මියන්ගේ පිළිකා සාර්ථකව සුවකරන ‘පිළිකා’ එන්නතක්!

Posted by

මියන්ගේ ‘ටියුමර’(අර්බුද) සියයට අනු හතක් දක්වා සාර්ථකව සුව කිරීමට සමත් වූ නව පිළිකා එන්නතක් ළඟදීම මුල්වරට මිනිසුන් අතරෙත් අත්හදා බැලීමට යයි.  එහෙත් විශේෂඥයන්  හිතෙන්නේ පිළිකා රෝගීන්ට එවැනි ඖෂධයක් නියම කිරීමට නම් තවත් බොහෝ කාලයක් ගත වනු ඇති බවයි.

ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මේ වසර අවසාන වනවිට ලිම්ෆෝමාව(lymphoma) හෙවත් වසා ගැටිතිවල මාත්සරික අර්බුද රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් තිස් පස් දෙනකු යොදා ගෙන පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව සං ෆ්රන්සිස්කොවේ ප්‍රවෘත්ති සේවාවක් වාර්තා කරයි. ඔබ ප්‍රතිකාර ක්‍රමයේ දී සිදු වන්නේ පිළිකා සෛලවලට එරෙහිව සටන් වැදීමට අපේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය(immune system) උත්තේජනය කිරීමයි. ලිම්ෆෝමාව, පුරීතත පිළිකා(colon cancer මහබඩවැලේ අග කොටස), පියයුරු පිළිකා ඇතුළුව විවිධ පිළිකාවන්ට  භාජන වූ  මීයන් අනූ දෙනෙක් සම්බන්ධ කෙරුණු අධ්‍යනයක දී  ඉන් අසූ හත් දෙනෙක් ගේ පිළිකා — ශරීරයේ වෙනත් කොටස් වලට පවා පිළිකාව පැතිර ගොස්  තිබියදීත්– සුව කිරීමට සමත් වී ඇත.

Image result for cancer

මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ, නිව්යෝක්, වෙස්ට්චෙස්ටර් හි සෞඛ්‍ය පිළිකා ආයතනයේ,  පියයුරු ශල්‍යකර්ම ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා වෛද්‍ය ඇලිස් පොලිස් කියා සිටියේ නව ප්‍රතිකාර ක්‍රමය මිනිස්සුන් යොදා  පරික්ෂා කිරීමට යාම  ගැන අසන්නට ලැබීම සිත් ප්‍රබෝධමත්  කරන ආරංචියක් බවයි. කෙසේ වෙතත් ඇය අනතුරු අඟවන්නේ සතුන් යොදා කරන අධ්‍යයන හැමවිටමත් මිනිසුන් අතරේ සාර්ථක නොවන්නට ඉඩ තිබෙන බවටයි. “මියන්ගේ පිළිකා බොහොමයක්  සුව කිරීමේ හැකියාව අපට දිගු කාලයක් තිස්සේ තිබුණා. එපමනක් නොව යෝජිත මිනිස් පරීක්ෂණ  ලිම්ෆෝමාව සම්බන්ධයෙන් පමණයි. ඉතින් පුරීතත පිළිකා, පියයුරු පිළිකා වැනි අඑකුත් පිළිකා වර්ග වලටත් මේ ප්‍රතිකාරය සාර්ථකවේද යන්න නිගමනය කිරීමට තව දීර්ඝ කාලයක් ගතවේවි” පොලිස් වැඩිදුරටත් සඳහන් කරයි.

නව ප්‍රතිකාර ක්‍රමය ඇත්තටම තාක්ෂණික වශයෙන් ගතහොත් වැක්සිනයක් නොවේ. වැක්සිනයක් යනු  රෝගයකට එරෙහිව දිගුකාලීන ප්‍රතිශක්තිය ලබාදීමයි. කෙසේවෙතත් මෙම නව ප්‍රතිකාර ක්‍රමයේදී ද  වැක්සිනයක් බඳු එන්නතක්  සම්බන්ධ වන  නිසා එම නම පට බැඳුණා වියහැකියි.

Image result for T cells

එහෙයින් මෙය වැක්සිනයකට වඩා එක්තරා අන්දමක ‘ප්‍රතිශක්ති චිකිත්සාවක්’ (immunotherapy)  ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යය. ප්‍රතිකාර ක්‍රමයෙහි අඩංගු කාරක ද්‍රව්‍ය දෙකක් T සෛල ප්‍රාණවත් කිරීමේදී සහක්‍රියාකාරිව කටයුතු කරයි.  මෙකි T සෛල ඒ වනවිටත් ටියුමර අභ්‍යන්තරයේ තිබු ඒවාට පිළිකා විශේෂිත ප්‍රෝටීන හඳුනාගැනීමේ ‘පෙර-පුහුනුවක්’ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

නව ප්‍රතිකාර ක්‍රමය ක්රියාත්මකවන්නේ මෙකි T සෛල යලි ප්‍රාණවත්කිරීමෙනි.  පර්යේෂකයන විසින් කෙලින්ම ටියුමරය තුලට විදිනු ලැබේ.  සාමාන්‍යයෙන් සිරුරේ T සෛල ශරීරය තුල අස්වාභාවික සෛල හඳුනා ගනිමින් ඒවා තෝරා ඒවාට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනියි. එහෙත් ටියුමරය  වර්ධනය වෙද්දී එය T සෛලවල ක්‍රියාකාරිත්වය යටපත් කරන අතර තවදුරටත් පිළිකාව මර්දනය කරගෙන තබා ගැනීමට නොහැකිවේ.  නව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ T සෛල යළි ක්‍රියාකාරී කරවීමෙනි.

“අප ‘ප්‍රතිශක්ති චිකිත්සාවේ’ තවත් අඩියක් ඉදිරියට තබා ඇත, එහෙත් එහි යා යුතු මඟ තවත් දීර්ඝය” යි පොලිස් කියා සිටී.

මෙම නව පරීක්ෂණය හඳුන්වන්නේ අදියර එකේ අධ්‍යයනයක් ලෙසය(phase I study). ඉන් තේරුම් යන්නේ මෙහිදී  පරික්ෂා කරනු ලබන්නේ ප්‍රතිකාරයේ ආරක්ෂාව ගැන  පමණකි යන්නය. එසේ නැතිව ප්‍රතිකාරය කොපමණ දුරට ඵලදායි දැයි තීරණය කිරීම පිණිස එය සැලසුම් කර නොමැත.

Live Science හි Cancer ‘Vaccine’ Cured 97% of Tumors in Mice. What’s That Mean for People? යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.