රැස් වළලු රේඛයක් යනු මධ්‍යගත වස්තුවක ප්රභාවත් ආලෝකය අවහිර කරමින් එම වස්තුව වටා ඇති දුර්වල ආලෝකයට දුරේක්ෂය වෙත ඒමට අවකාශ සපයන උපකරනයකි. මේ උපකරණය සොයාගනු ලැබුවේ 1930 ගණන් වලදීය. ඒ, ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ බර්නාඩ් ලයොට්(Bernard Lyot) විසිනි. සුර්යයාගේ රැස් වළල්ල ගැන අධ්‍යනයේ යෙදෙන ඔහුට හිරුගේ පිටත වායුගෝලය ගැන හැදෑරිමට අවශ්‍ය විය. එහෙත් සුර්යයාගේ අධික ආලෝකය හේතුවෙන් සාපේක්ෂව අඳුරු පිටත වායුගෝලය දැක ගැනීමට එකම මග වුයේ පුර්ණ සුර්යග්රහණයක දී චන්ද්රරයා මගින් සුර්යයාගේ ප්රභාවත් තැටිය වැසී ගිය විට පමණය. එහෙයින්, චන්ද්‍රයාගේ කාර්ය අනුකරණය කර සිය දුරේක්ෂය ඇතුලත කෘතීම ග්‍රහණයක් මැවිය හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ලයොට් තීරණය කළේය. එහි ප්‍රතිපලය තමයි රැස් වළලු රේඛය. සුර්යයාගේ පිටත වායුගෝලය හඳුන්වනු ලබන්නේ රැස් වළල්ල (corona) ලෙසය. එහෙයිනි ලයොට්ගේ නිර්මාණය රැස් වළලු රේඛය(coronagraph) ලෙස නම් කෙරුනේ.
යම් ප්‍රභාසම්පන්න වස්තුවක් පසෙකින් සාපෙක්ෂ්ව අඳුරු වස්තුවක් දැක බලාගැනිමට තැත් කිරීමේ තවත් උදාහරණයක් ලෙස බහිර්ග්රහයන්(exoplanets) ගැන සෙවීම දැක්විය හැකියි. ග්‍රහයන් තමන්ගේම ආලෝකයක් ජනනය කරන්නේ නැති බව අපි දන්නෙමු. . ඒවායේ ආලෝක ප්රභවය වන්නේ එම ග්‍රහයන් කක්ෂ ගතව ඇති තාරකාවයි. උදාහරණයක් හැටියට පෘථිවිය ගතහොත් එහි ආලෝක ප්රභවය වන්නේ පෘථිවිය කක්ෂ ගතව ඇති තාරකාවයි(අපේ තාරකාවට අප කියන්නේ සුර්යයායි). ග්රහයෙකු කරන්නේ හුදෙක් එහි තාරකාවෙන් නිකුත්වෙන ආලෝකය පරාවර්තනය කිරීම පමණකි. මෙය සමාන කර දැක්වෙන්නේ පිරික්සුම් පහනක්(searchlight) දැල්වෙද්දී ගැටියේ සිටින කණාමැදිරියෙකු දැකීමට උත්සාහ කිරීමක් බදුය.
අභ්‍යවකාශයේ දී රැස් වළලු රේඛය ප්‍රධාන වශයෙන් භාවිත කර ඇත්තේ නාසා ආයතනයේ සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සුර්ය හා සුර්යගෝලිය නිරික්ෂාගාරය(NASA-ESA’s Solar and Heliospheric Observatory = SOHO) වැනි අභ්‍යවකාශ යානා යොදාගනිමින් සුර්යා නිරීක්ෂණය කිරීම සඳහා යි. හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයේ ආසන්න අධෝරක්ත කැමරාව සහ බහු-වස්තු වර්ණාවලි දිප්තිමනය(Near Infrared Camera and Multi-Object Spectrometer) තුල රැස් වළලු රේඛයක් තිබිණ. HR 8799 නම් තාරකාව වටා කක්ෂ ගතව ඇති බහිර්ග්රහයන් සිව්දෙනාගේ අනුරුපයක් ලබා ගැනීම පිණිස තාරකා විද්‍යාඥයෝ රැස් වළලු රේඛයක් යොදාගත්හ. පුනරාවර්තව(නැවත නැවත) ග්‍රහයන්ගේ අනුරුප ගැනීමෙන් එම ග්‍රහයන් ඒවායේ තාරකා වටා කක්ෂගතව ගමන් කරන ආකාරය දැක ගත හැකිය.
ලබන වසරේ අභ්‍යවකාශ ගත කිරීමට නියමිඅත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපයේ ආසන්න අධෝරක්ත කැමරාවෙහි ද රැස් වළලු රේඛයක් අඩංගු වනු ඇත.
නීල ව්‍යාපෘතිය(Project Blue) සහ රැස් වළලු රේඛය
නීල ව්‍යාපෘතිය යනු පෞද්ගලික තාරක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් පිරිසක් එක්ව බහිර්ග්රහයන් සෙවීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.
ඇල්පා සෙන්ටෝරි(AlphaCentauri) , එකිනෙකා වටා කක්ෂගත තාරකා තුනකින් සමන්විතය. සුර්ය ග්‍රහ මණ්ඩලයට ආසන්නම තාරකාවක් වන ප්‍රොක්සිමා සෙන්ටෝරි (Proxima Centauri) එම තුනෙන් එකකි. එය රතු වාමන තාරකාවක් ලෙස සැලකේ. එක හා අනන්‍ය බවක් දක්වන ඇල්පා සෙන්ටෝරි A සහ ඇල්පා සෙන්ටෝරි B තමයි නීල ව්‍යාපෘතිය මගින් ඉලක්ක කෙරෙන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්න සැලසුම් කර ඇත්තේ කුඩා ටෙලෙස්කොපයක්(මිටර 0.5) ය. එහෙත් මේ තාරකා දෙක වටා කක්ෂ ගතව ඇති බහිර්ග්රහයන්ගේ චලනයන් කෙලින්ම චායාරුපයට නගන්න ඊට අවස්තාව සැලසෙයි. මන්ද, මෙම අභයවකාස යානය රැස් වළලු රේඛයක් භාවිත කරන හෙයිනි.
BBC FOCUS(April, 2018) හි පළවූ HOW IT WORKS: CORONAGRAPH නම් කොටස ඇසුරෙනි