ඉන්ෆ්ලුවන්සා පොදු වැක්සිනයක් අත්‍යවශ්‍යයි

Posted by

1918 මාරක ව්‍යාප්ත වසංගතයට(pandemic)  දැනට වසර සියයක් ගතවී ඇතත් ලෝකයා තවමත් අනාරක්ෂිතයි

මෙතෙක් වාර්තාගත ඉතිහාසයේ  ආසාදක රෝග() හෙවත් බෝවෙන රෝග සිද්ධි අතුරෙන් වඩාත්ම ව්‍යසනමය සිද්ධියක 100 වැනි සංවත්සරය මේ වසරේදී සැමරේ.: එනම් 1918  ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වසංගතයයි. ගණන් බලා ඇති අන්දමට එය ලොව පුරා මිලියන 50 සිට මිලියන 100 මරණ සංඛ්‍යාවකට වග කිව යුතු විය.

මේ මහා විනාශයට හේතු ගණනාවකි. මතුව ආ වෛරස නව මාදිලියට කලින් පැවති ප්‍රතිශක්ත ආරක්ෂාවක්  බොහෝ පිරිසකට නොතිබෙන්නට ඇත.  දෙවනුව මේ නව වෛරසය අසාමාන්‍ය ලෙස මාරක ගතියකින් යුතු වුවා විය හැකියි. තුන්වෙනුව, පිරිස් ඒකරාශිව විසීම සහ අයහපත් සනීපාරක්ෂක තත්ත්වයන් විශේෂයෙන්ම සෞඛ්‍ය  සත්කාර සීමිත ප්‍රදේශවල දී   රෝගය බහුලව නිදැල්ලේ සම්ප්‍රේෂණය වීමට මග පෑදීය.  අවසාන වශයෙන්, ප්‍රති වෛරස ඖෂධ සහ ඉන්ෆ්ලුවැන්සා වැක්සින හමුවන්නේ ඒ අවධියේ සිට තවත් දශක ගණනාවකට පසුවය.

කෙස්වෙතත්, ගතවූ සියවස තුළ අප මේ කිව් සෑම අංශයකදී ම  සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගන්නට අප සමත් වී ඇත. එසේ වුව ද, ශත වර්ෂයකට පෙර හෙනයක් සේ කඩා පාත්වූ වෛරසයට සමාන ආකාරයේ වෛරසයක් මතුවීම නොවැලක්විය හැකි අතර අප ඊට මුහුණ දිමට සුදානම් වීමක් තවමත් නැත. වාරිකව ඇතිවන සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සා වසංගතයක දී පවා ඇ.එ. ජනපදයේ පමණක් 12,000 සිට 56,000ක සංඛ්‍යාවක්  මිය යති. මෙයට හේතුව වන්නේ වාරිකව එන වෛරස පරිණාමය වීමයි. අප අපේ වැක්සින නිරතුරව යාවත්කාලින කළ ද  ඒවායේ ඵලදායි බව සියයට 40 සිට 60ක් දක්වා විය හැකියි. එපමණක් ද නොව වාරික වැක්සින, ව්‍යාප්ත වසංගතයකට එරෙහිව මැද ආරකෂාවක් හෝ ආරක්ෂවාක්  ඇත්තේම නැති විය හැක.  ව්‍යාප්ත වසංගත සාමාන්‍යයෙන්   ඉස්මතුවන්නේ ‘ප්‍රතිදේහජනකමය විස්ථාපනය’(antigenic shift) නම් වූ ක්‍රියා දාමයක් තුළිනි. මෙහි දී, නව වෛරසය, සම්පුර්ණයෙන්ම අලුත් ජාන (සාමාන්‍යයෙන්  සත්ව ඉන්ෆ්ලුවන්සා වෛරසවලින්) අත්පත් කරගනී. (1918 දී සිද්ධවූ බව පෙණි යන ලෙස ව්‍යාප්ත වසංගත වෛරස ජාන අටම  අලුත් ඒවා විය).

1918 න් පසුව ගත වූ වසර වල දී ප්‍රතිදේහජනකමය විස්ථාපන හා සම්බන්ධ කොට සැලකෙන ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වසංගත තුනක් ඇතිවිය: ඒ 1957, 1968 සහ 2009 වසරවල දී ය. කෙසේවෙතත් මේ සෑම අවස්ථවක දී ම  නව වෛරස මතුවුයේ, මිනිසුන් අතරේ දැනටමත් සංසරණය වෙමින් පවතින 1918 වසංගතයෙන් පවත එන ජාන සත්ව ඉන්ෆ්ලුවන්සා වෛරස ජාන හා මිශ්‍ර වීමෙනි. එහි අදහස නම් බොහෝ ජනයා අඩුම වශයෙන් අර්ධ ප්‍රතිශක්තව සිටි බවයි. එයත්, අඩු වෛරසමය  ව්‍යධිවේදීත්වය සහ මහජන සෞඛ්‍ය අධෝව්‍යුහ හා වෛද්‍ය ප්‍රතිකාරවල වැඩි දියුණුව ඊටම එක්වීම බාගදා අඩු ප්‍රමාණයක  ව්‍යසනසම්පන්න ව්‍යාප්ත වසංගතයන්ට හේතුවන්නට ඇත.

Related image

අප විසින් ‘පුර්ව-වසංගත’ ඉන්ෆ්ලුවන්සා වෛරස ගැටළුව ද ජයගත යුතුව ඇත. මින් අදහස් කෙරෙන්නේ ව්‍යාප්ත වසංගතයන් හටගැන්විමී හැකියාව ඇති එහෙත්, මෙතෙක් එලෙස ඇතිකර නැති එවන් වෛරසයන්ය. පසුගිය දශක දෙක ගතහොත්, කුරුළු ඉන්ෆ්ලුවන්සා වෛරස මගින් මනුෂ්‍යන්ට ආසාදන වීම් එන්ට එන්ටම වැඩි අනුපාතවලින් ඇතිවී තිබේ. H5N1 සහ  H7N9 වෛරසවල විවිධ මාදිලි වලට එරෙහි  පුර්ව-වසංගත වැක්සින වදිදුයුනු කර ඇති අතර සමහරක් තොග ගබඩා කරනු ලැබ ඇත. කෙසේවෙතත් වාරිකව ඇතිවන  ඉන්ෆ්ලුවන්සා වෛරසවලට සමානව, මෙකී කුරුළු මාදිලි ද, ඒවායේ කුරුළු ධාරකයන් අතරේ ප්‍රතිදේහජනකමය විස්ථාපනයට යටත්වේ. H7N9 කුරුළු වෛරස ගණනාවක්ම, 2013 කුරුළු වෛරස මාදිලිවලින් සැලකිය යුතු අන්දමින් වෙනස්වේ. මෙහි ප්‍රතිපලක් ලෙස, 2013 H7N9 වෛරසයට එරෙහිව වැඩි දියුණුකළ වැක්සිනයකින් මතු කරගත් මිනිස් ප්‍රතිශක්ති ප්‍රතිචාර 2017 (චීනයේ හටගත් ආසාදනවලට මුල්වූ) මාදිලිවලට එරෙහිව පලදායි නොවන්නට පුළුවන.

Image result for Universal Flu Vaccine

මානව ගහණයන්ගේ ප්‍රතිශක්තිය ජයගැනීමට හෝ ඉන් බේරී පලායාමට  ඉන්ෆ්ලුවන්සා වෛරසවලට ඇති කැපිපෙනෙන විභවය හෙවත් හැකියාව අපව 1918 ඇතිවූ ව්‍යාප්ත වසංගතය තරම්ම බැරෑරුම් කමකින් හෙබි මහජන සෞඛ්‍යමය ව්‍යසනයකට ගොදුරු කර ගැනීමේ අවදානම ඇතිකරයි. මෙකි ගෝලීය සෞඛ්‍ය අභියෝගයට මුහුණ දෙනු වස්  ‘ඉන්ෆ්ලුවන්සා පොදු වැක්සින’(universal influenza vaccines) වැඩිදියුණු කිරීමට — එනම්, වෙනස්වන වාරික ඉන්ෆ්ලුවන්සා වෛරසවලට එරෙහිව පමණක් නොව අනාගතයේදී නියත ලෙස මතු විය හැකි ව්‍යාප්ත වසංගත වෛරස්වලට ද එරෙහිව ආරක්ෂාව සැපයිය හැකි නව වර්ගයක එන්නත් වැඩිදියුණු කිරීමට විද්‍යාඥයෝ ක්‍රියා කරමින් සිටිති. එවන් ප්‍රයත්නයක දී ජයගැනීමට සිදුවන බාධක එමටය. එහෙත් දැනට ඇති මෙවලම් සහ සම්පරික්ෂණ ක්‍රමෝපායන්(existing tools and experimental strategies) උපයෝගී කර ගනිමින් මෙම අභියෝග ජය ගැනීමට සමත් විය හැකි බවට විද්‍යාඥයෝ විශ්වාසය පල කරති.

 

Scientific American  හි පළවූ A Universal Flu Vaccine Is Vital යන ලිපිය ඇසුරෙනි.

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.