සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා: මනුෂ්‍යයාගේ වර්ධනය II

මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය  මත අනෙකුත් ජීව ස්ව රූප අතර අපි සුවිශේෂි වන්නෙමු.  එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන්  මිනිස්  විශේෂය සතු  සිතීම, පරිකල්පනය, නිර්මාණය  සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.

අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා  ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.

මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.

Related image

මිනිස් ජීවියා: මනුෂ්‍යයාගේ වර්ධනය II

එකිනෙකට වෙනස් කායික විද්‍යාත්මක සාධක හා එකිනෙකට වෙනස් අත්දැකීම් යන දෙකෙහිම කාර්යක් ලෙස ගතහොත් මනුෂ්‍යයන් සංවර්ධනය වන අදියර සිදුවන්නේ එක්තරා අන්දමකට විවිධ පුද්ගලයන්ට විවිධ කාල වකවානු වලදීය. එක් අදියරක සිට තවත් අදියරකට සංක‍්‍රමණය — විශේෂයෙන්ම ජීව විද්‍යාත්මක විපර්යාසයන් අනපේක්ෂිතව දැඩි වූ විට හෝ ඒවා සමාජ හැකියාවන්ට හෝ අන් අයගේ අපේක්ෂාවන්ට නොගැලපෙන විට කරදරකාරී විය හැකිය. විවිධ සමාජයන් සංවර්ධන අදියරවල මෙන්ම එක් අදියරයකින් තවත් අදියරකට සංක‍්‍රමණය වීම් ගැන විවිධ අර්ථ ගැන්වීම් හා වැදගත්කම් දක්වය. නිදසුනක් දක්වන්නේ නම් ළමා කාලය නෛතික වශයෙන්,  සමාජයීය වශයෙන් පමණක් නොව ජීව විද්‍යාත්මක වශයෙන් ද  වර්ගකොට අර්ථ දැක්වේ. තවද එහි කාලසීමාව නැතිනම් ළමා කාලය ගත කරන සීමාව මෙන්ම එහි අර්ථ ගැන්වීමද විවිධ සංස්කෘතීන් තුළ මෙන්ම ඓතිහාසික කාල ෙඡ්ද තුළ වෙනස් වේ. ඇමරිකා එක්සත් ජනපදය ගත හොත් ලිංගික පරිපාකයේ හෙවත් යෞවනෝදයේ එනම් ප‍්‍රජනනය සඳහා යෝග්‍ය වන පරිදි ශරීරය පරිණතවීම ආරම්භය(onset of puberty), මවුපිය පදවිදැරීමට සහ අනෙකුත්  වැඩිහිටි කාර්යයන්ට ශාරීරිකව හා මානසිකව යෝග්‍යයයි සාමාන්‍යයෙන් සැලකෙන වයසට වසර කිහිපයකට කලින් සිදුවේ.

Image result for the onset of puberty

වැඩිහිටියන් දෙමාපියන් බවට පත්වේ ද සහ (එසේ පත්වන්නේ නම්) ඔවුනට දාව ජානිතයන් කීදෙනෙකු ඇති වේද යන්න තීරණය වන්නේ ඉතා පුළුල් විවිධත්වයකින් යුතු සංස්කෘතික සහ පෞද්ගලික සාධක මෙන්ම ජීවවිද්‍යාත්මක සාධක මගිනි. සිය ප‍්‍රජනනය පාලනය කිරීමට විකල්ප සපයමින් තාක්ෂණය බොහෝ සේ මෙයට දායක වී තිබේ. ගැබ් දැරීම වැළැක්වීමට, ගැබ් ගැනීම අනාවරණය කර ගැනීමට හෝ අවසන් කිරීමට රසායනික මෙන්ම යාන්ත‍්‍රනික ක‍්‍රම පවතී. හෝමෝන චිකිත්සාව සහ කෘතිම සිංචනය වැනි පියවර මගින් එවන් පියවර නොමැතිව වෙනත් විධියක් අත්පත් කර ගත නොහැකි ගැබ් ගැනීම් සිදුකර ගැනීමට ද හැකි වී තිබේ. ගැබ දැරීම වළක්වාලීමට හෝ ගැබ් දැරීමට ආධාර කිරීම පිණිස ඇති මේ තාක්ෂණයන් මතභේදවලට තුඩු දී ඇති අතර සමාජ ව්‍යවහා,ර ආචාර ධර්ම, ආගමික විශ්වාස සහ දේශපාලනයට පවා අදාළ ප‍්‍රශ්න මතු කරයි.

Related image

වයසට යාම හෙවත් වයස් ගතවීම සෑම මනුෂයයන් සම්බන්ධයෙන් ගතහොත් සාමාන්‍ය දෙයකි. එහෙත් වයස්ගතවීම තවම හරිහැටි වටහා ගෙන නැති තත්ත්වයකි. එහි ප‍්‍රතිඵල ඒ ඒ පුද්ගලයන් කෙරෙහි බලපාන ආකාරය බෙහෙවින් වෙනස් වේ. පොදුවේ ගත් කළ මාංශ පේශී සහ සන්ධි නම්‍යතාවයෙන් අඩුවීමේ නැඹුරුවක්ද, අස්ථි සහ පේශීවල ස්කන්ධය යම් අඩුවීමක්ද, ශක්ති මට්ටම් පහළ වැටීමක්ද සහ ඉන්ද්‍රීය සංවේදන තීව‍්‍රතාවයෙන් අඩුවීමක්ද දැකිය හැකිය. කාන්තාවන් ගතහොත් වයස්ගතවීමේ කි‍්‍රයාදාමයන් එක් ප‍්‍රධාන සිද්ධියක් වන්නේ ආර්තවභාවය(menopause) හෙවත් ඔසප් නැවතිමයි. වයස අවුරුදු 45ත් 55ත් අතර යම් කාලයකදී කාන්තාවෝ සිය ලිංගික ප්‍රෝටෝන නිපදවීමෙහිලා ප‍්‍රධාන පෙළේ වෙනසකට භාජනය වෙති. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුනට තවදුරටත් ඔසප් චක‍්‍රය සිදුවන්නේ නැත. තවදුරටත් ඩිම්බ නිකුත් කරන්නේ නැත.

Image result for old people depressed

මානවයන් අතරේ  වයස් ගතවීමේ  කි‍්‍රයාදාමය ගතහොත් එය සම්බන්ධ වන්නේ හෝමෝනමය පද්ධතියේ වෙනස්කම්වලට පමණක් නොවේ. රෝගාබාධ හා තුවාල පීඩාවන්, ආහාරය සෛල තුල මතුවන හා ඒකරාශී වන විකෘතින්, බර දැරීමේ සන්ධි වැනි පටක ගෙවී යාම, මනෝවිද්‍යාත්මක සාධක සහ හානිකර ද්‍රවයන්ට නිරාවරණය වීම සමගද සම්බන්ධවේ. ධමනි තුළ නිධි තැන්පත්වීම වැනි හානිකර කාරක සෙමින් සෙමින් ඒකරාශීවීම, දුම්පානයෙන් පෙනහලූවලට හානි පැමිණීම, විකිරණ මගින් සම හානියට පත්කිරීම හේතුවෙන් සැලකි යුතු රෝගාබාධ ඇතිවීමට ඉඩ තිබේ.

Image result for old people depressed

ජීවිතයේ පසු කලෙක ඇතිවන රෝග ඇතැම්විට ස්මරණය හා පෞරුෂය ඇතුළුව මොළයේ කාර්ය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි වේ. මීටත් අමතරව, ශාරිරික හැකියාවන් හීනවීයාම සහ තමන්ට හුරුපුරුදු සමාජමය භූමිකාව අහිමි වී යාම හේතුකොට ගෙන කාංසාව(anxiety)හෝ විෂාදය(depression) හට ගත හැකිය. අනෙක් අතට බොහෝ වයස් ගත පුද්ගලයෝ ස්වාධීනව එනම් තමන්ගේ කටයුතු තමන්ම කරගනිමින්, කි‍්‍රයාකාරි ජීවිත ගත කරමින්, කල් අල්ලන දුබලතා කාල වලින් තොරව යහතින් ජීවත් වෙති.

සෑම ජීව විශේෂයකටම මනුෂ්‍යයෝද ඇතුළුව උපරිම ආයු කාලයක් හෙවත් ජීව කාලයක් තිබෙන බවක් පෙනී යයි. ඇතැම් මනුෂ්‍යයන් වසර සියයකටත් වැඩියෙන් ජීවත් වුවද බොහෝ දෙනා එසේ නොවෙති. ළමා කාලයේදී මිය යන්නන්ද ඇතුලත් කරගෙන ගණනය කරන ජීවන කාලය හෙවත්  ජීවිතවන  කාලයේ දිග සාමාන්‍යයෙන් ඇතැම් ජන කොටස් අතර  අවුරුදු 35 තරම් අඩු මට්ටමක පවතින අතර සංවර්ධිත බොහෝරටවල සාමාන්‍යය අවුරුදු 75 ක තරම් ඉහළ අගයක් ගනී. ඒ ඉහළ සාමායන්‍ය වැඩිකොට ම ලැබෙන්නේ බිළිඳුන් හා ළමුන්ගේ මරණ අනුපාතයන් අඩුවීමේ හේතුවෙනි. එපමණක් නොව ජනගහණයෙන් වැඩි පිරිසකට යහපත් සනීපාරක්ෂාව, ආහාර හා ස්වස්ථතාව මෙන්ම වයස්ගත වූවන් සඳහා කාලයෙන් වඩාත් දියුණු කළ වෛද්‍ය සත්කාර ද හේතුවේ.

ආයු අපේක්ෂාවද විවිධ සමාජ ආර්ථික කන්ඩායම් මෙන්ම ලිංගිකත්වය අනුව ද  වෙනස් වෙයි. විවිධ වයස් වාර්ගික සහ ආර්ථික කණ්ඩායම් අනුව මරණයට බලපාන වඩාත් පොදු හේතුවෙනස් වේ. නිදසුනක් දක්වතොත් ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිමි අතර මරණීය අනුතුරු වඩාත් පොදුය.  ගැහැනුන්ට වඩා පිරිමින්ට මරණය ගෙනඑන  හෘද රෝග තිබේ. තවද බෝවෙන රෝග සහ මිනීමැරුම් පොහොසතුන් අතරේට වඩා දුප්පතුන් අතර මරණ වලට වැඩියෙන් බලපායි.

මිනිස් ජීවියා යටතේ ලිපි මාලාවේ ඊළඟට මූලික කාර්යයන් යන ලිපිය පළ වේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම්  6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි HUMAN DEVELOPMENT යන කොටස ඇසුරෙනි. මෙහිම මුල් කොටස පසුගිය සතියේ සඳුදා පළවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: