සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 75: රෝගබිජ සිද්ධාන්තය(Germ Theory)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

රෝග බොහොමයකටම හේතුවන්නේ කුමදැයි යන්න ශත වර්ෂ ගණනාවක් යනතුරුම අභිරහසක්ව පැවතින.  රෝග ඇතිවීමට වග කිව යුත්තේ වෂවිස යයි ඇතැම්හු චෝදනා කළහ. සමහරු දොස් පැවරුවේ නරක වාතාශ්‍රයටයි. රෝග සෑදෙන්නේ දෙවියන් කෝප වීමෙන් යයි පිරිසක් විශ්වාස කළහ. 1840 දී හංගේරියානු ප්‍රසව වෛද්‍ය ඉනාස් සෙමෙල්වයිස් වියනාහි සේවයේ යෙදෙමින් සිටියදී නිරීක්ෂණය කළ දෙයක් වුයේ වෛද්‍යවරුන් විසින් උපස්ථාන කරනු ලබන විළිරුදාවෙන් පෙලෙන  කාන්තාවන් වින්නඹු මාතාවන් උපස්තන්න කරන  කාන්තාවන්ට වඩා  (බොහෝ විට මරණයෙන් කෙලවර වන) පසු සූතික උණ හෙවත් පශ්චාත් ප‍්‍රසව උණ(puerperal fever- කට වහරෙහි ‘වැදු ගෙයි සන්නිය’) රෝගයට ගොදුරු වන බවයි. මේ ගැන සොයා බලද්දී ඔහුට පෙනීගියේ පශ්චාත් මරණපරීක්ෂණ සිදුකරන වෛද්‍යවරුන් බොහෝවිට අත්පා සෝදා ගැනිමකින් තොරව කෙලින්ම විලිරුදාවෙන් පෙලෙන මව්වරුන්ට උපස්ථාන කිරීමට පැමිණෙන බවයි. සිය රෝගීන් පරික්ෂා කිරීමට පළමුව වෛද්‍යවරුන් පිරිසිදු විය යූතු යයි  සෙමෙල්වයිස් තරයේ කියා සිටියේය.  ඔහුගේ අදහස් මහත්සේ උදහසට ලක්වූ අතර පොදුවේ නොසලකා හරිනු ලැබිය.

ශල්‍යකර්මයකට පෙර ඉනාස් සෙමෙල්වයිස් අත් සෝදයි

1850ස් ගණන්වල ලන්ඩනයේ කොලරා රෝගය මහා ව්‍යසනක් සේ පැතිරයද්දී වෛද්‍ය ජෝන් ස්නෝ රෝගය පැතිරෙන ස්ථාන ගැන සොයා බලද්දී ඔහුට පෙනී ගියේ එය වැඩි සීග්‍රතාවකින් පැතිර ගොස් ඇත්තේ පානිය ජලය ලබා ගැනීම පිණිස එක්තරා පොම්පයක් භාවිත කළ ජනතාව අතර බවයි.  ස්නෝ පොම්පය අක්‍රිය කල අතර රෝගය පැතිරීම පුදුමාකාර ලෙස පහත වැටුනේය. මේ ආකාර සම්බන්ධන රෝග පැතිරෙන අන්දම පෙන්නුම් කිරීමට උපකාරිවිය.

ඒ ආකාරයට සමහරු ව්‍යාධි කාරකයා රෝගබිජ හෙවත් විෂබිජ(එනම්, අන්වික්ෂණයකින් පමණක් දැක බලා ගත හැකි ක්ෂුද්‍රජීවින්) යයි කියන්නට වුහ. අවසානයේදී,  ක්ෂුද්‍රජීවින් හේතුවෙන් ඇතිවන රෝග වලක්වා ගැනීමේ සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද සොයාගනු ලැබීමේ ගෞරවය හිමිවුයේ ප්‍රංශ ජාතික  ක්ෂුද්‍රජීවවිද්‍යාඥ ලුවී පාස්චර් (1822–95) ටය.  කිරිවල හානිකර ක්ෂුද්‍රජීවින් විනාශ කිරීම සඳහා හෙතෙම තාපනය(රත්කිරිම) යොදා ගත් අතර ජලභීතිකාව(පිස්සුබලු රෝගය)  සහ (ආසාදන රෝගයක්වන) ඇන්තරැක්සය (anthrax) සඳහා වක්සින හෙවත් එන්නත් සොයා ගත්තේය. මේ සම්බන්ධයෙන් ජර්මානු ජාතික වෛද්‍ය රොබට් කොච් (1843– 1910) වැදගත්, කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකළේය. හෙතෙම කොලරාව සහ ක්ෂය රෝගය වැනි රෝග බෝ කරන බැක්ටීරියා හඳුනාගෙන රෝගයක් බෝ වුයේ ක්ෂුද්‍රජීවියෙකුගෙන්ද යන්න තහවුරු කිරීම පිණිස නිර්ණායක පැහැදිලි කිරිමට සමත්විය.

රෝගබිජ සිද්ධාන්තය පිලිගැනීමට ලක්වීම පවිත්‍රතාව සම්බන්ධයෙන් සෙමෙල්වයිස් ඉදිරිපත්කළ අදහසේ ජයග්‍රහනයක් විය. ඒ අතර තුර 1870 ගණන් වලදී බ්‍රිතානඥ  ජාතික ශල්‍යවෛද්‍ය ජෝසප් ලිස්ටර් ප්‍රතිපුතික හෙවත් විෂබීජ හළ ශල්‍යවෛද්‍ය ක්‍රමය(antiseptic surgery) ස්ථාපනය කිරීමෙහිලා පුරෝගාමී විය. ඊළඟ ප්‍රධාන ඉදිරි පියවර වුයේ ස්කොට්ලන්ත ජාතික ක්ෂුද්‍රජිවවිදයාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් 1928 දී පෙන්සිලින් සොයා ගනු ලැබීමයි. ප්‍රතිජීවක(antibiotics) බොහොමයක මුලාරම්භය වුයේ එයයි. මේ වනවිට  ඒවා(ප්‍රතිජීවක),  විශාල පරාසයක බැක්ටිරියාමය රෝග වලින් ජිවිත මිලියන ගණනක් මුදා ගැනීමෙහිලා මහෝපාකාරී වී ඇත.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Germ Theory යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: