සැමට විදු නැන නුවණ – Science Literacy for All

දළඹුවන්ට කෑමොර ගාන්න පුළුවන්ද?

දළඹුවන් සද්ද බද්ද දාන සතුන් හැටියට ප්‍රසිද්ධ නැහැ. ඒ නිසා කිසිම හඬක් නගන්න පුළුවන් ද කියලාවත්  දන්නේ නැහැ. ඔව්, ඔවුන්  කොළ (පත්‍ර) හපනකොට ශබ්දයක් ආවොත් හැර.  එහෙත් hawk moth  සහ sphinx moth වැනි සලබයෝ විලෝපිකයකු පහර දෙන විට ක්ලික් හඩ, විසිල් හඬ සහ වෙනත් හඬවල් ද නගති.

එහෙත් මේ සතුන් අමුතු හඬ නගන්නේ, විශේෂයෙන්ම hawk moth   නම් සලබයින් සිහින් කෙඳිරිලි හඬක් නගන්නේ කෙසේදැයි විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් විය. දැන් එය විසඳීමට පර්යේශකයෝ සමත්ව සිටිති. මේ දුඹුරු පාටට හුරු රතු පැහැ සලබයන් හඬ නගන්නේ  ජෙට් එන්ජිමක් ඝෝර නාද කරන්නාක් හෝ ජලය නටන විට කේතලයක් විසිල් හඬ නගන්නාක් මෙන් යන්න පර්යේෂකයන්ගේ අදහසයි.

මේ සඳහා පරික්ෂාවට ඔවුන් යොදාගත්තේ වල් සලඹයන්වය. වල් සළඹ ගැහැණු සතුන්  අල්වාගත් පර්යේෂකයෝ පරීක්ෂණාගාරයේ තබා සළඹ බිත්තර රැකබලා ගත්හ. ඒවායේ දළඹුවන් බිහි වූ කළ අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක, ඔටාවා හි කාලේටන් සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය වරයෙකු වන ජේන් යැක් සහ එම සරසවියේම ජීව විද්‍යාඥයෙකු වන,  අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක කොන්රාඩෝ රෝසි – ඩෙනඩායි  දළඹුවන් වටකොට මයික්‍රෆෝන අටවා සැත් අඬු යොදාගනිමින් ප්‍රහාර එල්ල කළේ කුරුල්ලෙකු හෝ වෙනත් විලෝපිකයකුගේ පහරදීම්  විඩම්බනය කරමිනි.

මයික්‍රෆෝනවලින් දැක්වුණේ ශබ්ද වඩාත් ඉහළ තලයක වුයේ සතුන්ගේ මුඛයට ආසන්නයේදී බවයි. ශබ්දය පිට වන විට මේ සලබයෝ  මුව අයාගෙන ම සිටියහ. මෙයින් පෙනී ගියේ හඬ සතුන්ගේ ශරීර අභ්‍යන්තරයෙන්ම මිස අධෝහනු(mandibles)  එකට  ගැටීමෙන් නොවන බවයි. තවද, මේ හඬ නිපදවන ව්‍යුහයත් සොයා ගැනීම පිණිස පර්යේෂකයන්ට දළඹුවන්ගේ ශරීර අභ්‍යන්තරය සොයා බැලිය යුතු වන බව මින් තහවුරු වුවේ යයි යැක් කියයි.

ඒත් ඉතිං එය පහසු කාර්යයක් නො වේ. “වේගවත්  යමක් සිදු වෙද්දී ඉතා කුඩා සජීවී සතෙකු අභ්‍යන්තරයේ සිදුවන දේ දැනගැනීමේ හැකියාව අනාගතයේ ඇතිවෙන්න පුළුවනි”  සැක්  පෙන්වා දෙයි, “දැනට නම් ඊට හැකියාවක් නැහැ”.  එහෙයින් සම පර්යේෂක මෙලනි ස්කැලියොන් සිදු කළේ දළඹුවාගේ උගුර විච්ඡේදනය කර බැලීමයි. කාලේටන් සරසවියේම ජීව විද්‍යාඥවරියක වන ඇයට එවැනි ව්‍යුහයක් සොයා ගැනිමට නොහැකි විය.

අනතුරුව, තවත් සම පර්යේෂකයෙකු වන ක්‍රේග් මෙරට් පර්යේෂණ ගමන් මග වෙනස් කරමින් දළඹුවන් නිපදවූ ශබ්ද තරංග විශ්ලේෂණය කරමින් සිය මතය පරික්ෂා කිරීම පිණිස ආකෘති (models) තනන්නට තීරණය කළේය. (මෙරට්, නිව්යෝක් හි ක්ලාක්සන් සරසවියේ යාන්ත්‍රික සහ ගගන යාන්ත්‍රික දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්ය වරයෙකි) ඔහුගේ ආකෘතිය පදනම් කරගෙන ඔහු නිගමනය කළේය මෙකී සංඛ්‍යාත ආකූල වායු ප්‍රවාහ මොඩලය(model for turbulent air flow) සමග  ගැළපෙන බව පෙනී ගියේය. මෙහි හරය සලකන විට පෙනීයන්නේ දළඹුවා සිය පෙර බඩවැල් කුටීර දෙක (ගොජුර සහ අන්තසෝත්‍රය) අතරේ අවහිර කිරීමක් තුලින් වාතය බලයෙන් පිටකිරිමේදි ශබ්දය හටගැනීමට ඉඩ ඇති බවයි.

මේ ක්‍රියාවලිය ජලය නටන කේතලේ විසිල් හඬ නැගීමට සමාන යයි පර්යේෂකයෝ පෙන්වා දෙති.  වාතය මෙම අවහිරය හරහා පිට වෙද්දී ඇතැම් සංඛ්‍යාතය  අන්තසෝත්‍රය මගින් විස්තාරණය වේ. හරියට පුද්ගලයකු බෝතලයක කටට,  තම කට තියා පිඹින විට පිට වන හඬට සමානයයි පර්යේෂකයෝ පවසති. එහෙත් මේ උද්‍යෝගිමත් දළඹුවන් බඩවැල්වල ඉහළ කොටසට වායුව ඇද ගන්නෙ කෙසේද යන්න තවම පැහැදිලි නැතැයි යැක් පවසයි.

පෘෂ්ඨ වංශිකයන් බහුතරයකට මෙන් නොව දළඹුවන්ට පෙනහළු නොමැත. ඒ වෙනුවට ඔවුන්ගේ සිරුරුවලට වාතය ඇතුළුවන්නේ ශ්වාසරන්ධ්‍රය(spiracles) යනුවෙන් හැඳින්වෙන ශරීරයේ පිහිටා ඇති විවරය තුළිනි. කෙසේවෙතත් අධ්‍යයනයෙන් සොයාගත් දෑ තව දුරටත් පරීක්ෂණවලට ලක් කළයුතුව ඇත. එහෙත් මේ නව අධ්‍යනය ‘කෘමීන්ගේ සහ සතුන්ගේ පැවැත්මට ශබ්ද ප්‍රවාහ කොපමණ නම් වැදගත්ද යන්න ගැන අපට තිබෙන සාමාන්‍ය අවබෝධය වෙනුවෙන් දායකත්වයක් සපයනවා’ යනුවෙන් යැක් කියා සිටියි.

 

Live Science හි පළවූ Caterpillars Can Scream යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: