සැමට විදු නැන නුවණ – Science Literacy for All

නොමිලේ ආලෝකය, නොමිලේ පිරිසුදු වාතය ප්‍රංශ ඇල්ගී ලාම්පුවේ ප්‍රතිඥාවයි

අපි තේරවිල්ලකින් ලිපිය පටන් ගමු නේද? තමන්ගේම විදුලිය නිපදවන, කාබන් ඩයොක්සිඩ් ඔක්සිජන් බවට හරවන, ක්‍රියා කරවීමට ස්විචයක් නොමැති එමෙන්ම පැය 24ම  වැඩකරන ලාම්පු වර්ගය කුමක් ද?

එක්වරම පිළිතුරක් හිතට එන්නේ නැද්ද? කමක් නැහැ, අපටත් එහෙම තමයි. මේ වගේ ලාම්පුවක් අප කාගේත් පැතුම විය හැකි වුණත් එවැන්නක් ප්‍රායෝගිකව තිබෙන්න බැහැ කියල තමයි හැමෝටම වගේ හිතෙන්නේ. ඉඳහිට කෙනෙකුට හැර. ඉන් එක් කෙනෙක් තමයි ප්‍රංශ ජාතික පියරේ කැලේයා.

Related image

දැන් ආයෙත් තේරවිල්ලට යොමු වුනොත් ඊට උත්තරය තමයි — ඇල්ගී ලාම්පුව!  මොකක්? ඇල්ගී ලාම්පුවක්? අපි ඇල්ගී(algae) ගැන අහලා තිබුනාට ඇල්ගී ලාම්පුවක් ගැන දන්නා ඒකක්යැ? මොකද කඩේ සාප්පුවේ ගන්න තියෙන එකකුත් නොවෙයි නේ. අඩු තරමේ අද හෙට තියෙන එකක් නම් නැහැ. ඒත් ඔය ඇල්ගී ලාම්පුව නිපදවපු ප්‍රංශ ජාතික ජිවරසයානඥ  පියරේ කැලේයා කියන්නේ මේ අපුර්ව ලාම්පුව මගින් විදුලිය යහමින් ඉතිරි කර ගන්න ලැබෙනවා පමණක් නොවෙයි අපේ වායුගෝලය පිරිසිදු කරන්න හැකියාවත් තියෙනවා කියලයි.

අපි දැන් බලමු මේ ලාම්පුව කොහොමද ක්‍රියා කරන්නේ කියලා: මේක මුලික වශයෙන් ගත්තොත් ඇතුල පැහැදිලිව පෙනෙන ජලය හා ඇල්ගී  පිරවූ ටැංකියක්. ඊට පහනක් (a light) සහ ආරෝපණය (a chargeable) කළ හැකි බැටරියක් ඇතුලත්. කැලේයා නම් කියන්නේ ඇතැම් ඇල්ගී වර්ග  මනුෂ්‍යන්ගේ ‘සමීපතම මිතුරන්’ කියලයි. ඒවාට සුර්යයාගේ ශක්තියෙන් සහ/හෝ ඓන්ද්‍රීය කාබන් මගින් පෝෂණය ලද හැකියි.

Related image

දැන් ආයෙත් ලාම්පුවට යොමුවෙමු. ලාම්පුව ඇතුලේ ඇල්ගී, කාබන් ඩයොක්සිඩ්(CO2) කඩා බිඳ දමා ඔක්සිජන් අණු සහ කාබෝහයිඩ්රේට් ශක්තිය බවට පත් කෙරෙනවා. බලය නිපදවීම සඳහා ඒවා පාවිච්චි කරන්නේ එම ශක්තියයි. බලය බැටරිය තුළ ගබඩා කෙරෙන අතර ඉර බැස ගිය පසුව වුව ද පහනට අවශ්‍ය ‘ඉන්ධනය’ සැපයෙනවා. ඉතින් මෙම ‘පහනෙන්’ ලැබෙන ආලෝකය නොමිලේ සැපයෙන්නක් පමණක් නොවෙයි ඇල්ගී මගින් නිපදවෙන ඔක්සිජන් ආපසු වායුගොලයටම එක්වෙනවා.

Related image

ඒ පසුව කි කාරනාව වඩාත් වැදගත් වන්නේ මෙන්න මේ නිසයි: කාබන් ඩයොක්සිඩ්(CO2) කියන්නේ මානව ක්‍රියාකාරකම්වලින් බහුලව නිපදවෙන අතුරු නිෂ්පාදනයක්. එය දේශගුණ විපර්යාසයන්ට දායකවන ප්‍රධාන හරිතාගාර වායුවක්. ගැස් සහ අනෙකුත් ශාක  CO2 ඔක්සිජන් සහ ශක්තිය බවට හරවනවා. එත් මිනිස්සු වනාන්තර වගේ හරිත ඉසව් ගොඩනැගිලි, ගොවි බිම්, වෙනත් ස්ථාන බවට හැරෙව්වහම අපට ගහකොළ නැතුව යනවා පමණක් නොව ඒවායින් ඔක්සිජන නිපදවීමේ ශක්තියත් අපට අහිමි වෙනවා. මෙම තත්ත්වය ගෝලීය උණුසුම් කිරීම තවත් වේගවත් කරනවා. පියරේ කැලේයාගේ මේ අරුම පුදුම පහනට CO2 ටොන් එකක් පමණ වසරකට හසුකරගෙන ඔක්සිජන්වලට හැරවිය හැකියි.

මේ ලාම්පුව කැලේයාගේ සිහිනයේ මුල් පියවරයි. සැම තැනකම ඇල්ගී ලාම්පු දැල්වෙනදාට තමයි ඔහුගේ සිහිනය සම්පුර්ණයෙන් ම සැබෑවෙන්නේ. එය අපෙත් සිහින සැබෑකරන්නක් වේවි!

 

KIDS DISCOVER හි පළවූ Free Light, Fresh Air: The Promise of French Algae Lamps ලිපිය ඇසුරෙන්.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: