සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඛේටයෙහි(කෙළ වල) ඇති රසායන ඉටු කරන කාර්ය භාරය

අන්තර්ගත දෑ

අපි මුලින්ම බලමු ඛේටයෙහි ඛේටයෙහි(කෙළ වල) ඇති රසායන ඇති රසායන මොනවාද කියා. වැඩිපුරම ඇත්තේ ජලයයි.  ඔව් ඇත්තටම සියයට 98ක් පමණම ජලයයි. ඛේටයෙහි ඛේටයෙහි හෙවත් කෙළ වල, දියවූ ලවණ, ශ්ලේශමල ස්රාවය(සෙම), ඇතැම් ප්‍රතිජීවක අණු සහ  ඇමයිලේස් වැනි පිෂ්ටය සරල සිනි බවට හරවන එන්සයිම අඩංගුවේ.  ඉතින්, ඒ අනුව කෙල තමයි ජීරණ ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ.

පෙරොක්සිඩේස, ලයිසොසයිම, ලැක්ටෝෆෙරින් වැනි ප්‍රතිජීවක කාරක කෙළවල නිපදවේ.

ඉටු කරන කාර්යය

අපේ මුඛයේ සහ නාසයේ ඇති සෛලවල අපේ ශරීරයේ පිටත පිහිටා ඇති සම  ආකාරයේ නැතිනම් සම  වැනි දැඩි ආරක්ෂක ආවරණයක් නොමැත. ඒ වෙනුවට කට සහ නාසය ආරක්ෂාවී ඇත්තේ ශ්ලේෂ්මල මගිනි. අපේ සිරූරේ  සම නොමැති ඕනෑම තැනක, බැක්ටීරියා, දිලිර සහ වෛරසවලින් සෛල ආරක්ෂා කරන ශ්ලේෂ්මල ස්තරයක් ඇත.

ශ්ලේෂ්මල යනු ප්‍රෝටීන වලට ඇලී නැතිනම් ඇඳී තිබෙන සරල සිනි එකතුවීමෙන් ඝන සහ ඇලෙනසුළු බවට පත් වූ ජලයයි. මේවා ග්ලයිකෝ-ප්‍රෝටීන(glycoproteins) ලෙස හැඳින්වේ. ග්ලයිකෝ-ප්‍රෝටීන මුඛයේ සහ නාසයේ බිත්තිවලට ඇලි සිටීමට ශ්ලේෂ්මලවලට ආධාර වන අතර බැක්ටීරියා සහ අංශු අපගේ පෙනහළුවලට යා නොදී  (ඒවා) කොටුකර ගනී. මුඛය සහ නාසය පසුකර පෙනහළුවලට කෙසේ හෝ ඇතුල්වෙන දේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස ඒවායේ(පෙනහළුවල) ද ශ්ලේෂ්මල ස්තරයක් ඇත.

https://i0.wp.com/i2.cdn.turner.com/cnn/2009/HEALTH/03/03/saliva.spit.survey/art.mouth.gi.jpg

අප ගන්නා ආහාර හැපීමට සහ ගිලීමට පහසු වන සේ ශ්ලේෂ්මල ඒවා ස්නේහනය කරයි (lubricates).  ආහාරය දකින විට, ඒවායේ ගඳ සුවඳ දැනෙන විට  නැතිනම් ඒ ගැන සිතන විටදී පවා අපගේ ඛේට ග්‍රන්ථි,  කැමට ගැනීමට සුදානම් වන ආහාරය තෙත්  කිරීමේ  හෝ ස්නේහනය කිරීමේ අවය්ෂතාව සපුරා ලීමේ  අපේක්ෂාවෙන්  දියර නිපදවයි.

අපගේ නාසය සහ උගුර දිගේ පෙළ ගැසෙන සෛලවල, නිරතුරුවම උගුරේ පිටුපසට ශ්ලේෂ්මල යවන සෛල අඩංගුවේ. ශ්ලේෂ්මල මගින් කොටු කර ගත් අංශු හෝ බැක්ටීරියා සමගම උගුර පිටුපසදී ගිල දැමීමට හැකිවෙයි.

බැක්ටීරියා කොටු කරගැනීමට අමතරව ශ්ලේෂ්මලවල , බැක්ටීරියා බිත්ති බිඳ විවෘත කරන එන්සයිම අඩංගුය. ලයිසොසයිම එන්සයිමය සහ ලැක්ටෝෆෙරින් ප්‍රෝටීනය යනු ‘සහජ ප්‍රතිශක්ති පද්ධතිය’(innate immune system) යනුවෙන් හඳුන්වනු ලබන දෙයෙහිම කොටසකි. බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියා කරන පද්ධතිය එයයි. අපට එකම රෝගය යළි සෑදීම වලක්වනු වස් ‘අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතිය’(adaptive immune system)  විෂබීජ හඳුනා ගැනීම සිදුකරයි.

ලැක්ටෝෆෙරින් වල ඔක්සිකරණයට ලක් වූ යකඩ(මලකඩ) ඇත. සංශුද්ධ කලවිට එය රතු පැහැයෙන් දිස්වේ.(එහෙත් කෙළවල මෙය ඇත්තේ ඉතා සුළු වශයෙන් නිසා වර්ණයක් නොමැත). ලැක්ටෝෆෙරින් බැක්ටීරියා බිත්තිවලට බැඳෙයි. ඔක්සිකරණයට ලක් වූ යකඩ පෙරොක්සයිඩ නිපදවයි. පෙරොක්සයිඩ බැක්ටීරියා බිත්ති බිඳ දැමීමෙන් බැක්ටීරියා ගලායාමට සලස්වයි.

ලැක්ටෝෆෙරින් මගින් බැක්ටීරියා වෙත ශ්වේතාණු හෙවත් සුදු රුධිරාණු ආකර්ෂණය කරනු ලබන්නේ ඒවා ගිල දැමීමට හැකිවනු පිණිසය. සිරුර තුල අනෙක් ස්ථානවල දී එහි ප්‍රධාන කාර්ය භාරය වනුයේ යකඩ අවශ්‍ය වන තැන් වලට යකඩ ගෙන යාම සඳහාය. එසේවුවද, ඊට අමතරව ලැක්ටෝෆෙරින් සතුව තවත් කාර්ය භාරයන් තිබේ. කෙළ වලදී ලැක්ටෝෆෙරින් යකඩ බැඳ තබන්නේ බැක්ටීරියාවලට ජීවත්වීම සඳහා අවශ්‍යවන යකඩ ලබා ගැනීමට නොහැකිවන පරිද්දෙනි. කලින් ද දැක්වූ පරිදි ලැක්ටෝෆෙරින් සෛල බිත්තිවලට ඇලී පවතියි. එය බැක්ටිරියම ඇතුලට රිංගයි, එය පෙරෝක්සිද මුදාහරියි, එමෙන්ම බැක්ටීරියාවේ හෝ දිලිරයේ එන්සයිම වලට බාධා කරයි.

Related image

ලැක්ටෝෆෙරින් සෛලවලට ඇලී සිටින්නේ වෛරස ඇලි සිටින පැත්තේමය. එහෙයින් එය වෛරස, සෛලයට ඇතුළුවීම වලක්වයි. තවද ලැක්ටෝෆෙරින්ඇතැම් වෛරස්වලට කෙලින්ම ඇලී සිටිමින් සෛල ඇතුළත වෛරසයේ වැඩිම වලක්වයි. එසේ කරනු ලබන්නේ ආසාදනයට පත් සෛලය මරා දමනු පිණිස ස්වාභාවික ඝාතක සෛල සහ මහා භක්ෂක සෛල(macrophages) ආකර්ශනය කර ගනිමිනි.

 

Why Is Milk White? & 200 other curious Questions(2013) නම් ග්‍රන්ථයේ  What are the chemicals in spit? සහ What do the chemicals in spit do? යන කොටස් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: