පිරික්සීම අඩුකර ගැබ්ගෙල පිළිකාව දුරුකිරීම

ඉස්සර කිවේ නිතර පරික්ෂා කරන්න කියලයි. එත් දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ පරික්ෂාව අඩුකර ප්‍රතිපල වැඩි කරගන්නයි.
අඩුවෙන් පරික්ෂාකිරිම් අවශ්‍යවන ගර්භාෂයේ ග්රීවය(cervix of the uterus ) හෙවත් ගැබ්ගෙල පිරික්සුම් වැඩසටහනක් ප්‍රථම වරට හඳුන්වාදෙන ලෝකයේ රටවල් අතුරෙන් එකක් බවට පත්වීමට ඔස්ට්‍රලියාවට හැකියාව ලැබෙයි. පසුගිය දෙසැම්බරයේ සිට එරට කාන්තාවන් අවුරුදු දෙකකට වරක් සිදුකෙරන පැප් පරික්ෂාව හෙවත් පැප් ආලේප පරික්ෂාව() වෙනුවට වසර පහකට වරක් සිදුකරන මානව පැපිලෝමාවෛරස පරික්ෂාවකට(human papillomavirus – HPV) යොමු වීමට අවස්තාව ලැබී ඇත. මේ පරික්ෂාව මගින් ගැබ්ගෙල පිළිකා අවදානම සියයට 22 කින් අඩුකිරීමට මග පෑදෙතයි විශ්වාස කෙරේ. මන්ද එමගින් රෝගය, එහි මුල් අවස්ථාවකදීම සොයා ගැනීමට හැකිවන හෙයිනි.
පැපිලෝමාවෛරස
මානව පැපිලෝමාවෛරස(HPV) වර්ග ගණනාවක්ම ඇති නමුත් බොහොමයක් ඒවා මගින් ප්‍රශ්න අතිකෙරෙන්නේ නැත. සිරුරට වැළඳීමෙන් පසුව මාස කිහිපයක් ඇතුළත කිසිම මැදිහත්වීමකින් තොරව, HPV ආසාදන සාමාන්‍යයෙන් පහව යයි. තවද, වසර දෙකක ඇතුළත 90%ක් පමණම පහව යයි. කෙසේවෙතත්, ඇතැම් HPV වර්ග හේතුවෙන් හටගන්නා ආසාදන සුළු ප්‍රමාණයක් කල්පැවතිය හැකි අතර පිලිකා ලෙස වර්ධනය වීමට හැකියාව තිබේ.
— ලෝක සෞඛ්‍ය සංවිධානය
HPV පරික්ෂාවට මුලින්ම මාරුවූ රට වන්නේ නෙදර්ලන්තයයි. ඒ පසුගිය ජනවාරියේය. එක්සත් රාජධානිය සහ නවසීලන්තය ඉක්මනින් ඒ අනුව යන බව ප්‍රකාශ කෙරුණු අතර ඉතාලිය සහ ස්වීඩනයද ඒ ගැන සැලකිල්ල යොමුකරයි. ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ට මුදල් ගෙවා HPV පරික්ෂාව සිදු කර ගත හැකි නමුත් ඒ සඳහා තවමත් එරට සංවිධානාත්මක පිරික්සුම් වැඩසටහනක් නැත.
මෙතෙක් ප්‍රචලිතව තිබු පැප් ආලේප පරික්ෂාව මගින් සොයනු ලබන්නේ පිලිකාවට මග පෑදීය හැකි අන්දමින් ග්රීව සෛලවල හටගන්නා අසාමාන්‍ය වෙනස්කම්ය. එහෙත් HPV පරික්ෂාවෙන් මුල් වශයෙන්ම සොයාගනු ලබන්නේ එවන් අසාමාන්‍යතා සියයට 99කට වැඩියෙන් හටගැනීමට හේතුවන ලිංගිකව සම්ප්‍රේෂණයවන පැපිලෝමාවෛරසයයි. HPV ආසාදන මගින් පිළිකාව සෑදීමට වසර ගණනාවක් — සාමාන්‍යයෙන් වසර 10ක් හෝ වැඩි ගණනක් ගතවන හෙයින් මෙම පරික්ෂාව සෑම වසර පහකට වරක් සිදු කළ හැකිය.
ඔස්ට්‍රලියාව පැප් පරික්ෂාව වෙනුවට මෙම HPV පරික්ෂාව වෙත යොමුවූයේ රජයේ වියදම් කපාහැරීමේ පියවරක් ලෙසින්දෝ හෝයි සමහරු සැක පහල කරති. එහෙත් නිව් සවුත් වේල්ස් පිළිකා සංගමයේ කැරෙන් කැන්ෆෙල් කියා සිටින්නේ එය එසේ නොවන බවයි. “ එය වෙන කිසිවක් නොව අලුත්ම තාක්ෂණය හඳුන්වා දීමයි. ඒ වගේම කාන්තාවන්ට වැඩිම ආරක්ෂාවක් සපයා දිමයි” ඇය කියා සිටියි.
New Scientist හි පළවූ Screen less to cut cervical cancer යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න