සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජීවයේ අනොන්‍ය රඳා පැවැත්ම(අන්‍යෝන්‍යායත්තතාව)

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන් ජීවත් වන්නේ කොයිබද, ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ කෙසේද, ඔවුන් හැසිරෙන්නේ කොයි අන්දමට ද යනාදී වශයෙන් මිනිස්සු ප්‍රශ්න නගති.  මේ ප්‍රශ්නවලට  මෙන්ම මේ මිහිතලය මත වාසස්ථානය කරගත් ජීවීන් ගැනමත් මතුවන බොහෝ ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. විශේෂයෙන්ම, ජීවන පරිසරය වඩාත් හොඳින් වටහා ගැනීමට මිනිස්සුන්ට හැකිවන පරිදි විද්‍යාඥයෝ සංකල්ප, මූලධර්මයන් හා න්‍යාය වැඩිදියුණු කිරීමට වෙහෙසෙති.

සෑම ජීව විශේෂයක්ම, සෘජුව හෝ වක්‍රව, වෙන තවත් ජීවින් සම්භාරයක් සමග පරිසර පද්ධතියක් තුළ එකට බැඳි තිබේ.  මෙය තව ටිකක් පැහැදිලි කරගමු. ශාක අනෙකුත් ජිවින්ට ආහාර, සෙවන සහ කැදලි තැනීමේ ස්ථාන සපයයි. අනෙක් අතට ශාක ගැන බැලුවොත් ප්‍රජනන්යේ දී (නිදසුනකට මිමැස්සන් පුෂ්ප පරාගණනය කරයි) ද, එමෙන්ම (සත්ව අපද්‍රව්‍ය  කොටස්වල ඇති ඛනිජ වැනි) ඇතැම් පෝෂක ලබාගැනීමේදී ද සත්වයන් මත රඳා පවතී.  සතුන් සියල්ල ආහාර දාමයන්ගේ කොටස්ය. එම ආහාර දාමයන්ට ශාක මෙන්ම අනෙකුත් සත්ව විශේෂ ද(සහ ඇතැම්විට එකම විශේෂයන් ද) ඇතුලත්වේ. විලොපිය/ගොදුර යන සම්බන්ධතාව බෙහෙවින් සුලබය. විලෝපියා දත්, හොට, උල් පා නඛර(නිය), විෂ ආදී ආක්‍රමණශීලි මෙවලම් වලින් ද, ඒ අතර ගොදුරු සතුන්  සැඟවීම සඳහා වෙශානත්රණය(වෙස් මාරුව) ද, පලායාම සඳහා වේගය ද විලොපියන්  ඈත්කර තැබීම පිණිස  පිටත කබොල(shields) හෝ උල් කණ්ටක (spines – කටු) ද, විකර්ශනය කරනු පිණිස  නොරිස්සන ද්‍රව්‍ය ද යනාදී වශයෙන් ආරක්ෂාකාරී මෙවලම් වලින්   සන්නද්ධය. තවත් සමහර විශේෂ අනෙක් අය මත බොහෝ සේ රඳා පවතී. නිදසුනක් දක්වන්නේ නම් පන්ද හෝ කෝලා සතුන් ආහාරයට ගන්නේ ඇතැම් ශාක විශේෂ පමණකි. සමහර විශේෂ අනොන්‍ය වශයෙන් එකිනෙකාට කොපමණ හොඳින් අනුගත වී ඇත්ද කිවොත්  මින් එක විශේෂයකට අනෙක් විශේෂය නොමැතිව පැවතිය නොහැක.  නිදසුනක් ගමු: ඇහැටු ගසෙහි පමණක් වද(nest) තනන බමර විශේෂයට පමණකි ඇහැටු පුෂ්ප පරාගණනය කළ හැක්කේ.

මිට අමතරව ජීවින් අතර වෙනත් සම්බන්ධතාද ඇත. පරපෝෂිතයන් පෝෂණය වන්නේ සත්කාරක හෙවත් ධාරක  ජීවින්ගෙන්(host organisms) වන අතර එය ඇතම්විට සත්කාරක ජීවියාට අයපත් ප්‍රතිපල ගෙනදෙයි. කසල ශෝධකයන්(Scavengers)  සහ වියෝජකයන්(decomposers)   පෝෂණය සපයාගන්නේ මල සතුන්ගෙන් සහ මල ශාකවලින් පමණකි. එමෙන්ම ඇතැම් ජිවින්ට අනොන්‍ය වශයෙන් වාසී සැලසෙන සම්බන්ධතා ඇත. නිදසුන් දක්වතොත්, මල් පැණි උරා බොන මැස්සෝ එක් මලකින් තවත් මලකට පරාග(රේණු)  ගෙන යති; අපේ බඩවැල්වල(අන්ත්‍රයෙහි) ජිවත්වන බැක්ටීරියා එසේ ජිවත්වන අතරතුර ඇතැම් විටමින සංශ්ලේෂණය කරන අතර බඩවැල ආස්තරය විෂබීජවලින් ආරක්ෂා කරයි.

කෙසේවෙතත්, සජිවින් අතර අන්තර් ක්‍රියාකාරිත්වය ඇතිවන්නේ හුදෙක් අක්‍රිය(passive) පරිසරාත්මක කරළියක නොවේ. පරිසර පද්ධති හැඩ ගැසෙන්නේ භුමිය සහ ජලයෙහි අජීවී පරිසරයෙනි — සුර්ය විකිරණය, වර්ෂාපතනය, ඛනිජ සාන්ද්‍රණ හෙවත් එකතූන්, උෂ්ණත්වය සහ භූ ලක්ෂණ ආදරයෙන් සැදි අජීවී පරිසරයෙනි. අපේ ලෝකය පුළුල් විවිධත්වයක භෞතික තත්ත්වයන් ගෙන් සමන්විතය. ඒවා පුළුල් විවිධත්වයක පරිසරයන් නිර්මාණය කරයි: මිරිදිය සහ සාගරික, වනාන්තර, කාන්තාර, තණබිම්, තුන්ද්‍ර, කඳු සහ තවත් බොහෝ පරිසරයන් නිර්මාණය කරයි. මේ පරිසර සියල්ලෙහිදීම, ජීවීහු වටිනා,අත්‍යවශ්‍ය පෘථිවි සම්පත් ප්‍රයෝජනයට ගනිති. එසේ කිරීමේ දී ජීවින් තම කොටස සුවිශේෂී ආකාරයෙන් ලබාගැනීමට බලද්දී අනෙකුත් ජිවින්ගේ චර්යාවන්ගේ  සිමාවීම් තුළය. විසිය හැකි පරිසරයේ සෑම කොටසකම එකිනෙකට වෙනස් ජීවීහු ආහාර, අවකාශය, ආලෝකය, තාපය, ජලය, වාතය, සහ නිවහන සඳහා එකිනෙකා සමග තරග වදිති. ජීව ස්වරූප සහ පරිසරය අතර එකට බැඳුනු එමෙන්ම උස්පහත්වන සම්බන්ධතා පුර්ණ පරිසර පද්ධතියක් තනයි. ඉතින්, එහි ඕනෑම එක් කොටසක් ගැන අවබෝධ කරගනු වස් එම කොටස අනෙකුත් කොටස් සමග අන්තර්ක්‍රියා කරන ආකාරය ගැන දැනුමක් අවශ්‍යය.

බොහෝවිට පරිසර පද්ධතියක් තුල  ජිවින්ගේ අන්‍යෝන්‍යායත්තතාවයෙහි (interdependence) ප්‍රතිපලයක් ලෙස වසර සිය ගණනක හෝ දහස් ගණනක දළ ස්ථාවරත්වයක් ඇතිකරයි. එක් විශේෂයක් ප්‍රගුණන වෙද්දී එය එකක් හෝ ඊට වැඩි ගනනක පාරිසරික සාධක මගින් පාලනයවෙයි: ආහාර අඩුවියාම හෝ කැදලි තැනීමේ ස්ථාන හිඟවීම,  විලෝපියන්ට වැඩියෙන්  ගොදුරුවීම, හෝ පරපෝෂිතයන්ගේ ආක්‍රමණය නිදසුන් ලෙස දැක්විය හැකිය. ගංවතුරක් හෝ ගින්නක් වැනි ස්වාභාවික ආපදාවක දී, හානියට පත් පරිසර පද්ධතිය අවධි කිහිපයක් අනුක්‍රමයෙන් අවසානයේ මුල් පද්ධතියට සමාන එකක් ඇතිවිය හැකිය.

සංකීර්ණ පද්ධති බොහොමයක් මෙන්ම පරිසර පද්ධති ද දළ සමතුලිතතා අවස්තාවක්  වටා චක්‍රීයව ඇතිවන  උච්චාවචනයන් පෙන්නුම් කිරීමට බලයි. කෙසේවෙතත්,  දේශගුණය වෙනස්වීම හෝ සංක්‍රමණයේ හරි  පරිනාමයේ හරි ප්‍රතිපලයක් ලෙස (එහෙමත් නැතිනම් මිනිසුන් විසින් ඕනෑකමින්ම හෝ අත්වැරදීම් වලින් හඳුන්වා දෙනු ලබන) නව විශේෂ ඇතිවන විට හෝ පරිසර පද්ධති දිගුකාලයේදී නියත වශයෙන්ම විපර්යාසයන්ට භාජනයවේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE LIVING ENVIRONMENT නම් 5වෙනි  පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක  තවත්  කොටසයි මේ.

THE LIVING ENVIRONMENT නම් 5වෙනි  පරිචේදයෙහි INTERDEPENDENCE OF LIFE යන කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: