට මත්තෙන් ගොවිපලේදී මරනයයට පත් කරන ආකාරය ගැන ප්‍රසාදක් නැත. ඇතැමුන් මස් කෑමෙන් වැලකී සිටීමට පවා එම සාධකය බලපායි. වේදනාවෙන් තොර මරණයක් අත්පත් කර දීමට හැකි ක්‍රමයක් ගැන සත්ව සුභ සාධන කන්ඩායම් සහ සත්ව හිංසන විරෝධී කන්ඩායම් උද්ගෝෂණය කරන්නේ කලක සිටය. ලොවපුර මහා පරිමාණයෙන් සිදුකෙර සත්ව ඝාතන මෙම සංවිධාන මගින් හෙළා දකින අතර සත්ව මාංශ සඳහා ඇති අඛණ්ඩ ඉල්ලුම සපුරා ලද්දී අඩු තරමින් සතුන්ට වේදනාවෙන් තොර ‘මානුෂිය’ මරණයක් ලබාදීමටවත් ක්‍රියා කරන්නැයි ගොවිපොළ අයිතිකරුවන්ට නිරතුරු මෙම සංවිධාන බලපෑම් එල්ල කරති. එහි ප්‍රතිපලයක් ලෙස ගත්  උත්සාහයක් මගින් සහන මරණයක් අත්පත් කර දීමට හැකි නව ක්‍රමයක් ඇමරිකාවේ, මිසිසිපි ප්‍රදේශයෙන් වාර්තාවේ.  ලොවපුරා මසට ඇතිකරන කුකුලන් අතරින් වසරකට බිලියන 60කට, වඩාත් සහනදායි මරයනක් ළඟා කර දීමට නව ක්‍රමය ඉවහල් වෙතැයි අපේක්ෂා කෙරේ.

දැනට කුකුල් ගොව්පල හිමියන් සහ සත්ව ඝාතනාගාර බහුතරයක් සිදුකරන්නේ කුකුලන් මුලින් සිහි නැති කොට අනතරුව බොටුව කපා මරා දැමීමයි. පක්ෂීන්  සිහිනැති කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් දැනට උපයෝගීකරගනු ලැබේ: නාන බඳුනක තබා විදුලි සැර වැදීමට සැලැස්වීම(electrocuting) සහ කාබන් ඩයොක්සයිඩ් වායුවට නිරාවරණය කර මරා දැමීමයි. මෙම ක්‍රම දෙකේදී ම පක්ෂියා ඝාතනය කරන අවස්ථාවේ එනම් ගෙල සිඳිද්දී සම්පුර්ණයෙන් සිහි නැතුව සිටියේද යන්න සහතික කොට කිව නොහේ.

 

 

මිසිසිපි හි ටෙක්නොකැච්(TechnoCatch) සමාගම  විසින් හඳුන්වා දෙනු ලබා ඇති නව ක්‍රමය දක්වනු ලබන්නේ ‘පහල වායුගෝලීය පීඩන කම්පනකිරිම’ යනුවෙනි. ඉංග්‍රීසියෙන් LAPS ලෙස කෙටියෙන්  බහුලව යෙදෙන Low atmospheric pressure stunning යන්නයි. මෙහිදී සිදුකෙරෙන්නේ පක්ෂියා  අප‍්‍රතිවර්ත්‍ය හෙවත්  ආපසු තිබූ තත්ත්වයට ගෙන ගිය නොහැකි ලෙස මොළ මරණයට(brain-dead) පත්වනතුරු ක්‍රම ක්‍රමයෙන් සිහි නැතිකිරීමයි. ඉන් පසුව ඔවුන්ව  සාම්ප්‍රදායානුකුල ක්‍රමයට මරා දමනු ලැබේ.

මරණයට කැප වූ පක්ෂින්  සීල්තබන ලද කුටිරයක හෙවත් ගැබක් තුලට ප්‍රථමයෙන් බහාලනු ලැබේ. කුකුලන්ට නිදිබර ගතිය ඇතිවෙන අන්දමට ගැබ ඇතුළත අන්ධකාරය.  සීල් තැබූ කුටීරය තුල විනාඩි හතරාමාරක් වාතය ඉවත් කරනු ලැබේ. මෙහි දී ඔක්සිජන් වායුව 21% මට්ටමක සිට 5% වඩා අඩුවේ. මුලදී පක්ෂීන්, නින්ද ගිය ආකාරයෙන් සිටින්නේ,  ප්‍රතිචාර නොදක්වන තරම්ය. තත්පර 50 සිට 70 වනවිට ඔවුන් පැත්ත වැටෙන්නේ නිද්‍රගතවුවාක් මෙනි. මේ ඔවුන් සිහි නැතිවන අවස්තාව බව විද්යුත් නිකර්පර රේඛය(electroencephalogram) දක්වයි.

“අප කල අනෙකුත් කාර්යයන් අනුව අපට කිව හැක්කේ මේ අවධියේ දී පක්ෂීන් වේදනාවෙන් හෝ බයෙන් පසු වූයේ නම් අනිවාර්යයේනම් ‘සිහි එලවා’ ගන්න බවයි. එහෙත් විද්යුත් නිකර්පර රේඛය එවැන්නක් පෙන්නුම් කරන්නේ නැහැ. LAPS යොදා ගැනීමේ දී සතුන් වේදනාවට පත්නනොවන බවට මෙය කදිම සාක්ෂියි’’ එක්සත් රාජධානියේ ග්ලැස්ගෝ සරසවියේ ඩොරති මැකීගන් කියා සිටි. නව ක්‍රමයේ මානුෂික බව ඇගැයීම බාරව ක්‍රියා කළේ ඇයයි. විද්යුත් නිකර්පර රේඛය නිසියාකාරව ක්‍රියා කළේ ද යන්න පිරික්සීම සඳහා ඇය පක්ෂීන් මරනයට පත්කිරීමට පෙර වේදනා නාසක දී බැලුව ද  ඔවුන් ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් පෙනී  ගියේ සතුන් ඒ වනවිටත් මොළ මරණයට පත්ව සිටි බවයි.

LAPS පද්ධතිය දැනටමත් ඇ.එ.ජ. අර්කන්සාස් කුකුල් ගොවිපලක සහ කැනඩාවේ ඇල්බර්ටාහි ජංගම ඒකකයන්හි භාවිත කෙරේ. දැන් යුරෝපයේ ආහාර සුරක්ෂණ අධිකාරිය(European Food Safety Authority), යුරෝපා සංගමය තුල භාවිතයට LAPS සුදුසු යයි නිර්දේශ කර ඇත. නිර්දේශ කිරීමට කලින් අධිකාරිය සත්ව සුභසාධන විශේෂඥයන් 19 දෙනෙකු යොදා ගෙන සිදු කල ඇගැයිමකදී ද LAPS ඉදිරියෙන් සිටියේය.  යුරෝපා සංගමය සාමාන්‍යයෙන් ප්‍රමිති සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් භාවිත කරන හෙයින් ඒ මගින් සංගමයේ රටවල LAPS භාවිතය දිරිමත් කිරීමෙන් ලොව පුරා එම ක්‍රමය ව්‍යාප්ත වීමට තුඩු දෙති විශ්වාස කෙරේ.

මසට ඇතිකරන කළුකුම් වැනි විශාල සතුන් සම්බන්ධයෙන් ද LAPS සාර්ථකව ක්‍රියාත්මක නිසා ඊ ළඟ උත්සාහය වන්නේ උරන් සම්බන්ධයෙන් මෙහි බලපෑම සොයා බැලීම බව ඩොරති මැකීගන් සඳහන් කරයි.

New Scientist[3 February 2018] හි පල වූ A humane death for billions of birds නම් ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: