සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජල බෝතල්වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතැයි අධ්‍යයනයක් හෙළි කරයි

එහෙත්, මනුෂ්‍යයන්ගේ සෞඛ්‍ය කෙරෙහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් බලපෑම කුමක් දැයි තවම හරිහැටි පැහැදිලි නැත.

රටවල් කිහිපයක වතුර බෝතල්  පරීක්ෂාවට ලක් කරමින් සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ බෝතල් 90%කට වැඩි ප‍්‍රමාණයක ඉතා ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් ඇති බවයි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාලෝචනයකට මග පාදා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ලාභය සඳහා නොවන පුවත්පත් මාධ්‍ය සංවිධානයක් වන  ඕබ් මීඩියා (Orb Media) වෙනුවෙන් මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ ප්‍රොඩොනියාවේ, නිව්යෝක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසිනි. පර්යේෂකයෝ රටවල් නවයක වතුර බෝතල් පරීක්ෂාවට ලක් කළහ. ඇමරිකා එක්සත් ජනපදය චීනය, බ‍්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැක්සිකෝව, ලෙබනනය, කෙන්යාව සහ තායිලන්තය එම රටවල් නවයයි.  වතුර බෝතල් 259 ක් පරීක්ෂාවට ලක් කරමින් සිදු කළ අධ්‍යයනයෙදී මෙයින් 93%කම ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින්  හෝ දිගින් මිලිමීටර පහට අඩු ප්ලාස්ටික් සුන්බුන්වලින් සිදුවන කෙළසීම ගැන යම් ලකුණක් හෝ අඩුතරමින් පෙන්නුම් කළේය.

ක්ෂුද්‍රප්ලාස්ටික් හඳුනාගැනීම පිණිස විද්‍යාඥයෝ Nile Red නම් ඩයි වර්ගය යොදා ගත්හ.  මේ වර්ණකය නිදැල්ලේ පාවෙන ප්ලාස්ටික් කැබලි එකට බැඳ තබන අතර ප‍්‍රතිදීප්ත වීමට (fluoresce) සල්සවන්නේ යයි BBC යේ ඬේවිඞ් ශුක්මාන් පවසයි. ජලය ලීටරයකට සාමාන්‍යය වශයෙන් ප්ලාස්ටික් අංශු 10 ක් සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි වූ අතර සෑම ජල ලීටරයකම ඔවුන් ප්ලාස්ටික් යයි අනුමාන කරන තවත් අංශු 314 ක් සොයා ගත්ත ද ඒවා ඉතාමත් කුඩා නිසා ස්ථිරවම හඳුනාගැනීමට නොහැකි වී ඇත.

පරීක්ෂාවට ලක් කළ ජල බෝතල් සියල්ල අතුරෙන් ප්ලාස්ටික් ගැන සේයාවක් නොතිබුණේ බෝතල් 17 ක පමණකි. සමහරක, දහස් ගණනක් දක්වා වන  පරාසයක් දක්වා තිබිණ. මෙම පරීක්ෂණයේදී විවිධ සන්නාම (brands) 11 ක බෝතල් ගැන සොයා බලන ලදී. ඒවා අතර ප‍්‍රකට වෙළෙඳ නාම ද විය. සන්නාම හෙවත් වෙළෙඳ නාම අතරේ පමණක් නොව එකම බෝතල් ඇසුරුම තුළ පවා (අඩංගු ප්ලාස්ටික් ප‍්‍රමාණයේ) විශාල වෙනස්කම් තිබෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය.

CBC News හි ඬේවිඞ් කොමන් සහ එරික් ස්සෙටෝ පෙන්වා දෙන අන්දමට ජලයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ප්ලාස්ටික් සුන්බුන් ජල මූලයෙන්ම නැතිනම් නිපදවීමේ සහ බෝතල් කිරීමේ කි‍්‍රයාදාමයේදී හෝ බෝතල් මූඩිය අරින අවස්ථාවේදී පවා හෝ (මූඩිය අරිද්දී ඉතා කුඩා කැබලි බෝතලයට තුළ ඇති ජලයට වැටෙන්නට ඉඩ තිබෙන හෙයින්) එක්වෙනවා විය හැකියි.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් පර්යේෂක යෙකු සහ නව අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ මහාචාර්ය ෂෙරී මේසන් BBC යේ ඬේවිඞ් ශුක්මාන් සමග සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ වතුර බෝතල්වලින් සොයා ගත් ඇතැම් ප්ලාස්ටික් කෙළින්ම ශරීරය හරහා බැහැරවීමට තරම් විශාල බවයි. එහෙත් මේ අංශු මගින් “මනුෂ්‍යයන් වෙත බලපෑම් ඇති කළ හැකි රසායන මුදාහැරීමට හැකිය”යි ඇය සඳහන් කරයි. සමහර අංශු කොපමණ නම් කුඩා ද කීවොත්, ඒවා ආමාශ (ජඨර) ආන්ත‍්‍රක පථයෙන් ඔබ්බට ගමන් කොට ශරීරයේ සෙසු ප‍්‍රදේශවලට ළඟාවිය  හැකිද යන සැකය පර්යේෂකයන්ට පවතී. “ඉන් අපේ විවිධ අවයව හා පටකවලට ඇතිවිය හැකි බලපෑම ගැන අප දන්නේ නෑ” මේසන් කියා සිටියි.

Red Nile

නව අධ්‍යයනය ගැන විද්‍යාඥයන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් අතර උනන්දුවක්  ඇති කිරීමට සමත්ව ඇතත් මේ පර්යේෂණයේ සැලකිය යුතු අඩුපනාඩු ඇතැයි පෙන්වා දෙනු ලැබේ. පර්යේෂන කි‍්‍රයාදාමයට පුරාවටම ධුලකවෙදින්ගේ  සහ ක්ෂුද්‍රප්ලාස්ටික් විශේෂඥයන්ගේ අදහස් විමසා ලබා ගත්තද අධ්‍යයනය විද්‍යා සඟරාවක පළ කර නැති අතර සමපදස්ථයන් හෙවත් සමාන විද්‍යාඥ කණ්ඩායමක සමාලෝචනයකට(peer review) ද ලක්වී නැත. මීට අමතරව CBC යේ කොමන් සහ ස්සෙටෝ පෙන්වා දෙන පරිදි Nile Red නම් වර්ණකය ප්ලාස්ටික්වලට අමතරව වෙනත් ද්‍රව්‍යවලට ද බැඳෙන්නට හැකියාව ඇත. පරීක්ෂාවට ලක් කළ වෙළෙඳ සන්නාම හිමිකරුවන් කියා සිටියේ සිය අභ්‍යන්තර පර්යේෂණවලදී ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවී ඇත්තේ නව අධ්‍යයනයේදී හමු වූ බව කියන ප‍්‍රමාණයට ඉතා අඩුවෙන් බවයි.

නව අධ්‍යානයට ප‍්‍රතිචාර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගාඩියන් පුවත්පතට කියා සිටියේ ‘දැනට ලැබී ඇති ඉතා දුර්වලම සාක්ෂි’ සමාලෝචනයට ලක් කරන බවයි. ඔවුන්ගේ අරමුණ වන්නේ, සාක්ෂිවල අඩු පාඩු හඳුනාගෙන වඩාත් පරිපූර්ණ අවදානම් ඇගැයීමක් සඳහා  මග පාදන පර්යේෂණයකට ඉඩ සලසා දීමයි.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRbMYIackuISPRUSMPLprNJ05TUrUCZljK0z56xFOxisMbvkVLZ

වර්තමානයේ ලොඩ පුරා ජනතාව බෝතල් කළ බීම අති විශාල ප‍්‍රමාණයක් පරිභෝජනය කරති. 2016 වසරේදී පමණක් ලොව පුරා ප්ලාස්ටික් බෝතල් බිලියන 500 ක් පමණ අලෙවි කෙරිණ. ක්ෂුද්‍ර ප්ලාස්ටික් මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යයට බලපෑමක් ඇත්ද නැද්ද යන්න නොතකා මේ අවදානම ගැන කියන්න තරම් අපට පර්යේෂණ සිදු කර තිබෙන ප‍්‍රමාණ මදියි ‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෲස් ගෝඩන් BBC යේ ඬේවිඞ් ශුක්මාන්ට පැවසීය.

කෙසේ වෙතත් වෙන මොනවා නූනත් මේ නව අධ්‍යයනය ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලට නිරාවරණය වීමෙන් මිනිස්සුන්ගේ සෞඛ්‍යයට ඇති වන බලපෑම ගැන තවදුරටත්  පර්යේෂණ හා සොයා බැලීම් කිරීමේ අවශ්‍යතාව ගෙන හැර පා ඇතැයි’ කිංග්ස් කොලිජියේ  පරිසරය හා සෞඛ්‍යය මධ්‍යස්ථානයේ ආචාර්ය ස්ටෙප්නි රයිට් පෙන්වා දෙයි. ප්ලාස්ටික් ජෛවහායනි(biodegradable) නොවන නිසා මේ අංශු, මානව පටකවලට හානි පැමිණවිය හැකි බව ඇයගේ අදහසයි. ‘ඒත් දැනට අපට ඒ ගැන අවබෝධයක් නැහැ’ ෂුක්මාන් වැඩිදුරටත් සඳහන් කරයි.

smithsonian.com හි පළවූ Study Finds Microplastics in More than 90 Percent of Tested Water Bottles යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: