වායු දුෂණය පෙනෙන තරමටම භයානක ද? අපිරිසිදු වාතය පිළිබඳ අයහපත් පුවත් දින දිනම අයහපත් වන බවක් පෙනී යයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන අන්දමට වායු දුෂණය අකල් මරණ නවයකින් එකකට වගකිව යුතුය. එය පොහොසත් රටවල පමණක් නොව දුප්පත් රටවලට ප්‍රධාන පෙළේ සෞඛ්‍ය ගැටළුවකි. ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් සෑම වසරකම සිදුවන අකල් මරණ 200,000 ක් පමණ පිටුපස වායු දුෂණය ඇති බවට සැක කෙරේ. එක්සත් රාජධානිය නයිට්රජන් ඩයොක්සයිඞ් මට්ටම් පිළිබඳ යුරෝපා සංගම් සීමාවන් දිගින් දිගටම නොතකා හැරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට 2017 පෙබරවාරියේ තර්ජනය එල්ල වූ රටවල් පහ අතුරෙන් එකකි.
කෙසේ වුවද සියල්ල පෙනෙන තරම් ආකාරයට නරක නැත. දුෂිත වායුවල බලපෑම් ප්‍රමාණ කිරීම නැතිනම් සංඛ්‍යා වශයෙන් ප්‍රකාශ කිරීම, සිරස්තල මගින් හුවා දක්වනවාට වඩා සංකීර්ණ එමෙන්ම අවිනිශ්චිත කටයුත්තකි. යම් ක්‍රියා මර්ගයක් ගැනීම පිණිස දේශපාලඥයන් වෙත එල්ල වන එන්ට එන්ටම වැඩිවන බලපෑම් වැදගත් ප්‍රශ්න ගණනාවක් ඉස්මතු කරයි. වායු දුෂණය එන්ට එන්ටම වැඩිවේ ද? එය කෙතරම් බැරෑරුම් ද? ඒ ගැන කළ හැක්කේ කුමක් ද? ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට පිළිතුරු මේ ලිපිපෙලෙන් ඉදිරිපත්කෙරේ.
ප්රශ්නය: වායු දුෂණය ගැන අපට කල හැක්කේ කුමක්ද?
වායු දුෂණය අපේ සෞඛ්‍යයට බලපාන අන්දම ගැන අප පසුගිය ලිපියේ දී (තතු අපේ‍්‍රල් 26දා) සාකච්ඡ කළෙමු. අධ්‍යයන කිහිපයකම දත්ත ඒ සඳහා යොදා ගැනිණ. වායු දුෂණය සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන බලා සිටීම වෙනුවට යමක් කළ යුතු බව එම ලිපියෙන් පැහැදිලි විය.
පැහැදිලි නැත්තේ අප කළ යුත්තේ කුමක් ද යන්නය. ‘‘පිළිකාවට ප්‍රතිකාරයක් සොයනවා වගේ නෙවෙයි, මේ ප්රශ්නය විසඳා ගන්නා ආකාරය ගැන අපට අවබෝධයක් තියනවා. මන්ද අපි මීට කලින් ඒ ගැන ක්‍රියා කරලා කියන නිසයි.’’ යනුවෙන් බි්රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මයිකල් බෲවර් කියයි. ‘‘1952 ලන්ඩන් වැසියන් 12,000 කගේ ජීවිත බිලිගත් තද කහ පැහැ ධූමිකාව හමුවේ එක්සත් රාජධානිය හඳුන්වා දෙනු ලැබූ නීති රීති මෙන්ම කර්මාන්ත වලට වඩාත් පරිසර හිතකාමී වීමට බල කරමින් කැලිෆෝනියාව පනවා ඇති ප්රමිතීන් අපට මග පෙන්වනවා.’’
එහෙත් තවමත් අපට විසඳුම් සොයා ගැනීමට හැකිවී නැත. බටහිර රටවල් ගතහොත් වඩාත් අවධානයට හේතු වී ඇත්තේ ප්රවාහනයයි. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය, ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය යන රටවල බොහෝ වශයෙන් ඒක පුද්ගල මෝටර් රිය හිමිකම 1970 සිට 2012 අතර තුර දළ වශයෙන් දෙගුණ විය. මහා මග ගමන් කරන රථ සීමා කිරීමට මහ නගර නොයෙක් ක්‍රම යොදා ගත්තේය: පැරීසියට ඇතුල් වීමට ඉඩ ලැබෙන්නේ ඇතැම් දවස්වලට ඔත්තේ ඉලක්කම් සහිත වාහන ද අනෙක් දවස්වලට ඉරට්ටේ ඉලක්කම් සහිත වාහනවලටද පමණි. ජර්මනියේ ෆරයිබර්ග් පුරවරය අවධානය යොමු කර ඇත්තේ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සම්බන්ධයෙනි. ලන්ඩන් සහ ස්ටොක්හෝම් මහා නගරවල් වාහන තදබද ගාස්තු හඳුන්වා දී ඇත.
මේ වැඩපිළිවෙලවල් ඇගයීමට ලක් කිරීමද එක්තරා අභියෝගයකි. මන්ද , එසේ කිරීමට නම් ඒ වැඩපිළිවෙල මගින් වායු දුෂණය කෙරෙහි සිදු කරන බලපෑම, දුෂණ මට්ටම් ඉහළ දැමීමට හේතු විය හැකි අනෙකුත් සාධක වලින් වෙන්කොට හඳුනාගත යුතු හෙයිනි. අපට ලබා ගත හැකි හොඳම සාක්ෂිවලින් පෙනී යන්නේ වාහන ගමනාගමනයෙන් සිදුවන දුෂණය අඩු කර ගැනීම සඳහා දරා ඇති ප්‍රධාන පෙළේ ප්රයත්න එක්කෝ අසාර්ථක වී ඇත. නැතිනම් ගණන් ගැනීමට තරම් නොවටිනා සුළු බලපෑමක් පමණක් සිදු කර ඇතැයි යන්නය. ඇතැම් මාර්ගවල ඉඩකඩ සලාක ක්‍රමයට ලබා දීම මගින් ඇති වී තිබෙන්නේ අගතිගාමී, වක්‍ර ප්‍රතිඵලය: ඇතැම් වාර්තා දක්වන අන්දමට මෙක්සිකෝ සහ බෙයිජිං යන පුරවරයන් හි ජනතාව මෙකී සීමා කිරීම් වලින් බේරීම සඳහා වෙනස් අංක තහඩු සහිත දෙවැනි වාහන මිළ දී ගැනීමට පටන් ගෙන තිබේ. මෙහි දී බොහෝ විට සිදු වන්නේ දෙවැනි වාහනය බාල එකක් වීම සහ ඒ හේතුවෙන් දුෂක වඩාත් පතුරන්නක් වීමය. අඩු විමෝචන කලාප(Low-Emission Zones – LEZ) හෙවත් ‘අවික’ තුළ දුෂක වැඩියෙන් පිටකරන, වඩාත් විශාල වාහන ඇතුල් කිරීම වෙනුවෙන් මුදල් අය කිරීමේ හෝ දඩ ගැසීමේ වැඩ පිළිවෙලවල් ද පෙර කී වැඩසටහන් සේම සාර්ථක බවින් අඩුය. යුරෝපයේ මෙවැනි කලාප 200 කට වැඩියෙන් තිබේ. එහෙත් 2015 දී සිදු කළ ඇගයීමක් පෙන්නුම් කළේ ලෝකයේ විශාලතම අවිකය වන ලන්ඩන් නුවර අවීකය, දුෂක මට්ටම් කෙරෙහි බලපෑමක්වත් නැතහොත් ළමුන්ගේ දුෂක-ආශ්රිත ශ්වසන හා අසාත්මිකතා ගැටළු මත බලපෑමක්වත් ඇතිකර නැති බවයි. මෙයට හේතු ලෙස අධ්‍යයනයේ කතුවරුන් අනුමාන කරන්නේ සැහැල්ලූ වාහන සඳහා දැඩි යුරෝපීය ප්රමිතීන් හඳුන්වා දීම පමාවීම සහ බදු සහන මගින් දිරිමත් වීමෙන් ඞීසල් මෝටර් රථවල අනුපාතය ඉහළ යාම විය හැකි බවයි.
මේ ආකාර ප්රතිඵලම ඕලන්ත මහනගර පහක පිළිඹිබුව තිබෙනු දැකිය හැකි විය. ඒවායේ දී රථවාහන ගමනාගමනයට අදාල වායු දුෂණය කෙරෙහි අඩු විමෝචන කලාප(අවික) බලපෑම ඉතා සුළුය. ලන්ඩනයේ වාහන තදබද ගාස්තු වැඩි පිළිවෙල කි‍්‍රයාත්මක කිරීමෙන් වසර දෙකක් ගත වූ තැන 2011 දී සිදු කළ ඇගයීමකින් හෙළි වූයේ ඒ දෙවසර තුළ දුෂණය පහළ ගොස් ඇති බවට ප්රබළ සාක්ෂි නොමැති බවයි.
පාපැදියෙන් ගමන් බිමන් සඳහා වඩා යහපත් යටිතල පහසුකම් සපයා දී සිය නගර වැසියන්ට මෝටර් රිය ගෙදර තබා ඒමට සැලැස්වීම අතින් කෝපන්හේගන් සහ ඇමිස්ටඩෑම් මහ නගර ලොව ප්රමුඛස්ථානයක් ගනී. එහෙත් අනෙක් ආණ්ඩු කතාව මිස ක්‍රියාවට නැංවීමේ දී සාර්ථක වී නැත. එක්සත් රාජධානියේ ආණ්ඩුව 2016 දී මහා අපේක්ෂා සහිත වැඩි පිළිවෙලක් ප්‍රකාශයට පත් කළේය. 2025 වසර වනවිට, පාපැදි ගමන් දෙගුණ කිරීම, පයින් ගමන් අඩුවීම ආපසු හැරවීම, පාපැදි ගමන් නිසා සිදුවන මරණ අඩු කිරීම සහ පාසලට පයින් ඇවිදගෙන යන ළමුන්ගේ අනුපාතය ඉහළ දැමීම එම සැලැස්මයි. වසර පහක් ඇතුළත, ලන්ඩනයෙන් පිටත එංගලන්තය තුළ මේ අභිමතාර්ථ ඉටු කර ගැනීම පිනිස ආණ්ඩුව වෙන් කළ මුදල පවුම් මිලියන 316 කි. එහෙත් එම මුදල කෙතරම් සුළු දැයි දැනෙන්නේ එම කාල සීමාව තුළම ප්‍රධාන පෙළේ මාර්ග සංවර්ධන වැඩසටහනක් වෙනුවෙන් වෙන් කළ පවුම් බිලියන 15 සමග සසඳද්දී ය.
අවසානයේ සළකන විට පෙනී යන්නේ, දැඩි මධ්‍යගත පාලනයක් සහිත, අධිකාරවාදී රාජ්‍යයන් හැරුණු කොට ආණ්ඩුවලට කළ හැකි කාර්යභාරය සීමිත බවය. පුද්ගලයන් ලෙස අප ඒ ගැන අවධානය යොමු කළ යුතුය: කෙටි දුරක් යාමටත් මෝටර රිය යොදා ගන්නා විට අප ආශ්වාස කරන්නේ අපම නිපදවන වායු දුෂක බව සිතන්න, තම නිවෙස් නිසියාකාරව පරිවරණය කිරීමට(insulate = අවුරන්න) අපොහොසත් වූ විට තාපනය සඳහා වැයවන මුදල් ඉහළ යන බව සිතන්න, මහා පරිමාණයෙන් නිපදවන සූක්ෂම ගොවිපළ මස් මිළදී ගන්නා විට නිෂ්පාදන ක්‍රියාදාමයේදී NOx විශාල ප්‍රමානයක් නිපදවෙන බව සිතන්න යොමුවිය යුතුය.
වැඩිම බලපෑමක් සඳහා අපට කළ හැක්කේ කුමක් ද යන්න තීරණය වන්නේ අප වසන තැන අනුවය. යුරෝපා සංගමයේ අරමුදල් යොදවන ClairCity නම් ව්‍යාපෘතිය දුෂණ මොඩල පුද්ගල අවශ්‍යතා මත හැඩ ගන්වයි. තමන් වසන ප්‍රදේශය තුළ වායු දුෂණය අඩුකිරීමෙහිලා උපරිම බලපෑමක් කළ හැකි චර්යාවන් හඳුනා ගැනීමට මෙම ව්‍යාපෘතිය විවිධ මහනගරවල වැසියන්ට ආධාර වනු ඇත. එක්සත් රාජධානියේ බාත් විශ්ව විද්‍යාලයේ ගැවීන් ෂැඩික් පවසන අන්දමට “අවසානයේ දී අපේ චර්යාවන් පාලනය කර ගන්නේ අපමය. ප්‍රජාවන්, සමාජයන් සහ පුද්ගල කණ්ඩායම් ඒ ගැන (වායු දුෂණය) යමක් කිරීමට තීරණය කිරීමත් සමගම සුළු වෙනස්කම් තුළින් මහා බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක මොහොත උදාවනු ඇත”.
NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි CUTTING THROUGH THE SMOG යන කොටස ඇසුරෙනි