සැමට විදු නැන නුවණ – Science Literacy for All

විචාර දෘෂ්ටිය(SEEING REASON) 1: මා අභිපේ‍්‍රරණය වන්නේ කුමකින් ද?

මිනිස් මොළය කරුණු කාරනා විකෘති කරයි; අප අපේ සිත් වෙනස් කර ගන්නේ කෙසේ ද?

ඩොනල්ඞ් ට‍්‍රම්ප්, මතවිචාර විශ්ලේෂකයන්ගේ පුරෝකථනවලට  පටහැනිව යමින් 2016  දී ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත් විය. ඊට මාස කිහිපයකට පෙර, එක්සත් රාජධානියේ ඡන්දදායකයෝ, යුරෝපා සංගමයේ වසර 43 ක සාමාජිකත්වය අහවර කිරීමට තීරණය කළහ. යුරෝපය පුරාම ජනතාවාදී(populist) ව්‍යාපාර සාර්ථක බවින් පවතී. මේ සෑම අවස්ථාවක දීම අසාධාරණයක් සිදු වූ බවට, නීතිරීති උල්ලංගනය වූ බවට විරුද්ධවාදිහු චෝදනා නැගූහ. මෙම ඡන්ද ව්‍යාපාර වලදී ජනතා සහයෝගය ලබා ගත්තේ එක්කෝ සත්‍ය විකෘති කිරීමෙන් නැතිනම් එළිපිටම සත්‍ය නොසලකා හැරීමෙන් යන්න ඔවුන්ගේ තර්කය විය.

දේශපාලඥයෝ බොරු ගොතන අතර බොරු කියති. හැමදාමත් එය එසේ විය. තවද එය එක්තරා දුරකට නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියේම නිෂ්පාදනයකි. එසේ වුයේ වී නමුදු, අප ‘‘පශ්චාත්-සත්‍ය දේශපාලනමය’’ නව යුගයකට  පිවිස  ඇති බවක් පෙනී යයි. මෙම ‘නව යුගයේ’ දී වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ, උපහාස රචක(satirist) ස්ටීවන් කොල්බර්ට් විසින් ව්‍යාජ සත්‍යය’(“truthiness”) ලෙස නම් කර ඇති දෙයයි: කරුණු කාරණා හෙවත් පරිසිද්ධි(facts) මත පදනම් නොවූවත් නිවැරදි යයි හැඟියන ලෙස කෙරෙන කියා පෑම් මෙන්ම තම තමන්ගේ කලින් පැවති ආකල්පයන්ට ගැලපෙන හෙයින් ඒවා විශ්වාස කිරීමට ජනතාවට  ඕනෑ දේවල්ය.

මෙකී ව්‍යාජ සත්‍යයට  අප සියළු දෙනා කොපමණ නම් දුරකට ගොදුරු විය හැකිද? සහ එය, වැක්සීනවල ආරක්ෂා සහිත භාවය යන්නෙහි සිට මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසයන් දක්වා පරාසයක පාරිසිද්ධිමය ගැටළු ගැන ධ‍්‍රැවිගත මතවලට තුඩු දෙන්නේ කෙසේද යන්න යන්න මෑතක වසර වලදී මනෝ විද්‍යාඥයන් හා දේශපාලන විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මනුෂ්‍යයන් සඳහා ඇති ලතින් භාෂා යෙදුමෙහි තේරුම වන්නේ ‘බුද්ධිමත් මිනිසා’ යන්නය. ඉතින් පලහිලව්ව වන්නේ අපේ මත හැඩ ගැස්වීමේ දී එවන් ‘බුද්ධිමත් මිනිසෙකුගෙන්’ අප බලාපොරොත්තු වනවාට වඩා අඩු වැදගත් කමක් පරිසිද්ධි සඳහා  ලබාදීමයි.එපමණක් ද නොව ප‍්‍රශ්නය උග‍්‍ර වන බවක් ද පෙනී යයි. කෙසේ වෙතත්, පාරිසිද්ධිමය තොරතුරු සම්බන්ධයෙන් අපට පක්ෂග්‍රාහී, අපුර්ණ අදහසක් ඇත්තේ මන්දැයි ද එය කොයිකලක විද යන්න ගැන පර්යේෂකයෝ කරුණු සොයති. අපේ ඇස් වැසුම් ඉවත් කළ හැක්කේ කෙසේ දැයි දැන ගැනීම පිණිස එය ඔවුනට උපකාරීවනු ඇත.

අපි මුලින්ම එක් කාරණාවක් තහවුරු කර ගමු: පරිසිද්ධි කදිමය. ඒවා අපහසු, අසීරු මෙන්ම ඇතැම්විටක, කරදරකාරී සේ පෙනියා හැකිය. එහෙත් සමාජයක් හැටියට සාර්ථකත්වයට පත් වන්නට අපට අපේක්ෂා කළ හැක්කේ තර්කානුකූල, කරුණු කාරනා පදනම් කර ගත් පිළියම්,  ප‍්‍රතිකර්ම වැළඳ ගැනීමෙන් පමණකි. “පොදුවේ පිළිගත් පරිසිද්ධි කට්ටලයක් මත පදනම්ව අප සාකච්ඡා කළ යුතුවේ. මන්ද,  එහෙම කරන්නේ නැතිනම්  අපට ඵලදායී ප‍්‍රජාතාන්ත‍්‍රික විවාදයක් පැවැත්වීම දුෂ්කර වන නිසයි” නිව් හැම්ස්ෂියර්, ඩාට්මවුත් විද්‍යාලයේ බ්‍රෙන්ඩන් නයිහෑන් කියයි.

තාර්කනික අනුභුතවාදීන්ගේ ලෝකයක දී නම් අපට පරිසිද්ධි මෙන්ම සාක්ෂි සැලකිල්ලත් කිරා මැන බැලීමෙන් අප පිළි ගන්නේ කුමන කියාපෑම් ද ප‍්‍රතික්ෂේප කරන්නේ කුමන ඒවාද යන්න තීරණය කළ හැකිය. එහෙත් අප ඉන්නේ එවන් තාර්කනික ලෝකයක නොවේ. අප පක්ෂපාතීය, පූර්ව මත දරන්නේය(biased). ලේ මස් නහර වලින් සැදුම් ලත් සැබෑ මිනිසුන්ගේ සැබෑ ලෝකයේ විචාර තර්කනය බොහෝ විට ආරම්භ වන්නේ, තහවුරු වූ නිගමන වලින්ය. එයින් පටන්ගෙන, අප දැනටමත් විශ්වාස කරන දේවල් තහවුරු කිරීමට වුවමනා, ඒවාට සහාය දැක්වෙන ‘පරිසිද්ධි’ කරුණු කාරනා සෙවීමට ආපහු වෙහෙසීමටය. එපමණක් ද නොව, අප විශ්වාස කරන දෙයට පටහැණි කරු කාරණා හෙවත් පරිසිද්ධි අප වෙත ඉදිරිපත් කරනු ලැබුවහොත්, ඒවා බැහැර කිරීම පිණිස දක්ෂ ක‍්‍රම සොයා ගැනීමට ද අපි සමත් වන්නෙමු. අප ඇත්තටම වඩාත් ළන්වන්නේ වාස්තවික විද්‍යාඥයෙකුට වඩා ප‍්‍රයෝගකාරී විත්තියේ නීතිඥයෙකුටය.

මා අභිපේ‍්‍රරණයවන්නේ කුමකින් ද?

මේ නීතිඥ වෘත්තිමය නැඹුරුව මනෝ විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ අභිපේ‍්‍රරිත තර්කනය(motivated reasoning) හැටියටය. නිදසුනක් ලෙස දේශගුණ විපර්යාසය සැලකිල්ලට ගන්න: මෙහිදී විද්‍යාව හරි කෙළින්ය, දෙබිඩි ගතියක් නැත: දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින අතර එය බල ගන්වන්නේ මානව ක‍්‍රියාකරකම්ය. එහෙත්, මේ බව නොතකා එමෙන්ම, අපෙන් පසුව පැවත එන්නන්ට ඉන් ඇතිවන අවදානම් ද නොතකා බොහෝ දෙනා දේශගුණ විපර්යාසයන් සිදුවන්නේ නැති බව තවමත් කියා සිටිති. මෙහි ප‍්‍රධාන බලවේගය, (විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය තුළ) දේශපාලන මතවාදයයි. ඇමරිකා එක්සත් ජනපදය 2016 ජනාධිපතිවරණයට මාසයකට කලින් පිව් පර්යේෂණ මධ්‍යස්ථානය(Pew Research Center) නිකුත් කළ සමීක්ෂණයකින් දැක්වුණේ දේශගුණ විපර්යාස සිදුවන්නේ යයි  විද්‍යාඥයන් දන්න බවද, ඊට හේතුවන කාරණා ගැන ඔවුනට අවබෝධයක් ඇති  බවද හෝ ඔවුන් සම්පූර්ණයෙන්ම සහ ඉතා නිවැරදිව තම සොයා ගැනීම ඉදිරිපත් කරන බවද  පිළිගැනීම ගතහොත්,  ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් හා සසඳන තැන රිපබ්ලිකන් පාක්ෂිකයන් එම මතය විශ්වාස කිරීමට ඇත්තේ අඩු ඉඩක් බවය. එපමණකින් නොනැවතී,  විද්‍යාඥයන් විසින් සිදු කරන ලබන පර්යේෂණ වලට මුල් වන්නේ විද්‍යාඥයන් සිය  වෘත්තිය දියුණුව ගැනම  කල්පනාකිරිම  සහ දේශපාලන මත අනුව ක්‍රියා කිරීම යයි ඔවුන් (රිපබ්ලිකන් පාකෂිකයන්)පිළිගැනීමටද  වැඩි ඉඩක් ඇත.

Related image

මෙය විද්‍යාව පිළිබඳ නොදැනුවත්කම හෙවත් විද්‍යා අසාක්ෂරතාව(scientific illiteracy)    යෙහි ඵලයක් යයි සිතීමට බොහෝ ලිබර්ල් වාදීහු කැමැත්තාහ. එයට පිළියම් යෙදුවොත් සියල්ලන්ම එකම ආස්ථානයකට ගෙන ආ හැකිවේ යයි ඔවුහු අදහස් කරති. හැබැයි එය ඉතින් අඩමානයක්ම තමයි. මන්ද, යේල් සරසවියේ ඩෑන් කහාන් සිදු කළ අධ්‍යයන වලින් පෙනී යන්නේ, ලිබරල්වාදීන්ට ප්‍රතිවිරුද්ධව කන්සවටීව් මතධාරීන් ගතහොත් දේශගුණ විපර්යාසය පිළිගැනීමට  අඩුම කැමත්තක් ඇත්තේ වඩාත්ම විද්‍යාත්මකව සාක්ෂරතාව  ඇති අය බවයි. ‘‘දේශගුණ විපර්යාසය ගැන මතවාද දෙකොණකට ධ‍්‍රැවී ගතවෙන්නට හේතුව ප‍්‍රශ්න තේරුම් ගැනීමට හැකියාව නොමැතිකම නොවෙයි’’ කහාන් කියයි, “විද්‍යාත්ම තොරතුරු වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැකි අය තමයි වඩාත් ධ‍්‍රැවී ගත වී ඉන්නේ”. කාහන් කියන හැටියට මේ පැහැදිලිව පෙනෙන  විරුද්ධාභාසය යොමු වන්නේ පේ‍්‍රරිත විචාර බුද්ධියටයි (motivated reasoning): විද්‍යාත්මක තොරතුරු හැසිරවීමට කෙනෙකුට ඇති හැකියාව ඉහළයත්ම සත්‍යයන් බැහැර කරමින් තමන්ගේම නැඹුරුතා තහවුරු කිරීමේ හැකියාව ද ඉහළින් පවතී. දේශගුණ විපර්යාස ප්‍රතික්ෂේප කරන්නන් ගතහොත්, අභිපේ‍්‍රරණය යනු බොහෝ විට නිදහස් වෙළඳ පොළ චින්තනය අනුමත කිරීම යයි එම අධ්‍යයනය පෙන්නුම් කරයි. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමේ දී අවශ්‍ය වන රජය ව්‍යාපාර පාලනය කිරීමට එරෙහි විරෝධතා මෙම චින්තනයෙන් බල ගැන්වේ.‘‘නිදහස් වෙළඳ පොළ ගැන මම මිනිසුන්ගෙන් ප‍්‍රශ්න හතරක් ඇසුවොත්, දේශගුණ විද්‍යාව ගැන ඔවුන්ගේ ආකල්ප සියයට 60 ක නිවැරදිතාවයකින් මට පුරෝකතනය කරන්න පුළුවනි’’ යයි එක්සත් රාජධානියේ බි‍්‍රස්ටල් සරසවියේ මනෝ විද්‍යාඥයෙකු වන ස්ටීවන් ලෙවැන්ඩව්ස්කි කියා සිටියි.

කෙසේ වෙතත් ලිබරල්වාදී ආත්ම තෘප්තියට මෙතැන ඉඩක් නැත. ගිනි අවි පාලනය ගැන සිතා බලන්න. ගිනි අවි නීති දැඩි කළ යුතු යයි කියා සිටීමට ලිබරල්වාදිහු පෙළඹෙති. මන්ද, ගිනි අවි අඩුවීම යනු ගිනි අවි අපරාධ අඩු වීමක් බවට පෙරළේය යන්න ඔවුන්ගේ තර්කයයි. ඊට  කන්සර්වටිව් මතධාරීන් සාමාන්‍යයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ ජනතාව අතර ගිනි අවි හිඟවෙත්ම අපරාධකරුවන්ට දණ්ඩ මුක්තියෙන් (impunity) යුතුව(ඒ කියන්නේ තමන්ට වෙඩි පහර  එල්ලවන්නේ නැතිව) අහිංසකයන්ට පහර එල්ල කළ හැකි බව පෙන්වා දෙමිනි.

අපරාධවේදීන්ගේ (criminologists) ඉතා යහපත් ප‍්‍රයත්නයක් දැරුවද මේ සම්බන්ධයෙන් ඇති සාක්ෂි මිශ‍්‍රය. එහෙත් කහාන් අනාවරණය කරගෙන ඇත්තේ ගිනි අවි පාලනයෙහි විපාක ගැන ඇති සංඛ්‍යාලේඛනාත්මක තොරතුරු කෙරෙහි ලිබරල්වාදීන් මෙන්ම කන්සර්වටිව්වාදීන් යන දෙගොල්ලම ප‍්‍රතිචාර දක්වන්නේ එකම ආකාරයට බවයි : තම තමන්ගේ දේශපාලන කණ්ඩායමේ විශ්වාසයන්ට ගැලපෙන දේවල් ඔවුන් පිළිගන්නා අතර එසේ නොගැලපෙන දේ බැහැර කරති. මේ අන්දමට නැවතත් ඔප්පු කරන්නේ එය බුද්ධිය පිලිබඳ දෙයක් ලෙස නොසලකන බවයි: ‘‘කෙනෙකුගේ ගණිත හැකියාව(numerate)  වැඩි වන්ට, වැඩි වන්ට දත්ත පිළිබඳ ඔහුගේ පර්යාලෝකය නැතිනම් දර්ශනය විකෘති සහගතය’’ යයි කහාන් කියා සිටියි.

මරණ දඩුවම පැනවීම,  මත් ද්‍රව්‍ය නීතිගත කිරීමේ සිට සහ සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම දක්වා වූ අනෙකුත් විවාදශීලී ප‍්‍රශ්න සම්බන්ධයෙන් ද  අපට ඇත්තේ පටු දැක්මකි. ඇත්ත වශයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ජනමතවරණය, මත විකෘති කිරීමට, අභිපේ‍්‍රරිත විචාරයෙහි(motivated reasoning) ඇති  බලය ගැන අවධානය ඇද ගන්නාසුළු තවත් සිද්ධි අධ්‍යයනයක් ඉදිරිපත් කරයි.

(මෙහි ඉතිරි කොටස ලබන  බ්රුහස්පතින්දෑ thathu ගෙන එයි)

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි SEEING REASON:What’s my motivation? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: