විචාර දෘෂ්ටිය(SEEING REASON) 2: සිත් වෙනස්කිරීම

මිනිස් මොළය කරුණු කාරනා විකෘති කරයි; අප අපේ සිත් වෙනස් කර ගන්නේ කෙසේ ද?
සිත් වෙනස්කිරීම
සමේ ආලේපනයක් මගින් පලූ කුෂ්ට ඇති කරන්නේ දැයි ඇගයීමේ දී සංඛ්‍යාලේඛනාත්මක තොරතුරු නිවැරදිව අර්ථ දැක්වීමට යුරෝපා සංගමයෙන් වෙන්වන්නට කැමැත්ත දක්වන අයට මෙන්ම රැඳී සිටීමට කැමැත්ත දක්වන අයට ද හැකි බව මුහුණු පොත භාවිතා කරන්නන් 11,000 කට වැඩි පිරිසකගේ ප්‍රතිචාර මත පදනම් වෙමින් මාර්ගගත පෞද්ගලිකත්ව පදනමෙහි(Online Privacy Foundation) පර්යේෂකයෝ සොයා ගත්හ. එහෙත්, තම අදහස් උදහස්වලට හරස්වන සංඛ්‍යාලේඛන — නිදසුනක් ලෙස, අපරාධ ඉහළ යාමට හෝ පහළ යාමට සංක්‍රමණය සම්බන්ධ දැයි කියැවෙන සංඛ්‍යාලේඛන ගැන සලකද්දී ඔවුන්ගේ ගණිතමය හැකියාවන් ඔවුන් අත්හැර යයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනට අභිමුඛවන, හමුවන පරිසිද්ධි, සාක්ෂි හා ගැලපෙන ආකාරයකට ඔවුන්ගේ විශ්වාසයන් යාවත්කාලීන කිරීමට ඔවුනට මග නොපෑදීය. මේ දුර්වලතාව තමයි යුරෝපා සංගමයෙන් වෙන් වන්නට කැමති වූවන්ගේ ව්‍යාපාරය මගින් ප්‍රයෝජනයට ගනු ලැබුවේ. කණ්ඩායමේ සම ආදි කතෘ එරන් බෑන්ක්ස් 2016 දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ කියා සිටියේය: ‘‘රැඳී සිටිය යුතු යයි කියා සිටි අයගේ ව්‍යාපාරය ගත්තොත් එහි කැපිපෙනෙන ලක්ෂණය හැටියට ඉදිරිපත් කෙරුනේ පරිසිද්ධි, පරිසිද්ධි, පරිසිද්ධි, පරිසිද්ධි සහ පරිසිද්ධිය. එහෙම ඇත්තටම හරියන්නේ නෑ. ජනතාව සමග හැඟීම්බරව සම්බන්ධ වෙන්න ඕනෑ. ට්ර්රම්ප්ගේ සාර්ථකත්වයට හේතුව ඒකයි.”
එක්සත් රාජධානියේ බි්රස්ටල් සරසවියේ මනෝ විද්‍යාඥයෙකු වන ස්ටීවන් ලෙවන්ඩවිස්කි වෙනත් ප්‍රශ්නයක් වෙත අවධානය යොමු කරවයි: ඒ තමයි, කුමන්ත්‍රණ න්‍යායන් කෙරෙහි ඇති ආකර්ෂණය! අපි දේශගුණ විපර්යාස ගෙන බලමු. ‘විද්‍යාඥයන් සියළු දෙනාම වැරැද්දක් කර තිබෙනවා’ යයි අපට කියන්න පුළුවන්. ඒත් ඒක ඒත්තු ගන්නවන්න අමාරුයි. ඒ වුණාට ‘විද්‍යාඥයන් සියලූ දෙනාම දූෂිතයි කීවිට එය පහසුය’යි ඔහු පෙන්වා දෙයි. දේශගුණ විපර්යාස කියන්නේ කුමන්ත්‍රණයක් යන්න බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන නමුත් ඒත් ඒ බොහෝ දෙනා අනෙකුත් කුමන්ත්‍රණ න්‍යායන් පුළුල් පරාසයක්ම සනාථ කිරීමට පෙළඹෙන බවද ලෙවන්ඩවිස්කි ගේ කෘති වලින් පෙනේ.
දේශපාලන දෘෂ්ටිය සියල්ල පැහැදිලි නොකරයි. ස්වේච්ඡතාව(බාහිර ලෝකය හා එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්ත්වයක්) සහ සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා වැක්සීනය අතර ව්‍යාජ සම්බන්ධය බොහෝ විට ලිබරල් අදහසවලට ඇති දැඩි කැපවීමක් ලෙස දක්වනු ලබන්නේ වුවද එය දේශපාලනය හරහා ඇතිවන සම්බන්ධයකි. ‘‘වැක්සිනයට ඇති විරෝධය විවිධ ස්වරූප ගන්නා සංසිද්ධියකි. එමෙන්ම පහසු සාමාන්‍යකරණයට මග අහුරයි. වැක්සීන විරෝධි ප්රකාශනවලට හසුවීමට වඩාත් ඉඩකඩ ඇත්තේ කවුදැයි පුරෝකතනය පිණිස ජනගහන සාධකයක් නොමැත” නිව් හැම්ස්ෂියර්, ඩාට්මවුත් විද්‍යාලයේ බ්‍රෙන්ඩන් නයිහෑන් කියයි.
අප සැවොමදෙනාගේ නැතිනම් අප බොහෝ දෙනෙකුගේ ඇස්වලට දමා ඇති වැස්ම ඉවත් කරගෙන නැති බව පැහැදිලිය. එහෙත් පරිසිද්ධිවලට වටිනාකමක් ඇත්තේම නැති තරම යයි පිළිගැනීම කරා අප පිය මැන්නේ කෙසේද? එය සමහර විට අප ප්රවෘත්ති ලබා ගන්නා ආකාරයට සම්බන්ධවනවා විය හැකියි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් එක්කම මුහුණු පොතේ ප්‍රධාන විධායක නිළධාරී මාක් සකර්බර්ග් දැඩි විවේචනයට ලක්විය. ඒ විවේචනය එල්ල වූයේ, බාගදා ලොව විශාලතම මාධ්‍ය යන්ත්‍රය විය හැකි මුහුණු පොත එවන් දැවැන්ත යාන්ත්‍රණයක් කි‍්‍රයාත්මක කිරීමේ දී තිබිය යුතු වගකීම් නොමැතිව එය පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවගෙන් තුනෙක් දෙකක් පමණම ප්රවෘත්ති ලබා ගන්නේ මුහුණු පොතෙනි. එය ඔබට, ඔබ දැනටමත් දැක ඇති පුවත් වලට සමාන ප්රවෘත්ති ගෙන ඒම සඳහා ක්‍රමලේඛගත කර ඇත. බොහෝ විට එය ඔබට සැපයෙන පුවත් සේවාවන්ට සම්බන්ධව සිටින, මතවාදීව සහ දේශපාලනිකව වඩාත් ක්‍රියාකාරී අය බෙදා හදාගත් ඒවාය.
අභිපේ‍්‍රරිත තර්කනය මත එය විස්තාරණයට නැතිනම් විශාල කිරීමකට මග පාදන බලපෑමක් ඇති කරන්නේ කෙසේ ද යන්න දැක ගැනීම අසීරු නැත. එමෙන්ම, පරිසිද්ධි සම්බන්ධයෙන් අපට ඇති ගැටළු වඩාත් තිව්ර වී ඇත්තේ මන්දැයි යන්න සමාජ මාධ්‍යයේ නැගීම මගින් මනාව පැහැදිලි වනු ඇත. අපගේ නැඹුරුතා තහවුරු කෙරෙන පුවත්ම මෙන්ම අදහස් උදහස්ම රැව් පිළිරැව් දෙන කුටි වෙත ඉබාගාතේ ඇවිදගෙන ගොස් ඇතුළුවීම මේ කාලයේ පහසුවෙන්ම කළ හැක්කකි. එම කුටිවල ප්රතිරාවය නගන්නේ එපමණක් නොවේ. මුසා බස්, කටකතා සහ කුමන්ත්‍රණ න්‍යායයන් වඩාත් පිළිගත මූලයන්ගෙන් එන පුවත් හා එකිනෙක තෙරපෙනු, පොරකනු දැකිය හැකිය. ඉතින් ඔබට පරිසිද්ධිවල බලය ආපසු ගොඩ නැගීමට අවශ්‍ය නම් කල යුත්තේ විශාල පරිමානයන්ගෙන් අපට ප්රවෘත්ති සපයන්න්නේ, බෙදා හරින්නේ කෙසේ ද යන්න ගැන යළි සිහි බුද්ධියෙන් කල්පනා කර බැලීමයි.
එහෙත්, සමාජ මාධ්‍යය පෙරහන බුබුල පුපුරා ගොස් අප සියලුදෙනා සත්‍යයන්ට නිරාවරණය වුවද එය ප්‍රමාණවත් නැත. එක්සත් රාජධානියේ එක්ස්ටර් විශ්ව විද්‍යාලයේ දී නයිහෑන් සහ ජෝන් රයිෆල් යන දෙදෙනා දෙමාපියන් 1700 ක් දෙනා යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයක් පෙන්නුම් කළේ සෞඛ්‍ය ප්රචාරක මෙහෙයුම් වලදී බොහෝ විට යොදා ගන්නා ආකාරයේ පරිසිද්ධි පාදක කරගත් පණිවුඩ ඵලරහිත බවයි. එපමණක් නොව ඇතැම් අවස්ථාවල අපේක්ෂිත අරමුණට පටහැණි ප්‍රතිඵල ද ඇතිවේ. මෙන්න නිදසුනක්: MMR වැක්සිනය හේතුවෙන් ස්වේච්ඡතාව(autism) හට ගන්නේය යයි යන කියාපෑම බොරුවක් බව හෙළි කළ පණිවුඩ නිදසුනක් ලෙස දක්වතොත් එකි මිථ්‍යා මතය පහ කිරීමට එම පණිවුඩ යම් තාක් උපකාරී වූවා සේම වැක්සීන ගැන ප්‍රසන්න ආකල්ප රහිත දෙමාපියන් තුළ වැක්සීනය ලබාදීමට තිබූ අභිප්‍රාය ඇත්තටම හීන කිරී එම පණිවුඩ මට බලපෑවේය. මේ ආකාරයටම, MMR මගින් වළකානු ලබන රෝග වලින් පීඩා විඳින දරුවන්ගේ අනුරූප දැකගැනීමට ලැබීමෙන් වැක්සිනය ගැන සැකයෙන් පසුවන දෙමාපියනට ඔවුන් කලින් හිටියාටත් වඩා වැක්සීනය ලබාදීම අදහසින් තව තවත් ඈත් කිරීමට ඉවහල් විය. නයිහෑන් සහ රයිෆ්ලර් මෙය හඳුන්වන්නේ ‘‘ආපසු කැරකීමේ ආචාරණය’’ (බලපෑම) ලෙසිනි.
මිථ්‍යාමත පලවා හැරීම කාලය නාස්ති කිරීමක් යයි මින් නොකියැවේ. 2016 ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී මෙය ඔලිම්පික් ක්‍රීඩාවක් තරමේ ජනප්රියතාවයකින් ජයටම කෙරීගෙන ගියේය. කරුණු කාරණා සෝදිසි කර බැලීම, තම මුල් බැසගත් පූර්ව මතයන්ට පටහැනි වන්නේ නමුත් තම විශ්වාසයන්ගේ නිරවiතාව වැඩිදියුණු කළ බව 2014 මැදවාර මැතිවරණයේදී නයිහෑන් සහ රයිෆ්ලර් දෙදෙනාට පෙනී ගියේය. ඩිමොක්රැටික් පාක්ෂිකයෙකුගේ කියා පෑමක් බොරු බව පෙනී ගිය විට ඔවුන් සිය විශ්වාසයන් යාවත් කාලීන කිරීමට ක්‍රියා කළ අතර රිපබ්ලිකන් පාක්ෂිකයෝ ද එලෙසම කළහ.
නිව්යෝක් සයිරකූස් විශ්ව විද්‍යාලයේ එමිලි තෝර්සන් ද මේ ආකාරම චිත්‍රයක් මවයි. ඇමරිකා එක්සත් ජනපදය ණය අතුරෙන් චීනය කොපමණ අත්පත් කරගෙන තිබේ ද ශුභ සාධන වාසි ලබා ගැනීමට ෆෙඩරල් රජයේ කාල සීමාවක් පනවා ඇත්ද? සහ සමාජ ආරක්ෂණය සඳහා මුදල් වැය කරන්නේ කවුද? ගැන ඇති වැරදි අවබෝධයන් එක් නිරවද්යකාරකයක් හෙවත් නිවැරදි කිරීමේ එක් තනි ප්‍රකාශයක් මගින් බිඳ දැමීමට හැකි බව ඇයට පෙනී ගොස් ඇත.
එහෙත් නරක ආරංචිය ලෙස දැක්විය හැක්කේ, වඩාත් මතභේදාත්මක හෝ වඩාත් ප්රමුඛ ප්‍රශ්න සම්බන්ධයෙන් මිථ්‍යාව බිඳ දැමීමේ බලය හීනවන බවයි. ‘‘මිථ්‍යාව බිඳ දැමීම වඩාත් ඵලදායී වන්නේ ප්රජාතන්ත්රවාදය වැනි අවධානය අඩුවෙන් යොමුවෙන මාතෘකා වලදී තමයි. “කොටින්ම කිවොත් ඔබාමා ඇමරිකාවේ උපන් අයෙකු නොවේ යනුවෙන් ජනතාව තුළ තිබූ විශ්වාසය කෙරෙහි ඔබාමාගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීම පවා ඇති කළේ සීමිත බලපෑමක්’’ යයි නයිහෑන් පෙන්වා දෙයි. තවද, නිවැරදි කිරීම් වල බලපෑමක් තිබුණේ වී නමුත් මුලින් සිදු කල ප්‍රකාශය හේතුවෙන් ඇතිවන කැලල බොහෝ විට නොමැකී පවතින බව තෝර්සන්ගේ පර්යේෂණ වලින් පෙන්නුම් කෙරේ. ඇය මේ ප්රපංචය හඳුන්වන්නේ ’විශ්වාසයන්ගේ ප්රතිරාවය’ යනුවෙනි.
එසේ වුවද තෝර්සන් සුබවාදීව පසුවෙයි. 9/11 සිදුවෙච්ච ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය සම්බන්ධ කුමන්ත්‍රණ න්‍යාය හෝ ඔබාමාගේ උපන් රට ආදිය සම්බන්ධයෙන් මිථ්‍යාව පරාජය කරද්දී ඇත්තටම කළ කිරෙන්න පුළුවන් උනත් ආකල්ප වෙනස් කිරීම සම්බන්ධයෙන් පරිසිද්ධි යොදා ගැනීමට තවමත් බොහෝ ඉඩ ප්‍රස්තා තිබෙන බව ඇය පෙන්වා දෙයි.
(මෙහි අවසන් කොටස ලබන බ්රුහස්පතින්දෑ thathu ගෙන එයි)
NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි SEEING REASON:Changing minds යන කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න