සැමට විදු නැන නුවණ – Science Literacy for All

තුන්වන සහශ‍්‍රයේ තරුණ පිරිස් අතරත් පැතළි -පෘථිවි මත දරන්නෝ…

ලෝකය වටකුරුය යන වාදයෙන් තොර  පරිසිද්ධිය ගැන තුන්වැනි සහශ‍්‍රයේ තරුණයන් අතුරෙන් තුනෙන එකක්ම මහා පටලැවිල්ලක හිරවී සිටිති. ලෝකය ගෝලාකාර යයි විශ්වාස කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නවතම ජාතික සමීක්ෂණයකින් හෙළිවන අන්දමට එරට වයස අවුරුදු 18 සිට 24 දක්වා පිරිසගෙන් 66%ක් පමණයි.  එහෙත් මේ හෙළිදරව්ව හේතුවෙන් ඇ.එ. ජනපදය තුළ පැතළි පෘථිවිය මතය වසංගතයක් සේ පැතිර යන්නේ යයි ද සැලකිය යුතු නැත. ලෝකය පැතළිය යනුවෙන් ඇත්තටම විශ්වාස කරන්නේ මෙම වයස් සීමාවේ එනම් 18-24 අතරතුර අයගෙන් 4%ක් පමණයි. ඇත්තටම මේ වයස් කණ්ඩායමේ විශාල පිරිසක් සාපේක්ෂව මේ ගැන සැක සංකා ඇතිකර ගෙන සිටිති. සියයට 9ක් ලෝකය රවුම් යයි හැමදාමත් විශ්වාස කරගෙන සිටියත් මේ මැතක සිට සැකසංකා උපදවා ගෙන ඇත.  5%ක් කියා සිටියේ ඔවුන් හැමදාමත් අදහස් කරේ ලෝකය පැතිළි බවත්ය. එහෙත් මෑතක සිට ඔවුනට ඒ ගැන සැක පහළ වී තිබේ. 15% ක් පසු වූයේ දෙකට දෙවාරයේය.

Image result for samuel rowbotham

 

මෑතක දී යළි හිස එසවුවද පැතළි – පෘථිවි මතය 19 වැනි සියවස සිටම පවතින්නකි. එහෙත් අන්තර් ජාලය ව්‍යාප්ත වීමත් සමගම එය නැවත තදින්ම ඉස්මත්තට පැමිණ ඇත. ඒ මතු ද නොව,  විවිධ සංගම්, සංවිධාන ආදියද පිහිටුවාගෙන තිබේ. සමාජ මාධ්‍යය ජාලය තුළ ද ඔවුන් බෙහෙවින් කි‍්‍රයාකාරිය. ආදි කාලයේ සිටි  මනුෂ්‍යයන්ද සිතා සිටියේ පොළොව පැතැලි තැටියක් යනුවෙනි. එහෙත් ඊට පටහැනිව සාක්ෂි ගොඩගැසෙද්දී එම මත ක‍්‍රමයෙන් බැහැර වන්නට විය. නූතන කාලයේ පැතළි පෘථිවි උපන්‍යාසයට මුල පිරුණේ ඉංගී‍්‍රසි ජාතික ලේඛක සැමුවෙල්  රෝබොතම් (1816-1884) විසිනි. ඔහු මේ ගැන  පති‍්‍රකාවක් සකස් කළ අතර පසුව එය ප‍්‍රසාරණය කර Zetetic Astronomy: Earth Not a Globe යනුවෙන් ග‍්‍රන්ථයක් ලෙසද ප‍්‍රකාශයට පත් කෙරිණ. පසුව ඔහු අනුගාමිකයන් පිරිසක් ද එකතු කරගෙන Zetetic Society (පරීක්ෂාකර ඉදිරියට යන) සංගමය යනුවෙන් සංවිධානයක් ද පිහිටුවා ගත්තේය. ක‍්‍රමයෙන් මේ සංකල්පය යටත්ව ගිය ද 2004 දී අන්තර්ජාලයද උපයෝගී කරගනිමින් ඩැනියෙල් ෂෙන්ටන් පැතැළි පෘථිවි සංගමය යළි පන ගැන්වීය. මේ මතය දරන්නෝ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා  හරහා වීඩියෝ ආදිය භාවිත කරමින් පෘථිවිය ඇත්ත වශයෙන්ම ගෝලයක්ය යන්න අසත්‍යයක් බව ඔප්පු කිරීම සඳහා  නොයෙකුත් ‘කුමන්ත‍්‍රණ න්‍යායන්’ ඉදිරිපත් කරති.

පැතැළි – පෘථිවි මතධාරීන් කොපමණ සිටිත් දැයි නිර්ණය කිරීම අසීරුය. පසුගිය වසරේ පැවති එක්සත් ජනපදයේ ප‍්‍රථම පැතළි පෘථිවි සම්මේලනයට (සංවිධායකයන්ම පවසන පරිදි) 500ක් පමණ දෙනා සහභාගි වූහ. වෙළෙඳපොළ පර්යේෂණ සහ දත්ත විශ්ලේෂක ආයතනයක් වන YouGov මගින් සිදුකළ මේ නවතම සමීක්සණයට ඇ.එ. ජනපදයේ  පදිංචි එහි මාර්ග ගත මණ්ඩපයේ සාමාජිකයාන් මිලියන 1.8 ක් අතුරෙන් පිළිතුරු දෙන්නන් තෝරා ගත්තේය. අනතුරුව, සමීක්ෂණය සඳහා ඇ.එ.ජනපදයේ ප‍්‍රජා විද්‍යාත්මක සැකසුම නිරූපණය වන පරිදි තොරාගැනුනු වැඩිහිටියන් 8,215 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කෙරුණු අතර සමස්තයක් වශයෙන් ගත් කල ප‍්‍රතිඵල දක්වන්නේ ඇමරිකානුවන්ගෙන් 84%ක් ලොව වටකුරු බව විශ්වාස කරන බවයි. 5%ක් සඳහන් කළේ ඔවුන් ලෝකය වටකුරු බව ඔවුන් කවදත් විශ්වාස කළත් මෑතක සැක සංකා මතු වූ බවයි. ලෝකය පැතැලි යයි 2%ක් කෙලින්ම කියා සිටියහ. තවත් 2%ක් කීවේ ඔවුන් කවදත් විශ්වාස කළේ ලෝකය පැතැලි බවය. එහෙත් මෑතකදී ඒ ගැන ඔවුනට සැක සංකා ඇතිවී තිබේ. තවද 7% කට නිශ්චිත අදහසක් නොමැත.

‘තරුණ සහස‍්‍රකයන්’(වයස අවුරුදු 18 සිට 24 දක්වා)  සිතන ආකාරය කළින් සඳහන් කෙරිණ. සංසන්දනාත්මකව ගන්නා විට වයස අවුරුදු 55 හෝ වැඩි උදවිය අතුරෙන් 94%ක් ලෝකය වටකුරු යයි සිතති. අවුරුදු 45 සිට 54 අතර අයගෙන් 85%ක් සිතන්නේද එලෙසමය. අවුරුදු 35-44 ගතහොත් එය 82% වන අතර 25-34 වයස් සිමාවේ 76% ක්ද එලෙස සිතති.

රටේ ප‍්‍රදේශ අතර හෝ පුද්ගලයන්ගේ ලිංගිකත්වය හෝ විවිවධ දේශපාලන මතිමතාන්තර හෝ දරණ අය අතර පැතලි පෘථිවි විශ්වාසයන් සම්බන්ධයෙන් එතරම් වෙනස්කම් නොවීය. ආදායම ඩොලර් 40,000ක් හෝ ඊට අඩු අය, ලෝකය රවුම් යයි කීමට ඇති අවස්ථාව ආදායම ඩොලර් 40,000ට වැඩි අයට වඩා ඉතා මැද වශයෙන් අඩුය.

කෙසේ වෙතත්, පැතළි පෘථිවි විශ්වාසය සම්බන්ධයෙන් වඩාත් පැහැදිලිව භාවිකථනය කළ හැකි ප්‍රජා විද්‍යාත්මක සාධකය වන්නේ ආගම බව පෙනීයන්නේ  යයි  YouGov සමීක්ෂණය දක්වයි. සමීක්ෂණය ප‍්‍රතිඵලය දක්වන අන්දමට පෘථිවිය පැතලි යයි කියූ අයගෙන් 52%ක්ම තමන් අතිශය ආගමට ලැදි අයවළුන් බවද කියා සිටියහ. සමස්තයක් වශයෙන් ගත් කළ තමන් එලෙස(අතිශය ආගමට ලැදි ලෙස) හඳුන්වා ගන්නේ ඇමරිකානුවන්ගෙන් 20%ක් පමණකි. පැතළි පෘථිවි මතධාරීන්ගෙන් තවත් 25%ක් කියා සිටියේ ආගමට තරමක නැඹුරුවක් ඇති බවයි. 25%ක් එතරම්ම ආගමට ලැදි හෝ ආගමික නැඹුරුවක් ඇත්තේම නැති අයයි.

ගූගල් Trends දක්වන්නේ පැතළි පෘථිවි සංකල්පය විශ්වාස කරන්නන් නොඑසේ නම් උනන්දුවක් දක්වන්නන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවයි. එ.ජනපදයේ දී කේන්ද්‍රීය වචන (key words) යොදා කෙරෙන සෙවීම් 2016 සහ 2017 වසරවල ඉහළ නගින ප‍්‍රවණතාවන් පෙන්නුම් කරයි . යම් සිදුවීම් සමග ද  මෙය ක්ෂණික වැඩිවීමක් දක්වයි. නිදසුනක් දක්වතොත්, 2017 අගෝස්තුවේ සූර්ය ග‍්‍රහණය සමග ‘පැතළි පෘථිවිය’ යන වචනය යොදා සෙවීම් සිදුකිරීම බෙහෙවින් ඉහළ ගියේය. එකී සිද්ධිය අවස්ථාවේදී පැතළි පෘථිවි මතධාරීන් හා ප‍්‍රධාන ධාරාවේ මතධාරීන් අතර මත ගැටුම් ඉහළ ගියේය.

Live Science හි පළවූ A Third of Young Millennials Are Confused About This Incontrovertible Fact  යන ලිපිය ඇසුරෙනි

(සැමුවෙල්  රෝබොතම් ගැන විස්තරය විකිපීඩියා ඇසුරෙනි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: