මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
යන්ත්‍රයක් බුද්ධිමත් යයි හැඳින්විය හැකිදැයි යන්න පරික්ෂාකිරිම පිණිස පරිෂණයක් පැවත්වීම මැනවි යයි ඉංග්‍රීසි ජාතික ගණිතඥ ඇලන් ටියුරින් 1950 දී යෝජනා කළේය. එක් කාමරයක වාඩිවී සිටින මිනිසෙක් වෙනත් කාමරයක වාඩිවී සිටින තවත් මනුෂ්‍යයෙකුට සහ තවත් කාමරයක තිබෙන පරිගණකයකට ප්‍රශ්න යොමුකරයි. මෙහිදී පළමු කාමරයේ සිට ප්‍රශ්න යොමු කළ අයට, තමන් කතාකරන්නේ මනුෂ්‍යයෙකුට ද නැතිනම් යන්ත්‍රයකට ද යන්න නිර්ණය කල නොහැකි නම් පරිගණකය “ටියුරින් පරීක්ෂණය” ලෙස විරුදාවලී ලත් පරික්ෂාව සමත් වූ ලෙස සැලකේ.
කෙසේවෙතත්, මෙම පරික්ෂාවේ වලංගුබාවය පිළිබඳ සැක සංකා මතු කොට තිබේ. වඩාත් ප්‍රකට චිත්ත සම්පරික්ෂණයක දී පුද්ගලයෙකු කාමරයක වාඩිවී සිටිද්දී කාමරයෙන් පිටත සිටින ජනතාව චීන භාෂාවෙන් ලියු ප්‍රශ්න සහිත කොළ කැබිලි දොර යටින් තල්ලු කරති. කාමරය තුළ සිටින පුද්ගලයාට චීන භාෂාව ගැන දැනීමක් නොමැත. එහෙත්, ආපසු දොර යටින් තල්ලු කළ යුත්තේ කුමන කඩදාසි කැබිලි දැයි තමන්ට ලබාදී ඇති උපදෙස් මාලාව එම පුද්ගලයාට දැනුම් දෙයි. එහි ප්‍රතිපලයක් ලෙස කාමරයෙන් පිටත සිටින අයට කාමරය තුළ සිටින තැනැත්තා චීන භාෂාව නොදන්නා බව දැනගත නොහැකිය. මෙයින් නිගමනය වන්නේ නිවැරදි පිළිතුර දීමට හැකි තත්ත්වයකට පවා පරිගනක පත් කිරීමට පුළුවන් වන්නේ නමුත් එවා කිසිදා සවිඥානික, බුද්ධිමත් මනසකින් යුක්ත නොවන බවයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Artificial intelligence යන කොටස ඇසුරෙනි