සැමට විදු නැන නුවණ – Science Literacy for All

වේදනා නාශක හැටියට ශාක සාර යොදා ගන්නා ඔරං උටං

ස්වාභාවිකව හටගන්නා නිෂ්පාදන  ඖෂධ ලෙස යොදා ගැනීම සොයාගත් එකම සත්වයා මනුෂ්‍යාම නොවේ.

ඖෂධ තනිකරම මානවයන්ගේ සොයා ගැනීමක් නොවේ. අනෙකුත් බොහෝ සත්වයෝ – ඔව්, කෘමීන්ගේ සිට පක්ෂීන්ගේ සිට මානවයන් නොවන පි‍්‍රමාවේස් සතුන් දක්වා පරාසයක සත්තු ආසාදනය හා වෙනත් තත්ත්වයන් වෙනුවෙන් ශාක හා ඛනිජ යොදා ගෙන ස්වයං වෛද්‍ය ප‍්‍රතිකාර කරති. බෝනියෝ ස්වභාවධර්ම පදනමේ චර්යාමය පරිසරවේදී (Behavioral ecologist) හෙලන් මොරෝග් – බර්නාඞ් කියා සිටින්නේ, බෝනියෝ හි ඔරං උටං සතුන් මින් පෙර දැක නැති අන්දමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලෙස  ශාක යොදා ගන්නා බවට සාක්ෂි ඇයට හමුවී තිබෙන බවයි. මේ දූපතේ ඔරං උටං සතුන් ගැන ඇය අධ්‍යයනයෙහි යෙදෙන්නේ දශක ගණනාවක් තිස්සේය.

මොරොග් – බර්නාඞ් සහ ඇගේ සහයකයො, ඔරං උටං දහදෙනෙකු ගැන පැය 20,000ක විධිමත් නිරීක්ෂණ කාලයක් තුල මනා සෙවිල්ලෙන් ගත කළහ. මෙහිදී ඔවුනට පෙනී ගියේ එම සතුන් 10 දෙනා ඉදහිට එක්තරා විශේෂ ශාකයක් (මෙය ඔවුන්ගේ සාමාන්‍ය ආහාරවලට අයත් ශාකයක් නොවීය) පෙන නංවනතුරු හපා ඔවුන්ගේ ලෝම පිරි ශරීරයෙහි අතුල්ලන බවයි. මේ සත්තු මේ ‘ආලේපය’ සිය ඉහළ බාහුවල සහ පාදවල ගල්වමින් විනාඩි 45 ක් පමණ ගත කරන බව පර්යේෂකයන්ට නිරීක්ෂණය විය. මානවයන් නොවන සතෙකු ස්ථානීය නිර්වේදනයක් හෙවත් වේදනා නාසක ඔසුවක් (analgesia) යොදා ගැනීම පිළිබඳ මුල්ම නිදසුන මෙම චර්යාව විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

රුදා වේදනා සඳහා ප‍්‍රතිකාර කිරීම පිණිස Dracaena cantleyi  නම් මෙම ශාකයම ස්වදේශිකයන් විසින් යොදා ගනු ලැබේ. එය නටු සහිත පත‍්‍ර ඇති,  අමුතු කැපීපෙනෙන පෙනුමක්  නොමැති ශාකයකි. මේ සම්බන්ධයෙන් පළ කෙරුණු පර්යේෂණ වාර්තාවේ සමකර්තෘවරුන් වන චෙක් විද්‍යා ඇකඩමිය, ඔලොමවුක් හි පැලකි විශ්වවිද්‍යාලය සහ වියානා වෛද්‍ය විශ්වවිද්‍යාලය යන ආයතනවල පර්යෙෂකයෝ   මේ ශාකයේ අඩංගු රසායනය අධ්‍යයනයට ලක් කළහ. දීසියක වර්ධනය වීමට සැලැස්වූ මානව ෙසෙලවලට ඔවුහු මෙම ශාකයේ සාරය එක් කළහ. ප‍්‍රදාහය සහ වෙනත් අසීරුතා හට ගන්වන ප‍්‍රතිශක්ති පද්ධති ප‍්‍රතිචාරයක් ලෙ. සයිටෝකින(cytokines) නිපදවීම පිණිස මෙම  ෙසෙල කාතිමව උත්තේජනය කර තිබුණි. මෙකී ශාක සාරය වර්ග ගණනාවක සයිටෝකින නිෂ්පාදනය අඩුකිරීමට හේතු වූ බව Scientific Reports නම් සඟරාවේ පසුගිය නොවැම්බරයේ පළවූ අධ්‍යයන වාර්තාවෙහි පර්යේෂකයෝ  වාර්තා කළහ.

මේ ප‍්‍රතිඵල දක්වන්නේ ප‍්‍රදාහය අඩුකර ගැනීම සඳහා සහ වේදනා සඳහා ප‍්‍රතිචාර පිණිස ඔරං උටං ශාකය යොදා ගන්නා බව යයි එමරි විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥ ජැකෝබස් ද රූඞ් කියා සිටියි. හෙතෙම මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි. මිනිසුන්ට ප‍්‍රයෝජනවත්  වන ඖෂධ හැටියට ශාක හා රසායන හඳුනාගැනීමට මෙවැනි සොයාගැනීම් උපකාරී වන බව ද රූඞ් පෙන්වාදෙයි.

Related image

කෘමීන් වැනි සතුන් තුළ ස්වයං වෛද්‍ය ප‍්‍රතිකාර කිරීම සහජයෙන්ම එන්නක් යයි බොහෝ දුරට පැවසිය හැකිය. පරපෝෂිත මැස්සන් හේතුවෙන් ආසාදනයට පත්  woolly bear නම් දළඹුවෝ එම පරපෝෂිත මැස්සන්ට විෂ සහිත වන ශාක ද්‍රව්‍ය සොයා ගොස් අනුභවයට ගනිති. එහෙත්, වඩාත් සංකීර්ණ සත්ව විශේෂ එවන් උපක‍්‍රම ඉගෙන ගන්නේ සමහරවිට සිය කණ්ඩායමේ සාමාජිකයෙකු මුලින් සිදු කළ සොයා ගැනීමක් අනුව යමිනි. නිදසුනක් ගතහොත්, පරපෝෂිතයන් පළවා හැරීම පිණිස එක් ඔරං උටං සතෙකු සිය සමෙහි ශාකය අතුල්ලන්ට ඇත. එවිට ඌ සැනසීමට පත් කරමින් වේදනා නාශක ගතියක් ඉන් දැනෙන්නට ඇතැයි කියොටෝ විශ්වවිද්‍යාලයේ ප්‍රයිමේටවේදීයෙකු(primatologist ) වන මයිකල් හෆ්මාන්   කියා සිටියි. හෙතෙම මේ පර්යේෂණයට සම්බන්ධ නොවූවෙකි.

එසේ ඉගෙන ගත් මෙම චර්යාව අනතුරුව සෙසු ඔරං උටං සතුනටද පවරන්නට ඇත. මේ ආකාරයේ ස්වයං වෛද්‍ය ප‍්‍රතිකාර  ක‍්‍රමය දකුණු  මධ්‍යම බොර්නියෝවේ පමණක් දැක ගත හැකි වන්නක් නිසා එය දේශීය වශයෙන් උගෙන ගත්තක් විය හැකි බව මොරොග් බර්නාඞ් කියා සිටියි.

 

SCIENTIFIC AMERICAN හි පළවු Orangutans Use Plant Extracts to Treat Pain  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: