සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජීවන පරිසරය: සෛල(Cells)

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන් ජීවත් වන්නේ කොයිබද, ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ කෙසේද, ඔවුන් හැසිරෙන්නේ කොයි අන්දමට ද යනාදී වශයෙන් මිනිස්සු ප්‍රශ්න නගති.  මේ ප්‍රශ්නවලට  මෙන්ම මේ මිහිතලය මත වාසස්ථානය කරගත් ජීවීන් ගැනමත් මතුවන බොහෝ ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. විශේෂයෙන්ම, ජීවන පරිසරය වඩාත් හොඳින් වටහා ගැනීමට මිනිස්සුන්ට හැකිවන පරිදි විද්‍යාඥයෝ සංකල්ප, මූලධර්මයන් හා න්‍යාය වැඩිදියුණු කිරීමට වෙහෙසෙති.

ජීවන පරිසරය සෛල

ඒක සෛලික බැක්ටීරියාවේ සිට සෛල ට්‍රිලියන ගණනින් සමන්විත ඇතුන් දක්වා ජීව ස්වරූප, ඔව් සියලුම ස්වයං ප්‍රතිචලන(self-replicating) ජීව ස්වරූප,  සෛලවලින් සමන්විත වේ.  කිකිළි බිත්තරයක් වැනි යෝධ සෛල කිහිපයක් හැරුණු කොට සෛල බොහොමයක්ම පියවි ඇසින් දැකිය නොහැකි තරමට කුඩා,  අන්වීක්ෂය ප්‍රමාණයෙන් යුක්තය. ජීවීන්ගේ මූලික කාර්යන් බොහොමයක්ම සිදුවන්නේ ඇත්තටම සෛල මට්ටම් හීදීය. ප්‍රෝටීන සංස්ලේෂණය, පෝෂකවලින් ශක්තිය නිස්සාරණය කිරීම, ප්‍රතිචලනය යනාදී වශයෙනි.

ජීවිතයේ මෙකී මූලික කාර්යයන් හා  සම්බන්ධ, සමාන වර්ගවල  සංකීර්ණය අණු(molecules) සෑම සජීවී සෛලයක්ම සතු වේ. මේ අණු, ඇතුළට ආ හැක්කේ සහ පිටතට යා හැක්කේ කුමක්ද යන්න පාලනය කරන පටලයකින් වටවූ තුනෙන් දෙකක් පමණ ජලයෙන් සපිරි සූපයක අන්තර්ක්‍රියා කරති.  වඩාත් සංකීර්ණ සෛලවල,  ඇතැම් සුලබ වර්ග අණු, පෙර කී මූලික කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටුකරන ව්‍යුහයක් ලෙස සංවිධානය වී තිබේ. විශේෂයෙන්ම  න්‍යෂ්ටියක්  DNA ආවරණය කර ගෙන ඇති  අතර ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට ප්‍රෝටීන සැකිල්ලක් උපකාරී වේ. සියලුම සෛලවලට පොදු මූලික සෛලමය  කාර්යයන්ට අමතරව,  බහු සෛලික ජීවීන් තුළ සෛල බොහෝමයක් අනිත් ඒවා නොකරන ඇතැම් සුවිශේෂී කාර්යයන් ඉටු කරති. නිදසුන් ලෙස,  ග්‍රන්ථි සෛල හෝමෝන ශ්‍රාවය කරයි. පේශි සෛල සංකෝචනය වේ. ස්නායු සෛල විද්‍යුත් සංඥා සන්නයනය කරයි.

මුලද්‍රව්‍ය ස්වල්ප සංඛ්‍යාවක පරමාණුවලින්  සෛල අණු සමන්විත වේ.  මේ මූල ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, පොස්පරස්  සහ සල්ෆර් වේ. කාබන් පරමාණු ,  ඒවායේ කුඩා ප්‍රමාණය නිසා සහ තිබෙන බන්ධන ඉලෙක්ට්‍රෝන හතර නිසා විශාල හා සංකීර්ණ අණු සාදනු වස්  දාමයන් සහ වළලු හැටියට අනෙකුත් කාබන් පරමාණු සමග එක්විය හැකිය. සෛල තුල අණුක අන්තර් ක්‍රියාකාරකම් බොහොමයක්ම සිදුවන්නේ ජල ද්‍රාවණයෙහි ය. එමෙන්ම අවශ්‍ය වන්නේ තරමක පටු උෂ්ණත්ව හා ආම්ලික පරාසයකි. පහල උෂ්ණත්ව මට්ටම් වලදී ප්‍රතිචාරයන් උවමනාවටත් වඩා සෙමින් කෙරීගෙන යන අතර ඉහළ උෂ්ණත්වවලදී හෝ ආම්ලික තාවය අධික විටදි ‍හෝ ප්‍රෝටීන අණුවල ව්‍යුහය නැවත හරිගැස්වීමට නොහැකි පරිදි හානියට පත් වේයි. ආම්ලිකතාවයෙහි  සුළු වෙනස්කම් වලින් පවා අණු වෙනස් කළ හැකි අතර ඒවා අන්තර් ක්‍රියා කරන අන්දම ද  වෙනස් කළ හැකිය. තනි සෛල මෙන්ම බහු සෛල යන දෙවර්ගයට අයත්  ජීවීන් සතුව සෛලයේ  ආම්ලිකතාව අවශ්‍ය පරාසය තුළ තබා ගැනීමට උපකාරීවන  අණු  තිබේ.

සෛලයේ කටයුතු කරගෙන යනු ලබන්නේ,  එමගින් ගොඩනගනු ලබන විවිධ ආකාරයේ අණු බොහොමයක් මගිනි. වැඩිපුරම ප්‍රෝටීන මගිනි. ප්‍රෝටීන අණු යනු දිග, ඇමයිනෝ අම්ල අණු විවිධ වර්ග 20 කින් සැදුණු සාමාන්‍යයෙන් නැමුණු දම්වැල්ය. එක් එක් ප්‍රෝටීනයේ ක්‍රියාකාරිත්වය කාරණා දෙකක් මත රඳා පවතී: ප්‍රෝටීනයෙහි ඇමයිනෝ අම්ලවල විශිෂ්ට අනුක්‍රමය (specific sequence) සහ දම්වැලෙහි කොටස් අතර ආකර්ෂණයෙහි ප්‍රතිවිපාකයක් ලෙස දම්වැල ගන්නා හැඩය එම කාරණා දෙකයි.

එකලස් කළ අණු වලින් කොටසක් ජානමය තොරතුරු ‍ප්‍රතිචලනය කිරීමේ දී ද , සෛල ව්‍යුහය අලුත්වැඩියා කිරීමේදී  ද, අනෙකුත් අණුවලට සෛලයෙන් පිටතට යෑමට හෝ (ඊට) ඇතුළු වීමට උදව් කරමින් ද, එමෙන්ම පොදුවේ ගත්කල අණු අන්තර් ක්‍රියා උත්ප්‍රේරණය කරමින් හා පාලනය කරමින් ය. විශේෂිත සෛලවල දී අනෙකුත් ප්‍රෝටීන අණුවලට ඔක්සිජන් ගෙන යා හැකිය; සංකෝචනය ඇතිකරයි; බාහිර උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වයි;  කෙස්, නිය හා අනෙකුත් ශරීර   ව්‍යුහයන්ට ද්‍රව්‍යය සපයයි. තවත්  අනෙකුත් සෛලවල එක්තැන් වූ අණු හෝමෝන, ප්‍රතිදේහ හෝ ජීර්ණ එන්සයිම ලෙස ක්‍රියා කිරීම පිණිස අපනයනය කිරීමට  හෙවත් පිටතට යැවිය හැකි වේ.

DNA අණුවල කේත ගතකර ඇති ජානමය තොරතුරු ප්‍රෝටීන අණු එත්තැන් කිරීමට  නැති නම් එකලස් කිරීම සඳහා උපදෙස් සපයයි. මෙම කේතය සෑම ජීව ස්වරූපයකට ම පාහේ එක සමානය. නිදසුනකින් පැහැදිලි කර ගමු. මනුෂ්‍ය සෛලයකින් ලබාගන්නා ජානයක් බැක්ටීරියාවක තැබුවා යයි සිතමු. බැක්ටීරියාවෙහි රසායනික යාන්ත්‍රණය, ජානයේ උපදෙස් අනුගමනය කරමින් මනුෂ්‍ය සෛලවල නිෂ්පාදනය කරනු ලබන ප්‍රෝටිනමය නිපදවයි.  රසායන හෝ විකිරණය මගින් උත්ප්‍රේරණය  කල හැකි  හැකි වන්නා වූ DNA අණුවෙහි එකම එක පරමාණුවක පවා වෙනසක්,  ඉන්  නිපදවන ප්‍රෝටීනය වෙනස් කළ හැකිය.  DNA ඛණ්ඩයක එවන් විකෘතියක් එතරම් වෙනසක් ඇති නො කරන්න පුළුවන. සෛලයේ ක්‍රියාකාරිත්වය විනාශකාරී ලෙස අවුල් කර දැමිය හැක. නැතහොත් සෛලයෙහි සාර්ථක ක්‍රියාකාරීත්ව සැලකිය යුතු ආකාරයකින් වෙනස් කළ හැකි වේ.  (නිදසුනක් දක්වන්නේනම් පිළිකාවේදී  සිදුවන්නාක් මෙන් එය පාලනයකින් තොර ප්‍රතිචලනය වර්ධණය කළ හැකිය)

Image result for DNA

ජීවියකුගේ සෛල සියල්ලම සංසේචිත තනි බීජ සෛලයකින් පැවත එන  අතර එකම .  DNA තොරතුරු ඇත. විභේදනයෙන් එකින් එක වශයෙන් අනුයාත සෛල පරම්පරා  සෑදෙද්දී ඒවායේ ආසන්නම  වාතාවරණයේ සුළු වෙනස්කම් හේතුවෙන් මදක් වෙනස්ව ඒවා වර්ධනය විය හැකිය. ඒ DNA  හි තොරතුරුවලින් කොටසක් ‍ක්‍රියාකරවීමෙන් හෝ ක්‍රියා නොකිරීමෙන් ය. පසුකලෙක සෛල පරම්පරා ද තවදුරටත් වෙනස්වීමට පුළුවන් අතර අවසානයේ ග්‍රන්ථීන්,පේශී සහ ස්නායු සෛල ආදී වශයෙන් එකිනෙකට වෙනස් සෛල ලෙස පරිණතභාවයට පත් විය හැකියි.

සෛලයේ ඇති අසීමිත අණු වර්ග අතර සංකීර්ණ අන්තර් ක්‍රියා වර්ධනය හා විභේදනය වැනි කැපිපෙනෙන ක්‍රියාකාරකම්චක්රවලට  මඟ පෑදිය හැකි ය. සෛල ක්‍රියාදාමයන් පාලනය කිරීම පිටතින් ද  පැමිණෙයි. සෛල හැසිරවීම ජීවියාගේ වෙනත් කොටස් වල අණු  හෝ (හෝමෝන සහ ස්නායු සම්ප්රේෂක වැනි) වෙනත් ජීවීන්ගේ සෛල පටලය හරහා යන සහ සෛල සංරචකය අතර ප්‍රතිචාර අනුපාතයට බලපාන  අණු මගින් ද  බලපෑමට ලක්වේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE LIVING ENVIRONMENT නම් 5වෙනි  පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක  තවත්  කොටසකි  මේ. සෛල යන මෙම ලිපිය කලින් පළවිය යතු වුවත් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ගිය සතියේ පළවුයේ  ජීවයේ අනොන්‍ය රඳා පැවැත්ම(අන්‍යෝන්‍යායත්තතාව) යන්නයි. එහෙත් සුඛාවබෝධයට ඉන් හානියක් නැත. ඕනෑ නම් ජීවයේ අනොන්‍ය රඳා පැවැත්ම ලිපිය මෙතැන ක්ලික් කර කියවන්න.

THE LIVING ENVIRONMENT නම් 5වෙනි  පරිචේදයෙහි CELLS යන කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: