සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා : මූලික කාර්යභාරයන්

මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය  මත අනෙකුත් ජීව ස්ව රූප අතර අපි සුවිශේෂි වන්නෙමු.  එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන්  මිනිස්  විශේෂය සතු  සිතීම, පරිකල්පනය, නිර්මාණය  සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.

අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා  ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.

මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.

https://img.purch.com/h/1000/aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA0OS84NzUvb3JpZ2luYWwvaHVtYW4tYm9keS5qcGc=

මනුෂ්‍යයන්ගේ ශරීරය වනාහි, විශේෂ වූ කාර්යභාරයන් සහිත ඉන්ද්‍රීය පද්ධති ලෙස වැඩි කොටසක් වර්ග කෙරුණු, සංකීර්ණ ෙසෙල පද්ධතියකි. මේ පද්ධති හොඳින් වටහා ගත හැක්කේ ඒවා මගින් ඉටු කෙරෙන අත්‍යවශ්‍ය කාර්ය භාරයන් සැලකිල්ලට ගැනීමෙනි: ආහාර වලින් ශක්තිය සපයා ගැනීම, තුවාල හානිවලට එරෙහි ආරක්ෂාව, අභ්‍යන්තර සම්බන්ධීකරණය සහ ප‍්‍රජනනය (reproduction) එම කාර්යභාරයන්ය.

ශක්තිය සඳහා වන අවිච්ජින්න නැතිනම් නිරන්තර අවශ්‍යතාව මගින් ආහාර සපයා ගැනීමට  සංවේදී ඉන්ද්‍රියයන් සහ සැකිලි පේශී, ආහාර පාවිච්චියට ගත හැකි කොටස්වලට බිඳ දැමීමට හා ජීර්ණය නොවූ ආහාරමය ද්‍රව්‍ය බැහැර කිරීමට ජීර්ණ පද්ධතිය, ආහාර දහනය සඳහා ඔක්සිජන් සැපයීම හා නිපදවෙන කාබන්ඩයොක්සයිඞ් විසර්ජනයට පෙනහලූ ද, ෙසෙල ක‍්‍රියාකාරීත්වය තුළින් ද්‍රාවිත (දියවූ) අනෙකුත් අපද්‍රව්‍ය නිෂ්පාදන බැහැර කිරීමට මුත‍්‍රා පද්ධතිය ද, අධික තාපය ඉවත් කිරීමට පෙනහලූ සහ සම ද (ආහාරවල ශක්තිය බොහොමයක් අවක‍්‍රමණය වන්නේ තාපය හැටියටය),  මේ ද්‍රව්‍ය සියල්ල ෙසෙල වෙත හෝ වෙතින් ඒවා අවශ්‍ය හෝ නිපදවන එහා මෙහා ගෙන යාමට  සංසරණ පද්ධතිය ද යොදවනු ලැබේ

අනෙකුත් ජීවීන් සියල්ලට මෙන්ම මනුෂ්‍යයන්ට ද තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ විධි ඇත. අනතුරු ගැන සොයා ගැනීම හෙවත් අනාවරණය කර ගැනීමේ දී ඉන්ද්‍රියයන්ද, හෘදය උත්තේජනය කිරීම හා හදිසි ශක්ති සැපයුම් වෙත ප‍්‍රවේශවීමේ හැකියාව ලබා ගැනීමේ දී හෝමෝන පද්ධතිය ද  එමෙන්ම පලා යාමට හෝ ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියා කිරීම පිණිස මාංශපේශී ද යොදා ගනු ලැබේ.  බැක්ටීරියා හා පරපෝෂිතයන් වැනි හානිකර ද්‍රව්‍යය හෝ ජීවීන්ට එරෙහි පලිහක් සම මගින් සපයනු ලැබේ. කෙසේ හෝ ශරීරයට ඇතුල් වන ද්‍රව්‍යවලට එරෙහිව සහ ශරීරය තුළම නිතැනින්ම වර්ධනය වන පිළිකාමය ෙසෙල වලට එරෙහිව ආරක්ෂාව ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් සැපයේ. අපේ ස්නායු පද්ධතිය අපගේ පැවැත්ම සම්බන්ධයෙන් විශේෂයෙන්ම  වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි :  මනුෂ්‍යන්ට සිය පරිසරයේ වෙනස්කම් හෙවත් විපර්යාසයන්ට මුහුණ දීමට අවශ්‍ය අන්දමේ ඉගෙනීමට ඉන් ඉඩ සැලසේ.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSpy2PXVppgH1sC48-GLD88BKVssFnBwIoKB-CAJY7ExU_gdlBR

මෙකී සංකීර්ණ පද්ධතිය කළමනාකරණයට හා සම්බන්ධීකරණයට අවශ්‍ය අභ්‍යන්තර පාලනය කරගෙන යනු ලබන්නේ හෝමෝන පහකරන ග‍්‍රන්ථි සමග සංගමනයෙන්(එකට බැඳීමෙන්)මොළය හා ස්නායු පද්ධතිය මගිනි. ස්නායු සහ හෝමෝන මගින් ගෙන යනු ලබන විදුලිමය සහ රසායනික සංඥා සමස්තයක් ලෙස ශරීරය එකට එකතු කරයි (සමෝධානය කරයි). හෝමෝන සහ ස්නායු අතර බොහෝ හරස් බලපෑම්, ශරීර කාර්ය භාරයන් සියල්ලෙහිම පාහේ සමායෝජිත වක‍්‍ර පද්ධතියකට මග පාදයි. සමහර ග‍්‍රන්ථ හෝමෝන පහ කරවනු වස් උත්තේජනය කිරීමේ හැකියාව ස්නායුවලට ඇති  අතර මනුෂ්‍ය චර්යාවට බලපාන හෝමෝන මුදා හැරීමට මොළයට හැකියාව ඇත. තවද, ස්නායු ෙසෙල අතර සංඥා සම්පේ‍්‍රෂණයේ දී ද හෝමෝන සම්බන්ධ වේ. නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ඇතැම් ඖෂධ වලට, හෝමෝන හෝ  හෝමෝනමය ස්නායු පද්ධතිය මගින් නිෂ්පාදිත හෝමෝන  සහ ස්නායු සම්පේ‍්‍රෂක අනුකරණයෙන් හෝ අවහිර කිරීමෙන් මනුෂ්‍යයන්ගේ ශරීරයට සහ මොළයට බලපෑම් එල්ල කිරීමට  හැකිය.

Image result for sexual urge

(සත්ව) විශේෂයන්ගේ අඛණ්ඩත්වය නැතහොත් විකාශය දිගටම පැවතීම ප‍්‍රජනනය මගින් සහතික කෙරේ. ලිංගික උත්ප‍්‍රාය(sexual urge) හෙවත් පෙළඹවීම ජීව විද්‍යාත්මක වශයෙන් ධ‍්‍රැවිත වන්නකි(මෙහෙයවනු ලබන්නකි). එහෙත් එම මෙහෙය වීම මනුෂ්‍යයන් තුළ විද්‍යාමානවන්නේ හෙවත් ප්‍රකටවන්නේ කෙසේද යන්න තීරණය වන්නේ මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතික සාධක මගිනි. සංවේද ඉන්ද්‍රියයන් සහ හෝමෝන මෙන්ම අභ්‍යන්තර සහ බාහිර ලිංගික අවයවයන්ද මීට සම්බන්ධ වේ. ලිංගික ප‍්‍රජනනය මගින් ජනකයන්ගේ() ජාන මිශ‍්‍ර කිරීම තුළින් වැඩි ජානමය විවිධත්වයක් නිපදවන්නේය යන කාරණාව පරිණාමයෙහි දී ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

(මිනිස් ජීවියා ලිපි පෙළ යටතේ මීළඟට පළ වෙන්නේ ඉගෙනුම යන කොටසයි. ඊළඟ බ‍්‍රහස්පතින්දා තතු කියවන්න).

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම්  6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි BASIC FUNCTIONS යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: