සැමට විදු නැන නුවණ – Science Literacy for All

කිසිදා නොනිදන ශාක

කිසිදා නොනිදන ශාක

සුර්යයා රාත්‍රියේ බැස නොයන්නේ නම් කෙ ත්වතුවල තිරිඟු සහ බාර්ලි වැඩිවේගයකින් වැඩෙයි. මේ ගැන සැලකිල්ල යොමු කරවන අන්තර්ජාතික විද්‍යාඥයන් පිරිසක් ඕනෑ කමින්ම හිරු එලිය දිගටම තබා පරීක්ෂණ පවත්වති. පරීක්ෂණය සිදුකෙරෙන්නේ ශාක සඳහා ‘සීඝ්‍ර අභිජනන’(“speed breed”) ක්‍රමයක කොටසක් ලෙසය. මේ වෑයම යටතේ  ප්‍රශස්ත වර්ණ තරංග ආයාමයක LED ආලෝකය සමස්ත දිවා කාලය පුරාත්, රාත්‍රීයේ වැඩිවෙලාවකත් හරිතාගාර ශාක ආලෝකයෙන් නහවයි. මෙහි ප්‍රතිඵලය වනුයේ ඉහළ ඵලදාව සහිත භෝගයි.  වසරකට එක් වතාවක් බිජ නිපදවන කෙතක තිරිඟු ශාකයක් සමග සංසන්දනයේදී හර්තාගාරයක දිනකට පැය22ක් ආලෝකය යටතේ ඇති තිරිඟු ශාකය වසරක්ඩ් දිපරම්පරා හයක් පසුකරයි.  අනික කලින් තිබු තාපන ලාම්පු හා සසඳද්දී වය වන්නේද දුළු වියදම්කි.

නින්දෙන් වළකින ක්ෂිරපායියන්  අසනීපවලට පමණක් නොව ඊටත් වඩා දරුණු දෙයකට වුව ලක්විය හැකිය. එහෙත් නින්දක් නැතුව වැඩෙන්නට යොදන ශාක “සෞඛ්‍ය සම්පන්න සහ පලදායිත්වයෙන්” ද යුක්තවන බව ලී හිකි පවසයි. හෙතෙම ඔස්ට්‍රලියාවේ කුවින්ස්ලන්ඩ් කෘෂිකර්ම එකතුවේ සහ ආහාර නවෝත්පාදනයේ බිජ ජිවවිද්‍යාඥයෙකි. නාගරික ගොවිතැන සහ භෝග කාර්යක්ෂමතාව කෙරෙහි ඇති නැඹුරුව සැලකිල්ලට ගන්නා විට නව ක්‍රමය ඉරිඟු සහ සහල් වැනි ආහාරයට ගත හැකි අනෙකුත් බෝග වගාවන්ට ද යොදා ගත හැකි වෙතැයි අපේක්ෂිතයි.

එලෙසම, ඵලදායි භෝග සම්බන්ධයෙන් සිදු කරන ජාන පරීක්ෂණ ප්‍රතිපල යොදාගෙන ආලෝකය සහිත හරිතාගාරවල හෝ ග්ගොවින්ගේ කෙත්වතුවල හෝ භෝග වර්ග වඩාත් සීග්‍රයෙන් තිවරතාව අඩුවෙන් සහ වැඩි කාර්යක්ෂමතාවකින් වර්ධනයට මග සැලසෙනු ඇත.

 

පරිසර පද්ධති සුරකින තුන්තුඹුවා

දේශගුණ විපර්යාසයේ  බලපෑම්වලින් සමස්ත පරිසර පද්ධතියක්ම ආරක්ෂා කිරීමට කෑදරකමින් ඇල්ගී කා දමන විශේෂයකට හැකියාව ඇතැයි නව අධ්‍යනයක් හෙළිකරයි. තුන්තුඹුවා(Limpet) යනු කේතු ආකාර පළල්වු කවචයක් සහිත ජලජ ස්ට්‍රොපෝඩාවෙකි. ජලජ මෘදවංගිකයන්(mollusks) වන තුන්තුඹුවෝ, ක්ෂුද්‍රඇල්ගී විසින් අන්තර්උදම් (intertidal) පරිසර පද්ධතියක්, එහි විවිධත්වය මකාදමමින් විනාශ කර දමනු ලැබීමෙන් වලක්වා ගැනීමට සමත් වෙති. “මේ ආකාර පාරිභෝගිකයන් අහිමිව ගියොත් මෙම පරිසර පද්ධතිය දේශගුණය උනුසුම්විමෙන් විනාශ වීමේ අවස්තාව වැඩිවෙනවා” යයි අධ්‍යනයේ  ප්‍රධාන පර්යේෂිකා, බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ රෙබෙකා කෝඩාස් පවසයි.

 

 

NATIONAL GEOGRAPHIC – USA (May 2018)  හි පළවී ඇති Plants That Don’t Sleep සහ  Limpets to the Rescue යන කෙටි ලිපි දෙක ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: