සැමට විදු නැන නුවණ – Science Literacy for All

සුඛ වේදනාව අත්විඳිද්දී මොළයේ සිදුවන්නේ කුමක්ද?

සුඛය (pleasure) — ඒ කියන්නේ ආහාර, ලිංගික සම්භෝගය, මත්ද්‍රව්‍ය ආදියට ප‍්‍රතිචාර වශයෙන් අප තුළ ඇතිවන සුවදායක හැඟීම මෙහෙයවනු ලබන්නේ මොළයේ ප‍්‍රදේශ ගණනාවකම ඇති ස්නායු සම්පේ‍්‍රෂක (neurotransmitters = ස්නායු ආවේග ගෙන යාම සඳහා ස්නායු තන්තුවලින් නිකුත් කරන රසායනික යුෂ) පරාසයක් මුදාහැරීම මගිනි. එහෙත් විශේෂයෙන්ම වැදගත් වන්නේ මොළයෙහි ඉෂ්ටඵල පද්ධතියෙහි ඩොපමයින් (dopamine) මුදාහැරීමයි. එලෙස ඩොපමයින් මුදාහැරීම, ශුභඵල යමක් අපේක්ෂා කළ යුත්තේ කුමන අවස්ථාවකද යන්න මොළයට දන්වයි; එය කොපමණ නම් ශුභඵලදායිවීම නිසි ලෙස හසුරුවයි;  එමෙන්ම ශුභඵලදායි දේ සෙවීමට අප පොළඹවයි.

Related image

ස්වේච්ඡාවෙන් සිදු කෙරෙන චලනය සහ සහජානනය වැනි අනෙකුත් කාර්ය භාරයන් පරාසයකටම ඩොපමයින් වැදගත් වේ. ස්කිසෝෆ්රේනියාව(schizophrenia) හෙවත් භින්නෝන්මාදය වැනි අබාධවලදී ඩොපමයින් මුදාහැරීම අධිකය. එය චිත්තාබාධිත රෝග ලක්ෂණවලට මඟපාදයි. පාකින්සන් රෝගය (Parkinson’s disease) වැනි ස්නායු පරිහානි රෝගවලදී (neurodegenerative disorders) චාලක සමායොජනය සඳහා වගකිව යුතු ඩොපමයින් සෛල කාලයට පෙර මැරී යයි.

අයථා භාවිතයට ගන්නා ද්‍රව්‍ය සියල්ල, ඒවායේ මූලික කි‍්‍රයා ප‍්‍රකාරය කුමක් වුවත්, මේ පද්ධතිය තුළ ඩොපමයින් මුදාහරියි. අනෙකුත් ඉෂ්ට ඵල අත්දැකීම් – ලිංගික සම්භෝගය, ආහාර සහ සූදුව වැනි අත්දැකීම් ද ඩොපමයින් මුදාහැරිම ඉහළ යාමට සම්බන්ධය. අනෙක් අතට, ඉෂ්ට ඵල පද්ධතිය තුළ, ඩොපමයින් මුදාහැරීම අඩුවීම විෂාදය සුඛාස්වාදයක් හෝ පෙළඹීමක් (අභිපේ‍්‍රරණයක්) නොමැතිකම  සහ නිර්කර්ෂණය (withdrawal) සමග සම්න්ධවේ.

Image result for what’s going on in the brain when we experience pleasures          Image result for what’s going on in the brain when we experience pleasures

අප සැවොම සුඛය අත්විඳින්නේ විවිධාකාරයෙනි. ඒ ජීව විද්‍යාත්මක හෝ ස්නායු රසායනික වශයෙන් තිබෙන වෙනස්කම් පමණක් නොව පසුගිය අත්දැකීම (වරක් ඔබව ලෙඩ කළ ආහාරයකට අකමැතිවීම) සහ වෙනස්වන සමාජයීය හා සංස්කෘතික සාධකවල ප‍්‍රතිඵලයක් වශයෙනි. නිදසුනකට සංගීත රුචිය ජීවවිද්‍යාත්මක සාධකවලට වඩා ශික්ෂණය අනුව හැඩ ගැස්වේ.

අප යම් තීරණ ගැනීමේදී සමහරක් ඒවා පුරුද්දට කරනවා(habitual) මිස සුඛය ගැන තැකීම අඩුයි. සමහරක් තීරණ අරමුණු ඉලක්ක කර ගනී. අප අතර සමහරු හැමදාත් වුවත් අයිස්කී‍්‍රම් කෑමට ආශාව දක්වති. එය රසවත් වන අතර එහි අඩංගු සීනි ඉෂ්ටඵල පද්ධතිවල ඩොපමයින් මුදා හරියි. ඒත් දිනපතා අයිස්කී‍්‍රම් කෑවොත් ලෙඩ වන බවද අපි දන්නෙමු. මෙම දැනුම සුඛස්වාදයෙන් කොටසක් නැතිභංග කරන අතර දිගටම අයිස්කී‍්‍රම් කෑමට  ඕනෑ කමක් ඇති නොකිරීමට ඉඩ ඇත.

අරමුණු ඉලක්ක කරගත් චර්යාවට පාදක වන සංජානන කි‍්‍රයාදාමයට අදාළ වන්නේ වඩාත් වටිනාමය ප‍්‍රතිඵල ලබාගත හැකි උපාය මාර්ග තීරණය කිරීමයි. එලෙස එකම තීරණය කිහිපවරක් ගැනීමෙන් සහ එකම ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවීමෙන් අපේ තීරණ අරමුණු ඉලක්ක කරගත්ත ඒවාට වඩා පුරුද්දට කරන ඒවා බවට පත්වෙයි.

මේ කි‍්‍රයාදාමය ගැටලූවක් බවට පත්වන ආකාරය දැන ගැනීම පිණිස සූදුව හොඳ උදාහරණයකි. (සූදුවක් ලෙස භාවිතා කරන) පෝකර්(Poker machines) යන්ත‍්‍ර මුලදී ඔබව (පෝකර්) කී‍්‍රඩාවේ රඳවා ගැනීම සඳහා මුලදී සුළු ප‍්‍රතිලාභ ගෙන ආවත් ක්‍රිඩාව අවසානවන විට  ඔබ මුදල් පැරදී අවසන්ය!

තීරණ ගැනීමේ දී වැරදි සිදුවූ විට

තීරණ ගැනීමේ කි‍්‍රයාදාමයේ කොතැනක හෝ ගැටලූ ඇති වූ විට එය ව්‍යාධීය චර්යාවට (pathological behaviour) මග පාදයි. ඇබ්බැහිය (addiction) වර්ග කෙරෙන්නේ ඊළඟ වාරය හෙවත් ප‍්‍රයත්නය(මත්ද්‍රව්‍ය ගැනීමෙන් වේවා, සූදුවෙන් දිනීමක් වේවා, ලිංගික සම්භෝගයෙන් වේවා), කටවහරෙහි එන විදිහට නම් ඊළඟ සුදිය* කෙරෙහි ඒකායනව යොමු වූ අවධානය ලෙසය. මෙය කොපමණ බලවත්ද කීවොත්, (ඒ වනවිට) එය එතරම්ම ආශ්වාද ජනක නොවතත්,  මෙකී ප‍්‍රතිඵලය (සුදිය) ලබාගැනීම පිණිස තවදුරටත් පුද්ගලයෝ අයහපත් තීරණ ගතිති.

ආකලන (ඇබ්බැහි) චර්යාවන් ආරම්භ වී පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන අපේ දැනුම තවමත් මද වූනේ වී නමුත් ජානමය හා පරිසරික සාධක කෙනෙකු වඩාත් අවදානමට ලක් කළ හ ැකිය. නිදසුනක් ගනිමු. (පරිවෘත්තිය එ නම් ජීවියකු තුළ සිදු වන රසායනික කි‍්‍රයාවලියහෙවත් මත්ද්‍රව්‍ය නිසා හෝ ඩොපමයින් ප‍්‍රතිචාරය ඉහළයාම නිසා හෝ) වඩාත් සුඛදායී මත්ද්‍රව්‍යයක් අලූතෙන් සොයා ගත් විට පුද්ගලයා එය භාවිතයට වැඩි වටිනාකමක් එක් කරන හෙයින් එය දිගටම පරිහරණය කිරීමට මග පෑදිය හැකිය. මේ චර්යාව තව තවත් පුරුද්දක් බවට පත්වුවහොත් එය ඇබ්බැහියක් වී එහි අයහපත් ප‍්‍රතිඵල හා අත්දැකීම් ගැන අඩුවෙන් සංවේදී වෙයි.

Related image

ඉෂ්ට ඵල පද්ධති තුළ ඩොපමයින් මුදාහැරීම  ආකලන චර්යාවන් වර්ධනයට වැදගත් වේ. කෙසේ වෙතත් ප‍්‍රතිඵලය හෙවත් අවසානය මත වඩාත් ඉහළ වටිනාකමක් පටවනු ලැබීමෙන් (ඕනෑම ආකාරයක වාගේ සංසිද්ධියක් තුළ  එය විකල්පයක් ලෙස පෙනී යාමෙන්) මෙන්ම පුරුදු ඇතිකිරීමෙන් වේගවත් කිරීමෙන් (මෙය සිදු කෙරෙන්නේ තීරණයේ ඍණාත්මක ඵලවිපාක අමතකර කර දැමීමෙනි) මොළය එහිම තීරණ ගැනීම හැකියාවන් විපරිවර්තන (විකෘති) කරයි. මෙම අවස්ථාවේදී අදාළ ආනිශංසයට ඩොපමයින් මුදාහැරීම අඩුවෙන් අදාළ වන අතර වැඩියෙන් එය උප විඥානමය පෙළඹීමක් බවට පත්වේ. එහෙයින් එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිතය  නතර කරන්න නැතිනම් ‘අරක කරන්න එපා’ ‘මේක කරන්න එපා’ ආදී වශයෙන් කීමෙන් ලද හැකි ප‍්‍රතිඵල අල්පය.

ආකලන චර්යාවන් ඒ කියන්නේ ඇබ්බැහි වූ පුරුදු* සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කිරීමේදී බහු විධ ප‍්‍රවේශයෙන් අවශ්‍ය වන්නේ එහෙයිනි. මේ කීවේ ආකලන චර්යාවන් දුර්වල කිරීම පිණිස ස්නායු රසායනික තුලනයට ඖෂධ සැකසීමට හැකි ක්‍රම වැඩිදියුණු කිරීම පිණිස ප‍්‍රයත්න ගනු බව පෙනේ. එහෙත් අනිවාර්යයෙන්ම මේ ප‍්‍රයත්නයන්ට සංජානන චර්යාමය චිකිත්සාව () සහ සමාජ සහයෝගී ජාලවල වැනි මැදිහත්වීම අවශ්‍ය වේ. අනෙකුත් මොළය යළි පුහුණු කිරීමට සහ තීරණ ගැනීමේ හැකියාවෙන් වැඩි දියුණු කිරීමට ආධාර විය හැක්කේ එලෙසිනි.

The Conversation (Australia) හි පළවූ What’s going on in the brain when we  experience pleasure? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: