දත් බෙහෙත් කිව්වාට මේක දත්වලින් හදන බෙහෙතක් නම් නොවන බව දත් බෙහෙත් පාවිච්චි කරන කවුරුත් දනිති. වෙළද දැන්වීම් වල මොනවා කිවත් දත් රෝග වලට බෙහෙතක් වශයෙන් ගන්නත් බැහැ. කට වහරේ දත් බෙහෙත් කිව්වාට දන්තාලේපය කිවොත් මේ ගැටළුව විසදෙනවා නේද? යන වචනයට ගැලපෙන්නේ දන්තාලේපය යන්න තමයි. එත් ඉතින් ඇත්තටම දත් බෙහෙත් නැතිනම් දන්තාලේප සෑදි තිබෙන්නේ මොනවායින්ද?
දන්තාලේප තනන්නේ අවසීරුම් ද්‍රව්‍ය(abrasives) සහ ක්ෂාලක හෙවත් පවිත්‍ර කාරක(detergents) යොදාගෙනයි. සාමාන්‍යයෙන් ඊට තවත් සුළු ද්‍රව්‍ය කිහිපයක් එකතු කෙරෙනවා. ඒ දන්තාලේපයෙහි රසය ආදි විශේෂ ගුණාංග වෙනුවෙනුයි.
බේකින් සෝඩා සහ ලුණු සමගින් සරල දන්තාලේපයක් සාදා ගත හැකියි. මෙ ද්‍රව්‍ය දෙකම අවසීරුම් ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරනවා. විෂබීජ මගින් මුඛයේ ඉතිරි කර තබන පටලය අතුල්ලා ඉවත් කිරිම පිණිස දත් බුරුසුවට උපකාරී වන්නේ මෙම අවසීරුම් ද්‍රව්‍යයි.
සාමාන්‍ය දන්තාලේපයක අඩක්ම අවසීරුම් ද්‍රව්‍යයි. සාමාන්‍ය භාවිත කරන අවසීරුම් ද්‍රව්‍ය වන්නේ සෝඩියම් බයිකාබනේට්(බේකින් සෝඩා), කැල්සියම් කාබනේට්(chalk – රට හුණු ), අලුමීනියම් හයිඩ්රොක්සයිඩ්(aluminum hydroxide), හයිඩ්‍රොක්සිඇපටයිට් (hydroxyapatite) සහ සජලිත සිලිකා(opal – උපල) යි. හයිඩ්‍රොක්සිඇපටයිට් දත් එනැමැලය තරම්ම දෘඪය. සජලිත සිලිකා දත් එනැමැලයටත් වඩා දෘඪය. ඉතින් කලින් සදහන් කළ මෘදුඅවසීරුම් ද්‍රව්‍ය මෙන් නොව මෙ ද්‍රව්‍ය දෙකෙන්ම ශත්වල ගෙවිමක් සිදු විය හැකියි.
දන්තාලේප තැනිමට ගන්නා ක්ෂාලක හෙවත් පවිත්‍ර කාරකම තමයි සාමාන්‍යයෙන් ෂැම්පූ වලට යොදා ගන්නේත්. ෂැම්පූ ඔබේ කෙස් පවිත්‍ර කිරිමට උපකාර වන අයුරින්ම ඔබේ දත් පිරිසිදු කිරීමට මෙම ද්‍රව්‍ය උදව් වෙනවා. එපමනක් නොවෙයි ඔබ දත් මදින විට් පෙණ එන්නෙත් මෙවායේ ක්‍රියාකාරිත්වයෙන්.කොහොමවුණත්පවිත්ර කාරකයේ රසය ඔබට දැන ගන්නට ලැබෙන්නේ නැහැ. මන්ද, දත් බුරුසුව මගින් දත්වලින් ඉවත් කරන දේවල රසය දැනිම වලක්වන්න දන්තාලේපවලට තියුණු රස එක්කෙරෙනවා.
දත් කුහර ඇතිවිම වළක්වමින් දත් ශක්තිමත් කිරීම පිණිස දන්තාලේපවලට ෆ්ලුවොරයිඩ (fluoride) යොදා ගැනේ. පටල ලෙස දත් මැලියම් බැදිම වැලක්විම පිණිස බැක්ටිරියා නසන ප්‍රතිජීවක ද ඇතැම්විට දන්තාලේපවලට එක් කරනු ලැබේ. දත්වල තද මැලියම් නැතහොත් ටාටාර්(tartar) බැදිම අඩුකිරිම පිණිස යොදා ගන්නේ සෝඩියම් පොලිපොස්පේට්ය(Sodium polyphosphate). තද මැලියම් නැතහොත් ටාටාර් යනු ඛේටයේ හෙවත් කෙළවල කැල්සියම් පොස්පේට් ලවණ(calcium phosphate salts) මගින් ඝන කෙරුණු (දත්) මැලියම්මය. දත් සුදු කරනු වස් දන්තාලේපවලට යොදා ගන්නේ පෙරොක්සයිඩය(peroxides). ඉන් දත් විරංජනය කෙරේ.
Why Milk Is White & 200 Other Curious Chemistry Questions (2013) ග්‍රන්ථයේ What is toothpaste made from? කොටස ඇසුරෙනි.