සැමට විදු නැන නුවණ – Science Literacy for All

යෞවනියකගේ පියයුරු ප‍්‍රමාණ දෙකක් විය හැකිද?

මුලින්ම කියන්න තියෙන්නේ ප‍්‍රමාණ දෙකක පියයුරු තිබීම සම්පූර්ණයෙන්ම ස්වාභාවික දෙයක් බවයි. තරුණියන්ට, විශේෂයෙන්ම යෞවනෝදේයිදී(puberty),  පියයුරු වර්ධනය වෙමින් තිබෙන විට ප‍්‍රමාණ දෙකක තන හෝ තනපුඩු තිබීම සාමාන්‍යයයෙන් බොහෝ දෙනා අතර පවතින්නකි. පුද්ගලයන් වශයෙන් ගතහොත් අප සෑම දෙනාම එකිනෙකාට වෙනස්වන අතර කාන්තාවන්ගේ පියයුරු ගතහොත් දෙදෙනෙකුට හරියටම එක සමාන පියයුරු නැත. ඇත්තවශයෙන්ම අසමමිතිය (asymmetry).  ඒ කියන්නේ කෙනෙකුගේ ශරීරාංගයක්, ඔව් අතක් පයක් වගේ ශරීරාංගයක් වුණත් තම අනෙක් අත හෝ පැය වැනි අනෙක් ශාරීරංගයට වඩා ප‍්‍රමාණයෙන් හෝ හැඩයෙන් සුළු වශයෙන් වුව වෙනස්වීම මානවයන්ට පොදු කාරණාවකි.

බාලිකාවන් යෞවනෝදයට හෙවත්  ලිංගික පරිපාකයට (වැඩිවියට) පත්වෙද්දී (සාමාන්‍යයෙන් මෙය වයස අවුරුදු 8 ත් 13 ත් අතර සිදුවෙතත් විවිධ සංස්කෘතීන් අතර වයස් සිමාවේ වෙනස්කම් ඇතිවේ) ඔවුන්ගේ තන වැඩෙන්නට පටන් ගන්නේ තන පුඩුව යට සුළු ඉදිමීමක් හැටියට මුල පුරමිනි. මෙය ‘තන කැකුළුවීම’ (breast budding) ලෙස දැක්වේ. එක තනයක්, අනෙකට වඩා කලියෙන් වර්ධනයවීමට පටන් ගන්නා බවක් හෝ එකක් වඩාත් සීඝ‍්‍රයෙන් වර්ධනය වන බවක් තමන්ටම පෙනී යා හැකිය. බොහෝ විට මෙම වෙනස්කම බාලිකාව ක‍්‍රමයෙන් වයසින් මෝරත්ම — සංමාන්‍යයෙන් අවුරුදු 20 ක් පමණ වන විට මැකී යයි.  එසේ වුවද පියයුරු සම්පූර්ණයෙන් වැඞීමෙන් පසුවද දෙවිධියකට දිගටම පැවතීමද සම්පූර්ණයෙන්ම ස්වාභාවික දෙයකි.

ප‍්‍රමාණ දෙකක  පියයුරු පවතින විට, තමන් වෛද්‍ය විද්‍යාමය වශයෙන් යම් ඇබැද්දියකට මුහුණ පා ඇතැයි ඇතැම් යෞවනියෝ බිය පත් වෙති. එහෙත්,  වඩාත් ඉඩකඩ ඇත්තේ ගැටවර වියේ පසුවන්නියකට එවන් ඇබැද්දියක්  නොවන්නටය. කෙසේ වෙතත්,  කෙනෙකු තම පියයුරුවල ප‍්‍රමාණය හෝ යම් අසමානතාවක් ගැන සිත් කරදරයෙන් පසුවන්නේ නම් වඩාත්ම ඥානාන්විත කි‍්‍රයාව වන්නේ තම (පවුලේ) වෛද්‍යවරයා හෝ නාරිවේදියෙකු මුණගැසීමයි. තමන්ගේ පියයුරුප ප‍්‍රමාණ දෙකක් බව නිරීක්ෂණය කරන යෞවනියෝ තමන්ගේ පියයුරු ගැන සැලකිල්ලෙන් සිටිති. මෙය ශුභ ආරංචියකි. මන්ද, එසේ තමුන්ගේ  පියයුරු (පමණක් නොව සිරුර ගැනම) ගැන සැලකිල්ලෙන් සිටීම යහපත් සෞඛ්‍යයට මඟපාදන පුරුද්දක් වන හෙයිනි, . තමන්ගේ පියයුරු සාමාන්‍යයෙන් දිස්වන්නේ කෙසේද තමන් අතට දැනී යන්නේ කෙසේදැයි දැන උගෙනීම සාමාන්‍ය නොවන හෝ ස්වාභාවික නොවන වෙනස්කම් වෙතොත් කලින්ම ඒවා ගැන දැනගැනීමට එවැනි පුරුදු රුකුලක් වනු ඇත. ‘පියයුරු ස්වයං පරීක්ෂණයක්’ (breast self-exam — BSE) සිදුකරන ආකාරය ගැන කියාදීමට ඔබේ වෛද්‍යවරයාට පුළුවන. යම් වෙනස්කම් වෙතොත් හඳුනා ගැනීමට ඔබට එය උපකාරී වනු ඇත.

සමහර ගැහැනු ළමයි ප‍්‍රමාණ දෙකක පියයුරු ගැන තැවෙන්නේ රූපලාවණ්‍ය හේතු මතය. කෙසේ වෙතත්, එකිනෙකට වෙනස් ප‍්‍රමාණයේ තන හෝ තනපුඩු සහිත ගැහැනු ළමයි  බොහොමයක් ඒවා එසේවීම සාමාන්‍ය දෙයක් බව පිළිගෙන ඒගැන අමුතුවෙන්  යමක් කිරීමට නොසිතති.  එහෙත් ඇතැම්හු, ආත්ම සංඥතාවකින් යුතුව (self-conscious ), මේ ගැන වුවමනාවට ඩවා සිතති. එම අයගේ පියයුරු වෙනස් යයි වෙනත් කිසිවෙකුටත් නොපෙනීමට ඇති ඉඩකඩ බොහෝමයි. බොහෝ විට ඒ බව දැන ගැනීමට  අනෙකුට අවස්ථාවක් ලැබෙන්නේද නැත.

Related image

ඇත්තටම කාරණාව වන්නේ ව්‍යායාම් කිරීම, පෝෂණ පරිපූරක ගැනීම හෝ වෙනත් විශේෂ ආහාර වැළඳීමෙන් යුවතියකගේ  පියයුරුවල ප‍්‍රමාණය හෝ හැඩයෙහි වෙනසක් ඇති නොවන බවයි.  එය කළ හැක්කේ ප්ලාස්ටික් සැත්කමකින් පමණය. බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ එවැනි කි‍්‍රයාමාර්ගයකට පිවිසීමට පෙර තම පියයුරු වර්ධනයවීම අවසන් වන තෙක් බලා සිටින ලෙසය. සමහර ගැහැනු ළමයි විශේෂ සහායක බ‍්‍රසියර (තන පට) හෝ ඒවා ඇතුළට දමනා විශේෂ දෑ භාවිතා කරති.

එලෙස පියයුරු දෙකම එක සමානව පෙන්නුම් කිරීමට අවශ්‍යතාවක් ඇත්නම් කාන්තා යට ඇඳුම් ගැන මනා අවබෝධයක් ඇති වෙළෙඳ සේවිකාවක හෝ එවන් දැනුමක් ඇති වෙනත් අයෙකුගේ උපදෙස් පැතීම යෝග්‍යය. එමෙන්ම තමන්ගේ මවට, වැඩිමහල් සොහොයුරියකට, නැන්දාට හෝ කුඩම්මා කෙනෙකුට හෝ අත්තම්මාට මේ බව දන්වා කතා බහ කිරීම ද ඉතා වැදගත්ය. මන්ද ඔවුන් ද ඔවුන්ගේ ගැටවර වියේදී එවැනිම ප‍්‍රශ්නවලට මුහුණපා තිබීමට ඉඩ ඇති හෙයිනි.

අප එකිනෙකා වර්ධනය වන්නේ එකිනෙකාට වෙනස් ආකාරයකටය. අපේ ශරීරයේ දෙපැත්ත එකිනෙකට මදක් වෙනස්විම සාමාන්‍ය දෙයකි. බැලූ බැල්මට පෙනෙන තරමට, නැතිනම් අප සිතා සිටින තරමට මනුෂ්‍යයන් වන අප සමානුපාතික නැත!

බ‍්‍රසියර (තන පට) පියයුරු වර්ධනය කෙරෙහි කුමන අයුරකින් බලපාන්නේ ද? තවත් thathu ලිපියකින් ඒ ගැන කතා කරමු.

 

Teens Health(The Nemours Foundation) හි Why Are My Breasts Different Sizes? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: