සැමට විදු නැන නුවණ – Science Literacy for All

විචාර දෘෂ්ටිය(SEEING REASON) 3: සිත් වෙනස්කිරීම III

මිනිස් මොළය කරුණු කාරනා විකෘති කරයි; අප අපේ සිත් වෙනස් කර ගන්නේ කෙසේ ද?

සිත් වෙනස් කිරීම

මේ මාතෘකාව යටතේ පළවන ලිපියේ අවසාන කොටස

‘ප‍්‍රජානන ද්වෛතවාදය’(cognitive dualism) යනු එකිනෙකට පරස්පර විරෝධී සේ පෙනී යන විශ්වාසයන් දෙකක් එකවර දැරීමේ හැකියාවයි(පසු ගිය බ්‍රහස්පතින් දා පල වූ ලිපිය බලන්න). මේ ආකාරයේ ම ප‍්‍රජානන ද්වෛතවාදය  ඇමරිකා එක්සත් ජනපද ගොවීන් අතර ද දැකිය හැකිය. 2013 වසරේ මිසිසිපි, උතුරු කැරොලිනාව, ටෙක්සාස් සහ විස්කොන්සින් ජනපදවල ගොවීන්ගේ සමීක්ෂණයක් මගින් හෙළි වූයේ දේශගුණික විපර්යාස යනු පරිසිද්ධියක් නැතිනම් පිළිගත් කාරණාවක්ය යනුවෙන්  සැලකූයේ සුළුතරයක් පමණක් බවයි. එසේ වුවත්, ඒ එක් එක් ජනපදයේ බහුතරය විශ්වාස කරන්නේ දේශගුණ විපර්යාස හේතුවෙන් සමහර ගොවීන්ට ඔවුන්ගේ ජීවන වෘත්තිය අහිමි වේය, ඉතිරි අය තම තමන් දැනට අනුගමනය කරන භාවිතයන් වෙනස් කර කාලගුණය හේතුවෙන් ඇතිවන භෝග පාලූව වෙනුවෙන් වැඩි වැඩියෙන් රක්ෂණ ආවරණ ලබා ගත යුතුය යනුවෙනි.  බොහෝ දෙනෙකු දැනටමත් ඒ මග යමින් දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජාන ඉංජිනේරුශිල්පයෙන් සැකසු   වගා බෝග මිලට ගැනීමට සහ විශේෂිත රක්ෂණ ගිවිසුම් ලබාගෙන ඇත.

https://www.simplypsychology.org/body.jpg

(යේල් විශ්ව විද්‍යාලයේ ඩෑන්) කාහන් විසින් ‘ක්වොන්ටම් මානසික තත්ත්වය’ යනුවෙන් හඳුන්වනු ලබන  මෙහි මනෝ විද්‍යාත්මක මුක්කු ගැසීම් ගුප්තයි. කාහන් කියා සිටින්නේ එහෙත් එය වැදගත් වන බවයි. මන්ද, තමන්ගේ අනන්‍යතාව සමග අදාල ප‍්‍රශ්නය කොපමණ දුරට බැඳී ඇත්ද යන්න මත රැඳෙමින් ජනතාවට ඉතා වෙනස් මට්ටම්වලදී පරිසිද්ධිමය කාරණා ගැන සිතිය හැකි යයි  ඉන් කියැවෙන හෙයිනි. කාහන් අදහස් කරන අන්දමට මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් වලින් සිදුවන දේශගුණ විපර්යාසයන් ගැන ජනතාවගෙන් විමසීම හරියට ‘‘ඔබ කවුද? ඔබ සිටින්නේ කුමන පැත්තේ ද?” යනුවෙන් ජනතාවගෙන් අසනවා වැනි යයි කියාය. ඒ ඔවුන්ගේ පිළිතුරු කෙරෙහි දේශපාලන        එපමණ වෙනසක් ඇති කරන්නේ එහෙයිනි. එහෙත් ඔබ දේ්ශගුණ විපර්යාසයන් ගැන ප‍්‍රාදේශීය වශයෙන් නැතිනම් පෞද්ගලික වශයෙන් කතා කිරීමට පටන් ගත් විට එහි දේශපාලන ගැම්ම ඇණහිට එය ඔවුනට වඩා ප‍්‍රායෝගික කාරණාවක් බවට පත්වේ. ‘‘ප‍්‍රශ්න ජාතික මට්ටමේ දේශපාලන ස්වරූපයකින් එතූ විට, ඒවාට ජනතාව බෙදීමට ලක් කරන  ප්‍රතිනාදයක්  ඇතිවේ, ‘‘කාහන් පෙන්වා දෙයි.’’ එහෙයින් ඔබට  ඕනෑ වන්නේ වෙනත් මට්ටමක දී ක‍්‍රියාකාරී වීමට පහසුකම් සැලසීම පිණිස කාරනා එක මානයක් ඔස්සේ අදේශපාලනය කිරීමටයි(දේශපාලනයෙන් ඉවත් කිරීම).

https://news.nationalgeographic.com/content/dam/news/2017/08/08/climate-change-report/01-climate-change-report.jpg

දේශගුණ විපර්යාස වැනි වාද විෂයන්ගෙන් අන්තරයාකාරී පර්ශ්වික දේශපාලනය බැහැර කිරීම කාහන් පවසන පරිදි ‘‘විද්‍යා සන්නිවේදන පරිසරයෙන් ධුලක(විෂ) ඉවත් කිරීමයි’’ කි. ඔය කියන පරිසර පද්ධතියේම ප‍්‍රධාන පෙළේ දුෂණ කාරකයක් වන්නේ දේශපාලනය තුළ බලපෑමක් ඇති කළ හැකි කළු සල්ලිය යයි ලෙවන්ඩවුස්කි තර්ක කරයි. පිලඩෙල්පියා හි, ඩෙ‍්‍රක්සෙල් විශ්ව විද්‍යාලයෙහි රොබට් බෲල් 2013 සිදුකළ අධ්‍යයනක දී පෙනී ගියේ, මිනිසුන්ගේ බලපෑමෙන් දේශගුණික විපර්යාස සිදුවන බව නොපිළිගන්නා කණ්ඩායම් වෙත 2003 ත් 2010 ත් අතරතුර ඩොලර් මිලියන 558 ක මුදලක් හොර රහසේ සපයා ඇති බවයි.  මේ මුදල් ලබා දී ඇත්තේ මුදල් ලැබුණ මුලය සඟවන ‘අතිනත යවන’ (pass through) තුන්වැනි පාර්ශව සංවිධාන මගිනි. “අප මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලපෑම් ගැනත් ඒවා පොදු ජන කතිකාවන් කෙරෙහි බලපාන අන්දම ගැනත් කතා කළ යුතු වෙනවා” ලෙවන්ඩව්ස්කි කියා සිටී.

ඉතින් පරිසිද්ධි පෙරමුණට එතැයි අපට විශ්වාසයක් තැබිය හැකි ද? පරිසිද්ධිවල බලය යළි ගොඩ නැංවීම පහසු කාර්යයක් නොවන්නේය. ඒත් මේ අභියෝග තිබුණේ වී නමුත් ඒ ගැන කනස්සල්ලට පත්වීමෙන් වැළකිය යුතු යයි (නිව් හැම්ස්ෂියර්, ඩාට්මවුත් විද්‍යාලයේ බ්‍රෙන්ඩන්) නයිහෑන් අනතුරු හඟවයි. ‘‘වැරදි තොරතුරු සංසරණය සඳහා වෙනත් මාර්ග පැවති අතීතය හා සසදද්දී අද වෙනස් වී ඇති දේ  අතිශෝක්තියෙන් ප‍්‍රකාශ නොකර සිටීම වැදගත්. යයි ඔහු කියයි.  පැය විසිහතරේ ප‍්‍රවෘත්ති මෙන්ම සියල්ල ගිලගන්නා සමාජ මාධ්‍ය වෙත ක්ෂණිකව  ප‍්‍රවේශ වීමට අද ඇති හැකියාවට  වඩා එකල පැවති (ප්‍රවෘත්ති)සංසරණ මාර්ග නැතිනම් ක‍්‍රම මන්දගාමී වයේ වී නමුත් ඒවා, ජාතික ගැටළු පිළිබඳ සංවාදයට බොරු කියා පෑම් එකතු කිරීමට දේශපාලඥයන්ට එකල ද මගපාදා දුන්නේය. ‘‘මහජන මතය තුල  හෝ දේශපාලන කතිකාව තුල  පරිසිද්ධි ප්‍රමුඛතවයට් පත්  ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වර්ණමය යුගයක් කිසිදිනක පැවතුනේ නැහැ’’ නයිහෑන් පෙන්වා දෙයි, ‘‘එත් ඉතින් අප කොහොම හරි රැකී සිටියා’’

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි SEEING REASON: Changing minds යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: