සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජීවිත කාලයක් තුළ කෙනෙකු කොපමණ නම් මල පහ කරනවා ද?

 

මල පහ කිරීමේ පුරුදු පුද්ලගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි නමුත් අප කවුරුත් අවුරුදු ගණන් නැතිනම් දශක ගණන් ගතහොත් පහ කරන මල නැතිනම් අසූචි ප‍්‍රමාණය අති විශාලය.

ජීවිත කාලය තුල පුද්ගලයෙකුගේ නිපුණත්වය, කෞෂල්‍යය, දැනුම හැකියාව මෙන්ම ජයග‍්‍රහණ ද ඒකරාශී වන්නා සේම තවත් දෙයක් ඒකරාශී වේ. ඒ තමයි පුද්ගලයෙකු පහ කරන මල. වැසිකිළියට යන වාර ගණන ගත්තොත්  එක පුද්ගලයෙකු පහ කරන මල, අනෙකා පහ කරන ප‍්‍රමාණයට වඩා බොහෝ සේ වෙනස් විය හැකිය. එසේවන්නේ  පුද්ගලයාගේ වයස, ශරීර බර, ආහාර, ව්‍යායාම් ඇතුළුව තවත් සාධක අනුවය. ඒත් ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකු ජීවිත කාලය තුළ පහ කරන මල ප‍්‍රමාණය කොපමණ කියලා හිතන්න පුලුවන් ද?

මලපහ කිරීම නැතිනම් සමහරු කියන අන්දමට බඩඑළිය යාම සත්වයන් බහුතරයකගේ සාමාන්‍ය ජීර්ණ ක‍්‍රියාදාමයේ කොටසකි(normal digestive process). ආහාර සහ දියර වලින් පෝෂක කොටස් උරාගත්තාට හෙවත් නිසි ආකාරයට කියතොත් නිස්සාරය කර ගත්තාට(extracted) පසුව අපද්‍රව්‍ය, අසූචි සහ මුත‍්‍රා ලෙස බැහැර කෙරේ. හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින විට මනුෂ්‍යයෙකුගේ මල, සාමාන්‍යයෙන් සමන්විත වන්නේ සියයට 70 ක් ඝන(solids)  සහ සියයට 30 ක් දියර වශයෙනි යයි සැන්දියාගෝ හී කැලිෆෝනියා  විශ්වවිද්‍යාලයේ වෛද්‍යා විද්‍යා මහාචාර්ය කිම් බැරට් කියයි. එක් එක් අයගේ මල පහ කිරීමේ චර්යාවන් කොයි ආකාර වුවත් සාමාන්‍ය ගතහොත් ගැහැණු පිරිමි දෙගොල්ලෝම දිනපතා වාගේ මල පහ කරති. දිනපතා මෙලෙස නිපදවෙන අසූචි ප‍්‍රමාණය සමාන්‍යයය අවුන්ස 14 සිට 17 දක්වා (ග‍්‍රෑම් 400-500) වන බව බැරට් සඳහන් කරයි.

පොදුවේ ගත් කල මිනිසුන් මල පහ කරන වේගය පවා පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇත : එනම් තත්පරයකට අඟල් 0.8 ක් (සෙ.මි. 2ක්) පමණ වෙතැයි Live Science සඟරාව මෙයට පෙර අවස්ථාවක පළ කර තිබිණ. මලබද්ධය(Constipation)   ඒ කියන්නේ මල පහ කිරීමට නොහැකියාව, වැසිකිළියේ ගත කරන කාලය දීර්ඝ කිරීමට මෙන්ම අපහසුතා ඇති කිරීමට මග පාදයි. කෙසේ වෙතත්, බාධාවකින් තොරව මල පහ කිරීම පිණිස පුද්ගලයෙකු සාමාන්‍යය වශයෙන් යොදවන කාල ප‍්‍රමාණය එක මල පංගුවකට (per stool) තත්පර 12 ක් පමණ වෙතැයි ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ යාන්ත‍්‍රික ඉංජිනේරූ විද්‍යා සහ ජීව විද්‍යා සහාකාර මහාචාර්ය ඬේවිඞ් හු සහ එම් ආයතනයේම ආචාර්ය උපාධි අපේක්ෂිකා පැට්‍රිෂියා යැන්ග් පවසති.

එක් තනි පුද්ගලයෙකු නිපදවන අසූචි ප‍්‍රමාණය එකතු වෙන්න පටන් ගන්නේ වසර හා දශක තිස්සේ නිපදවන අසූචි ප‍්‍රමාණය අනුවයි. අප (කලින්ද දක්වා ඇති පරිද) දිනපතා නිපදවන අවුන්ස 14 (ග‍්‍රෑම් 400) ගතහොත් සතියක් ඇතුළත නිපදවෙන සම්පූර්ණ ප‍්‍රමාණය රාත්තල් 6 ක්( ක‍්‍රි.ග‍්‍රෑ. 2.8 ක්) පමණ වේ. වසරක් ගතවන විට එකතු වන මල ප‍්‍රමාණය රාත්තල් 320 ක් පමණ වේ(කි.ග‍්‍රෑ. 145). ඒ කියන්නේ වැඩිහිටි පැන්ඩා සතෙකුගේ බරට වඩා මදක් වැඩිය.

ඇමරිකා එක්සත් ජනපදයේ පිරිමි සඳහා ජීවන අපේක්ෂා කාලය වසර 76 ක් පමණ වේ. ස්ත‍්‍රීන් සඳහා එය අවුරුදු 81 ක් පමණ වේ. ඒ අනුව වසර 76 ක් වයස්ගත වනතුරු ජීවත් වන පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ රාත්තල් 24,320 (කි.ග‍්‍රෑ. 11,030) සහ ස්ත‍්‍රීන් නම් ජීවන අපේක්ෂා කාලය වන වසර 81 ක් පමණ වනතුරු ජිවත් වන්නේ නම් එකතු වන අසූචි ප‍්‍රමාණය රාත්තල් 25,920 ක් (කි.ග‍්‍රෑ 11,757 ක්) පමණ වේ.  ඒ කියන්නේ ඇ. එ. ජ. කාන්තාවක් සිය ජීවන කාලය  තුළ පහ කරන මල ප‍්‍රමාණය වැඩිහිටි පිරිමි හිපපොටේමස්  තිදෙනෙකුට වඩා බෙහෙවින් වැඩිය.

https://img.purch.com/h/1400/aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA5OC85ODcvb3JpZ2luYWwvcG9vcF9maW5hbC5qcGc/MTUyMTY0OTE4Nw==

මිනිස් මල එකතු වීමේ කටුක යථාර්ථය දැක්වෙන පුවතක් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානය හා රක්ෂිතයෙන්  වාර්තා වුණ අතර එහි නිළධාරීන්ට වහා කි‍්‍රයාමාර්ගයකට යොමු වන්නට සිදුවිය. උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඩෙනාලි නැරඹීමට එන් සංචාරකයන් 1951 වසරේ සිට 2012 දක්වා කන්ද මත මල ක‍්‍රි.ග‍්‍රෑ 69,000 සිට 98,000 දක්වා (රාත්තල් 152,000 සිට 250,000 දක්වා) එකතු වන්නට මග පාදා ඇත.

ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානය හා රක්ෂිතය

මේ ආකාරම නොවුණත් තවත් අප‍්‍රසන්න පුවතකි මේ: එක්සත් ජාතීන්ගේ සංගමය දක්වන අන්දමට ලොව පුරා බිලියන 4.5 ක පමණ ජනතාවට (2018 මාර්තු වන විට ලෝක ජනගහණය බිලියන 7.6 කි) සිය ආරක්ෂාව සහිතව මල බැහැර කිරීම පිණිස ගෘහාසිත වැසිකිළි පහසුකම් නොමැත යන ප‍්‍රවාත්තියයි ඒ. තවද, සෑම වසරක් පාසාම මනුෂ්‍ය අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 181 ක් (ටොන් මිලියන 200 ක්) පිළියම් කිරීමට ලක් නොවේ. එමෙන්ම පල්දොරුවෙන්(sewage) සියයට 90 ක්ම කෙළින්ම සාගරවලට, විල් සහ ගංගාවලට මුදා හැරේ. ලෝක ජනගහණයෙන් අඩුම තරමේ බිලියන 1.8 ක් වත් දෙනා සිය පානීය ජල අවශ්‍යතා සඳහා රඳා පවතින්නේ මල අවශේෂ මගින් දූෂණය වූ ජල මූලයන්ගෙනි. අයහපත් සනීපාරක්ෂාව,  රෝග බෝවීමට මෙන්ම මහජන සෞඛ්‍ය අර්බුදයන්ට කෙළින්ම බලපාන අතර සෑම වසරකම මිලියන ගණන් ජනතාව ගොදුරු වෙති. ඉන් බොහෝමයක් ළමුන්ය.

කෙසේ වෙතත්, පිරිසිදු ජලය ලබා ගැනීමට පහසුව සැලසීම මෙන්ම මල පැතිරීම වළක්වා ඒවා පිළියම් කිරීම, ආරක්ෂා සහිතව බැහැර කිරිමට ඉඩ සැලසීම වැනි වඩාත් හොඳ සනීපාරක්ෂක පුරුදු කි‍්‍රයාත්මක කිරීම මගින් වසරක් පාසා සිදුවන (දළ වශයෙන්) මරණ 842,000 ක් වළක්වා ගැනීමට හැකි වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තා පෙන්වා දෙයි.

 

Live Science හි පල වූ How Much Do You Poop in Your Lifetime යන ලිපිය ඇසුරෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: