සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 72: සංශයවාදය (Skepticism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

සංශයවාදය(Skepticism) යනු උපකල්පන සහ ප්‍රකාශයට පත් කල  නියතතාවන්(proclaimed certainties) ගැන සැක මතු කරන දර්ශනාත්මක ප්‍රවේශයකි.(Skepticism යන ඉංග්‍රීසි වචනය බිඳී විත් ඇත්තේ ‘විමර්ශක’ යන තේරුම ඇති ග්‍රීක skeptikos යන්නෙනි). මධ්‍යස්ථ සංශයවාදිහු, සත්‍යය ස්ථාපිත කිරීම ඉදිරියට ගෙන යනු වස් දැනුම පිලිබඳ තිබෙන සුවිශේෂී හිමිකම් ප්‍රශ්න කරති. අන්ත සංශයවාදින් කියා සිටින්නේ මොනයම් දෙයක් ගැන වුණත් නිරපෙක්ෂ දැනුම ළඟාකරගත නොහැකි බවයි.

සංශයවාදය, බටහිර දර්ශනවාදී සම්ප්‍රදාය මධ්‍යයෙහි පිහිටියේය. ක්‍රි.ව. පස්වන සියවසේ දී පර්මෙනයිඩ් සහ සෙස්සෝ විපරිණාමයෙහි සහ චලිතයෙහි(change and motion) යථාර්ථය පිලිබඳ සැක පහල කළහ.  සොක්‍රටීස් දැනුම පිලිබඳ අන් අයගේ හිමිකම් කියාපෑම් නිරතුරුවම අභියෝගයට ලක් කළේය. පයිරෝ(ක්‍රි. පු. 360 සිට 2710) ඊටත් එහා ගොසින්, ශාන්තිය ළඟාකරගත හැක්කේ  නියතතාව පිලිබඳ සියලු හිමිකම් කියාපෑම් ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් බව අවධාරණය කළේය. අනෙකුත් පුරාණ සංශයවාදීහු සත්‍යය වන්නේ කුමක් ද එසේ නොවන්නේ කුමක් ද යන්න වෙන්කොට හඳුනාගැනීම පිණිස කිසියම් නිර්ණායක කවදා හෝ පිහිටුවා ගත හැකි වේදෝහෝ යි සැක පහල කළහ. එසේ වුවද, ඉන් සමහරෙක් නිගමනය කළේ  තීරණ, සම්භාවිතාවල  තුලනයන් මත පදනම් කරගත හැකි බවයි.

Image result for skepticism

මධ්‍යකාලීන ක්‍රිස්තියානි චින්තාව කෙරෙහි සංශයවාදය ඉටු කළේ සුළු භූමිකාවකි. එහෙත්, ප්‍රතිසංස්කරණය(Reformation) සහ විද්‍යාත්මක විප්ලවය සමගම රෝමානු කතෝලික සභාව මගින් ප්‍රකාශිත නියතතාවන් ගැන ප්‍රශ්න කිරීමට පටන් ගැනින. දහහත්වැනි ශතවර්ෂයේ දී  රෙනේ ඩේකාට් නියතතාව යළි ස්ථාපිත කිරීම වස් සංශයවාදයේ ක්‍රම උපයෝගී කර ගත්තේය. එහෙත් අපගේ ඉන්ද්‍රීය සංවේදිතා අපට කියන දෑ පිලිබඳ විශ්වස්‍යතාව ගැන ඔහුගේ සැක සංකා අසාධාරණය, එමෙන්ම ජෝන් ලොක් වැනි අනුභුතවාදින්ගේ වැටහෙන නුවණට පටහැනිය, යනුවෙන් අභියෝගයට ලක්විය.

Related image

දහඅටවැනි ශතවර්ෂයේ දී, (තමා  අනුභුතවාදියෙකු වූයේ වි නමුත්) ඩේවිඩ් හියුම්  හේතුඵලතාව(causality) වැනි ඇතැම් සංකල්ප ගණනාවක් සම්බන්ධයෙන් අතිශය සංශයවාදී ආස්ථානයක් ගත්තේය. විචාර ශක්තිය(reason) ගැන  පවා ප්‍රශ්න කෙරිණ: ඕනෑම පරිසිද්ධිමය කාරනාවක සත්‍යතාව තහවුරු කිරීමට නිගමනය(deduction) වත්, උද්ගමනය(induction) වත් සමත් නොවන බව තරයේ ඔහු කියාසිටියේය. ලෝකය පිලිබඳ අපගේ විශ්වාසයන් උපදින්නේ විචාර ශක්තිය හෝ සාක්ෂි මගින් නොව සම්ප්‍රදායෙන් හා පුරුද්දෙන් යයි ඔහු තර්ක කළේය. තමන් අභ්‍යන්තරයෙහි සහ පරිබාහිර ලෝකයක් ගැන විශ්වාස කිරීමට , දෙවියෙකු ගැන පවා විශ්වාස කිරීමට අප පෙළඹීම ස්වභාවික වුව ද එවැනි විශ්වාසයන් සාධාරණීකරණය කිරීමට හේතු නැතැයි හියුම් කියා සිටියේය. වැටහෙන නුවණ වෙත යොමුවීම හුදෙක් ප්‍රශ්නයෙන් පැනයාමකි.

 

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Skepticism යන කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: