සංකල්ප සාර සංග්‍රහය 70: යටත් විජිතවාදය සහ අධිරාජ්‍යවාදය(Colonialism and imperialism)

Posted by

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ලෝකයේ ඈත එපිට ප්‍රදේශවල යටත්විජිත පිහිටුවීමට දහසයවැනි සියවසේ සිට ඉදිරියටම යුරෝපයේ බලවත්තු ගණනාවක් ම එකිනෙකා සමග තරඟ කරන්නට වන්හ. මෙම ප්‍රයත්න  ප්‍රධාන කොටම  සිදුකලේ ලාභදායි ව්‍යාපාරයක් වන අමුද්‍රව්‍ය වෙළදාම පාලනය කිරීම පිණිස මෙන්ම තම රටවල නිෂ්පාදිත භාණ්ඩ සඳහා නව වෙළඳ පොළවල් සපයා ගැනීම පිණිසයි. දහනව වන සියවස වනවිට ආගමේ  සහ වර්ගවාදයේ(racism) සම්මිෂණයකින් අනුප්‍රාණය ලබමින් යටත් විජිතවාදීන් විසින් “අධිරාජ්‍ය’ ශීලයක්(ethos) ගොඩනගා ගනු ලැබිණ.  ඔවුහු ඊට ප්‍රබල සදාචාරාත්මක අරමුණක් ද  එක් කළහ. එනම්, ඔවුන් දකින අන්දමට බටහිර ශිෂ්ටාචාරයේ වාසි,  සිය ‘ප්‍රාථමික’ යටත්විජිත වාසීන්ට අත්පත් කර දීමයි. කෙසේවෙතත්, මේ මතුපිට වැස්මට යටින් තවදුරටත් වාණිජ අරමුණු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාව යන බටහිර හරයනට නිරාවරණයවීම හේතුවෙන්  යටත් විජිත පිහිටවූ රටවල උගත් ප්‍රභු පෙළන්තිය තමන් වෙත ‘මහන්තත්වය පෑමට’ නැතිනම් අධිපතිකම් පෑමට අදිරාජ්‍යවාදී බලවතුන්ට ඇත්තේ කුමන  අයිතියක් ද යන්න  ප්‍රශ්න කරන්නට  මග පෑදින. මෙය විසිවන සියවසේ දෙවැනි අර්ධයේ දී ජාතිකවාදී ව්‍යාපාරයන් පැන නැගීමට මෙන්ම මන්දගාමී එහෙත් ඇතැම් විට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් විජිතහරණ ක්‍රියාදාමයයට(process of decolonization) තුඩු දුන්නේය. එහෙත් සමහරු විශ්වාස කරන්නේ ආර්ථික අධිරාජ්‍යවාදය  මගින් හුදෙක් දේශපාලන අධිරාජ්‍යවාදය ආදේශ කරනු ලැබ ඇතුවා පමණක්ය යන්නය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Colonialism and imperialism යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.