සැමට විදු නැන නුවණ – Science Literacy for All

දිලීරවලට ලිංගික සම්භෝගය අකැපද?

ලිංගික සම්භෝගය ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයකි. ඔබත්, මාත් පමණක් නොව මේ මිහිතලය මත ජීවත්වන සෑම ප‍්‍රාණියෙකුම මෙලොවට ඇවිත් සිටින්නේ කිසියම් දෙදෙනෙකු අතීතයේ කිනම් මොහොතක හෝ එකට එක්ව ඔවුන්ගේ ජාන ඊළඟ පරපුර වෙත දායාද කළ නිසාවෙනි. පෘථිවිය මත බොහෝ ජීව විශේෂයන්ට, විශේෂයෙන්ම මනුෂයන්ට මෙය බෙහෙවින් අත්‍යාවශ්‍ය කි‍්‍රයාදාමයකි. මන්ද, දැඩි කොන්දේසි සහිත සපුරාලිය යුතුම වන අවශ්‍යතා ඇති හෙයිනි. නිදසුනකට ගතහොත් ජනිතයෙකු (offspring) බිහිකරනු වස් විරුද්ධ ලිංගික සහකරුවන් දෙදෙනෙකු සිටීම අත්‍යවශ්‍යය. එහෙත් එහෙම කීවාට මේ අවශ්‍යතාවයට ව්‍යාතිරේක(වෙනස්වන අවස්ථා) ගණනාවක්ම පවතී. මෙහිදී වඩාත්ම අලංකාර, වඩාත්ම සිත් ආකර්ෂණය කෙරෙන ව්‍යාතිරේක ප‍්‍රදර්ශනය කරන්නේ ඇතැම් දිලීර විශේෂයන්ය.

දිලීර අපගේ ජීවිතවල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සමහරක් දිලීර උදාහරණ ලෙස බිම්මල් – අපේ ආහාර මූලයන්ය. ඇතැම් දිලීර චීස්, වයින්, බියර සහ පාන් නිෂ්පාදනයේදී යොදා ගැනේ. තවත් සමහරක් මනුෂ්‍යයන්ගේ ලෙඩ රෝග සඳහා වුවමනාවන ප‍්‍රතිජීවක සපයයි. එලෙස අපට සහාය වන අතරම ඇතැම් දිලීර ගහකොළ හෙක්ටයාර් ගණනින් වනසමින් හෝ ඇතැම්විට මිනිසුන් මරාදමමින් පවා හෝ මහා විපත් පමුණුවයි.

Huntiella moniliformis දිලිරය

ඉතින් බොහෝ විශේෂයන් සේම දිලීරවලට ද ලිංගික ජීවිතයක් තිබේ. ප්‍රෙටෝරියා විශ්වවිද්‍යාලයේ ඇන්ඩි විල්සන් කියා සිටින්නේ ඇතැම් දිලීර ඒක ලිංගික බවයි. ඇය . සුවදැති මෙන්ම මෘදු ගතියෙන් යුත් Huntiella moniliformis දිලීරයේ ලිංගික චර්යාව ගැන අධ්‍යයනය කරමින් සිටියි. මෙය ලොව පුරා වැවිලි වගාවල හමුවන දිලීර විශේෂයකි. එය ඒකලිංගික වීම ඒ කියන්නේ තනිවම ප‍්‍රජනනය කළ හැකිවීම එක්තරා දුරකට සුවිශේෂීය. මේ සුවිශේෂත්වය නිසාම එය ඉතාමත් අන්තරායකාරී විභවයකින් යුක්ත වන බව එනම් විනාශකාරීවීමේ හැකියාවෙන් යුක්ත බව විල්සන් පෙන්වා දෙයි. “ඔව්, මුළු කැලෑවකටම තියෙන එකම දිලීරය ඒක විතරක් වුණත් එය මහා භයානකයි”, ඇය කියයි, “මන්ද එයට තනිව සම්භෝගයේ යෙදෙමින් දිගින් දිගටම ප‍්‍රජනනය කළ හැකි නිසයි”. මෙලෙස එයට ලිංගික සම්භෝගයේ පරිණාමයෙන් ලද හැකි  සියලූ වාසි සලසා ගන්නේ සම්භෝගය සඳහා හවුල්කරුවෙකු සොයා ගැනීමේ කරදරයට මුහුණ නොපාමිනි.

මේ දිලීර විශේෂයෙහි ලිංගික ජීවිතය හරිහැටි වටහා ගැනීමෙන් දිලීර පාලනය කිරීමට, කළමනාකරණයට හෝ එහි කි‍්‍රයාකාරිත්වය නතර කිරීමට පවා හැකි වෙනු ඇතැයි ඇන්ඩි විල්සන් සඳහන් කරයි. මෙය Huntiella moniliformis  වැනි විශේෂය සම්බන්ධයෙන් වඩාත් වැදගත් වෙන්නේ, හානි පැමිණි ශාක ආසාදනය කර රෝග ඇති කිරීමට එම විශේෂයට හැකි හෙයිනි.

මිනිසුන් සහ වෙනත් බොහෝ ක්ෂීරපායින්ට ජනිතයන් බිහිකිරීම ඇත්තේ එකම මගකි: එනම් ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර ලිංගික සම්භෝගයෙනි. උරගයන් සහ පක්ෂීන්ද බොහෝ විට ප‍්‍රජනනය කරන්නේ විෂම ලිංගිකවය. එසේ වුවද. විවිධ ලිංගික උපාය මාර්ග හය අතුරෙන් එකක් හෝ වැඩි ගණනක් උපයෝගී කර ගැනීමට දිලීරවලට හැකිය. මේ පරාසයට, විෂම ලිංගික සම්භෝගයට දිලීර වශයෙන් සමාන කම දක්වන ක‍්‍රමෝපායේ සිට ඒවායේ සම්භෝගමය වර්ගය දක්වා අවශ්‍යතාව අනුව වෙනස් වේ.

Image result

විෂම ලිංගික

විෂමතලසතාව(Heterothallism): මෙය මනුෂ්‍යන් අතර ඇති විෂම ලිංගිකතාවයට සමාන වන අතර ඊට සහකරුවන් දෙදෙනෙකු අවශ්‍යයි. මනුෂ්‍යයන් ගතහොත්, X ක්‍රෝමසෝම  දෙකක් තිබීමෙන් කාන්තාවක් වීමටද X සහ Y ක්‍රෝමසෝම පුරුෂයෙකු කිරීමටද හේතුවේ. සමහර දිලීර ද මෙවැනි ක‍්‍රම උපයෝගී කරගනී.  එහෙත් සම්පුර්ණ ක්‍රෝමසෝමයක් වෙනුවට  තනි ජානයක් යොදා ගැනේ. MAT1 ජානය සහිත දිලිරයෙහි සම්භෝග වර්ගය MAT1 ය. MAT2 සහිත නම් එය MAT2වේ. සම්භෝගය සිදුවීමට නම් MAT1සහ MAT2 සහකරුවන් එකට එක් විය යුතුය.

https://i2.wp.com/joelhuberman.net/HubermanLabArchives/BIR572/4.Thallism.gif

මූලික සාමතලසතාව(Homothallism):  මෙහිදී තනි දිලීරයක් සම්පූර්ණයෙන්ම තනිවම ලිංගික සම්භෝගයේ යෙදිය හැකිය. MAT1 හෝ MAT2 යන ජාන දෙකෙන් එකක් වෙනුවට ඒවාට ඒ දෙකම ඇත.

ඒක ලිංගිකතාව(Unisexuality): මෙය හටගන්නේ MAT1 හෝ MAT2 යන ජාන දෙකෙන් එකක් ඇති විට යයි අප සම්ප්‍රදායනුකුලව කල්පනා කල ද  ඒවාට සහායකයෙකු අවශ්‍යයයි අප අපේක්ෂා කළ ද ඒවාට සහායකයෙකු අවශ්‍ය නොවේ.

මෙය වැදගත් වන්නේ ඇයි? පැහැදිලිව පෙනෙන වැදගත්කම විශේෂයන් සම්භෝගයේ යෙදීමෙන් පැහැදිලිවම පරිණාමීය වාසි අත්පත්කර ගන්නා බවයි. වඩාත් කැපී පෙනෙන වාසිය වන්නේ එමගින් විශේෂයක චිර ජීවනය සහතික වීමයි. එහෙත්, අවාසිදායක තත්ත්වයන්ද ඇත. හැබැයි ඒ, H. moniliformis  විශේෂයට නොව වන වගා වැවිල්ලටය.

ලිංගික සම්භෝගය විවිධ පුද්ගලයන්ගෙ ජාන සම්බන්ධ කර, සංයෝගකර ජානමය වශයෙන් සුවිශේෂී ජනිතයෙකු නිපදවයි. රෝග ඇති කරන දිලීර ගතහොත් මෙය ධාරක පැනිල්ලට(host jumping) – ඒ කියන්නේ, පයින් ගස්වගේ  වැවිල්ලක ග‍්‍රහණශීල ධාරක විශේෂයක සිට කලින් ප‍්‍රතිරෝධයක් දැක් වූ ස්වභාවික වනාන්තරයක ගසක් වැනි විශේෂයකට සංචලනය වීමයි. මෙය දරුණු ලෙස පාලනය කිරීම අපහසු මට්ටමේ රෝග පැතිරීමට මග පාදයි. H. moniliformis වැනි දිලීරවල අනෙකුත් අවාසිය වන්නේ, ඒවා පහසුවෙන්ම ව්‍යාප්තවිය හැ,කි බීජාණු නිපදවීමයි. බොහෝ විට දිලීර පැතිරීම හා ආසාදනය බලගන්වන කාරකය වන්නේ මේවායි.

මේ ක්‍රියාදාමයන් සහ H. moniliformis වැනි දිලිර වල ලිංගික ජීවිතය තේරුම් ගැනීම ශාක ලෙඩරෝග පැතිර  යාම පාලනය කරන්නේ කෙසේද යන්න ගැන අපට පිළිතුරු සපයන්නට හැකිවෙතැයි ඇන්ඩි විල්සන් පවසයි. වැවිලිවගා මෙන්ම මනුෂ්‍යයන් ද ආරක්ෂා කිරීමට එය අවසානයේ ප්‍රයෝජනවත්වේ.

 

The Conversation(Global) හි පළවූ  Sex: birds do it, bees do it – and fungi do it too. Here’s how, and why it matters යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: