ග්‍රෙගොර් මෙන්ඩල් සහ ආවේණිය

Posted by

මේ දම් පාට මල් බලන්න, බලන්න ලස්සනයි.

බලන්න ලස්සන පමණක් නොව ඒවා ජීව විද්‍යාවේ මහා පෙරළියකට තුඩුදුන් බව ඔබ දන්නවාද? එම පිම්ම පැනීමට හැකිවූයේ ඔස්ට්‍රියානු ජාතික පූජකවරයකු වන ග්‍රෙගොර් මෙන්ඩල් ගේ පරීක්ෂණයයි. ගෙවත්තේ  වැවෙන රට මෑ පැල යොදාගෙන 1800 ගණන්වල මැද සිදුකළ මේ පරීක්ෂණ වලදී මෙන්ඩල්ට හැකිවුණා ආවේණිය (heredity) , ඒ කියන්නේ  ජනකයන් (parents) තම  ජනිතයන් (offspring)ට ගුණාංග පවරන ආකාරය ගැන රහස් හෙළි කර ගැනීමට ඔහුට හැකි විය.

ඒත් ඉතිං රට මෑවල ආවේණිය ගැන දැනගන්න ඔබට, අපට  ඒ තරම් උනන්දුවක් නැති වෙන්න පුළුවන්. එසේ වුවත්,  මෙන්ඩල්ගේ සොයාගැනීම රට මෑ වලට මෙන්ම ඔබේත් මගෙත්  ආවේණියටත් සම්බන්ධයි. ඔබත් මමත් සහ සකල ජීවීන්ටම සම්බන්ධයි.

හැඳින්වීම:

සජීවීන්ගේ ගති ලක්ෂණ ගත විට,  ජනකයන් හා ඔවුන්ගේ ජනිතයන් අතර ඒවා සමාන බව මිනිසුන් දන්නේ බොහෝම කාලයක ඉඳලයි. මෑ  මලෙහි වර්ණය වේවා කෙනෙකුගේ නාසයේ හැඩය වේවා ජනිතයා,  ජනකයන්ගේ ගතිලක්ෂණ  සමානව පෙන්නුම් කරන  බව පැහැදිලිය. කෙසේ වෙතත්  ග්‍රෙගොර්  මෙන්ඩල්ගේ පරීක්ෂණය සිදු කරන තුරු මේ ගති ලක්ෂණ උරුම කරගන්නේ කෙසේද යන්න විද්‍යාඥයන් දැන සිටියේ නැත. ඔහුගේ සොයාගැනීම් තමයි ජාන විද්‍යාවේ පදනම බවට පත්වන්නේ.

ජාන විද්‍යාව කියන්නේ ආවේණීයේ විද්‍යාවයි. එනිසා තමයි මෙන්ඩල් ‘ජාන විද්‍යාවේ පියා’ යන විරුදාවලියෙන් හඳුන්වනු ලබන්නේ. විද්‍යා මත මේ සා වැදගත් බලපෑමක් එක් තනි පුද්ගලයෙකුට කළ හැකි වන්නේ කලාතුරකිනි. මෙන්ඩල්ගේ පරීක්ෂණ වැදගත් වෙන්න හේතු තුනක් තියෙනවා. කුතුහලයෙන් යුතු මනසක්, නිවැරදි විද්‍යාත්මක ක්‍රම සහ වාසනාව. මෙන්ඩල්ගේ පරීක්ෂණ ගැන කියවද්දි ‍මේ ඇයි යන්න වටහා ගන්න පුළුවනි.

මෙන්ඩල් සහ ඔහුගේ මෑ පැල

Image result for Gregor Mendel

1822 උපත ලත්  ග්‍රෙගොර්  මෙන්ඩල් හැදී වැඩුණේ සිය දෙමාපියන්ගේ ගොවිපොළෙහිදීය. ඉගෙනීමට දස්කම් දැක්වූ ඔහු වියානා විශ්ව විද්‍යාලයට බැඳී විද්‍යාව සහ ගණිතය හැදෑරිය. පරීක්ෂණ මාර්ගයෙන් විද්‍යා උගෙනිමටත්, ඒවායේ ප්‍රතිපල වලින් අර්ථ ගලපා ගැනීම පිණිස ගණිතය භාවිතා කිරීමටත් ඔහුගේ මහාචාර්යවරු ඔහුව දිරිමත් කළහ. Pisum sativum  යනුවෙන් හඳුන්වන මෑ පැල යොදාගනිමින් කළ පර්යේෂණවලටය ඔහු වඩාත් ප්‍රසිද්ධ.  පූජ්‍ය පදවියට පත් ඔහු පරීක්ෂණ වැඩි ගණනක් සිදු කළේ පැවිදි ආරාමය උද්‍යානයෙහි ය.

ආවේණිය පිළිබද සංකලන හෙවත් මුහුම්වීමේ සිද්ධාන්තය(blending theory of inheritance)

මෙන්ඩල් ජීවත් වූ සමයෙහි මෙම න්‍යාය ජනප්‍රියව පැවතුණි. සංකලන සිද්ධාන්තයෙන් කියවෙන්නේ ජනිතයන් සතුව ජනකයන්ගේ ගති ලක්ෂණවල සංයෝගයක් හෙවත් මිශ්‍රනයක් ඇති බවයි. එහෙත් මෙන්ඩල්ගේ  නිරීක්ෂණය වුයේ   ගෙඋද්‍යානයේ ශාකවල එලෙස ජනකයන් මිශ්‍රණයක් නොමැති බවය. නිදසුනක් ලෙස,  උස ශාක හා  මිටි ශාකවල එකතුවෙන්(සංකලනයෙන්) ඇතිවන ජනිතයන් එක්කෝ උස් හෝ මිටි වූවා මිස මිශ්‍රණයක් ලෙස මධ්‍යම ප්‍රමාණයේ ශාක  නොවීය. මෙවන් නිරීක්ෂණ හේතුවෙන් මෙන්ඩල්ට සංකලනවීමේ සිද්ධාන්තය ගැන ප්‍රශ්න මතුවිය.

ගතිලක්ෂණ උරුමකරගැනීම පැහැදිලි කිරීමට ඉවහල්වන,  මතුපිට නොපෙනෙන එහෙත් එයට බලපාන යම්  නියමයක් ඇත්දැයි ඔහු කල්පනා කරන්නට විය. ඔන්න ඔහොම තමයි ඔහු මෑ ශාක ගැන පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තේ. ඉතින් ඉදිරි වර්ෂ කිහිපය තුළ ඔහු මෑ පැල 30,000ක් පමණ පරීක්ෂණයට යොදා යොදා ගත්තේය.

මෙන්ඩල් මෑ ශාක ගැන අධ්‍යයනය කළේ ඇයි?

ගෙවතුවල වැවෙන සුලබ මෑ පැල පරීක්ෂණ සඳහා මෙන්ඩල් යොදා ගත්තේ කිමද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයකි. එය හොඳ තෝරාගැනීමක් වීමට හේතු ගණනාවක් ම පැවැතිණි. මෑ සීඝ්‍රයෙන් වර්ධනය වන අතර ලොකු මහත්කර ගැනීමට අපහසු නැත. වෙනස් වීමට ඉඩ තිබෙන දෘෂමය ගති ලක්ෂණ කිහිපයක්ද ඒවා සතු විය. මේ ගති ලක්ෂණ පහත වගුවෙහි දැක්වේ.

මෙන්ඩල් මෑ ශාකවල ගති ලක්ෂණ හතක් පරීක්ෂාවට ලක් කළේය. ඉහත සංකුචිත කරල යනු බීජය ඇතුළත ඉතා කුඩා පත්‍රවේ.  කඳන්වල අග අග්‍රස්ථ කරල් හටගනී.

පරාගනය(pollination) හා පාලනය කිරීම

ජනකයන්ගෙන් ජනිතයන්ට ගති ලක්ෂණ පැවරෙන්නේ කෙසේද යන්න පරික්ෂා කිරීම පිණිස මෙන්ඩල්ට පරාගනය පාලනය කිරීම අවශ්‍ය විය. ශාක වල ලිංගික ප්‍රජනනයේදී සංශේචන පියවර වන්නේ පරාගන යයි. ශාකවල පුරුෂ ජන්මානු වන (gametes) කුඩා කර්ණිකාවලින් පරාග සමන්විත වේ. ඒවා නිපදවනු ලබන්නේ පුෂ්පයක පුරුෂ අංගයක් වන පරාගධානිය (anther)මගිනි. එකම මලක හෝ වෙනත් මලක කලංකයට පරාගධානියෙන්  පරාග මාරු වූ විට පරාගණය සිදු වේ. කලංක යනු පුෂ්පයක ස්ත්‍රී කොටසයි. ඩිම්බ කෝෂයේ ස්ත්‍රී ජන්මාණු(female gametes) වෙත පරාග කණිකා පවරයි .

පුෂ්පය යනු ශාකයක ප්‍රජනන අවයවයන්ය.  මෑ ශාකයේ සෑම පුෂ්පයක ම පුරුෂ මෙන්ම ස්ත්‍රී කොටස් අයත්ය. පරාගධානිය යනු රේණුවේ (stamen)  කොටසකි. පුරුෂ ජන්මාණු (පරාග)නිපදවන පුරුෂ ව්‍යුහයයි. කලංකය(stigma), ඡායාංගයෙහි(pistil) කොටසකි. කලංකය පරාග කණිකා ලබා ගෙන ඩිම්බ කෝෂ වෙත යවයි.  ස්ත්‍රී ජන්මාණු අඩංගු වන්නේ එහිය.

මෑ ශාක ස්වභාවිකව ස්වයං පරාගනය වේ. ස්වයංපරාගනයේදී එක් ශාකයක පරාග කණිකා එම ශාකයේම පුෂ්පවල කලංකවලට යැවේ. මෙන්ඩල් එකිනෙකට වෙනස් ජනක (parent) ශාක දෙකක ජනිතයන් ගැන උනන්දුවක් දැක්වූ හෙයින් ඔහුට ස්වයං පරාගනය  නතර කිරීමට උවමනා විය. ඔහු කළේ සිය පරීක්ෂණයට ලක් කල ඇතැම් ශාකවල පුෂ්පයන්ගෙන් පරාගධානි ඉවත් කිරීමය. අනතුරුව ඔහු තමන් විසින්ම තෝරා ගනු ලැබූ වෙනත් ජනක ශාකවල පරාග ගෙන සිය දෑතින්ම (ස්වභාවික නොව කෘතිමව) ඒවා පරාගනය කිරීමයි. එක ශාකය පරාග වෙනත් ශාක පරාග සංසේචනය කරන විට එය හඳුන්වනු ලබන්නේ පර-පරාගනය(cross-pollination) ලෙසිනි. එවැනි මිශ්‍ර වීමකින් බිහිවන ජනිතයා දැක්වෙන්නේ දෙමුහුන් හැටියටය.

ආවෙණිය ගැන මෙන්ඩල්ගේ පරීක්ෂණ ද අපගේ කුතුහල අවුස්සන සුළු වනවා පමණක් නොව මෙම විෂය ගැන ඔබෙත් මගෙත් දැනුම, අවබෝධය වැඩිකරවනසුළුය. අපි තවත් thathu ලිපියකින් ඒ ගැන තව දුරටත් හදාරමු.

CK-12 Foundation පාඩම මාලාවේ  6 පරිච්චේදයෙහි  Gregor Mendel and Genetics  කොටස ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.