සැමට විදු නැන නුවණ – Science Literacy for All

පදාර්ථ හා ශක්තිය(MATTER AND ENERGY) ගලා යාම

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන් ජීවත් වන්නේ කොයිබද, ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ කෙසේද, ඔවුන් හැසිරෙන්නේ කොයි අන්දමට ද යනාදී වශයෙන් මිනිස්සු ප්‍රශ්න නගති.  මේ ප්‍රශ්නවලට  මෙන්ම මේ මිහිතලය මත වාසස්ථානය කරගත් ජීවීන් ගැනමත් මතුවන බොහෝ ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. විශේෂයෙන්ම, ජීවන පරිසරය වඩාත් හොඳින් වටහා ගැනීමට මිනිස්සුන්ට හැකිවන පරිදි විද්‍යාඥයෝ සංකල්ප, මූලධර්මයන් හා න්‍යාය වැඩිදියුණු කිරීමට වෙහෙසෙති.

සජීවීන් ක්‍රියා කරන ආකාරය කොපමණ නම් සංකීර්ණ  වුවද,  පදාර්ථ සහ ශක්තිය සංරක්ෂණය සහ පරිණාමනය (conservation and transformation)  පිළිබඳ භෞතික සිද්ධාන්ත ඔවුහු ද අනෙකුත් සියලුම ස්වභාවික පද්ධති සමග පොදුවේ බෙදා හදා ගනිති.  දිගු කාලාන්තරයන්  තුළ පදාර්ථ සහ ශක්තිය සජීවී අතරේ මෙන්ම ඔවුන් සහ භෞතික පරිසරය අතර පරිණාමනය වේ. මේ කියූ  මහා පරිමාණ  චක්‍ර තුළ, ඒවායේ  ස්වරූපය සහ පිහිටීම අඛණ්ඩව වෙනසකට භාජනය වන්නේ වී නමුත් පදාර්ථයේ සහ ශක්තියේ සම්පූර්ණ ප්‍රමාණය නියත ව දිගටම පවතී.

මේ පෘථිවිය මත සියලු ම ජීවය පාහේ අවසානයේ පවත්වාගෙන යනු ලබන්නේ  හෙවත් නඩත්තු කරනු ලබන්නේ සූර්යා ගෙන් ලැබෙන ශක්තිය පරිනාමනයන් මගිනි. ශාක සූර්යයාගේ ශක්තිය හසුකරගෙන, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අණුවලින්  ශක්තිය බහුල, සංකීර්ණ  අණු (ප්‍රධාන වශයෙන් සීනි වර්ග) සංස්ලේෂණය සඳහා යොදා ගනියි. මෙම සංස්ලේෂිත අණු ඊට පස්සේ ඍජුව හෝ වක්‍රව ශාක වලට ද, එමෙන්ම අවසානයේ සකල සත්වයන්ටමත් (බැක්ටීරියා සහ දිලීර වැනි) වියෝජක ජීවීන්ට ද  ශක්ති මූලයක් ලෙස ක්‍රියා කරයි.  මේ තමයි ආහාර ජාලය/දාමය: ශාක පරිභෝජනය කරන ජීවිහු,  ශාක අණු බිඳ දැමීමෙන්  ශක්තිය හා ද්‍රව්‍යය උකහා ගන්නා අතර තම ව්‍යුහයන් සංස්ලේෂණයට යොදා ගනිති. අනතුරුව ඒ ජිවින් ම වෙනත් ජීවීන් විසින් පරිභෝජනය කරනු ලැබීමට  ලක්වේ. ආහාර දාමයේ  සෑම අදියරකදීම අලුතින් සංස්ලේෂිත ව්‍යුහයන් තුළ යම්  ශක්තියක් ගබඩා කරන අතර සමහරක් (ශක්තිය) පරිසරයට උත්තේජනය ද වෙයි. ඒ සෛලවල රසායනික-මුදාහැරෙන ක්‍රියාදාමයන් මගින් නිෂ්පාදනය වන තාපය හැටියටයි. ඉතා කුඩා, ශාක වැනි ජීවීන් විසින් සූර්යයාගේ ශක්තිය හසු කර ගැනීමත් සමග සාගරය තුළද මෙවන් ශක්ති චක්‍රයක් ඇරඹෙයි. ආහාර දාමයේ සෑම අනුක්‍රමික අදියරක්ම හසුකරගන්නේ(එම දාමයෙන්) ආහාර ලබාගන්නා ජීවීන්ගෙන් ශක්තිය අන්තර්ගතයෙන් කුඩා කොටසක් පමණි හසුකරගන්නේ

සජීවීන්ගේ අනූ සැදුම් ගන්නා වූ මූලද්‍රව්‍යය අඛණ්ඩව ප්‍රතිචක්‍රිකරණය වේ. මේ මූල ද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, සල්ෆර්, පොස්පරස්, කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් සහ යකඩය. බොහෝවිට ශක්තිය බහුල අණුවල වැඩිපුරම හටගන්නා මෙකී සහ අනෙකුත් ද්‍රව්‍ය ආහාර දාමය ඔස්සේ යැවෙන අතර අන්තිමේදී වියෝජකයන් විසිනි ශාක මගින් ප්‍රයෝජනයට ගතහැකි ඛනිජ පෝෂක හැටියට ආපසු  ප්‍රතිචක්‍රීයකරණය කරනු ලැබේ. බොහෝවිට දේශීය වශයෙන් අතිරික්තයන් මෙන්ම හිඟයන් ද පැවැතිය හැකි වුවත් සමස්ත පෘථිවිය පුරා තත්ත්වය ගතහොත් නව ජීවය සංස්ලේෂණය කෙරෙන අනුපාතයට සමානවම පාහේ වේගයකින් ජීවීහු මිය යති; සහ දිරාපත් වෙති.  ඒ කියන්නේ සජීවී ජෛව ස්කන්ධයේ එකතුව දළ වශයෙන් නියතව පවතින්නේය,  පැරණි ජීවයේ සිට නව ජීවය දක්වා ද්‍රව්‍යවල චක්‍රීය ගලායෑමක් ඇත්තේය සහ හසුකරගත් සූර්යාලෝකයේ සිට උත්සර්ජනය වූ තාපය වෙත ආපසු හැරවිය නොහැකි ශක්ති ප්‍රවාහයක් ද ඇත යන්නය.

සාමාන්‍යයෙන් සිදුවන ශක්ති ප්‍රවාහයට වැදගත්  ඇනහිටීමක් වසර මිලියන ගණනාවකට පෙර සිදු වූ බවක් පෙනී යයි. එය සිදුවන්නේ ගොඩබිම ශාක  සහ සාගර  ජීවීන්ගේ වර්ධනය, වීයෝජකයන්ට ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇති හැකියාව ඉක්ම වූ විටය.  එක්රැස් වන ශක්තිය-බහුල ඓන්ද්‍රිය ද්‍රව්‍ය,  ඉහළින් ඇති පොළොවේ පීඩනය මගින් ක්‍රමයෙන් ගල්අඟුරු හා ඛනිජ තෙල් බවට පරිවර්තනය කෙරිණ. ඒවායේ අණුක ව්‍යුහය තුළ  ගබඩා වී ඇති ශක්තියයි, අද  අපට දහනයෙන් මුදා හැරිය හැකිවී තිබෙන්නේ. තවද අපේ නූතන ශිෂ්ඨාචාරය රඳා පවතින්නේ  එලෙස පොළොවෙන් යළි අත්පත් කරගත් එවන් පොසිල  ඉන්ධන අති විශාල ප්‍රමාණයන මතය. .ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් අප අන්තිමේ දී  සිදු කරන්නේ ගබඩා කර තිබූ ශක්තිය බොහෝමයක් තාපය ලෙස පරිසරයට යොමු කිරීමයි.  එපමණක්ද නොව වර්ෂ මිලියන ගණනාවක් තුළ සෙමින් වායුගෝලයෙන් ඉවත් කරනු ලැබූ කාබන්ඩයොක්සයිඩ්(CO2) විශාල ප්‍රමාණයෙන් සාපේක්ෂව ඉතා කෙටි කාලයක් තුල අපි ආපසු වායු ගෝලයට එක් කරන්නෙමු.

ඕනෑම පරිසරයක් මගින් පවත්වාගෙන යා හැකි ජීවියෙහි ප්‍රමාණය එහි වඩාත් මුලික සම්පත් මගින් සීමා වේ: ශක්තිය, ඛනිජ හා ජලය ඇතුළට ගැලීම.  සංස්ලේෂණය කරන (රුක් සහ බෝග)  වැනි නව නිෂ්පාදන වෙනුවෙන් ප්‍රමාණවත් ශක්තිය ද එමෙන්ම තවද (මළ පත්‍ර, මානව අපද්‍රව්‍ය වැනි) පැරණි දේවල අවශේෂ සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රියකරණය වෙනුවෙන් ද පරිසර පද්ධතියක ධරණීය ඵලදායිතාව පවත්වාගෙන  යාමට  ප්‍රමාණවත් ශක්තිය අවශ්‍ය වේ. මනුෂ්‍යයාගේ තාක්ෂණය අනාරාධිතව මැදිහත් වෙද්දී ‍ප්‍රතිචක්‍රියකරණය නොකෙරෙනු අපද්‍රව්‍ය ලෙස ද්‍රව්‍ය ඒකරාශි වනු ඇත. සම්පත් ඇතුළට ගැලිම ප්‍රමාණවත් නොවන කල්හි පාංශු ඛාදනය, කාන්තාරකරණය හෝ ඛනිජ සම්පත් සංචිත ක්ෂය වීම වේගවත් වේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE LIVING ENVIRONMENT නම් 5වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් කොටසකි මේ.

THE LIVING ENVIRONMENT නම් 5වෙනි පරිචේදයෙහි Flow Of Matter And Energy යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: