සැමට විදු නැන නුවණ – Science Literacy for All

විචාර දෘෂ්ටිය(SEEING REASON) 3: සිත් වෙනස්කිරීම II

මිනිස් මොළය කරුණු කාරනා විකෘති කරයි; අප අපේ සිත් වෙනස් කර ගන්නේ කෙසේ ද?

Related image

 

සිත් වෙනස් කිරීම II

(පසු ගිය බ්‍රහස්පතින්දා thathu ලිපිය හා සමබන්ධයි)

පොළඹවා ගැනීම සඳහා පරිසිද්ධි වල ඇති බලය, සමහර අවස්ථාවලදී පවතින්නේ ඒවා ඉදිරිපත් කරන ආකාරය මතයි. නිදසුනක් ලෙස, තොරතුරු රුපිකව හෙවත් ප‍්‍රස්තාරමය වශයෙන් (graphically) ඉදිරිපත් කළ විට අදාල මාතෘකාව ගැන වඩාත් නිවැරදි විශ්වාසයන් ගොඩ නගා ගැනීමට මග පාදන බව(නිව් හැම්ස්ෂියර්, ඩාට්මවුත් විද්‍යාලයේ බ්‍රෙන්ඩන්) නයිහෑන් සහ (එක්සත් රාජධානියේ, එක්ස්ටර් සරසවියේ, ජේසන්) රයිෆ්ලර් යන දෙදෙනා විසින් සොයා ගනු ලැබීය. අදාල මාතෘකා ‘2006/2007 ජෝර්ජ් බුෂ් ඉරාකයේ හමුදා ඒකරාශිකිරීමේ කාරය සාධකත්වය’ හෝ ‘ඔබාමා යටතේ ආර්ථිකයේ ගතිස්වභාවය යන මාතෘකා’ යයි අපි සිතමු. හුදු එම මාතෘකා  ගැන රචිත පඨිතයන් ඔහේ කියවනවාට  වඩා රුපිකව ඉදිරිපත් කළ විට වඩාත් නිවැරදි විශ්වාසයන් ගොඩ නගා ගැනීම පහසු බවයි ඔවුන් කියා සිටින්නේ. මෙය, ප‍්‍රස්තාර පිරික්සන පිරිස්වලට ඒවායින්  එළඹීමට දිරිමත් කෙරෙන නිගමන ප‍්‍රතික්ෂේප කිරිමට දේශපාලනික හේතු ඇති කල්හි පවා සත්‍යයක් ලෙස පවතී. නයිහෑන් දකින විදිහට නම්  මෙය පුවත් කලාවේදීන් සහ පොදුවේ මාධ්‍යය පුවත් වාර්තා කිරීමේ දී සැලකිල්ලට ගන්නා තොරතුරු නැවත ඇසිරීමේ සරල ක‍්‍රමයකි.

 

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තවත් මතයක් වන්නේ, තමන්ගේ ලෝකායත්ත දෘෂ්ටියට වටා ගොඩ නැගී ඇති අනන්‍යතාවයට තර්ජනයක් එල්ල වන කල්හි ජනතාව පරිසිද්ධි ප‍්‍රතික්ෂේප කරන්නේය යන්න. එය එසේ නම් ආත්ම සම්මානය හෙවත් ආත්මාභිමානය තහවුරු කිරීමෙන් එම තර්ජනය හීන කරවිය හැක. තමන්ට වැදගත් වන හරයන් පිළිබඳ යළි සිතා මතා ලියන්න යයි නයිහෑන් සහ රයිෆ්ලර් ජනතාවට කියා සිටී වීට.  එමගින් කාර්ය ඉටු කර ගත හැකි බව පෙනී ගියේය. එහෙත් එහි ප‍්‍රතිඵල ඒකාරූපාතවක් නොදැක්වීය. ඒ දෙදෙනා බලාපොරොත්තු වූ  මෙම ව්‍යයමය ආත්ම තහවුරුව යනුවෙන් නම් කෙරුණු අභිමානය වර්ධනය කරනන මැදිහත් වීමකි. නිදසුනක් ගනිමු. තම පක්ෂය සමග තදින් නොබැඳුණු අනන්‍යතාවක් සහිත රිපබ්ලිකන් පාක්ෂිකයන් ගතහොත් දේශගුණ විපර්යාසය පිළිබඳ කියැවෙන දේ ප‍්‍රතික්ෂේප කිරීම අඩු කිරීමට ඔවුනට බලපාන්නේ ආත්ම තහවුරුවයි. එහෙත් පක්ෂය සමග දැඩි  අනන්‍යතාවකින් බැඳී සිටින රිපබ්ලිකන් පාක්ෂිකයන් ගතහොත්, එවන් (පෙරකී) මැදිහත්වීමක බලපෑමක් නැත. නැතහොත් ඉන් ඔවුන්ගේ විශ්වාසයන්ම  ප‍්‍රතිසාධනය (reinforce) කරයි.

එලෙසම, මිනෙසෝටා විශ්වවිද්‍යාලයේදේසපාලන විද්යග්නවරියක වන ජෝඈන් මිලර් ට අනුව ආත්ම තහවුරුව කන්සර්වටීව් පාක්ෂීකයන් අතර කුමන්ත‍්‍රණ න්‍යාය අනුමත වීම වැඩි කිරීමට බලපාන නමුත් ලිබර්ල්වාදීන් අතර එලෙස නොවේ.  කටයුතු කරන්නේ කා සමග ද යන්න  අනුව රූපික තොරතුරු ආත්ම තහවුරුව සමග එකතු කිරීමෙන් ද මිශ‍්‍ර ප‍්‍රතිඵල ඇති කරයි.

Related image

අභිපේ‍්‍රරිත තර්කනය (motivated reasoning) සංසිඳවන පෞරුෂත්ව ගති ලක්ෂණ සොයා ගැනීමට මෑතක් වනතුරුම පර්යේෂකයෝ අසමත් වූහ. එහෙත් පෞද්ගලික තෘප්තිය තකා විද්‍යාත්මක තොරතුරු හාරා අවුස්සා පරිභෝජනය කරනු පුද්ගලයන් පිළිබඳව කුතුහලය දනවන දෙයක් 2016 දී යේල් විශ්වවිද්‍යාලයේ ඩෑන් කාහන් විසින් හොයා ගනු ලැබිණ. ඔහු එය හඳුනවන්නේ ‘විද්‍යාත්මක කුතුහලය’ යනුවෙනි. මෙම ගති ලක්ෂණය මිනීම සඳහා මිම්මක් හෙවත් පරිමාණයක්(scale) සකස් කළ ඔහු සහ ඔහුගේ සගයන්ට පෙනී ගියේ විද්‍යාත්මක සාක්ෂරතාව මෙන් නොව ‘විද්‍යාත්මක කුතුහලය’, මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේශගූණික විපර්යාසයන් ඇති වන්නේය යන්න දේශපාලනීය නැඹුරුව නොතකා පිළිගැනීමට වැඩි ඉඩකඩක් ඇති කරවන බවයි.  අසභ්‍ය නිර්මාණ කෙරෙහි හා ගංජා නීතිගත කිරීම සිට  සංක‍්‍රමණය හා අධිපීඩන ද්‍රව බිඳුම් තාක්ෂණය කෙරෙහි දක්වන ආකල්පය ඇතුළුව වාද විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් ගතහොත් ලිබර්ල්වාදීන් හා කන්සර්වටීව් වාදීන් යන දෙකොට්ඨාශකම පරිසිද්ධි වලින් කියැවෙන දේට ආසන්න අදහස්  පිළිගනු වස්  එකට එක්වීමට විද්‍යාත්මක කුතුහලය මග පාදයි.

මෙයටත් වඩා තවත් ධෛර්ය වඩවන කාරණාවක් කාහන් සහ පිරිස සොයා ගත්හ. එනම්, විද්‍යාත්මක කුතුහලය ඇති පුද්ගලයන් තම දේශපාලන පාක්ෂිකයන්ගේ මත හා ගැටෙන අදහස් උදහස් ගැන කියැවීමට වැඩි කැමැත්තක් දක්වන බවයි. මේ අනුව එළඹිය හැකි නිගමනය මෙයයි. සමහර විට විද්‍යාත්මක කුතුහලය යන ගති ලක්ෂණය සහිත පුද්ගලයන්ගේ බලපෑම වැඩි කිරීම මගින් විද්‍යාත්මක කුතුහලය වර්ධනය කිරීමට මං සොයා ගැනීමෙන්, විද්‍යාත්ම සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කිරිමෙන් සිදුකෙරෙනවාට  වඩා කාර්යක්ෂම ආකාරයට පක්ෂවාදී ආරවුල් සංසිඳවීමට හැකිය යන්නය.

Image result for cognitive dualism

බලාපොරොත්තු පිළිබඳ තවත් සේයාවන් කාහන්ගේ නෙත ගැටෙයි. ඉන් එකක් සඳහන් කරන්නේ නම් එය (ඔහු විසින්ම නම් කර ඇති පරිදි) ‘ප‍්‍රජානන ද්වෛතවාදය’(cognitive dualism): එකිනෙකට පරස්පර විරෝධී සේ පෙනී යන විශ්වාසයන් දෙකක් එකවර දැරීමේ හැකියාවයි. එය,  මෑතක සිදු කළ දේශගුණ විපර්යාසය පිළිබඳ Pew සමීක්ෂණයකින් දැක්වුණ සංසිද්ධියකි: දේශගුණික විපර්යාසයන්ට වගකිව යුත්තේ මිනිස් ක‍්‍රියාකාරකම් බව පිළිගන්නේ කන්සර්වටිව් රිපබ්ලිකන් පාක්ෂිකයන් අතුරෙන් සියයට 15 ක් තරම් සුළු පිරිසකි. එහෙත් ඔවුන් අතරම සියයට 27 ක්, කාබන් විමෝචන සීමා කිරීම පිණිස අපේ ක‍්‍රියාකාරීත්වය වෙනස් කරගන්නේ නම් දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් විශාල මෙහෙයක් සිදු කළ හැකි බව පිළිගනීති.

(මේ ලිපියේ අවසන් කොටස ලබන සතියේ බ‍්‍රහස්පතින්දා තතු හි පළවේ. නොවරදා කියවන්න). 

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි SEEING REASON: Changing minds යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: