සමහරුන්ගේ හම සුදු වෙන්නත් සමහරුන්ගේ කළු වෙන්නත් හේතුව කීම?

Posted by

අපේ සමෙහි ප්‍රධාන වර්ණකය මෙලනින්ය(melanin). සුර්ය කිරණ වලින් සිදුවන හානියෙන් අපේ සම ආරක්ෂා කරනු ලබන්නේ එමගිනි. සුර්ය කිරණ වැඩියෙන් ලැබෙන විට සම හානිපුරණය කරගන්නේ වැඩියෙන් මෙලනින් නිපදවිමෙන්ය. එහි ප්‍රතිපලයක් ලෙස සම  දුඹුරු පැහැ(tan) ගැන්වේ.

කෙසේවුව ද සම තුල විටමින් D නිපදවීම සඳහා සුර්යාලෝකය අවශ්‍යවේ. එහෙයින් මානවයන් සුර්යාලෝකය අඩු උතුරුකරයේ රටවල් කරා සංක්‍රමණයවී ඒවායේ පදිංචි වුවාට පසුව නිවර්තන කලාපිය රටවල මෙන් ප්‍රමාණවත් ප්‍රමාණයක සුර්යාලෝකය නොලැබී ගියේය. එවිට සිදුවුයේ මෙලනින් අඩුවෙන් නිපදවෙන ආකාරයට එලෙස සංක්‍රමණය වූ මානවයන් පරිණාමය වීමයි. මෙලනින් අඩු නිසා අඩු සුර්යාලෝකයෙන් ප්‍රමාණවත් විටමින් D  නිපදවීමට හැකි වන පරිදි හැඩ ගැසීමට එය මග පෑදීය.

සූර්යයාගෙන් පැමිණෙන පාරජම්බුල කිරණ අපේ සමෙහි DNA හානි කරනවිට හානිය දැනගනු ලැබීමෙන් අනතුරුව සම වැඩියෙන් මෙලනින් නිපදවයි. එලෙස නිපදවෙන මෙලනින් හොඳින් පාරජම්බුල කිරණ උරාගන්නා අතර සමෙහි DNA වලට තවත් හානි පැමිණවීම වලක්වයි. කෙසේවෙතත් DNA වලට දැඩි හානි පැමිණ තිබුණේ නම් එහි ප්‍රතිපලයක් ලෙස සමෙහි පිළිකාව වැළඳිය හැකිය.

සැමට අමතරව සිරුරේ වෙනත් තැන්වල ද මෙලනින් හමුවේ. අපගේ කෙස් වර්ණ ගන්වන්නේ ද මෙම වර්නකයයි. ඇසේ  හි ද එය පවතී. නිලවරණ නේත්‍රා සහිත පුද්ගලයන්ගේ පවා  හේ කුඩා කොටසක මෙලනින් අඩංගුය.

මෙලනින් වර්ග ගණනාවකි. තවද ඒවා විවිධ පාට වලින් සමන්විතවේ. විවිධ වර්ගවල මෙලනින් විවිධ ප්‍රමාණයන ගෙන්  අපේ හිස කෙස් කළු පැහැ, ළා කහ පැහැ, රතු පැහැ, දුඹුරු පැහැ ආදී වශයෙන් වර්ණ ගන්වයි. Pheomelanin නම් වන මෙලනින් වර්ගය ළා රෝස පැහැ හෝ රතු පැහැ හෝ ගන්නා අතර රතු  කෙස් වර්ණ ගන්වනු ලබන්නේ එමගිනි. තවත් මෙලනින් වර්ගයක් වන eumelanin කළු හෝ දුඹුරු වර්ණ ගනී. කෙස් වල මෙලනින් බොහොමයක් අඩු වූ විට ඒවා අළු හෝ රිදී පැහැ ගන්නේය. (කෙස් පැහිලා, සුදු පාට වෙලා යනුවෙන් අප දක්වන්නේ එම අවස්ථාවයි). දුඹුරු eumelanin  මද ප්‍රමාණයක් හැරුණු කොට මෙලනින් නොමැතිව ගිය විට තඹවන් ආදී ළා පැහැ(blond) කෙස් ඇතිවේ.

මිනිසුන් වන අප හැරුණු කොට වෙනත් සත්තු ද ස්වභාවික වර්ණ ගැන්වීමට මෙන්ම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා වීම පිණිස මෙලනින් යොදා ගනිති. ප්‍රහාරයකට ලක් වූ විට (ඔක්ටපුස් ගණයේ මොලූස්කාවන් වන) බූවල්ලා සහ දැල්ලා නිපදවන  කළු තීන්ත සඳහා යොදා ගන්නේ ද මෙලනින්ය. සමහර බැක්ටීරියා සහ දිලිර, හිරු රශ්මියෙන් දැවීම වළක්වන පටලයක්(sunscreen) ලෙස මෙන්ම ප්‍රතිඔක්සිකාරකයක් (antioxidant) ලෙස ද මෙලනින් භාවිත කරති. තවද සත්කාරක සත්වයාගේ ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රහාර වලින් සමහර ක්ෂුද්‍ර ජීවින් ආරක්ෂා කිරීමට ද මෙලනින්වලට හැකිය.

 

Why Milk Is White & 200 Other Curious Chemistry Questions (2013) ග්‍රන්ථයේ  Why do some people have dark skin and other people have light skin? කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.