මේ මුලු විශ්වයේම හසුකරගැනීමට වඩාත් අසීරු දේ ඇත්නම් ඒ නියුට්රිනෝ විය යුතුයි. නියුට්රිනෝ කියන්නේ අනුපරමාණුක, ස්කන්ධයක් ඇත්තේම නැති තරමේ අණුය. මේවා නිපදවනු ලබන්නේ සුර්ය හරයෙහි තාප න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගිනි. නියුට්රිනෝ ට්‍රිලියන ගණන් සෑම තත්පරයක් පාසාම කෙලින්ම පෘථිවිය හරහා කඩා වදියි. එසේවුවද ඒවා වෙන කිසිවක් සමග ප්‍රතික්‍රියා නොදක්වයි. ඉතින් මෙය නියුට්රිනෝ ගැන අධ්‍යයනයට සෑදී පැහැදී සිටින විද්‍යාඥයන්ට ප්‍රශ්න මතුකරයි.
අන්න ඒකට පිලියමක් හැටියට තමයි ඉහත චිත්රයේ ලෝහමය ගරාදිය තැනුනේ. එය ස්විට්සර්ලන්තයේ, ජිනීවා හි පිහිටි CERN යනුවෙන් හැඳින්වෙන න්‍යෂ්ටික පර්යේෂණ සඳහාවූ යුරෝපිය කවුන්සිලයේ වර්තමානයේ ඉඳිවෙමින් පවතින නියුට්රිනෝ අනාවරණකයෙහි (neutrino detector) මුලාකෘතියකි.
එක් අනාවරණකයක් මීටර 10 x 10 x 10 ක් වෙයි. එමෙන්ම ද්‍රව ආගන් මෙට්‍රික් ටොන් 800 ක් පුරවනු ලැබේ. ඒ අනුව, මේවා මේ අකාරයේ මෙතෙක් තනා ඇති විශාලතම ඒවා වේ. මෙහි දී අදහස් කෙරෙන්නේ ආගන් පරමාණු හා ගැටෙද්දී ඉලෙක්ට්‍රොන පිටකිරීමක් සිදුවන අතර අනාවරණකයේ දාරයන්හි සවි කර ඇති ඇති සංවෙදී උපකරණ මගින් සොයා ගනු හැකිවේ.
තනා නිම කිරීමෙන් පසුව ලබන දශකයේ මැද මෙකි අනාවරණක මහා පොලවේ මීටර 1500 යට සවි කෙරේ. ඒ, දකුණු ඩකොටාවේ පිහිටි සන්ෆඩ් ගැඹුරු භූගත නියුට්රිනෝ සම්පරික්ෂන පහසුකම සැපයෙන ආයතනයෙහි දී ය.
නියුට්රිනෝ යනු විශ්වය පුරා පැතිර පවතින මුලික පදාර්ථ වර්ගයකි. විද්‍යාඥයන් මේවා ගැන අධ්‍යනයෙහි යෙදෙන නමුත් ඒවා සොගැනීම අසීරුය. මන්ද, සාමාන්‍ය පදාර්ථයන් හා අන්තර් ක්‍රියා කිරීමට ඒවාට ඇත්තේ සුළු අවකාශයක් පමණක් වන හෙයිනි. (නිදසුනක් දක්වතොත්, ඒවා සමස්ත පෘථිවිය හරහා ගමන් කරන්නේ අනෙකුත් කිසිම පදාර්ථයක් හා ගැටෙන්නේ නැතිවය). නියුට්රිනෝ ආලෝකයේ වේගයෙන් ගමන් කරයි.
නියුට්රිනෝ සතුව ස්කන්ධයක් නැතැයි කලින් අදහස් කෙරුණ ද ඉලෙක්ට්‍රොන වලටත් වඩා සැහැල්ලු ඉතා කුඩා සකන්ධයක් ඒවා සතුවන බව භෞතිකඥයෝ මෙයට වසර කිහිපයකට පෙර සොයා ගත්හ. නියුට්රිනෝ ගැන කරුණු සොයා ගැනීමෙන් අපට විශ්වයේ ව්‍යුහය සහ ඉතිහාසය ගැන උගෙන ගත හැකිය.
— wiki.kidzsearch.com ඇසුරෙනි
විශ්වය සම්පුර්ණයෙන්ම පදාර්ථයන්ගෙන් මිස ප්රතිඅංශු- වලින් සකස් වුණු පදාර්ථ වලින් නොවන්නේ මන්දැයි යන්න වැනි, භෞතික විද්‍යාවේ ප්‍රධාන පෙළේ අභිරහස් කිහිපයකටම විසඳුම් සපයා ගැනීමට නියුට්රිනෝ ගැන අධ්‍යනය කිරීම මගපාදනු ඇතැයි CERN පර්යේෂක ෆිලිපෝ රෙස්නටි කියා සිටියි. “නියුට්රිනෝ මැනීමට මෙන්ම නියුට්රිනෝවල ගුණාංග අවබෝධ කර ගැනීම පිණිස අපට බලගතු නියුට්රිනෝ කදම්භයක් සහ අතිවිශාල අනාවරණක අවශ්‍ය වෙනවා” රෙස්නටි පෙන්වාදෙයි.
BBC Focus (December 2017) හි පළ වූ Going for gold ලිපිය ඇසුරෙනි