අතථ්‍ය අණු මගින් මළගිය කළු තාරකා නිර්මාණය කළ හැකියි

Posted by

 

පහත ඔබට පෙනෙන්නේ ඇත්තටම සූර්ය ග්‍රහණයක ඡායාරූපයකි.  මේ ලිපිය සඳහා කළු තාරකාවක ඡායාරූපයක් භාවිත කළ යුතුව තිබුණ ද එවැනි කළු තාරකා ඡායාරූප ඇත්තේ නැත.

විශ්වය තුල දල රික්තකයක දේ නමමින් අභ්‍යන්තරයට කඩාවදින කළු කුහරයක් බවට පත්වන අති දැවැන්ත මළගිය තාරකාවක් තිබෙන්නට පුළුවන් යයි විද්‍යාඥයන් පිරිසක් කියා සිටිති.  පෙබරවාරි මුල Physical Review Letters සඟරාවේ පළවූ වාර්තාවකින් එළඹෙන නිගමනය එයයි. ‘ ගුරුත්ව තාරකා‘ සහ ‘කළු තාරකා‘ යනුවෙන් දැක්වෙන වස්තූන් අවබෝධ කරගැනීම පිණිස ප්‍රථම පරිපූර්ණ න්‍යායාත්මක  රාමුවක් ඉන් සැපයේ. මේවා වඩාත් ප්‍රකට කළු කුහර මෙන් අධිඝනත්වයකින් යුතු, ඇතුළට කඩා වැටුණු තාරකාය. එහෙත් කළු කුහර මෙන් නොව ගුරුත්ව තාරකා සහ කළු තාරකා සිද්ධි පරිමණ්ඩල(event horizons) සෑදෙන තරමට ගණ වන්නේ ද නැත. මෙම ඉමෙන් එහා ආලෝකයටත් ගැලවෙන්නට  නොහැකිය. එය සිදුවන්නේ ‘ක්වොන්ටම් රික්ත ධ්‍රැවනය‘ (quantum vacuum polarization) යනුවෙන් දැක්වෙන  ප්‍රපංචයට ස්තුතිවන්නටය.

Related image

එය ක්‍රියාත්මක වන්නේ මෙසේය:  හිස් අභ්‍යවකාශය ඇත්තටම හිස් නැත, ඒ වෙනුවට  ‘ අතත්‍ය අංශු‘(virtual particles)වලින් පිරුණු අවකාශයක් ඇත  යනුවෙන් නියමයක් ක්වොන්ටොම් යාන්ත්‍රණ විද්‍යාවේ ඇත. මේ අංශු, “භෞතික විද්‍යාව වඩාත්ම යටත් වන්නේ අචල යථාර්ථයන්ට(fixed realities) නොව සම්භාවිතාවයන්ටය”  යනුවෙන් දැක්වෙන පරිසිද්ධිය(fact) මගින් නිර්මිත ඒවාය. අභ්‍යවකාශයේ ඕනෑම තැනක ඇති එක හිස්  ලක්ෂ්‍යයක් තුළ අංශුවකට පැවතීමට සුළු ඉඩකඩක්  තිබීම හේතුවෙන් අභ්‍යවකාශයේ අංශුව එහි ඇතුවාක් මෙන් එම හිස්  ලක්ෂ්‍යය ක්‍රියා කරයි. තවද  එම අතත්‍ය අංශූන් ලෝකය මත සැබෑ බලපෑමක් කරයි. වැඩි කොට ම,  ඒවා ඉතා කුඩා වන අතර නොසලකා හැරීමට පහසුය.

එසේ වුවද වාර්තාවේ  විස්තර කරන සීමාන්තික  අවස්ථාවලදී, ඇතුලට කඩාවැටුණු බරින් යුතු තාරකාවක් තුළ සැඟවී සිටින අංශු ‘ධ්‍රැවණය‘ වී එකිනෙකට වුමනාවට වඩා ළන් නොවන ආකාරයට ස්ථාපනය වේ. ඒවා යම් ආකාරයක පලංචි බවට පත්වී තාරකාව ඉතා කුඩාවට හැකිළී කළු කුහරයක් බවට පත් වීම වළක්වයි.

කෙසේ වෙතත් ඒ ආකාරයෙන් ගුරුත්ව සහ කළු  තාරකා පවතින බව මෙම අධ්‍යයන වාර්තාවෙන් විස්තර කෙරුණේ වි නමුත් එවැනි තාරකා පවතින්නේ යයි ඉන් නිගමනය කළ යුතු නැතැයි පර්යේෂකයෝ පවසති. ඇට්ලැන්ටා හි  එමරි විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ එරික් බොනින් කියාසිටින්නේ පර්යේෂණ වාර්තාව, භෞතික විද්‍යාව ක්‍රියාකරන ආකාරය ගැන ඇතැම් සරල කිරීම් මෙන්ම ඇතැම් උපකල්පන මත විශ්වාසය තබා ඇති බවයි. එමෙන්ම සැබෑ විශ්වයේ වඩාත් සංකීර්ණ කේෂ්ත්‍රය තුළ කිසිදාක එවැනි වස්තූන් හමු නොවන්නත්, කොහෙත්ම නැති වන්නටත්   පවා පුලූවන් බව ඔහු කියයි. බොනින් මෙම අධ්‍යයනයට සම්බන්ධ වූවෙක් නොවේ.

කෙසේ වෙතත් ඒවා පවතින්නේ නම් ඒවා සොයා ගැනීමේ විදියක් ද තිබිය යුතුය: එනම් ඒවයේ  ගුරුත්වාකර්ෂණ තරංග මගිනි. මෙකී අවකාශය කාලයෙහි මෙම රැළිති හටගන්නේ අතිශය දැවැන්ත වස්තූන් ඉතා ඉක්මනින් ත්වරණය හා මන්දනය වන ප්‍රචණ්ඩ අන්තරීක්ෂ පරිමණ්ඩල වල දී ය. සේපියෙන්සා විශ්වවිද්‍යාලයේ  සෛද්ධාන්තික භෞතිකාඥ පාව්ලෝ පානි Scientific American වෙත පවසා සිටියේ ‘අන්තර් ක්‍රියා කරන, පරිමණ්ඩල රහිත ඇතුළට කඩා වැටුණු තාරකා(එනම් ගුරුත්ව තාරකා සහ කළු තාරකා) මගීන් නිර්මිත ගුරුත්වාකර්ෂණ තරංග   කළුකුහර වලින්  ඇතිවන  ගුරුත්වාකර්ෂණ තරංගවලට වඩා වෙනස් බව පෙනී යන්නේය’ යනුවෙනි. කළු කුහරයක් ඒ තුළට කඩා වැටෙන ඕනෑම තරංගයක් අවශෝෂණය කරන නමුත් පරිමණ්ඩල නොමැති තාරකාවක් ඒවා පරාවර්තනය කරන බව පෙන්වා දෙන පානි ඉන් හැඟවෙන්නේ ගුරුත්වාකර්ෂණ තරංග වල යම්තමට දැනෙන දෝංකාරයක් ඇති බව කියා සිටී.

Live Science  හි පළවූ ‘Virtual Particles’ Could Create Dark, Echoing Dead Stars යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.