සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 77: ආණ්ඩුව (Government)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for democracy

සමස්තයක් වශයෙන් පුද්ගලයන් මෙන්ම සමාජය පාලනය කරන ආයතනය වන්නේ ආණ්ඩුවයි.  ආණ්ඩුව, සාමාන්‍යයෙන් මෙය සිදුකරන්නේ නිති ප්‍රකාශයට පත්කිරිමෙන් සහ නිති බලාත්මක කිරීමෙන් හෙවත් ක්‍රියාවට නැංවීමෙනි.

නුතන රාජ්‍යයන් සියල්ලගේම පාහේ යම් ආකාරයක ව්‍යවස්තාවක් ඇත. ව්‍යවස්තාවක් යනු ආණ්ඩුවේ බලතල  නිර්වචනය කරන මෙන්ම සිමාකරන සහ පුද්ගලයන්ගේ අයිතීන් සලකුනුකරන  මෞලික නීති එකතුවකි. ආණ්ඩුවක අසීමිත බලතල එ ආකාරයට සංවරණය හෝ පරික්ෂාකිරිමේ ඵලවත්බව එකම ස්වරූපයක් ගන්නේ නතුව  වෙනස්වෙ; ප්‍රතිකර්ම, අඩුතරමින් මතියක් හෝ අදහසක් ලෙස වත් අධිකරනය හරහා ලබාගත හැක.

Image result for aristotle

විවිධ ආකාරයේ ආණ්ඩු වර්ගිකරණයන් විවිධ කාලවල, විවිධ තැන්වල් දි සිදු කොට ඇත. පෞරාණික ග්‍රීසියේ දි ඇරිස්ටෝටල් වර්ග පහක් හදුනා ගත්තේය: රාජාණ්ඩුව (monarchy පදගතාර්ථයෙන් ගත් කල බොහෝදෙනෙකුගේ යහපත වෙනුවෙන් ‘තනි අයෙකුගේ පාලනය’ ) ප්‍රජාපීඩක (tyranny මෙහිදි එක් අයෙකු තමන්ගෙම යහපත පිණිස තනි පාලනයක් ගෙනයනු ලබයි ), ප්‍රභූතන්ත්‍රය(aristocracy පදගතාර්ථයෙන් ගත් කල, ඇරිස්ටෝටල්ට අනුව ගුණ යහපත්කම පදනම් කරගෙන තෝරාගනු ලැබූ යොග්‍යතම පිරිස),  කතිපයාධිපත්‍යය(oligarchy පදගතාර්ථයෙන් ගත් කල,ධනය පදනම් කරගෙන තෝරාගනු ලබන ස්වල්ප දෙනෙකුගේ පාලනය ),  ප්‍රජාතන්ත්‍රවාදය (democracy පදගතාර්ථයෙන් ගත් කල ජනතාවගෙ පාලනය ) යනුවෙනි.

තේරී පත් වූ හෝ තේරී පත් නොවූ යන දෙයාකාරයෙන්ම සිදු කෙරෙන ප්‍රජාපීඩක පාලනයන් පිළිබද උදාහරන තවමත් ලොව පුරා දැකගත හැකිවාක් මෙන්ම තවමත් ඇතම් රටවල නොනිල කතිපයාධිකාරී පාලනයන් පවතී. ඇරිස්ටෝටල්ගෙ  ප්‍රභූතන්ත්‍රය පිළිබද නූතන අනුවාදය හෙවත් ස්වරූපය කුසලාතාතන්ත්‍රය(meritocracy) ලෙස දැක්විය හැකියි. මෙහිදී බලය දරන්නේ වඩාත්ම කුසලතා හිමි අයයි. මෙය සිවිල් පාලකයන් වෙනුවෙන් විනා දෙශපාලකයන් වෙනුවෙන් අවශ්‍යයෙන්ම යෙදිය යුතු නොවේ. ඇරිස්ටෝටල්ගේ ලැයිස්තුවට ‘දෙවියන්ගේ ආණ්ඩුව’ යන අරුත් දෙන පූජකතන්ත්‍රය(theocracy) ද අතුල් කළ හැක. පදගතාර්ථයෙන් ගත් කල ඉන් දැක්වෙන්නේ ආගමික නායක කාරකාදින් ප්‍රමුඛ භූමිකාවක් රගන (තලෙයිබාන් යටතේ ඇෆ්ඝනිස්තානය වැනී) රටක්ය.

Image result for democracy

අද රාජාණ්ඩුවක් තවමත් පවතින රටවල, ඔවුන් බොහෝ කොට  උත්සවීය නාමමාත්‍රික නායකයන් පමණකි. වර්තමානයේ ලොව පුරා වඩාත්ම ප්‍රචලිත ආණ්ඩු ස්වරූපය ගතහොත් එය (අඩු තරමින් නාමිකව හෝ) ප්‍රජාතන්ත්‍රවාදයයි. බොහෝ රටවල්, රජෙකු වෙනුවට රාජ්‍ය නායකයා ලෙස ඡන්දයෙන් තේරීපත්වෙන ජනාධිපතිවරයෙකු සහිත සමූහාණ්ඩුය.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Government යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: