සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා : උගෙනීම

මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය  මත අනෙකුත් ජීව ස්වරූප අතර අපි සුවිශේෂි වන්නෙමු.  එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන්  මිනිස්  විශේෂය සතු  සිතීම, පරිකල්පනය, නිර්මාණය  සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.

අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා  ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.

මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.

උගෙනීම

සජීවීන් අතර චර්යාවන්ගෙන් බොහොමයක්ම සහජයෙන් පැමිණෙයි. ඒ කියන්නේ, කිසියම් විශේෂයක  ඕනෑම සාමාජිකයෙකුට ඇතැම් චර්යාවන් කලින් අපේක්ෂා කළ හැකි අන්දමට පෙන්නුම් කළ හැකිය. ඊට දායක වූ කිසියම් විශේෂිත අත්දැකීමක් තිබීම අත්‍යවශ්‍ය නැත.  නිදසුනක් දක්වන්නේ නම් ගෙම්බෙකු උගේ දෘෂ්ටි පථයට පැමිණෙන මැස්සෙකු අල්වා ගැනීම දැක්විය හැකියි.  කෙසේ වෙතත්,  චර්යාවන් සඳහා ඇති මේ සහජ හැකියාව ඇතිවීමට නම්  එම සාමාජිකයා (ඒකකයා) උත්තේජන හා අත්දැකීම් තරමක් හෝ සාමාන්‍ය මට්ටමක පවතින වටපිටාවක වර්ධනය විය යුතු වේ. අප මනුෂ්‍යයන් අතරින් නිදසුනක් දක්වන්නේ නම් බිළිඳෙකුට සිය වටපිටාවේ දී  සාමාන්‍ය මට්ටමක කතා බහ ඇහෙන්නේ නම් එම කතාබහ එම බිළිදු දරුවාට අනුකරණය කළ හැකිය.

විශේෂ පුහුණුවකින් තොරව කිසියම් විශේෂයක මොළයේ සංකීර්ණතාව වැඩිවෙත්ම  එම විශේෂයේ  චර්යාමය සම්මුචය වඩාත් නම්‍යශීලි වේ. ඒ ඒ අයගේ චර්යාවන් අතර වෙනස්කම් හටගන්නට අර්ධවශයෙන්  ජන්මයෙන්ම උරුම පෙර නැඹුරුවද තවත් අඩකට ඔවුනොවූන්ගේ අත්දැකීම් අතර විවිධත්වයද බලපායි.  ප‍්‍රවේණිය (උරුමය) හා උගෙනීම ඉටුකරන සාපේක්ෂ කාර්යභාරයන් ගැන විද්‍යාත්මක අධ්‍යයන දිනටම සිදුකරන්නේ වී නමුත්, චර්යාව එම කාර්ය භාරයන් දෙක අතර අන්තර් කි‍්‍රයාවෙන් සිදුවන්නක් මිස ඒ දෙකෙහි සරල ඓක්‍යය නොවන බව දැනටමත් පැහැදිලිය. එක් පරපුරක සිට තවත් පරපුරකට අදහස් හා චර්යාවන් සම්පේ‍්‍රෂණය කිරීමට මෙන්ම අලූතෙන් ඒවා නිර්මාණය කිරීමට ඇති හැකියාව පෙනී යන අන්දමට මනුෂයයන්ට සුවිශේෂ වූවකි. මේ සුවිශේෂී  ගුණය, විවිධ සංස්කෘතින් හා සම්බන්ධ අදහස් හා චර්යාවන් අතර අසීමිත තරම්වන විචල්‍යයන්ට මග පාදා ඇත.

මංශපේෂී යොදවා කරන කුසලතා ඉගෙනීම වැඩි පුරම සිද්ධවන්නේ අභ්‍යාසය මගිනි. යම් පුද්ගලයෙකු එකම පේශීය නැවත නැවතත් එකම ආකාරයකට(උදා: බෝලයක් විසිකිරීම) සිදුකරන්නේ නම් චලන රටාව, තවදුරටත් හිතාමතා අවධානය යොමු නොකරන ස්වයංක්‍රියව සිදුවන්නක්  බවට පත්වීය හැකිය. අවසානයේ එකී පුද්ගලයා  අත්පත් කර ගන්නා කුසලතා මට්ටම රඳා පවතින්නේ එම අයගේ සහජ  හැකියාව, අභ්‍යාසයේ යෙදෙන ප්‍රමාණයද එමෙන්ම  තොරතුරු සහ ඉෂ්ටඵල  ප‍්‍රතිපෝෂණය මතය. ප‍්‍රමාණවත් අභ්‍යාස හේතුවෙන්  චර්යා දීර්ඝ අනුපිළිවෙළකට මුළුමනින්ම පාහේ ස්වයංක්‍රියව සිදු විය හැකිය. (නිදසුන : හුරුපුරුදු මඟක් ඔස්සේ රිය පදවාගෙන යාම). මෙහිදී පුද්ගලයෙකුට දෘෂ්ටිය හා පේශී චලනයෙහි විස්තර ගැන අවධානය යොමු කිරීමට උවමනා නොවන අතර කතා බහක වුවද නිරතවිය හැකිය. රිය පදවන අතරතුර  අවස්ථාවක් පැන නැගුනොත් ඊට අවශ්‍ය වන පරිදි සාමාන්‍යයට වඩා වැඩි අවධානයකින්  නැවත යොමු වීමට පුළුවන.

ඉගෙනීම සාමාන්‍යයෙන් පටන් ගන්නේ මිනිසුන් සිය ශරීරය සහ තමන් අවට භෞතික හා සමාජයීය ලෝකය පිළිබඳව තොරතුරු ලබා ගන්නා ඉන්ද්‍රිය පද්ධති හරහාය. එක් එක් පුද්ගලය මෙම තොරතුරු ප‍්‍රත්‍යක්ෂ කර ගැනීම හෝ අත්විඳීම රඳා පවතින්නේ උත්තේජකය මතම පමණක් නොව උත්තේජනය හට ගන්නා භෞතික සන්දර්භය මෙන්ම   නිරීක්ෂකයාගේ විවිධ වූ  භෞතික මනෝවිද්‍යාත්මක සහ සමාජයීය සාධක මතය. සංවේදක මගින්  ලෝකය පිළිබඳ පිළිබිඹුවක් මනුෂ්‍යයන්ට ගෙන නොඑන අතර ඇතැම් උත්තේජක පරාසයකට වරණීයව (තෝරා ගැනීමකින් යුතුව) ප‍්‍රතිචාර දක්වයි. නිදසුනකට ඇස ගතහොත් එය සංවේදීවන්නේ විද්‍යුත් චුම්භක වර්ණාවලියෙහි කුඩා කොටසකට පමණි. එපමණක්ද සංවේදක නොව වරණීයව(තෝරා ගැනීමකින් යුතුව) තොරතුරු පෙරීම හා කේගතක කිරීම සිදු කරන්නේ  (නින්දේ පසුවන දෙමාපියන් දරුවා හඬන හඬ ඇසීමෙන් ප්‍රතිචාර දක්වනවා  මෙන්) සමහර උත්තේජකවලට වැඩි වැදගත් කමක් දෙමිනි; (පුද්ගලයෙකු අප‍්‍රසන්න ගන්ධකට අනුගත වී තවදුරටත් එම ගන්ධය ගැන තැකීමක් නොදැක්වීම මෙන්) සමහර උත්තේජකවලට අඩු වැදගත්කමක් දෙමිනි. අත්දැකීම්, අපේක්ෂාවන්, අභිපේ‍්‍රරණ (පෙළඹවීම්) සහ චිත්තාවේගී මට්ටම් යන සියල්ල සන්ජානයන්ට බලපා හැකිය.

ඉගෙනීම බොහොමයක් සංගමනයෙන්(එකට සම්බන්ධවීමෙන්) සිදුවන බවක් පෙනී යයි: යෙදවුම් දෙකක් දළ වශයෙන් එකම මොහොතක  මොළය වෙත පැමිණියහොත් ඒවා  මතකයේ සම්බන්ධ වී තිබීමට(එකට බැඳී සිටීමට) ඉඩ ඇත. තවද එක් ප‍්‍රත්‍යක්ෂයක් හෙවත් තේරුම් ගැනිමක්  අනෙකෙහි අපේක්ෂනයට   මඟ පාදයි. කි‍්‍රයාකාරකම් මෙන්ම ප‍්‍රත්‍යක්ෂයන් ද එකට සම්බන්ධ කළ හැකිවේ. ප‍්‍රසන්න සංවේදන සමග එන චර්යාවන්  හෝ ඒවාට පෙර එන චර්යාවන් සරලම මට්ටමේ දී  නැවත හටගත හැකිය. එමෙන්ම චර්යාවන්ට පසු එන අප‍්‍රසන්න සංවේදන නැවත හටගැනීමේ හැකියාව අඩුය. විශේෂිත තත්ත්වයන් යටතේ පමණක් ප‍්‍රසන්න හෝ අප‍්‍රසන්න ප‍්‍රතිඵල ගෙන එන චර්යාව එකී විශේෂිත තත්වයන් හටගත් විට ඇතිවීම වඩාත් වැඩියෙන් හෝ අඩුවෙන් සිදුවීමට ඉඩ ඇත. උගෙනීමේ සවිය සාමාන්‍යයෙන් රඳා පවතින්නේ යෙදවුම් කාලයත් සමග යෙදවුම් සැසදෙන්නේ  කොතරම් සමීපවද, එමෙන්ම ඒවා එකවර සිදුවන්නේ කොපමණ  සීඝ‍්‍රතාවයකින්ද යන්න  මතය. කෙසේ වෙතත්, ඇතැම් සියුම් බලපෑම් ඇතිවන්නට පුළුවන. නිදසුනක් ගනිමු. කිසියම් සුවිශේෂී වූ චර්යාවකට පසුව එන අතිශය අප‍්‍රසන්න සිදුවීමක ප‍්‍රතිඵලයක් ලෙස එම චර්යාවන් එතැන් පටන් පිළිකෙව් වීමට හැකිය. අනෙක් අතට ඉඳ හිට  හෝ කිසියම් වූ චර්යාවන් ශුභඵල පෙන්වන්නේ නම්  පත්වීමෙන් චර්යාවන් ස්ථාවරව හට ගත හැකිය.

එහෙත් උගෙනීම බොහොමයක්ම ඒ ආකාරයටම යාන්ති‍්‍රක නොවේ. අන් අය  ඕනෑකමින්ම අනුකරණය කිරීමෙන් මිනිස්සු  ඉගෙනීමට වැඩියෙන් පෙළඹෙති. අනික, සියලූම ඉගෙනුම් හුදෙක් නව තොරතුරු හෝ චර්යාවන් එකතුකර ගැනීමම නොවේ. ඉගෙනුම් සිදුකෙරෙන්නේ සංජානනයන් හා කි‍්‍රයාකාරකම් අතර සංගමනවලින්  පමණක් නොව ඒවායේ ස්මරණය තුළ වියුක්තව නිරූපණය අතර සංගමනද තුලිනි — ඒ කියන්නේ මිනිස් චින්තනය අදහස් අතර අන්තර් කි‍්‍රයාවට, අදහස් ගැන අදහස් වලට ද  සම්බන්ධවන අතර මෙලෙස වෙනත් සංවේදනමය යෙදුම්වලින් තොරව අභ්‍යන්තරව බොහෝ සංගමන නිපදවිය හැකියි.

 

නව සංජානන සහ අදහස් අර්ථ දක්වන අන්දම වෙනස් කිරීමෙන් පුද්ගලයන්ගේ අදහස් උගෙනීමට බලපා හැකිය: තමන් දැනටමත් දරන අදහස්වලට සහාය පළ වන තොරතුරුවලට ප‍්‍රතිචාර දැක්වීමට හෝ එවැනි තොරතුරු සෙවීමටපුද්ගලයින්  නැඹුරුවක් දක්වන අතරම අනෙක් අතට එම අදහස් හා නොගැලපෙන (අසංස්ථිති) තොරතුරු නොසලකා හැරීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට පෙළඹෙති. තම මතයට හරස් වන එවන් තොරතුරු නොසලකා හරින්නේ හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ නොමැති නම් නව තොරතුරෙන් අර්ථ මතුකර ගැනීමට මෙන්ම පැරණි තොරතුරුවලින්ද අර්ථ මතුකරගැනීමට හැකිවන පරිදි සිතිවිලි යළි සංවිධානයකට මුල පිරීමක් ඇති කළ හැකිවේ. පුද්ගලයන්ගේ අදහස්වල  යම් කොටසක් හෝ වෙනත් කොටසක් අනුයාතව (එකක් පසුව එකක්) නැවත සංවිධානය කිරීමෙන් සාමාන්‍යයෙන්  නව තොරතුරු හෝ අවස්ථා අභිමුඛවීමට හේතු වෙයි.  එවන් ප‍්‍රතිසංවිධාන මානව පරිණතවීමේ කි‍්‍රයාදාමයට අත්‍යවශ්‍ය වන අතරම ජීවිත කාලය  පුරා දිගටම පැවතිය හැකිය.

ඊළඟ බ‍්‍රහස්පතින්දා තතු කියවන්න).

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම්  6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි LEARNING යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: