සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා: මනුෂ්‍යයාගේ වර්ධනය

මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය  මත අනෙකුත් ජීව ස්ව රූප අතර අපි සුවිශේෂි වන්නෙමු.  එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන්  මිනිස්  විශේෂය සතු  සිතීම, පරිකල්පනය, නිර්මාණය  සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.

අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා  ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.

මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.

Related image

 

මනුෂ්‍යයාගේ වර්ධනය

මිනිසෙකු වර්ධනය වන්නේ තනි සෛලයකිනි. ඩිම්බ සෛලයක් සහ ශුක‍්‍රාණු සෛලයක් එක්වීමෙන් සෑදෙන තනි සෛලයකිනි. ඒ දෙකම, භාගය බැගින් සෛලයේ ජානමය තොරතුරුවලට දායක වෙයි. සාමාන්‍යයෙන් එක් ඔසප් චක‍්‍රයක් තුළ එක් සෛලයක් ලෙසට ස්ති‍්‍රන්ගේ ඩිම්බ කෝෂයේ පරිණත ඩිම්බ සෛල නිපදවේ.,  පුරුෂයන්ගේ වෘෂණ ශුක‍්‍රාණු සෛල නිපදවයි. ඒවා නිපදවන්නේ අති විශාල ගණනනි. ඩිම්බ සෛලයක් ශුක‍්‍රාණුවක් මගින් සංසේචනය සාමාන්‍යයෙන් සිද්ධවන්නේ ශුක‍්‍රාණු සෛල බීජ සෛලයක් අසල තැන්පත් වූ විටය. එහෙත් එසේ තැන්පත්වූ පලියටම සංසේචනය හැම විටමත් සිද්ධ වන්නේ නැත. ශුක‍්‍රාණු තැන්පත් කිරීම  ස්ති‍්‍රයගේ ඔසප් චක‍්‍රයේ බීජයක් නොමැති අවස්ථාවක සිදුවීම ඊට හේතු විය හැකිය. නැතිනම් සහකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට ජීව්‍ය ලිංගික සෛලයක්(viable sex cells) නිපදවීමට නොහැකියාව නිසා වෙන්නටත් ඇත. තවද, ශුක‍්‍රාණු බෙලහීන කිරීමට, බීජය වෙත ශුක‍්‍රාණු යාම අවහිර කිරීමට, බීජ මුදාහැරීම වැළැක්වීමට හෝ සංසේචිත බීජය සාර්ථකව අධිරෝපණය කිරීම(implanting ) වැළැක්වීමට ප්‍රතිසන්ධිරෝධක ක්‍රම හෙවත් උපත් පාලක පියවර යොදා ගත හැකිය. ගර්භනී භාවය වැළැක්වීම හෝ ගර්භනීභාවයට පහසුකම් සැපයීම සමාජ සම්මතය, ආචාර ධර්ම, ආගමික විශ්වාස හා දේශපාලනය පවා පිළිබඳ ගැටලූ මතු කරයි.

Image result for human development stages

ප‍්‍රතිසන්ධියෙන් හෙවත් ගැබ් ගැනීමෙන් පැය ස්වල්පයක් ඇතුළත සංසේචිත බිජුව එකිනෙකට අනන්‍ය සෛල දෙකක් ලෙස විභාජනය වෙයි. ඒවා ද එලෙසම විභාජනය වෙමින් මේ කි‍්‍රයාදාමය දිගටම සිදුවන්නේ කුඩා ගෝලයක් සෑදීමට ප‍්‍රමාණවත් තරම් එකතුවන තෙක්ය. දින කිහිපයක් ඇවෑමෙන් මේ ගෝලය ගර්භාෂයේ බිත්තියෙහි ගිල්වෙයි. එහිදී කලලය පෝෂණය කරනු ලබන්න් කලලබධන්ධය (placenta) මගිනි. එසේ කරන්නේ මවගේ රුධිරය සහ වර්ධනය වෙන දරුවාගේ රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරු කිරීමෙනි. ගර්භනී භාවයේ මුල් තුන් මාසය තුළ සෛල පරම්පරා එකක් පසුව එකක් ලෙෂ ඉන්ද්‍රියයන් හැටියට සංවිධානය වේ. ගර්භණීභාවයේ දෙවැනි තුන්වැනි මාසය තුළ සියලූම ඉන්ද්‍රීයයන් හා ශරීරාංග වර්ධනය වේ. අවසන් තුන්මාසයේදී තවදුරටත් සංවර්ධනය වීම සහ වැඞීම සිදුවේ. කාල පරිමාව බොහෝ සේ වෙනස් විය හැකි නමුත් මානව වර්ධනයේ මෙකී රටාවන්, පිටකොන්දක්  සහිත අනෙකුත් සතුන්ට බොහෝ සේ සමානය.

වර්ධනය වන්නා වූ කලලය,  එහිම ජානමය දුර්වලතා හෝ මවගේ අයහපත් සෞඛ්‍යය හෝ ගර්භණී කාලය තුළ ප‍්‍රමාණවත් ආහාර නොලැබීමහෝ එහෙත් නැතිනම් මව මද්‍යසාරය, දුම්පානය හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අවදානමකට ලක්විය හැකිය. නොමේරූ දරු උපතක් හෝ දුර්වල සෞඛ්‍ය සත්කාරය නිසාවෙන් බිළිඳෙකුගේ පණ නොරැඳෙන්නට ඉඩ ඇත. ඉපදීමෙන් පසුවද උපතේ දී සිදුවන ආර්තය (තුවාලවීම)මෙන්ම  උප්පත්තිය සිදුවන අවස්ථාවේ හෝ ඒ එක්කම වාගේ ඇතිවන ආසාදන හේතුවෙන්ද  බිළිඳුන් අවදානමට ලක්වේ.  එහෙයින්, සෞඛ්‍යාරක්ෂාව, ස්වස්ථතාව, පුරාප‍්‍රසවපෝෂණය(prenatal nutrition)සහ වෛද්‍ය සත්කාරසේවා යන සාධකවල ගුණාත්මකබව සැලකිල්ලට ගන්නා විට බිළිඳු මරණ අනුපාතය එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් අතර බොහෝ සේ වෙනස් වේ. අයහපත් තත්ත්වයන් පණ රැක ගන්නා බිළිඳුන්ට පවා අඩු ශාරීරික හා මානසික හැකියාවන්ට මඟ පෑදිය හැකිය.

Related image

සාමාන්‍ය ළමුන්ගේ මානසික සංවර්ධනය එකක් පසුව එකක් එන අදියරවලදී දක්වන කුසලතා පෙලක් නිරතුරුව ඇතිවීමෙන් ප‍්‍රදර්ශනය වේ. මුල් මාසය අවසන් වන විට වාගේ ස්මරණය වැඩි දියුණුව,  ප‍්‍රථම උපන්දිනය වන විට කථන ශබ්ද කුසලතාවද, දෙවෙනි උපන් දිනය වෙද්දී වචන ගැට ගසමින් කතා කිරීමද, සංකල්ප සහ ප‍්‍රවර්ග විස්තර කිරීම හයවැනි උපන් දිනය වන විට ද තර්ක විතර්කවල සංගත බව හෝ අසංගත බව සොයා ගැනීමේ හැකියාව ගැටවර වියේදී ද මෙම කුසලතා කට්ටලයට අයත් වේ.  මෙකී එන්ට එන්ටම වඩාත් සංකීර්ණ බුද්ධිමය සාමාර්ථතා මට්ටම් සංවර්ධනය වීම වැඩිවන මොළ පරිණතභාවයේ සහ උගනීමේ අත්දැකීම්යන දෙකෙහිම කාර්යයකි. දරුවා සංවර්ධනයේ විශේෂයෙන් සංවේදී අදියරකදී යෝග්‍ය උත්තේජන වර්ග නොලැබී ගියොත් යම් ආකාරවල ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මකවැඩිදුර වර්ධනය වඩාත් අපහසුවීමට හෝ ඇති නොවෙන්නටම පවා පුළුවන.

Image result for LONG CHILDHOOD OF HUMAN

අනෙකුත් සත්ව විශේෂ සමග සංසන්දනයේදී මානව සංවර්ධනය සඳහා ගත වන අසාමාන්‍ය ලෙස දීර්ඝ කාලය, මානව පරිණාමයේදී මොලය ඉටුකරන වැදගත් කාර්යභාරයට සම්බන්ධය. බොහෝ විශේෂයන් සතු චර්යා එකතුව සීමිතය. එමෙන්ම ඔවුන් පැවැත්ම සඳහා රඳා පවතින්නේ ජානමය ක්‍රමලේඛනය මගින් වැඩිකොටම තීරණය වන  කලින් හිතාගත හැකි ප‍්‍රතිචාර මතයි. ක්ෂීරපායින් විශේෂයෙන්ම මානවයන් ඊට වඩා බොහෝ සේ විශ්වාසය තබන්නේ ඉගෙනුම් චර්යාව(learned behaviour) ) මතය. මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ පවතින ළමා කාලයක් තිබීමෙන් බුද්ධිමත්ව ගතකරන  ජීවිත  සඳහා ඵලදායි මෙවලමක් ලෙස මොළය වර්ධනය වීමට අවශ්‍ය කාලය සහ අවස්ථා සැලසේ. මෙයට මඟ පෑදෙන්නේ වැඩිමල් ළමුන් හා වැඩිහිටියන් සමග සෙල්ලම් කිරීමෙන් සහ අන්තර් කි‍්‍රයා කිරීමෙන් පමණක් නොව ලෝකයේ වෙනත් ප්‍රදේශවල මෙන්ම ඉතිහාසයේ වෙනත් කාලවල ජනතාවගේ වදන් හා කලාවන්ට නිරාවරණයවීම තුළිනි. උගෙනීමට ඇති හැකියාව ජීවිතය පුරාවට පවතින අතර  මනුෂ්‍යයන් අදහස් සමුදායක් ගොඩ නංවාගනිමින් තමන් වඩාත් හොඳින් ඉගෙන ගන්නේ කෙලෙසද යන්න අවබෝධ කර ගැනීමත් සමග එම හැකියාව  යම් ආකාරවලින් වැඩි දියුණු වීමට ද පුළුවන.(මතු සම්බන්ධයි)

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම්  6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි HUMAN DEVELOPMENT යන කොටස ඇසුරෙනි. මෙහිම ඉතිටි කොටස ලබන සතියේ පළවේ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: