සංහනනයෙන් වසර ගණනාවක් ගතවූ පසුව ද ඔක්සිජන් මොළයට සිදුවූ හානිය පුරණය කරන බවක් පෙනීයයි. සංහනනය(concussion) යනු සාමාන්‍යයෙන් සිහි නැතිවීමෙන් කෙළවර වන හිසට තදබල පහරක් වැදීමෙන් මොළයට සිදුවන හානියයි. මෙය සංඝාතය යනුවෙන් ද හැඳින්වේ. සංහනනයක් ඇතිවීමෙන් පසුව දිගුකාලින රෝග ලක්ෂණ අත්විඳින රෝගී ජනතාවගෙන් සියයට 5 කට මෙම ඔක්සිජන් ප්‍රතිකාරය උපකාරී වනු ඇත.
පශ්චාත්-සංහනන සහලක්ෂණයට හෙවත් සින්ඩ්‍රෝමයට(Post-concussion syndrome), අනුයෝගිව හිස කැක්කුම්, චිත්ත ස්වභාවයේ වෙනස්වීම්, නින්දට බාධාවීම් සහ සංජානන ගැටළු ඇතිවිය හැකිය. මේ රෝග ලක්ෂණ මතුවන්නේ හිසට ඇතිවන ඝට්ටනයකින් මොළයේ ඉතා කුඩා රුධිර නාලවලට හානි පැමිණිය හැකි හෙයිනි. එවිට ඔක්සිජන් වලට මොළ සෛල කරා පැමිණීම දුෂ්කර වේ.
අධිපීඩන ඔක්සිජන් චිකිත්සාව(hyperbaric oxygen therapy) මගින් සහන සැලසිය හැකිදැයි ඊශ්‍රාලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ ෂයි එෆ්රාටි සහ පිරිස පරීක්ෂණ කරමින් සිටිති. මෙම චිකිත්සාවේදී සම්පීඩිත කුටියක වාඩිවී සිටින අයෙකුට සියයට 100ක් ඔක්සිජන් ආශ්වාසකිරිමට ඉඩ සැලසීමයි. ඉන් රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය වර්ධනය කෙරෙන්නේ එමගින් මොළය වෙත පැමිණෙන ඔක්සිජන් ප්‍රමාණය ද ඉහල නංවමිනි.
මෙම පර්යේෂණ කණ්ඩායම මිට පෙර සිදුකල අධ්‍යනයකදී හෙළිවුයේ, වසර හයක් වනතෙක් සිදුවූ මෝටර් රිය අනතුරු, පහලට වැටීම්, පහරදීම් හෝ මිල්ටරිමය නොවන තුවාල හානි හේතුවෙන් හට ගත් පශ්චාත්-සංහනන සහලක්ෂණයෙන් පෙළුණු 56 දෙනෙකු පැය බැගින් වූ අධිපීඩන ඔක්සිජන් චිකිත්සා සැසිවාර 40කට පසුව සංජානන කාර්ය භාරය සැලකිය යුතු ලෙස වර්ධනය වූ බවයි. මේ බලපෑම ඇතිවන්නේ කෙසේදැයි දැන ගැනීම පිණිස පර්යේෂකයෝ දැන් ස්කෑන් පරීක්ෂණ සිදු කර බැලුහ. මාස හයකට පෙර සිට වසර විසිහතකට පෙර කාල පරාසයක් තුළ හිසට තුවාල(ආර්ත) සිදුවූ 15 දෙනෙකුගේ පරික්ෂාවන්හි දී ඔවුනට පෙනීගියේ ඔක්සිජන් චිකිත්සාව, තොරතුරු සැකසීම සඳහා වූ සහ ස්මරණය සඳහා වූ මොළයේ ප්‍රදේශ හා සම්බන්ධ රුධිර වාහිනී සහ ස්නායු තන්තු පිළිවෙලින් සියයට 5 සහ සියයට 7 බැගින් යළිවර්ධනය ප්‍රබෝධමත් කළ බවයි(Frontiers in Human Neuroscience, doi.org/cfwt). “අතිරේක ඔක්සිජන් හානි පැමිණි ප්‍රදේශවලට විසිරි ව්යාප්තවෙද්දී …. ප්‍රතිජනන ක්‍රියාදාමය සිදුවිය හැකියි” එෆ්රාටි පවසයි.
කෙසේවෙතත්, මෙම චිකිත්සාවේ පලදායි බව ප්‍රශ්න කෙරෙන අවස්ථාද වාර්තාවේ. යුටා විශ්වවිද්‍යාලයේ ලින්ඩෙල් විවර් සහ සගයන් 2015 සිදුකල අධ්‍යනය එවැන්නකි. අධිපීඩන ඔක්සිජන් චිකිත්සාව ව්‍යාජ ප්‍රතිකාරයක් යයි ඔවුහු නිගමනය කළහ. එහෙත් ඔවුන් දැන් තවත් අධ්‍යනයක් සිදුකර ඇත. “ දැන් ලැබෙන සාක්ෂි අනුව නම් යහපත් ප්‍රතිචාර ඇතිබවක් පෙනියනවා. එත් තවමත් නොවිසදුනු ප්‍රශ්න නැතුවා නොවේ” යයි විවර් කියයි.
අධිපීඩන ඔක්සිජන් චිකිත්සාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනයේ (Food and Drug Administration-FDA) මෙතෙක් ලැබී නැත. ප්‍රති විෂාදක ඇතුළු අනෙකුත් ඖශධ වලට රෝග ලක්ෂණවලින් සහනයක් ලබාදිය හැකි වුවත්, රෝගයට පාදක හේතුව ගැන අවධානයක් යොමු නොව යයි එෆ්රාටි පෙන්වාදෙයි. “අපේ ලැයිස්තු අනුව ලොව පුරා 20,000ක ජනතාවක් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් ඉන්නවා” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
NEW SCIENTIST (November 2017) හි පළවූ Pure oxygen can help concussion ලිපිය ඇසුරෙනි